IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


පොලිසියේ වැඩ හමුදාවට පැවරුවේ ඇයි?

‘ වෙනදාට මෙවැනි උද්ඝෝෂණයකදී යොදවන්නේ පොලිසියයි.  අපි ප‍්‍රශ්න කරනවා ඇයි හමුදාව මේකට යොදවන්න තීරණය කළේ.  ගැමියන්  මර්දනය කිරීම සඳහා හමුදාව යෙදවීමේ  තිරණය කවරු ගත්තද කියන එක රටට හෙළි කළ යුතුයැයි‘  එක්සත් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතා  ගැටුමෙන් මිය ගිය අකිල දිනේෂ් සිසුවාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා පැමිණි අවස්ථාවේදී පැවසීය.

‘ජලය  කියන්නේ හැමෝටම අවශ්‍ය දෙයක්.  වැලිවේරියේ සහ  රතුපස්වල ජනතාව මේ උද්ඝෝෂණය කළේ තමන්ට බීමට අවශ්‍ය  ජලය ලබාගන්න.  ඒකට ආණ්ඩුවෙන් ඇහුම් කන් දෙන්නේ නැති කොට ඒ ගොල්ලන්ට වෙන විකල්පයක් තිබුනේ නැහැ.  ඒකයි  පාරට බැහැලා උද්ඝෝෂණය  කළේ.

 මේ ප‍්‍රදේශයේ ඇති ජලයේ  ඇසිඞ් තියෙන බවයි  ජනතාව කියන්නේ.‘

‘ඒ  අය සතියක්   තිස්සේ   උද්ඝෝෂණය කළා.  මේ මිනිස්සු සාමකාමීව තමයි මේ උද්ඝෝෂණ පවත්වාගෙන ගියේ.  ඔවුන්ගෙන් අදාල කර්මාන්ත ශාලාවටවත්, එහි සේවකයෙකුටවත් හිරිහැරයක් වී තිබුනේ නැහැ.‘

‘නමුත් පෙරේදා ආණ්ඩුව විසින් හමුදාව යොදවලා උද්ඝෝෂණය මර්දනය කරන්න ගිහින් තියෙනවා.   ඒ මර්දනය කරනකොට හමුදාව විසින්  වෙඩි තිබ්බා.   දැන් අවුරුදු 17 ක ළමයෙක් ජිවිතක්ෂයට පත් වෙලා තියෙනවා.  තවත් උසස්පෙළ කරන ළමයකු ඝාතනය වී ඇති බව දැනගන්න තියෙනවා.   මේ ගැන පරීක්ෂණයක් පැවැත්විය යුතුයි.‘

මා මේ ගැන ඉතාමත්ම කණගාටු වෙනවා.  ඒ ගොල්ලන්ගේ පවුල්වලට මගේ කණගාටුව ප‍්‍රකාශ කරනවා.   අපේ නායකතුමත් කිව්වේ මේකට  ස්වාධීන පරීක්ෂණයක් තියලා මේ රටේ ජනතාවට කියන්න  ඕනේ මොකද වුනේ කියලා.‘

හමුදාව  වැලිවේරියේ ගෙවල් වලටත් පැනලා ඉතාම පහත් අන්දමට පහර දීලා තියෙනවා. ඇත්තෙන්ම අපි මේ ගැන කනගාටු වෙනවා.  ආණ්ඩුව මේ ගැන වග කියන්න  ඕනේ.

වෙනදාට මෙවැනි උද්ඝෝෂණයකදී යොදවන්නේ පොලිසියයි.  අපි ප‍්‍රශ්ණ කරනවා ඇයි හමුදාව  මේකට යොදවන්න තීරණය කළේ.

උද්ඝෝෂනය මර්ධනය කිරීම සඳහා හමුදාව යෙදවීමේ ඒ තිරණය කවරු ගත්තද කියලා දන්නේ නැහැ.  එය රටට හෙළි කළ යුතුයි.   අපි  පාර්ලිමේන්තුවේදී  මේ ගැන සාකච්ඡා  කරන්න ඉන්නේ   ස්වාධින පරීක්ෂනයක් තියලා  මෙය  රටට හෙලිදරව් කරන්න කියලා මම රජයෙන් ඉල්ලනවා. 



අදහස් (0)

පොලිසියේ වැඩ හමුදාවට පැවරුවේ ඇයි?

