කුරුණෑගල බඩගමුවේ දී කොස්තාපල්වරයකු මරා දැමීයැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන හිටපු හමුදා භටයකු උඩුදුම්බර කළුගල දී පොලිස් වෙඩි පහරින් මිය ගිය බවත්, අවි පෙන්වන්නට රහස් පොලිසිය රැගෙන ගොස් බෝම්බයක් ගැසීමට තැත් කරද්දී ඔහුට වෙඩි තබා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
මෙම සැකකරු බිරිය හා දරු දෙදෙනා සමඟ යද්දී තෙල් දෙනියේ දී අත්අඩංගුවට ගත් බව ද පොලිසිය පවසයි.
බෝම්බයෙන් බේරීමට තැත් කිරීමේ දී පොලිස් පරීක්ෂකවරයකු හා සැරයන්වරයකු වැටී තුවාල ලැබූ බවත් ඔහු කියයි.
එම ස්ථානයේ තිබී ටී 56 අවියක් ද සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් තිදෙනාගෙන් එක් අයකු මිය ගිය බවත්, තවත් අයකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් ඔහු පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕන කෙනෙක් දන්නවා අත් අඩංගුවට පත් අයට මාංචු දාන බව. ආයේ ඔය වගේ ආයුධ පෙන්වන්න යනකොට එයාලට පෙන්වන්න කියලා පොලීිසියම ගත්තනම් හොඳයි නේද ? (ස)
ලංකාවේ වෙනත් ප්‍රදේශ වල සිදුවන අපරාධ වලට කෝ දඩුවම්? (නි)
කැලුම් ,අවි පෙන්වන්න බවලතුන් සහ බලවතුන් යන දෙකොට්ඨාශයම එක්ක යන්නේ නැතිලු. (නි)
අර සෙල්ලම් පිස්තෝලය අරන් ආ එක්කෙනත් එක්ක යමුද සෙල්ලම් පිස්තෝල පෙන්නන්න... (නි)
චම්පික කියූ කතාව හරියට හරි. (නි)
ඉල්ලගෙන කනවා කියන්නෙ ඕකට තමයි. (අ)
දැන් මේ වෙඩි කාපු මනුස්සයා හරියටම වැරදිකාරයා කියල කියන්නේ කොහොමද? කිසිම දෙයක් ඔප්පු වෙලා නැතුව. මෙතන ඉන්න හුඟක් අය සන්තෝස වෙලා තියෙන බව පේනවා. මේ ප්‍රවණතාවයේ බරපතල කම තේරෙන්නේ තමන් හෝ තමන්ගේ කෙනෙක් ඔය විදිහටම සැකපිට අත් අඩංගුවට ගෙන අවිපෙන්නන්න ගෙනිච්ච දවසට. ඉහත අදහස් බලපුවම ලංකාවේ ඉන්න මිනිස්සුන්ගේ නූගත් කම, සිත යට තියෙන කෲර බව සහ දුරදිග නොබැලීමේ ස්වභාවය හොඳින් පේනවා. ඒ වගේම නීතිය වල් වැදිලා තියෙන බවත් හොඳින්ම පේනවා. මියගිය සැකකරු වැරදිකරු හෝ නිවැරදිකරු හෝ වේවා, මෙතන වෙන ක්‍රියා පටිපාටිය තුල ලොකු වැරද්දක් තියෙන බව තේරුම් ගන්න මෙතන ඉන්න හුඟක් අයට තේරුම් ගන්න හැකියාවක් නැද්ද? (අ)
අපොයි ජයා, හෙටම ආරක්ෂාවට නුලක් වත් දාගන්න. ඉන්නේ ලංකාවේ නම් කටින් පිටවුනේ භයානක වචනයක්. (අ)
