පිරිසිදු පානීය ජලය ඉල්ලා 2013 සැප්තැම්බරයේ දී උද්ඝෝෂණය කරද්දී වැලිවේරිය ඌරුවල සභාවේ පන්සලට පහර දුන්නේයැයි රතුපස්වල ගම්වැසියන් 23 දෙනකුට එරෙහිව ගොනු කර ඇති නඩුව මාර්තු 24 වැනි දා විභාගයට ගැනීමට ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් නිමල් රණසිංහ මහතා අද නියෝග කළේය.
වතුර ඉල්ලූ ජනතාවට පොලිසිය බොරු නඩු පටලවා ඇතත් වෙඩි තබා තුන් දෙනකු මරා දැමීම ගැන තවම කිසිත් කර නැතැයි ගම්වාසීන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ බර්නි අල්විස් මහත්මිය සහ නාමල් රාජපක්ෂ මහතා අධිකරණයේ දී කීහ.
නඩුව පැවැත්වෙන බව ආරංචි වී වැලිවේරිය රතුපස්වල ගම්වැසියෝ රැසක් සහ තෙරිපැහැ සිරිධම්ම හිමියෝ ද අධිකරණයට පැමිණ සිටියහ.
ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත
ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘‘පොලිසිය බොරු නඩු පටලවනවා : වෙඩි තබා මැරූ තරුණයන් ගැන පරීක්ෂණත් නෑ‘‘
සමිත් Thursday, 26 November 2015 08:57 AM
යහපාලනය පවතිනවා යයි උපකල්පිත නිසා අපිට මොකුත් කියන්න බැහැ (ම)
සරණපාල Thursday, 26 November 2015 09:30 AM
කමක් නැහැ බොරු නඩු දැම්මට දැනටමත් සීයට අසූවක් හිරගෙදර ඉන්නේ අහිංසකයෝ නේ. (බ)
වරුණ Thursday, 26 November 2015 09:33 AM
ගිනි පිඹින්න අණ දුන් පුද්ගලයත් ලංකාවට ඇවිල්ල නේද ඉන්නේ? (බ)
ඔස්කා Saturday, 28 November 2015 01:40 AM
වැරදිකරුවන් අදටත් නිදහසේ නොවේද? (නි)
තිලක් Thursday, 26 November 2015 03:04 PM
මේ ගැන ලොවම බලන් ඉන්නවා විසදුමක් ලබා දෙන්න.(හේ)
නිවන්තක Friday, 27 November 2015 05:48 PM
ඇත්ත තමයි. මේ ප්‍රශ්නය තවමත් එක තැනනේ (නි)