IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


පොලිස්පති නීතිපති උපදෙස් පතයි

හම්බන්තොට වරාය හා මත්තල ගුවන්තොටුපොළ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට එල්ල වූ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන පොලිස් පරීක්ෂණ ප්‍රගතිය සොයා බැලීම සඳහා එම මන්ත්‍රීවරු අද කොළඹ පොලිස් මූලස්ථානයට ගියහ.

එජාප මහ ලේකම් තිස්ස අත්තනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලීන් බණ්ඩාර, එරාන් වික්‍රමරත්න, අජිත් පී පෙරේරා සහ අජිත් මාන්නප්පෙරුම යන මන්ත්‍රීවරුන් පැවසුයේ මේ ගැන පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා හමුවී විමසූ බවයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයාගේ උපදෙස් පතන බව පොලිස්පති පැවසීයැයි මහලේකම් මාධ්‍ය හමුවේ පැවැසීය.

හම්බන්තොට නගරාධිපති පිස්තෝලයක් අමෝරාගෙන මේ මන්ත්‍රීන් පිටුපස ලුහු බැඳ ගිය නමුත් ඔහු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.

 

 



අදහස් (0)

පොලිස්පති නීතිපති උපදෙස් පතයි

ලුම්බිණි Monday, 26 May 2014 03:36 PM

මැර ප්‍රහාරයක් නම් එල්ල උනේ මන්ත්‍රී වරුන්ට, පිස්තෝල ප්‍රසිද්දියේ පෙන්නගෙන සමහරු කටයුතු කලානම් තව මොන දෙයක් නීතිපතිගෙන් අහනවද? හරියට හරි. (නදී)

:       0       0

අජන්ත Monday, 26 May 2014 03:51 PM

අනේ පව් අර ළමයට දැන් සෙල්ලම් පිස්තෝලයක් අරගෙන සෙල්ලම් කරන්නත් බැරුව යනවා (නදී)

:       0       0

රකිත් Tuesday, 27 May 2014 08:39 AM

ප්‍රථමයෙන් අපේ පොලිස් නිලධාරීන්ට උපදෙස් දිය යුතුයි, තමාගේ නිළයෙන් උසස් ආරක්ෂක නිලධාරියකුට හැරුණු විට දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ට, තනතුරුවලට සහ ඔවුන්ගේ සගයින්ට ආචාර කිරීමෙන් වලකින ලෙසට. (ස)

:       0       0

ලංකා තිලක් Monday, 26 May 2014 04:22 PM

අපිත් මේ බලාගෙන ඉන්නේ දේශපාලනීකරණය නොවූ පොලිසියක් එකසත් ජාතික පක්ෂ රජයක් යටතේ බිහි වෙනවා දකින්න. (නදී)

:       0       0

අයිරාංගනී Tuesday, 27 May 2014 08:38 PM

බලමුකෝ ඉවසීමෙන් වෙන්නේ මොකක්ද කියලා (නි)

:       0       0

සංජය Monday, 26 May 2014 05:41 PM

සෙල්ලම් පිස්තෝල අරන් පාරේ යන්න පුලුවන්ද? (නදී)

:       0       0

සුනිල් Monday, 26 May 2014 06:02 PM

උපදෙස් ගන්න පොලිස් පති නීති පති හම්බුවෙන්න පයින් ගියත් හතලිස් පනස් සැරයක් ගිහින් එන්න තිබුන මේ වෙනකොට. (නදී)

:       0       0

මහරගම සෝමරතන Monday, 26 May 2014 06:13 PM

ඔයාලට ඔහොම නම් අපිට සාදාරනයක් වෙයිද?  ඔතනින් මම කළුතර උතුර හිටපු පොලිස් ලොක්කට විරුද්දව පැමිණිලි 20 කලා. තවම මොකුත් නැහැ. මට දුක මගේ ගෙදර දෙන්නෙකුත් සේවය කරන දෙපාර්තමෙන්තුවක් වීම. දේශපාලනය නිසා විමර්ශන කරන්න අමාරුයිලු.(නදී)