බැරිද අර ස්ත්‍රී දුෂකයන් වත් ආයුධ පෙන්නන්න කියල එක්ක යන්න. අඩු වශයෙන් ලංකාවේ සිටින වයස අසූවේ ආත්තම්මල ටික වත් ආරක්ෂා වේවි. (අ)
නහි වෙරෙන වේරානි (අ)
මිනිස්සු මී හරක් නෙවෙයි කරන දෙවල්වලටම තමයි හම්බවෙන්නේ (අ)
මීට පසු ස්ත්‍රී දූෂණ හා ළමා අපචාරකරුවන්, සාමාන්‍ය මිනිසුන් ඝාතනය කරන අයවත් ඒවා කරනලද ස්ථාන වලට ගෙන යාම අනිවාර්ය කර නීති සකස් විය යුතුයි. එය අසරණ, දේශපාලන බලයක් නැති, පොදු ජනතාවගේ සියලු යහපතට හේතු වනවා ඇත. කරුණාකර අනිත් රටවල නීති ලංකාවට ගාව ගන්ඩ එපා, මේ වගේ රටක් තියෙන්නේ මේ විශ්වයටම එකයි. (අ)
එල්ලුම්ගහ නියමකරලා වරදකරුවන් ට නීතියෙන් දඩුවම් දෙනවා මිසක් වෙන මොනවාද ? (නදී)
ඕනෑම කෙනෙක් දන්නවා..මේ අය අහුවුණු ගමන් ආයුධ පෙන්නන්න ගියතැනදි පොලීසියට බෝම්බ ගහන බව. ඒත් මේ වගේ අපරාධකාරයින්ට මේ දඩුවම දියි යුතුයි.. ඒ වගේම අනිකුත් අපරාධකාරයින්ටත් පොලීසිය මේ වගේ නීතියක් ක්‍රියාත්මක කළොත් තමයි වටින්නෙ..රටකට ගිය කළක් (ස)
නන්දන පනාගොඩ ලංකාවට එන්න එහෙම අදහසක් නැද්ද.?(ස)
මෙතන අදහස් දාන කිසිකෙනෙක් දන්නේ නැද්ද පොලිසිය විසින් සැකකරුවෙක් කොහෙට අරගෙන ගියත් ඔහුට අත් මාංචු දානවා කියන දේ. ලෝකයේ ඕනෙම රටක අපරාධ කරුවෙක් අත් අඩංගුවට ගත් සැණින් පළමුවෙන් ම කරන්නේ දෙඅත් පිටුපසට තබා මාංචු දැමීම. එහෙම මාංචු දාල තිබුනානම් පොලිසියට බෝම්බ ගහන්නේ කොහොමද කියන එක අපරාධ විශ්ලේෂකයන්වත් තේරුම් ගන්න ඕනේ. (ස)
මම දන්නේ නැති නිසයි අහන්නේ. අපරාධකාරයින්ව මාංචු දාල නෙමෙයිද ගෙනියන්නේ? පොලිසියට බෝම්බ ගහන්න හැදුවේ මාංචු පිටින්මද? (ස)
පොලීසියට තද වෙලා තියෙන්නේ උපන් ඇදුමින් අරගෙන ගියපු නිසා නේද ? (ස)
හැබැයි මේක අපි බලාපොරොත්තු වූ දෙයක් කොහොම නමුත් මෙවැනිදේවල් වලින් අවිනීතිය අතටගත් පොලිස් නිලදාරීන් කෙරේ ජනතාවගේ කලකිරීම වලක්වන්න බැහැ, රටේ නීතියක් තියෙනවනම් කලයුත්තේ අපරාද කරුවන් නීතිය ඉදිරියට පැමිණීම මිස පොලිසිය විසින් කැලේ නීතිය ක්‍රියාත්මක කිරීම නොවේ.මේවයින් වෙන්නේ අපේ රටේ පොලිසිය ගැන ලෝකේ විස්වාසය පලුදු වීමයි .(අ)
නීතියේ දෙවොල වනසා ගිනි තැබූ රටක නීතියේ අසිපත සැම අතටම වැනෙන බව පේනවා. මෙවන් ඛෙද වචකයකට රට අද දැමු අපරාධ කරුවන්ට එයම භුමරන්ගයක් වී විපාක දෙනදින වැඩි ඇත නොවේ. (අ)