බණ්ඩාර Sunday, 04 August 2013 02:49 PM

පරිහානියක මග සලකුණු තමයි (නි)

:       0       0

ප්‍රියංකර Sunday, 04 August 2013 10:14 AM

මේ පාලනයට විරුද්දව ආණ්ඩුවෙන් එලියට එන ඇමතිවරු පිලි ගන්න අපි මල්මාලා අරන් බලාගෙන ඉන්නවා (දී)

:       0       0

සංජීව Sunday, 04 August 2013 10:19 AM

මේ කළ අපරාධයට කවදාහරි ‍වන්දි ගෙවන්න වේවි (නි)

:       0       0

සමන්ත Sunday, 04 August 2013 03:10 PM

දැයේ දරුවන් නේද මේ සමුගන්නේ? (නි)

:       0       0

පි.ඩි විදානාග් Sunday, 04 August 2013 10:38 AM

සකච්වෙන්න් සම්මුතියෙන් විසදන්න තිබුණු ප්‍රශ්නයක් හමුදා බලය යොදා විසදන්න ගිහින් ලෝකයේ ඉන්න වනචාරී ජාතියක් හැටියට තවත් සලකුණක් තිබ්බ සකච්වෙන්න් විසදනප්‍රශ්න ස්ථිරයි බලයෙන් විසදන ප්‍රශ්න තාවකාලිකයි (දී)

:       0       0

මැණික් Sunday, 04 August 2013 10:45 AM

දැන් නැති කතන්දර හදල කල වරද වහන්න බලයි (දී)

:       0       0

රොක් Sunday, 04 August 2013 07:30 PM

ප්‍රභාකරන්ලාගෙන් රටට නොවුන තරම් විනාශයක් ඉදිරි කාලයේදී වෙන්න පුළුවන් බවට ලකුණු පහළ වෙනවා වගෙයි! (නි)

:       0       0

සමන් Sunday, 04 August 2013 04:16 PM

මේවා මතක හිටින්නේ තව සති දෙකයි අපේ අයට.(නදී)

:       0       0

රොෂාන් සෞදි Sunday, 04 August 2013 11:27 AM

පොලිසිය ඉතාමත් ඉවසිල්ලෙන් කටයුතු කලා මෙම ස්ථානයට හමුදාව යැව්වේ කව්ද? මෙයට දේශපාලන හස්තය මැදිහත් වෙළද?

:       0       0

රජ Sunday, 04 August 2013 04:35 PM

විපක්‍ෂයට මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්න තිබුනේ මීට කලින්. කොහෙද එයාලත් ආන්ඩුවටම කඩේ යනවනෙ. (දී)

:       0       0

පිටිගල Sunday, 04 August 2013 04:38 PM

මේක අපේ රටේ ප්‍රස්ථා පිරුලක්. කාට වත් නෙවේ මේ කියන්නේ. "බල්ලාගේ වැඩේ බූරුවා ට බාරදුන්න වගෙය්." කියලා තියෙනවා නේද? මේකත් ඒවගේ වැඩක්ද?. (දී)

:       0       0

අචිනි Sunday, 04 August 2013 04:38 PM

මේකට පක්ෂව කතා කරන අයට මේ මිනිස්සුන්ගේ දුක දැනෙන්නේ නැද්ද

:       0       0

පද්මිණි Sunday, 04 August 2013 11:53 AM

කදුළු දෙන්න මට හඩන්න සත් සමුදුරු ගොඩ ගලන්න.....පුතාට සසර වසන තුරු මෙවැනි ම්ලේච්ච රටක ඉපදෙන්ට නොලැබේව.... (දී)

:       0       0

ජූඩ් Sunday, 04 August 2013 11:55 AM

මේවානම් සහගහන අපරාද. මිනිස්සුන්ට ඓතියක් තියෙනවා තමන් බොන වතුර ටිකට සටන් කරන්න. මගේ ගෙවල් ලඟත් ඔයවගේ දෙයක් තියනවා හැබැයි හමුදවනම් එවන්න එපා එකට.

:       0       0

අශාන් Sunday, 04 August 2013 11:56 AM

මේ බණ්ඩාර දැන් හැම තැනම කියෙව්වනේ මේවා සැලසුම් සහගත වැඩ කියලා... දැන් ඇති ඕක... ඔයා ආණ්ඩු බත් බැලයෙක් බව අමුතුවෙන් ප්‍රදර්ශනය කරන්ඩ ඕන නෑ...

:       0       0

ලාල් Sunday, 04 August 2013 11:57 AM

සැලසුම් කරලා කල වැඩක් ද

:       0       0

අශේන් Sunday, 04 August 2013 12:03 PM

ලංකාවත් දැන් තමිල් නාඩුව වගේ වෙලා හමාරයි ! ආශ්චර්ය

:       0       0

රවි Sunday, 04 August 2013 12:07 PM

අයියෝ සල්ලි මිනිස්සු මැරුණා එච්චරයි

:       0       0

ඩියෝ Sunday, 04 August 2013 08:36 PM

මේ ගමේ මන්තිතුමෙක් නැද්ද? ඊළග ඡන්දෙදි මිනිසුනේ කල්පනා කරලා ඡන්දේ දෙන්න (නි)

:       0       0

රත්න Sunday, 04 August 2013 12:13 PM

මේ අයට බලය තියන කාලෙය්දී කරපු වැඩදැන් අමතක වෙලා වගේ රජය මේ අහින්සක මිනිසුන්ගේ පාණීය ජල ප්‍රශ්ණය විසදුවානමි මේ ප්‍රශ්ණය අවසන් වේවි. දැන් අයතු ප්‍රෙයෝජන ගන්න යන්නේ මේ අය.

