
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා පොලීසිය ඉතාමත් ගෞරවාන්විත සේවාවක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් නිසි උසස්වීම් ක්‍රමවේදයක් සකස් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ලබන වසරේ මැද පමණ වන විට අලුත් නිල ඇඳුමක් ලබා දීමට අපේක්ෂා කරන අතර, පොලීසියේ සියලු නිලධාරීන්ට අවදානම් දීමනාවක් ලබා දීමට මෙන්ම අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය සහ මානව සම්පත බඳවා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව ජනාධිපතිවරයා කීය .
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ තිඹිරිගස්යාය ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී අද (03) පස්වරුවේ පැවති 160 වෙනි පොලිස් දින සැමරුම් උත්සවයට එක් වෙමිනි.
ගෙවී ගිය වසර 160ක කාලය තුළ රටේ ඇති වූ විවිධ ගැටුම්කාරි අවස්ථා, වසංගත ආදී පොදු ජනතාව ව්‍යසනයන්ට මුහුණ දුන් සෑම අවස්ථාවකම ශ්‍රී ලංකා පොලීසිය පොදු ජනතාව වෙනුවෙන් සහ මහජන සාමය සහ ආරක්ෂාව වෙනුවෙන් ඉටු කළ භාරදූර කාර්යභාරය මෙහිදී ඇගයීමට ලක් කළ ජනාධිපතිවරයා විවිධ යුගවල විවිධ කාර්යයන් වෙනුවෙන් කැපවූ ශ්‍රී ලංකා පොලීසිය වෙත මේ වන විට පැවරී ඇති ප්‍රමුඛතම වගකීම වන්නේ විෂ මත්ද්‍රව්‍ය ජාවාරම සහ ඒ හා බැඳුණු අපරාධ කල්ලි මැඩපැවැත්වීමේ ජාතික වගකීම බව පෙන්වා දුන්නේය. ඒ වෙනුවෙන් වෘත්තීය වගකීමෙන් එහා ගිය සමාජ වගකීමක් ලෙස සලකා කැපවන ලෙසද ජනාධිපතිවරයා සියලු දෙනාට ආරාධනා කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එය ඉතාමත් කාලෝචිතය. පසුගිය කාලවල පොලිසිවලට පහරදී පොලිස් නිලදාරින් මරා දමා තුවක්කු සහ පතුරම් සොරාගත් අය විසින්ම අලුත් සිතුවිල්ලක් ඉදිරිපත් කිරීම ගැන සතුටක්
නිල ඇඳුම මාරු කරලා විතරක් මදි. ඔයගොල්ලන්ගේ ආකල්ප සහ හැසිරීම වෙනස් වෙන්න ඕනෑ. රාත්‍රී කාලවලදී මහ මඟ යන එන මිනිස්සුන්ට වැදගත් විදිහට කතා කරන්න පුරුදු වෙන්න. හැම පුද්ගලයෙක්ම කුඩුකාරයෙක්, අපරාධකාරයෙක්, හොරෙක් කියලා හංවඩු ගහලා පොලීසියට ඇදගෙන යන එක නවත්වන්න. සාධාරණ වෙන්න. අපරාධේ, අහිංසක මිනිස්සුන්ව බොරු චෝදනා දාලා අත්අඩංගුවට අරගෙන, එගොල්ලන්ගේ ජීවිත අඳුරු කරන්න එපා. ඒක ලොකු පවක්. ඔබේ දරුවෙකුට එහෙම වුණොත් ඔබට දැනෙන දුක, වේදනාව තමයි අනෙක් මිනිස්සුන්ටත් දැනෙන්නේ. මම මේ සඳහන් කරන්නේ සමහර පොලිස්වල ක්‍රියාකාරකම් බොහෝ පහත් මට්ටමක තියෙන බවත්, සමහර පොලිස් නිලධාරීන්ට විරුද්ධව තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් නඩු සහ අධිකරණවලින් දී තිබෙන තීන්දු ගැන පුවත්පත් මාර්ගයෙන් කියවා දැන ගැනීමෙන්. මගේ මේ සටහන හැම පොලිස් නිලධාරියෙකුගේම අවධානයට යොමු වේවායි මම ප්‍රාර්ථනා කරනවා. පොලීසියේ හොඳ, අවංක, මිනිසුන්ට විනීතව ආමන්ත්‍රණය කරන නිලධාරීන් පිරිසක් ඉන්නා බවත් මා සඳහන් කරන්න කැමතියි. අපි ඔක්කොම එකතුවෙලා යහපත්, නිවුනු, සුවපත් සමාජයක් ගොඩනගමු.
කොමිස් කුට්ටිය ගියේ කාගේ ගිනුමටද කියලා අපිට ඊලඟ ආන්ඩුවේදි දැගන්න පුලුවන් වෙයි!
තව අවුරුදු 20කින් විතර අරුණි සිහියෙන් හිටියොත් කාටද කොමිස් ගියේ කියලා බලාගන්න පුළුවන්.