:       0       0

හංසි Monday, 26 May 2014 06:14 PM

පොලිස් පති තුමා හොඳ සැදැහැවත් බෞධයෙක් . අතිපුජ්‍ය බලන්ගොඩ ආනන්ද නායක මාහිමිපාණන් වහන්සේගෙන් නිබඳ අවවාද අනුශාසනා ලබපු රාජ්‍ය නිලධාරියෙක් . පොලිසියේ ආදර්ශ පාඨයත් " ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී" නෙ. (නදී)

:       0       0

උඩුමලගල ගමගේ Tuesday, 27 May 2014 11:15 AM

අර සරසවි සිසුවාගේ ඇහැ එලියට පනින්න ගැහුවේ නීතිපති ගේ උපදෙස් අරන් වෙන්න ඇති. මේ ටිකම ඇති අද රටේ නීතිය ගැන අවබෝධ කර ගන්න (දිල්)

:       0       0

අචිනි Monday, 26 May 2014 06:58 PM

පොලිසිය ලංකාවේ අපේ පොලිසිය ...... ජයවේවා! (නදී)

:       0       0

මිලානො ජයන්ත Monday, 26 May 2014 07:02 PM

පොඩි මිනිහට පොලිසිය අවම බලය යොදල මදි නොකියන්න දෙන්නේ. මම හිතන විදිහට නීතිය ගැන නොදන්නාකම නිසා වෙන්නැති. මේ අයටත් වාරයක් එනකම් ඉන්න කියලා සමහර අය අදහස් දාල තියෙන්නේ. ඇත්තමයි ඒ අයගෙ අප්පොච්චිගෙ කාලයේ පොලිසිය වහලනේ තිබුනේ. (නදී)

:       0       0

ලංකා අජිත් Monday, 26 May 2014 09:38 PM

පොලිසියට විතරක් නොවෙයි අද ලංකාවේ හැම රාජ්‍ය ආයතනයක්ම දේශපාලනයකරන අය හරියට වැඩක් කරන්න දෙන්නේ නැහැ,(අ)

:       0       0

කින් බෙනට් Monday, 26 May 2014 09:41 PM

පළමුවෙන් මෙයාලට උගන්වන්න ඕන තමන්ට ගරු කරන කෙනෙකුට පෙරලා ගරු කරන විදිය ... පේනවනේ පින්තුරේ ගේට්ටුවේ ඉන්න පොලිස් කොස්තාපල් කට්ටියට සැලුට් කරද්දී තිස්ස අත්තනායක හැරුන කොට අනිත් කට්ටිය වගේ වගක් නැතුව යන හැටි .(අ)

:       0       0

සුනිල් Monday, 26 May 2014 01:43 PM

දැන් අර බුද්ධ රුපයක් බාහුවේ කොටගෙන ආපු නයෝමි මැතිනියත් අත්අඩංගුවට ගන්න නීති පති උපදෙස් පැතුවද? ටැක්සි කාරයෙක් ගෙන් නේද උපදෙස් පැතුවේ? එහෙනම් මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිරි හැර කරපු උත්තමයලව අත්අඩංගුවට ගන්න නීති පති උපදෙස් මොකට? (නදී)

:       0       0

චින්තා Monday, 26 May 2014 01:46 PM

මේක නම් මරු වැඩේ. කොහොම හරි පිස්තෝලයක් හොයාගන්න ඕනේ. බලන් ගියහම පිස්ටල් එකෙන් සෙල්ලම් දැම්මට පොලිසියට අත්අඩංගුවට ගන්න බැහැනේ. කිනිස්සක් හරි කඩුවක් හරි තිබ්බා නම් බලාගන්න තිබ්බා වෙනදේ. දැන් පොලිසියට නීතිපති උපදෙස් නැතුව වැසිකිලියට යන්නත් බැහැනේ.(නදී)

:       0       0

තාමර Monday, 26 May 2014 01:46 PM

ඔබ තුමාලටත් ඔහොම නම් සාමන්‍ය ජනතාව ගැන කුමන කතාද ? ඔහොම යමු කොකාටත් වාරයක් ආවේ (නදී)

