‘පොලිස්පති දකුණේ ජනතාවට දාන නීතිය ඇයි නැගෙනහිර ජනතාවට දාන්නේ නැත්තේ‘ යැයි බොදුබල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අද (2) කිරුළපන දී පැවැති මාධ්‍ය හමුවකදී පැවසූහ.
‘විග්නේෂ්වරන් හා ටීඑන්ඒ ජාතිවාදී ක්‍රියා නිසා උතුරේ සිංහල ජනතාව අසීරුතාවයට පත්වෙලා. අස්ගිරිය හාමුදුරුවෝ මේක බෞද්ධ රටක් කියද්දී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර කියනවා මේක බහු ආගමික රටක් කියලා‘ යැයි ද ඒ හිමියෝ කීහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්දගේ කාලේ ඔබවහන්සේලා මේවා ගැන හඬ නැඟුවද? (නි)
නිම්මි, මොනවා හරි ලියන්න හිතෙනවට ලියනවද යන්න අපි නොදනිමු.අපේ රටේ ත්‍රිවිධ හමුදාව උතුරට බිය වුනේ නම් කව්ද සටන් කළේ. තමන් කැමති කෙනෙක් ඉස්මතුකිරීමට ඇත්ත අවතක්සේරු කිරීම වැදගත් නැත.කොළඹ මන්දිරවල බංකර්වල දහස් ගණන් ආරක්ෂකයන් මැද හිටපු අය ගැනද ඔබ කියන්නේ. (රේ)
කටට වචන එන පළියට ඔහේ දොඩවන, රට කොටවන අය ගැන පොලිස්පතිතුමා පමණක් නෙමෙයි, ජනාධිපතිතුමත් කඩිනම් පියවරක් ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු (නි)
ඊයේ පෙරේදා සමහරු කතාකරන විදිහ ඇහුනහම බෞද්ධයින් ලෙස ලැජ්ජාවක් විතරක් නෙමෙයි අප්‍රිය ගතියකුත් දැනුනා. වෙන මොකුත් නෙමෙයි, අපි පෙර ආත්මෙක කළ කරුමය (නි)
ඔබවහන්සේගේ කතාව මම අනුමත කරමි. අපි බලාගෙන ඉන්නවා (නි)
ඇත්තමයි රවිඳු, සමහර දේශපාලකයින්ගේ කටු ලෙවකන අය බුරනවාත් නොවේ, උඩු බුරනවා කියලා තමයි අපිට නම් ඇහෙන්නේ. (නි)
රොෂාන්, ඔයාගේ නියම නමෙන් ලියන්න. ඥානසාර හාමුදුරුවෝ තමයි "සිංහලේ" ගැලවුම්කරු. ඔබවහන්සේට තෙරුවන් සරණයි! (නි)
පද්මිණි සෙනෙවිරත්න මහත්මියනි, ඔය අදහස අනුව අපි එක්සත් වුණොත් දෙවිවරු පවා සසුන රකින්න අපිට පිහිට වේවි! (නි)
ඕනෑ කෙනෙකුට චෝදනා කරන්න අයිතියක් තියෙනවනේ (නි)
අනේ මන්දා හාමුදුරුවනේ, අපිටත් තේරෙන්නෙ නැත්තේ ඒකම තමයි (නි)
ජනතාව දන්නවා මේ හාමුදුරුවෝ කඩේ යන්නේ රට වෙනුවෙන්ද වෙනත් කෙනෙක් වෙනුවෙන්ද කියල. බොරු ජාති ආගම් වාදය පෙන්නුවට අරමුණ වෙනත් දෙයක් මේ හාමුදුරුවන්ගේ. (අ)
අනේ හාමුදුරුවනේ, අපි නොදන්නා බල සේනා! (නි)
සිවුර දාගත් පළියට බෞද්ධයින් හැටියට පිළිගන්න සූදානම් කවුද? සමහරු හිතාගෙන ඉන්නේ ඔවුන් බුදුන් වහන්සේගේ අයිතිකාරයෝ කියලයි. මේ රටේ සමාජය පිරිහිලා තියන හැටි බැලුවහම මොවුන් ගැනත් අපිට නොයෙක් දේ හිතෙනවා (නි)
