මාස දෙකක වැටුප් නොගෙවීයැයි කියන සිද්ධියක් මුල්කරගෙන නවගමුවේ ඇඟලුම් කම්හලක ගැටුම්කාරී තත්ත්වයක් හට ගත්තේය.
රාත්‍රී අට පමණ වන තුරු කම්හල තුළට වී සිටීමට කම්හලේ ප්‍රධානීන්ට සිදුවූ බව පොලිසිය කියයි.
පොලිසිය පැමිණ දෙපාර්ශ්වය සමග සාකච්ඡා කළ බවත්, අද (18) රුපියල් 5000ක් ලබා දීමට හා ඉතිරි හිඟ වැටුප මාස දෙකක් ඇතුළත ගෙවීමට කම්හලේ පාලනාධිකාරිය එකඟ වූ බවත් නවගමුව පොලිසිය පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහි නිෂ්පාදන වලට මුදල් ලැබිල නැද්ද? (අ)
සේවකයින් දැනුවත් කිරීම මෙන්ම ණය පහසුකමක් ලබාගෙන හෝ වැටුප් ගෙවීම ඔවුන්ගේ වගකීම. ලාබ ලබන ආයතන සේවකයින්ගේ වැටුප් පිළිබඳ මීට වැඩිය සැළකිලිමත් වියයුතුයි. මාස 2ක් කියන්නේ ලොකු කාලයක්. සේවකයින් මාසේ රෝල ගහන්නෙත් බොහොම අමාරුවෙන්. විශේෂයෙන් ඇඟලුම් කර්මාන්ත අාශ්‍රිතව (නි)
කොම්පැනි දුවන විදිය සේවකයෝ දන්නේ නැහැ. සමහර වෙලාවට ලෝන් එක ගෙවන්න විදියක් නැහැ දෙගොල්ලොම අසරණ වෙනවා. ආර්ථික ප්‍රතිපත්ති වල තියෙන ප්‍රශ්න නිසා මේවා වෙන්නේ. (නි)
ඕනෑම ආයතනයක සේවකයෝ ජීවත් වෙන්නේ තමන්ට ලැබෙන සොච්චම් පඩියෙන් ...ඊට අමතරව බොහෝ විට අත්තිකාරම් මුදලින්... මාස දෙකක වැටුප් ලැබෙන්නේ නැහැ කියන්නේ ගිනි පොලියට ණය ගෙවාගන්නත් විදියක් නැතිව තව තවත් නය වෙන එකයි ...කොම්පැනියට ලාබද, අලාබද, ගැනුම්කරුවන්ගෙන් මුදල් ලැබුනාද යනවග සේවකයාට අදාළ නැත.මාස හයක පමණ කාලයකටවත් ඉදිරියට සේවක වැටුප් ඉතිරියක් කොම්පැනිය සතු නැත්නම් ඒ ආකාරයට නීති රීති සකස් විය යුතුය.(හේ)
හොඳට හොයල බලන්න හැම ඇගලුම් කම්හලකම තත්ත්වය ඕක තමයි. (අ)
කොම්පැනියේ නම දන්නා කෙනෙක් ඉන්නවනම් කියනවද (අ)
මේ අයගේ මුදල් ගෙවා දමන්න.(හේ)