:       0       0

බමුණු Monday, 26 May 2014 01:55 PM

හැමදේටම උසාවි යන්න පුරුදු වෙන්න එපා එ්ක පසුවට කරදරයක්. ඔබේ වාරය එනතුරු ඉවසන්න . එදාට පොලිසියත් ඔබේ පැත්තේ (නදී)

:       0       0

දිලු Monday, 26 May 2014 01:58 PM

රටක නීතියේ ආධිපත්‍ය අත්‍යවශ්‍යමයි.(නදී)

:       0       0

අසාද් Monday, 26 May 2014 02:06 PM

පොලිස්පති නීතිය දන්නේ නැති නම් දන්න කෙනෙකුගෙන් අහන එක හොදයි.(නදී)

:       0       0

අජිත් Monday, 26 May 2014 02:25 PM

මේ වාර්තාවෙන් සාමාන්‍ය මහජනතාව වන අපිට පැහැදිලිව පෙනී යන කරුණක් නම් ශ්‍රී ලංකාවේ පොලිස් සේවය දේශපලනයකරණය වෙලා තියන හැටියි. කීර්තිමත් ඉතිහාසයක් තියෙන ශ්‍රී ලංකා පොලිස් සේවය අද පත් වෙලා තියන තත්ත්වය ගැනයි. කවදද පොලිසියට නීති පති උපදෙස් ඕනි උනේ වරද කරයෙක්ව නීතිය හමුවට ගේන්න. මැර ප්‍රහාරයක් නම් එල්ල උනේ මන්ත්‍රී වරුන්ට, පිස්තෝල ප්‍රසිද්දියේ පෙන්නගෙන සමහරු කටයුතු කලානම් තව මොන දෙයක් නීතිපතිගෙන් අහනවද? පොලිස්පතිම මෙහෙම කියනවනම් අපි තව මොන විදියට අපි හිතන්නද? අපි කාගෙන් නීතියේ පිහිට බලාපොරොත්තු වෙන්නද? (නදී)

:       0       0

සමන්ති Tuesday, 27 May 2014 06:32 AM

පිස්තෝලය සෙල්ලම්ද නැද්ද කියන්නේ කොහොමද රසපරීක්ෂක බලන්නේ නැතිව. (නදී)

:       0       0

හර්ෂ Monday, 26 May 2014 03:19 PM

අනේ හොඳයි. අපේ අල්ලපු ගෙදර කොරටුවේ තිබුන එළවලු ටික කවුද කඩාගෙන ගිහින් කියලා ඒ උදවිය පොලිසියට පැමිණිලි කරලා මාසයක් ලු. තවම සැකකාරය එළියේ ලු. මන් හිතන්නේ පොලිසිය නීති උපදෙස් ගන්න ගිහින් වෙන්න ඇති. (නදී)

:       0       0

ජෙහාන් Monday, 26 May 2014 03:22 PM

ආ දැන් නේ අපිට තේරුනේ. පසුගිය කාලේ බැංකු කඩපු හොරු අල්ල ගන්න පරක්කු වෙන්නේ එහෙනම් තාම නීති උපදෙස් ලැබිලා නැතිව ඇති. කොච්චර වැරදිද මේවා ට පොලිසියට දොස් කියන එක. නීතිපති තුමානේ හොරු අල්ලන එකටත් වග කියන්න ඕන මෙහෙම බැලුවාම. (නදී)

:       0       0

මහේෂ් Monday, 26 May 2014 03:25 PM

එතකොට ඔය ගම ගොඩේ කෙරෙන සුළු සුළු සොර මැරකම් වලටත් පොලිසිය ක්‍රියාත්මක වීම පමා වෙන්නේ , නීතිපති උපදෙස් එනකන් ඉන්නවා ඇති. (නදී)

:       0       0

චානක Tuesday, 10 June 2014 05:33 PM

බලමුකෝ මෙහි අවසානය කෙසේ විස‍ඳේවිද කියලා (නි)

:       0       0

නිශාන් Tuesday, 27 May 2014 06:44 PM

අපිත් බලාගෙන ඉන්නේ වෙන්නේ මොකක්ද කියලා තමයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 14 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 10550 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 5246 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 7421 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 4957 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 1242 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36518 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24204 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 174 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 530 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 228 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site