මෙතන ලියන බොහෝදෙනා වෙනත් නම් වලින් පෙනීසිටිනවා කියා මට සිතෙනවා. (නි)
මහින්දගේ කාලේ ඔබවහන්සේලා මේවා ගැන හඬ නැඟුවද කියලා කෙනෙක් අහනවා. එහෙම කරන්න මහින්දගේ කාලේ සිංහල බෞද්ධයාට විරුද්ධව කිසිවක් වුණේ නැහැනේ (නි)
මම කිව්වේ පිල්ලෙයාන්ලට නැගෙනහිර බාර දීපු කාලේ (බ)
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා ...බුදු හාමුදුරුවනේ ..... (ම)
ඉතින් හාමුදුරුවනේ ආණ්ඩුව බලයට ගේන්න උර දුන්නේ ඔය දකුණේ ජනතාවද? පොලිස්පති කියන්නෙත් රජයේ සේවකයෙක්, ඕව කරන්න ගිහිල්ල එතුමාගේ විශ්‍රාම වැටුප අහිමි වුනොත් ඔබ වහන්සේ වග කියනවද? මතක නැද්ද අර නාවික හමුදාවේ නිලධාරියට වෙච්ච දේ? (බ)
වින්සන්ට් ඔයාට වඩා කැක්කුමක් මට රණ විරුවෝ ගැන තියනවා. රණවිරුවෙක් තමයි මගේ මහත්තය. එයා තනියම හිතල යුද්දෙට ගියේ නැහැ. එයාලට නිවැරදි නායකත්වයක් ෆොන්සේකා මහත්තය දුන්න. එයට අණ දුන්නේ මහින්ද මහත්තය. ඔය මහා කුහක මිනිහෙක්. ඔයාලට තියෙන්නේ ඉරිසියාව. (බ)
ලසන්ත, පරදෙසක් කාරයෝ ලංකාව ආක්‍රමණය කොරන කොටත් සිංහලයෝ සිංහලයන් හදා ගන්න කියක කීවද? සිංහලයෝ හොඳ වුණත් නරක වුණත් සිහලයෝ සිංහලයෝ හැටියට එකතු විය යුතු කාලය ඇවිල්ල. අපි පසුව හැදෙමු දැනට අපේ ජාතියට එරෙහිවන සිංහලයන් ගෙන් පළමුව රට බෙරා ගමු . (අ)
කාත්තන්කුඩි ගියොත් පොලිසිය ඕනෙම වරදක් දැක්කේ නැහැ වගේ ඉන්නවා. යාපනේ ගියොත් සරසවි කොල්ලන්ගේ ඔලු පාළුවත් පලපු උන් අහිංසකයි කියල යන්න දෙනවා. දකුණේ කොල්ලෙක් පාර අයිනේ හිටගෙන හිටියත් පොලිසියෙන් ඇයි කියල අහනවා. මේකයි වෙනස .පොලිස් පති තුමා දන්නෙත් නැතිව ඇති මේ ගැන .පත්තරෙන්ම දැනගන්නකො දැන් (බ)
අපේ හාමුදුරුවනේ දේශපාලකයින්ට ජාතියක්, ආගමක් රටක් නැත. ඡන්දයේ වාසිය ගන්න ඕනෙම දෙයක් පාවා දෙනවා. කෙනෙක් රට පවා දෙන්න ලැහැස්ති වුණා මතකයි. අපට පළමුව අපේ රට දෙවනුව ජාතිය තුන්වෙනුව අගමැති ඕනේ. (බ)
අධිවේගී මාර්ගයේ ඔබ වහන්සේ දාපු සෙල්ලම් දෑන් නම් දාන්න බෑරි වේවි පොලිසිය දැන් අකුරට වැඩ (බ)
අස්ගිරි හාමුදුරුවෝ කියන දේ පිළිගන්න හිමි නමක් තමයි මේ වැඩ ඉන්නේ.අපිට තියෙන ප්‍රශ්නෙත් ඕකම තමයි.ඇයි මේ හිමියන්ට සිංහලයන් කරන වැරදි පෙන් නැත්තේ කියල.අනිත් ජාතින් හදන්න කලින් ඇයි අපේ ජාතිය හදන්න වෙහෙසෙන්නේ නැත්තේ කියල. (බ)
ඇයි සිංහල දරුවට ගහපු එකාව විනාඩියෙන් නිදහස් කළේ... එයාගෙ පාට් සිංහල අයට විතරයි.. පුලුවන් නං කොරලා පෙන්නමු..(බ)
