(අමිල ජයවර්ධන)
කසිප්පු පෙරන බට පොලීසියට තොරතුරු දුන්නායැයි සැකකර මරා වළ දැමූ බව කියන තිදරුපියකුගේ සිරුරක් මිද්දෙණිය පොලිසිය සොයා ගන්නා ලදී.
මෙසේ ඝාතනයට ලක් කර ඇත්තේ තලාව, කාරියමඩිත්ත, ගොඩකදුරුවෙල කොටපොල ගෙදර පදිංචි හෙට්ටිගේ කීර්තිරත්න (44) නැමැති දෙදරු පියෙකි.
පොලිසියට ලද තොරතුරු අනුව සිද්ධියට අදාළව පොලිසිය විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර ඝාතනයට සම්බන්ධ බවට සැකපිට කසිප්පු ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.
තිදරු පියා මැයි 31 වන දින සවස සූරියවැව ප්‍රදේශයට යාම සඳහා බස් රථයක් පැමිණෙන තෙක් ඔහුගේ නිවසට නුදුරුව පිහිටි දමනිය වැව අසල මාර්ගයේ රැඳී සිට ඇති අතර ඔහු පිළිබඳ තොරතුරු සොයා බැලීමට බිරිඳ සිය සැමියාට දුරකථන ඇමතුමක් ලබා දුන්නද ඊට ප්‍රතිචාර නොදක්වා ඇත. ඊට දින කිහිපයකට පසුවද සිය සැමියා නිවසට නොපැමිණීම පිළිබඳව ඇය පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇත.
ඝාතනයට ලක් වූ තිදරුපියාගේ සහෝදරයකු සහ ඔහුගේ මිත්‍රයකු පොල් ඇහිදීම සදහා නිවස ආසන්නයේ පිහිටි කැලෑබද පොල් වත්තකට ගොස් ඇත.
එහිදී ඔවුන් සැරිසරන ස්ථානයේ කුණු ගඳක් වහනය වීම නිසා ඔවුන් විසින් එම ස්ථානය පරීක්ෂා කිරීමේදී කමිසයක කැබිලි මතුවී ඇති අතර මේ පිළිබඳව ඔවුන් පොලිසියට දැනුම් දී ඇත.
ඒ අනුව මිද්දෙණිය පොලිසිය වලස්මුල්ල මහේස්ත්‍රාත්වරිය සහ අධිකරණ වෛද්‍ය නිලධාරී ද කැඳවා දේහය ගොඩ ගන්නා ලදී. දේහය ඉටි රෙද්දක ඔතා අඩි දෙකක පමණ වලක් තුල දමා පස් වලින් වසා ඒ මත භූමි තෙල් අතුරා තිබී ඇත.
මරණකරු බිරිඳ සහ දරුවන් විසින් හඳුනාගනු ලැබූ අතර පොලිසිය විසින් විමර්ශන කටයුතු අරඹන ලදී.
මේ අනුව එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයකු සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුද තලාව,කාරියමඩිත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බව පොලිසිය පවසයි.
සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඝාතනය සම්බන්ධයෙන් ඔහු පාපොච්චාරණයක් සිදුකර ඇති අතර ඝාතනයට ලක්වූ පුද්ගලයා තමා මත්පැන් පෙරන බවට පොලිසියට තොරතුරු ලබා දෙන බවට සැක කිරීම නිසා ඔහු මරා දැමීමට තීරණය කළ බවත් ඒ අනුව මග රැඳී සිටි මරණකරුට මත්පැන් පානයට එන ලෙස පවසා කැලෑබද පොල් ඉඩමකට රැගෙන ගොස් මස්සිනා සමග ඔහුගේ හිසට පොල්ලකින් පහරදී ඝාතනය කර වළ දැමූ බව පවසා ඇත.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පොලිසියට ඔත්තු දුන්නැයි කසිප්පුවා තිදරු පියා මරලා