රටම ආන්දෝලනයට ලක්කළ, පාර්ලිමේන්තුවේ පවා විවාදයට ලක්වුණ ඇඹිලිපිටියේ සාදයක දී ඝාතනයට ලක්වූ තරුණයාගේ මරණය සම්බන්‍ධයෙන් සැකපිට අත්අඩංගුවට පත්ව වැඩ තහනමට ලක්ව ඇපමත සිටින සැකකාර සහකාර පොලිස් අධිකාරිවරයා යළි සක‍්‍රීය සේවයේ පිහිටුවන්නැයි පොලිස් කොමිසමෙන් පොලිස්පතිවරයා ඉල්ලීමක් කර යළි සේවයේ පිහිටුවීමට කඩිනමින් ක්‍රියා කළත් පොලිස්පතිවරයා යටතේ ඇති රහස් පොලීසිය එම සිද්ධියේ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ක‍්‍රියා නොකරන බව නීතීඥ විජිත ජී. පුංචිහේවා මහතා ඇඹිලිපිටිය අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න ප‍්‍රනාන්‍දු මහතා ඉදිරියේ කියා සිටියේ ය.
ඇඹිලිපිටිය නව නගරය පාරේ මෙන්ඩිස් ගොඩනැගිල්ලේ මේ වසරේ ජනවාරි 04 දින රාත‍්‍රී පැවති සාදයක දී ඇඹිලිපිටිය පොලීසියේ නිලධාරීන් එහි කඩා වැදී කළ පහරදීමේ සිද්ධියකින් පසු සුමිත් ප‍්‍රසන්න ජයවර්ධන නම් විසි නව හැවිරිදි එක්දරු පියෙක් තුවාල ලබා දින තුනකට පසු මිය ගියේ ය. එම මරණය සම්බන්‍ධ වැඩිදුර විභාගය අද (24) යළි කැඳවු අවස්ථාවේ මරණකරුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින නිතීඥ විජිත පුංචිහේවා මහතා ඉහත කරුණු අනාවරණය කළේ ය.
එම තරුණයාගේ මරණය සම්බන්‍ධයෙන් එවකට ඇඹිලිපිටිය පොලීසියේ සහකාර පොලිස් අධිකාරීව සිටි චමින්ද ධර්මරත්න යන අය රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පෙබරවාරි 3 වැනිදා රිමාන්ඞ් කැරිණි. ඒ අතර දී ඔහුගේ වැඩ තහනම් කළ අතර පසුව ජුනි 02 දින ඇඹිලිපිටිය මහාධිකරණයෙන් කොන්දිසි මත ඔහුට ඇප නියම විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස්පති ගැනත් අපේ තිබුණු බලාපොරොත්තු ඉවරයි (නි)
පොලිසිය ස්වාධීන කළත් වැඩක් නැහැ කියලයි රනිල් මහත්තයට කියන්න තියෙන්නේ. (බ)
අපි බලමු දැන් මේ හදිස්සිය අර බම්බලපිටියේ ඝාතනය ගැනත් තියෙයිද කියලා (නි)
එතුමා විසින්මයි එතුමාට එදා තිබුණු ගෞරවය දැන් නැතිකරගෙන තියෙන්නේ (නි)
මෙිකට තමයි නීතිය නමනවා කියන්නේ.(ම)
පොලිස්පතිවරයා ගැන අපට තිබුණු විශ්වාසය එතුමා විසින්ම නැතිකරගෙන තියෙන්නේ. (නි)
පොලිස්පතිවරයාට පොලිස් කොමිසමෙන් ඉල්ලීම් කරන්න පුලුවන්ද? මම මේ නොදන්නා නිසයි අහන්නේ (නි)
පොලිස්පතිවරයාගේ ආරම්භය හොඳයි. (නි)
මේ ප්‍රවෘති යේම තියෙනවා පොලිස් පතිතුමාගේ පක්ෂක්ග්‍රහි බවත්,පරීක්ෂනවල වියාකුලබවත්.(රේ)
මමත් සෙනරත් සමග එකඟයි පොලිස්පති තුමා දක්ෂයෙක්නම් ක්‍රම සහ විදි යොදල ලංකාවේ රිය අනතුරු වලක්වන්න කටයුතු කල යුතුයි මහා පාරේ පිරිත් නොකියා රටේ රිය අනතුරු අඩුවෙන්න මහා පාරේ පිරිත් කිව්වම රිය අනතුරු අඩුවෙනවනම් පොලිස්පති තුමා අවශ්‍ය නැහැ එ්ක ගරු ස්ටාමින් වහන්සේලාට කරන්න පුළුවන්(රේ)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
නිතිය රකින්න තිබෙන තැනම තත්වය පේනවා නේද. සිද්ධවුණ දේ අපි හැමෝගෙම හෘද ශාක්ෂිය දන්නවා මහත්තයෝ.මේ වගේ මිනිස්සු ඉන්න රටක ඉපදීම පාපයක්. (නි)
අපි හිතුවා වැඩේ මේ විදියට වෙයි කියලා (නි)
මේ පොලිස් පති තුමාට මට කියන්න තියන්නේ ඔබේ දක්ෂ කමින් ප්‍රයෝජනයක් ගන්න . (හේ)
මොන පොලිස්පති ආවත් දේශපාලනයේ ඉන්න අයට යටත් වෙලා තමයි ඉන්න වෙන්නේ. රාජකාරිය කරන්න ඉඩක් නෑ (හේ)
සෙනරත් හිතනවා වගේම තමයි මමත් හිතන්නේ (නි)
පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපය අපි අගය කරමු (නි)
අපිට නම් එතුමා ගැන විශ්වාසයක් නැහැ. එයට හේතු කීපයක් ඇත. (නි)
පොලිස්පතිතුමා ගැන අපිට තිබෙන්නේ ලොකු විශ්වාසයක් (නි)