සිංහලයට ඉන්න එකම නායකයා ඔබ වහන්සේ අපේ හමුදුරුවනේ !! (බ)
ඉතින් හාමුදුරුවනේ, අපි ඔය වෙනත් ආගමිකයින්ව අන්‍ය ජාතිකයින්ව මරලා සුප් හදලා බොමුකෝ. ඕකුන්ව දුටුතැන මරලා කාලා ඉතුරු වෙන වැඩි මස් ටික කරෝලත් කරන්නපුළුවන් ආණ්ඩුවෙන් ඒකට වැට් ගහන්නෙත් නැහැනේ. (බ)
අපේ රටේ කබ්බන්ව ෆෝම් කරන එක බෝතල් පත්තර කාරයොයි, ජඩ මඩ කාරයොයි නියමෙට කරනවා. ශ්‍රද්ධාව තිබුනට ප්‍රඥාව නැති අයට පිංසිද්ධ වෙන්ට ලංකාවේ බුද්ධ ශාසනයට අබ සරණයි!! (අ)
දිලන්ත මහත්තයත් දැන් රැව්ල වවාගෙන ඉන්නේ හ්ම් හ්ම්ම් ..(බ)
නම ලසන්ත වුණාට පියා සිංහල වෙන්න බැහැ අදහසේ හැටියට. අනිත් ජාති දෙකම හැදිලද ඉන්නේ. ඒ ජාතිවල එකක් කියනවද ඒ අය වැරදි කරනවා කියල. ලැජ්ජයි මහා ජාතිය වෙලත් අපේම අය අපිටම අනිනවා. අදටත් ද්‍රවිඩයන්ට ප්රභාකරන් දෙවියෙක් වගේ. එකට අපේ අයට අතීතය මතක නැහැ. අනාගතේට වෙන්න යනදේ පෙන්නේ නැහැ.(අ)
ඔබ වහන්සේ නියම සිංහලයෙක් අපි වෙනුවෙන් කතා කරන්නේ ඔබ විතරයි (බ)
මෙන්න කටකලියාව ගලවල, ඔය කතා බල්ලොවත් අහන්නේ නෑ. (බ)
සිංහල මිනිස්සු තවම දන්නේ නෑ ශ්‍රී ලංකාව බුදු පහසින් තුන්වරක් පැදකුණු කරපු රටක් බව. ලංකාව බුදුසසුනට පුජා කලේ බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණ මංචකයේ දී බව දේශපාලන මහත්වරුන් දන්නේ නෑ. ස්වාමින් වහන්ස ඔබට තෙරුවන් සරණයි. දෙවියෝ ශ්‍රී ලංකාව ආරක්ෂා කරන්න ඔබට නිරතුරුවම උදව්කරනවා.
ප්රභාකරන්. අවුරුදු ගනනක්. චන්ඩි පාර්ට් දමමින්. ,අසරණ හිමිවරුන් කපන කොටන. වෙලාවේ. ඔබ කොහිද හිටියේ. එතකොට. රටවෙනුවෙන් කෑගහන්න. හිතුනේ. නැතිද. . මහින්ද. රටකොරනකොට කරපු දුෂිත වැඩ වලට විරුද්දව අයි නැගී. සිටියේ නැත්තේ. , දැන් නිදහස දුන්න කෙනාට වරද පටවන්නේ ඇයි අද මේ විදියට. කෑගහන්න නිදහස. දුන්නේ. මහින්දද මෛත්‍රී ජනපතිද , (බ)
උතුරට බය නැති එක මනුස්සයි මේ රටේ හිටියේ. අනිත් හැම එකාම බොරු සෝබන දාන්නේ දකුණට. ඒවා හරි ලොකුවට පේන කට්ටියකුත් මේ රටේ ඉන්නවා. රටේ කරුමේ. (බ)
ඕනෑම කෙනෙකුගේ තිබිය යුතු දෙය තමයි තමන්ගේ වචන භාවිතය .සිංහල භාෂාවේ තමයි හොඳම ලස්සන වචන තියෙන්නේ .මේ අය කියන වචන දැක්කම සිංහල භාෂාවට අබ සරණයි . (අ)
පොලිස් පති තුමා කවුද? පඩත්තර බල්ලෝ කවුද කියල රටේ බුද්ධිමත් ජනතාව දන්නවා. අනික පොලිස්පති තුමා බුරන බල්ලන් ගැන වැඩි තැකීමක් කරන්නෙත් නැහැ. (අ)