ලොකු දෙයක් මේ වගේ අය ඉවරම කරන්න ඕනේ. (අ)
හිරේ ගිහින් ඇවිත් නැවත නැවත වැරදි කරන අයට මේ දඬුවම දෙනවා නම් සියලු දෙනාටම මෙය පාඩමක් වේවි. අත්අඩංගුවට ගැනීමට ඇති අනෙත් කෙනාට දැන් ආයුද හොයන්න යන්න වෙනවා කියා දැන්ම දන්නවා ඇති. (අ)
මිට පස්සේ ආයුධ පෙන්නන්න යන හැමෝම වීඩියෝ කැමරා කාරයෙකුත් අරගෙන යන්න ඕන කියල නීතියක් දාන්න ඕන. එතකොට අපිට බලාගන්න පුළුවන් ඔය වැඩේ හරියටම වෙන්නේ කොහොමද කියල. (අ)
එක්කෝ අපි හරි මෝඩයි, එහෙම නැත්තන් සමහර පිරිස් හිතා ගෙන ඉන්නවා ඕන දෙයක් කියල අපිව අන්දන්න පුළුවන් කියල. නේද ? (අ)
සිත් පිත් නැති දරුණු අපරාධකරුවන් අතින් මියයන්නේ අහිංසක ජනතාව පමණි. පොලිසිය නිකරුනේ මිනිසුන් මරන්නේ නැත. ජනගහණය වැඩි වනවිට ස්වභාව ධර්මය එය තුලනය කිරීමට දක්වන ප්‍රතිචාරයක් ලෙස මෙය අපට අනිවාර්යයෙන්ම සැළකීමට සිදු වෙනවා. (නි)
චිකාගෝ ක්‍රමයට මිනී මරණ හැටි පොලිස් දෙපාර්තමේන්තුව හොඳට ඉගෙනගෙන තියෙන බව පැහැදිලියි. ජාත්‍යන්තර නීතියට අනුව සැම සැකකරුවෙක්ම,ඔහු හෝ ඇය වැරදිකරුවෙක් බව ඔප්පු කල යුතු වන අතර එතෙක් ඔහු හෝ ඇය අහිංසකයෙක් ...අපේ රටේ නීතිය අනුව නම් සෑම සැක කරුවෙක්ම වැරදි කරුවෙක්, ඔහු හෝ ඇය අහිංසකයෙක් හෝ අහින්සකාවියක් බව ඔප්පු කල යුතුයි (දී)
ලංකාවේ ශිෂ්ඨාචාරය හා ම්ලේච්ඡ භාවය වෙන්කරන මහා පවුර ශ්‍රී ලංකා පොලිසිය බව අමතක කරන්න එපා.සමහර විට විෂ නැසීමට උග්‍ර විෂක් අවශ්‍ය වෙනවා. (ස)
කොන්ත්‍රාත් පදනමට මේ වැඩේ පටන් ගත්තනම් පොලිසියත් ලබා ලබන ආයතනයක් ...(ස)
මෙවැනි තත්වයක් රට තුල නිර්මාණය නොවිය යුතුය. මන්ද දේශපාලකයින් කියනා ඕන දෙයක් ඇසීමට සැදී පැහැදී සිටින පොලිසිය මරණ දඩුවම නියම කිරීමට වඩා අනාරක්ෂිත තත්වයක් තවත් නොමැත. කෙසේ වෙතත් මෙහි බරපතලකම අවබෝධ කරගතහැකි බුද්ධියක් සහිත ටික දෙනෙකු හෝ සිටීම ගැන මම සතුටු වෙමි. (ස)
මිනිසුන් පැහැරගෙන ගිහින් සත්තු වාගෙ මරණ අයටත් ලැබෙන්න ඕනෑ මේ වගේ දඩුවම් තමයි. (නි)
අපරාධ කරුවන්ට අනුකම්පා කරන්න එපා පොලීසිය හරි. අපේ උත්තමාචාරය.(නදී)
මාංචු දාගෙන බෝම්බ ගහපු නඩුවක් තිබුනා. ඒකෙන් පොලිසිය දිනුවා. ගහපු හැටි උසාවියේ රගපාන්න උනා. එයා දැන් ලොක්කෙක් දක්ෂ නිලධාරියෙක්.(නදී)
