(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් පරීක්ෂක හා කනිෂ්ඨ ශ්‍රේණියේ නිලධාරීන් සඳහා නිල ඇඳුම් සැපසීම සහ පොලිස් සැරයන් /පොලිස් කොස්තාපල් නිලධාරීන් සඳහා පාවහන් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් පරීක්ෂක ශ්‍රේණි වල හා කනිෂ්ඨ ශ්‍රේණිවල නිලධාරීන් වෙත නිල ඇඳුම් නිකුත් කිරීමට රෙදි මීටර් 732000ක් සහ පොලිස් සැරයන්/ පොලිස් කොස්තාපල් නිලධාරීන් වෙත ලබාදීමට හම් සපත්තු ජෝඩු 70000ක් 2024 වර්ෂය සඳහා අවශ්‍ය බවට ඇස්තමේන්තු කර ඇතැයි රජය පවසයි.
ඒ අනුව ශ්‍රී ලංකා පොලිසිය වෙත 2024 වර්ෂය වෙනුවෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන භාවිත කරමින් ජාතික තරගකාරී ලාංසු කැඳවීමේ ක්‍රියාවලිය අනුගමනය කර එම රෙදි තොගය සහ පාවහන් තොගය ප්‍රසම්පාදනය කිරීම පිණිස මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා එක් දින ශ්‍රී ලංකා නිල සංචාරයක් සදහා (04 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේ
විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් අත් බෑගයේ දමාගෙන සිය සැමියා සමඟ තීරෝද රථයේ යමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී රහස් ප
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota) මහත්මිය ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමා
වාද්දුව පොහද්දරමුල්ල වෙරලේ පිරිමි නිරුවත් මළසිරුරක් පාවෙමින් තිබෙන බව වාද්දුව පොලිසිය පවසයි .
ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉරාන තෙල් පිරිපහදුවලට පහර දීම පිළිබඳව සාකච්ඡා කළ බවත් කෙසේ වෙතත් එම ප්‍රහා
ප්‍රබල සූර්ය ගිනිදැල්ලක් හේතුවෙන් අප්‍රිකාවේත් යුරෝපයේත් සන්නිවේදන කටයුතුවලට බාධා එල්ල විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පොලිසියට අලුත් සපත්තු-නිල ඇඳුම්