:       0       0

රත්න Sunday, 04 August 2013 12:13 PM

මේ අයට බලය තියන කාලෙය්දී කරපු වැඩදැන් අමතක වෙලාවගේ රජය මේ අහින්සක මිනිසුන්ගේ පාණීය ජල ප්‍රශ්ණය විසදුවානමි මේ ප්‍රශ්ණය අවසන් වේවි . දැන් අයතු ප්‍රෙයෝජන ගන්න යන්නේ මේ අය. (දී)

:       0       0

අනුර Sunday, 04 August 2013 05:03 PM

පිරිසක් පාලනය කර ගන්න බැරි පොලිසියක්ද අපිට ඉන්නේ (දී)

:       0       0

පියල් Sunday, 04 August 2013 05:10 PM

පොලිසිය මොකටද හමුදාවට බාර දුන්නේ (දී)

:       0       0

කපිල Sunday, 04 August 2013 12:41 PM

රත්න ආණ්ඩුවට කඩේ යනව වගේ ඔයාගේ කෙනෙක්ට මෙහෙම උනානම් ජීවිතයක් අපහු ගන්න බැහැ මනුෂ ජීවිතයක අගය දන්නැති ජාතියක්

:       0       0

කමල් Sunday, 04 August 2013 12:48 PM

මෙම සිද්ධිය ගැන ස්වාධින පරීක්‍ෂණයක් සදහා රටම දායක විය යුතුයි. මොකක්ද මේ දෙබිඩි පිළීවත කියලත් හිතලා බලන්න. එය දේශපාලනයද

:       0       0

අමිල Sunday, 04 August 2013 01:04 PM

රත්නලා වගේ අයට මේවා තේරෙන්න එයාලගේ ගෙදර කෙනෙක්ට මේ දේ වෙන්න ඕනෑ (නි)

:       0       0

මොහමඩ් සියාඩ් Sunday, 04 August 2013 05:44 PM

මනුෂ්‍ය ජීවිතයක වටිනාකම දන්නේ නැති මිනිස්සු ඔහොම තමා කවද හරි දවසක එයාලට එහෙම උනොත් එයාලට තෙරෙය් (දී)

:       0       0

සුමනා Sunday, 04 August 2013 01:27 PM

ජනරාල් ෆොන්සේකා මහතාගේ සැළැස්ම නිසා යුද්ධය ජයගත්තා.එහි නම්බුව ගන්න දගලන්නේ වෙනත් අයයි (නි)

:       0       0

සජිත් Sunday, 04 August 2013 02:09 PM

චැනෙල් 4 කියන්නේ ඇත්ත කියලා දැන් මිනිස්සු විශ්වාස කරයි (නි)

:       0       0

සජිත් Sunday, 04 August 2013 06:24 PM

මේවාට මොනොව කියන්නද? (දී)

:       0       0

කමල් Sunday, 04 August 2013 02:35 PM

මෙහෙමද මේවා පාලනය කරන්නේ? මේවාට එරෙහිව නැගිසිටින්න කාලය දැන් ඇවිල්ලා. (නි)

:       0       0

බණ්ඩාර Sunday, 04 August 2013 09:42 AM

මේවා සැලසුම් සහගත වැඩ

:       0       0

මංජු Sunday, 04 August 2013 06:33 PM

පොලිසියට බැරි නිසානේ ගරු මන්ත්‍රීතුමා (දී).

:       0       0

ජයා Sunday, 04 August 2013 02:39 PM

පවතින ක්‍රමයේ හොද තමයි ඔය (නි)

:       0       0

සීලා Sunday, 04 August 2013 02:41 PM

දැන් නම් අරගොල්ලන්ගේ කාලේ හරි වගෙයි. ඕක ලෝක ස්වභාවයයි (නි)

:       0       0

ජයන්ත Sunday, 04 August 2013 02:42 PM

මේක කරපු කරවපු අයට හොදක් නම් නොවේවා! අනේ මේ අහිංසක දරුවන්ව මැරුවේ මොකද? අපෝ අපිට අපේ රටේ තව ඉදිරියට ජීවත් වෙන්න බැරිවෙයි. රට අත්හැරලා යන්න වෙයි වගේ. (නි)

:       0       0

සෙහාර් Sunday, 04 August 2013 09:56 AM

නිවන් සුවය ලැබේවා සහෝදර‍යාණෙනි! (නි)

:       0       0

ලලිත Sunday, 04 August 2013 02:46 PM

රට යන්නේ ආගාධයට. ළගදීම සුනාමියකුත් එයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 1061 0

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 181 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 416 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 350 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 597 1

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


ආරවුල මරණයෙන් කෙළවර වෙයි
2024 සැප්තැම්බර් මස 25 1119 0

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36769 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24297 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 183 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 552 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 231 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site