ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයිති කාරියක් කිරීමට පොලීසියට බලයක් නැතැයි නඩුවක සැකකරුවකු වන කොම්පඤ්ඤවීදියේ මොහොමඩ් ෆයිසර් නිදහස් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද තීන්දුවක් දුන්නේය.
නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩමක අනවසරයෙන් තාවකාලික මඩුවක් තැනුවේයැයි ඔහුට විරුද්ධව පොලීසිය විසින් නඩු පැවැරිණි.
පොලීසිය එම මඩුවද කඩා දමා ඇත.
පොලීසිය මුළුමනින්ම නීතියට එරෙහිව කටයුතු කර ඇතැයි කී මහේස්ත්‍රාත් මේ නඩුව පැවරීමේ බලය ඇත්තේ පොලීසියට නොව ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට බව අවධාරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ අය වැස්සකටවත් නීති විද්‍යාලෙට ගිහින් තියෙන එකක් යෑ නීති ගැන දැනගන්න. (නදී)
අන්‍ය ආගමිකයින් කොහොම හරි තමන්ගේ වැඩේ කරගන්නකම් අපේ අය නීති හද හද ඉන්න.(නදී)
මෙවැනි කටයුතු දිවයිනේ විවිධ පළාත් වල.නගරවල සිදුවෙනවා. ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධන සංස්ථාවටත්, පොලීසියටත් වඩා බලතල තියෙන්නේ නාගරික සංවර්දන අධිකාරියත්, බැකෝ වලත් පමණක් බව මුළු රටම දන්නවා. කිසිදු වන්දි ගෙවීමක්ද නැත .තෙරුවන් සරණයි.(නදී)
ප්‍රගීත් මෙතන මොකක්ද ප්‍රශ්නේ අන්‍යාගම. මේක පොලිසිය නිතිය නොදන්නා කම ගැන ප්‍රශ්ණයක්. ඔබ වැනි මෝඩයින් ජාතිවාදේ ආගම් බේද ඇදලා නැති ප්‍රශ්න ඇතිකරනවා. ලංකාවට දියුණු වෙන්න බැරි ඔබ වෙනි අය බොහෝ සිටින නිසා.(නදී)
මේකට ආගමක් අදාල නැහැ , කවුරු කලත් අනවසර ඉදිකිරීම් නැවත් විය යුතුයි. ලංකාවේ වැඩි හරියක් ඉඩම් අල්ලනේ සිංහලයන් , දේසපාලන බලය ඇතුව , (ස)
සාම නිලධාරියන්ට අයිති දේවල් පිලිබධව උසාවිය නොදන්නාකම තමා මේ (නි)
ජයවේවා! මහේස්ත්‍රාත්තුමාට ජයවේවා! (නි)
මේ පාරත් හත් පොලේම ගාගෙන වගේ.(නදී)
කිරි අප්පොටත් බල්ලෝ පැනපි?(නදී)
මොහමඩ්, ද සිල්වා, ඔබ හරියටම හරි. අපේ බොහොම දෙනෙක් ඕනෑ දේකට ජාති ආගම් භේද ඇදගන්නවා. ඒක විලාසිතාවක් කියා හිතලා, නැත්නම් 'අපි තමයි නියම ජාති ප්‍රේමියෝ ' කියලා ලෝකෙට පෙන්නන්න හිතලා කරන දෙයක් වෙන්න ඇති. මෙතන සිද්ධිය නම් කාගේ හරි බලපෑමකට පොලිසිය කළ දෙයක් වගෙයි. ඔය තරම් සුළු දෙයක් පොලිසිය නොදැන ඉන්න විදිහක් නැහැ. (නි)
මෙය නීතිය නොදන්නා කමක් නිසා නොව මඩුව හදා ගත් මිනිසා ඉවත්කොට පොලිසියට වුවමනා අයෙකුට දීම සඳහා කළ වැඩක් විය හැකිය. (නි)
පොලිසියත් බොහෝ තැන්වල අනුන්ගේ කොන්ත්‍රාත් තමයි කරන්නේ අන්තිමට ඉල්ලන් නානවා මතකනේ කටුනායක, හලාවත වෙලිකඩ සිද්දීන් ?(නදී)
පොලීසිය කළයුත්තේ පැමිණිල්ලට අදාල රාජ්‍ය ආයතනය මගින් උසාවියේ නඩුවක් ගොනුකිරීමයි. නමුත් භූ විද්‍යා, ඉඩම් ගොඩකිරීම් හා සංවර්ධන, මැණික් හා ස්වර්ණාභරණ, වෙරළ සංරක්ෂණ, නාගරික සංවර්ධන ආදී මෙකී නොකී රාජ්‍ය ආයතන වල හා ඒවායේ නිලධාරීන්ගේ අකාර්යක්‍ෂමතාවය හා දුෂණ හේතුකොටගෙන මේ යාන්ත්‍රනය පුස්ස බින්දාක් මෙන් දුර්වල වී තිබීම කණගාටුවට කරුණක් කියා නිකම් නොසිට මේ සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වාදිය යුතුයි. (නි)
පොලිසියට කරන්න පුළුවන් ඔච්චර තමයි. අර ඇමතිලා වනාන්තර විනාශ කර කර හෝටල් හදනවා ඒවා අල්ලන්නේ නෑ. පොඩි මිනිහට තමා සේරම ලොකුකම් දාන්නේ.(නදී)
අනවසර ඉඩම් ගොඩ කරලද රට දියුණු කරන්න යන්නේ? මේක ජාතිවාදය නෙමේ ඇත්ත. හැමදාම ලංකාවේ වුණේ මේක.මෙහෙම ගියාම කාට කාටත් තේරුම්ගන්න පුළුවන්,මොකද වෙන්න කියලා. රටේ සංවර්දනය ගැන කියනවා. රට බේරගන්න ඔය කියන අය ආවද හමුදාවට? අපේ අය මහන්සිවෙලා බේරගත්තහම මොහමඩ් වගේ අය හොදට තමන්ගේ අරමුණු ඉටු කරගන්නවා. ඒක තමා ජාතිවාදය.පුලුවන්ද ලක්ෂ 2 වැඩ ඉන්න අපේ හමුදාවේ පොලිසිය මොහොමඩ්ලගේ අය ගියාද කියලා කියන්න? (නි)
අයියෝ සල්ලි