IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


පොලිස්පතිට කියන්න ඔන්ලයින් සේවාව යළි ක්‍රියාත්මකයි

(ජේ.ඉඳුරුවගේ )

 ශ්‍රී ලංකා පොලීසිය මගින් පවත්වාගෙන ගොස්    කාලයක් නතරකර  තිබූ "පොලිස්පතිට කියන්න" (tell IGP ) ඔන්ලයින් පැමිණිලි සේවාව  යළි ආරම්භ කර තිබේ.

වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ( 6) යළි ස්ථාපිත කළ   මෙම සේවාව මගින්   පොලිස් සේවය පිළිබඳව අදහස් හා යෝජනා මෙන්ම පොලිස්පතිවරයාගේ  අවධානයට යොමුවිය යුතු ඕනෑම ආකාරයේ පැමිණිල්ලක් පොලිස්පති  වෙත සෘජුවම ඉදිරිපත් කිරීමට  මහ ජනතාවට අවස්ථාව සැලසෙන බව පොලිස් මූලස්ථානය පවසයි.

කඩිනමින් ප්‍රතිචාර දක්වනු ලබන මෙම සේවාව ලබාගැනීම සඳහා www.police.lk නිල වෙබ් අඩවියේ E-Service යොමුවට පිවිස Tell IGP අයිතමයේ    සඳහන්  පෝරමයේ සත්‍ය තොරතුරු සටහන්කරමින් පැමිණිල්ල ඉදිරිපත්කිරීම සිදුකළ යුතුය.

පොලිස් ස්ථානයේ සටහන් කළ ඔබේ පැමිණිල්ල නිසි විමර්ශනයට බඳුන් නොවන බව හැගෙන්නේ නම් ඒ බව    පැය 24 පුරා ක්‍රියාත්මක මෙම සේවාව මගින් පොලිස්පති වෙත ඉදිරිපත් කළ හැකි බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.



අදහස් (6)

පොලිස්පතිට කියන්න ඔන්ලයින් සේවාව යළි ක්‍රියාත්මකයි

Yass Samarasinghe Tuesday, 07 January 2025 11:15 AM

වැඩ කරනවා ද කියලා ටෙස්ට් කලාද?

:       0       1

Kamal Koyrala Tuesday, 07 January 2025 01:44 PM

මහජන අදහස් සහ යෝජනා සඳහා මෙහි කොළමක් නැත පැමිණිලි පමණයි.

:       0       5

කුමාර Thursday, 23 January 2025 07:52 PM

රටේ සල්ලි අපරාදේ... මේවා පටන් ගන්න වේගෙන්ම ඉවර කරනවා...

:       0       0

කුමාර Thursday, 23 January 2025 07:52 PM

මේවා පටන් ගන්න වේගෙන්ම නවත්තනවා. දැන් වැඩ නැහැ.

:       0       0

සරොජිනී Tuesday, 04 February 2025 02:28 PM

මට තියෙන්නේ අංක 10 පරණ ජාතික හැදුනුම්පතක්. ඒ නිසා පැමිණිලි යොමු කිරීමට නොහැක. අළුත්පතක් ලබා ගැනීමට නොහැකි ය... ජායාරූපය නව හැදුනුම්පතට සරිලන්නේ නැති නිසා.

:       0       0

වසන්ති වංශපෙරුම Thursday, 11 September 2025 08:36 PM

ස්පාඤ්ඤයේ සිට ගොඩක් හොදයි මම පොලිස් ස්ථානය තෙල්දෙණිය පොලිස් අධිකාරි තුමාට තොල් ගන්නා එක නමිබර් එකක් අන්සර් කරන්නේ නැහැ ... අපේ පොලිස්පතිතුමියගේ වැඩ පිළිවෙල ඉතාමත් අගය කරනවා. ලංකාවේ කාන්තා කාර්යංශය පෝන් නම්බර් අහිංසක කාන්තාවට ලියන්න නම්බර් ලාබාල දෙනවා නම් අගය කරනවා... ස්තුතියි පොලිස්පති තුමනි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 768 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site