වැඩේ නම් නරකයි කියන්න බැහැ. හැබැයි දීලා තියෙන උත්තර වලට නම් හොඳයි කියන්න අමාරුයි (නි)
මේ ක්‍රමය හඳුන්වා දුන්න කෙනාට තෑග්ගක් දිය යුතුයි.(නදී)
හොඳ පාඩමක්, මේ මිනිස්සුන් ඇඟිල්ලේ තරමට ඉදිමෙන්නෙ නැතුවාට.. (නි)
ලංකාවේ ආයුධ පෙන්විමට ගොස් සිදුවන දේ ගැන සුලභ නිදසුනකි මේ. ඉතින් අපි කුමක් කරමුද? අවි පෙන්වීම නීතිගත කරන මෙන් අපි ඉල්ලා සිටිමු. (නි)
එකෙක් ඉතුරුයි තව තුනක් ඉන්නවා (අ)
පොලිසිය හරි. ළමා සහ ස්ත්‍රී දුෂකයන්ටත් ඉක්මණින් දඩුවම් ලැබෙනවා නම් ගොඩක් හොඳයි. (නි)
අනිත් සැකකරුවනුත් පොලිසියට අහු නොවී ගෙදරම ඉදන් අවි බලන්න හිතනවා ඇති දැන්. අනේ අහිංසක මිනිස්සු මරණ අයටත් ඔහොම අවි පෙන්නන්නට පොලිසියට සිත පහල වේවා! (නදී)
මාංචු දාලා නෙමෙයිද දන්නේ නැහැ ගෙනිව්වේ? (නි)
නිම්මි, ඔයා හෝ ඔයාගේ හිතවතා වරදක් කරලා තියෙනවා නම් උසාවි ගිහින් බේරිලා ඇවිත් ආයෙමත් ඊට වඩා අපරාධ කරන්න ඉඩ අරිනාවට වඩා ආයුද පෙන්නන එක්ක යන එක හොදයි. (නදී)
උපාලිගේ අදහස අගය කරමි. යුක්ති ගරුක සමාජයක නීතිය සැමට සාධාරන විය යුතුය. අපරාධ කරුවන්ටද එලසම විය යුතුය. තවද පොලිසියට නවීන පහසුකම් හඳුනාදී නොතිබීම මෙවැනි අපරාධ වලට ඔවුන් පෙලඔවීමකි.{ පොලිස් නිලධාරීන්ට ලබා දෙන පුද්ගලික කැමරා ] (ස)
මේ ක්‍රමය පිටරට අයට කියල දෙන්න එපා. (නදී)
අපිට ඇත්ත තේරෙන්නේ තමාව හෝ තමාගේ හිතවතෙකු හෝ සැකපිට අත්අඩංගුවට ගත්විට තමා (නි)
පොලිසියට බෝම්බ ගහන්න තරම් ශක්තියක් කොහෙන්ද? (නි)
ෂුවර් එකටම ඔය මියගිය කෙනා වෙන්න ඇති රාළහාමිට වෙඩි තියන්න ඇත්තේ. (නි)
චම්පික වගේ එක්කෙනෙක් හරි සිටීම ගැන සතුටුයි. (නදී)
පොලිසිය කොන්ද පන ඇති වැඩක් කරලා. (නදී)
අපිට විස්වාස කරන්නම කියලා නේ මේ ප්‍රකාශ නිකුත් වෙන්නේ. සැම අපරාධ කරුවෙක්ම සඟවා ඇති ආයුධ පෙන්විය යුතුයි කියලා අනිවාර්ය නියෝගයක් පැනවූවා නම් රටේ කෙරෙන අපරාධ අඩු කර ගන්න පුළුවන්. එතකොට අපරාද කරුවන් නිදහස් වෙන්නෙත් නැහැ. දඬුවමුත් ලැබෙනවා.(නදී)
මේවගේ අය මරලා දාන්න ඕනේ. නැත්නම් සමාජයට ලොකු පිළලයක් වෙනවා.(නදී)
ඇත්තම කියනවා මේ අයට මරණ සහතිකයක් දෙන්න පොලිසියට පුලුවන් උූනානෙ.(නදී)
සුරනිමල ඔබ හරියටම හරි.(නදී)
මේක පුදුම වැඩක්නේ. මොකද මේ ඔක්කොම වෙඩි කන්නේ ආයුද පෙන්නන්න ගිහින්.(නදී)
පොලිසිය පෞද්ගලික තරහ පිරි මැසිමට මෙම ක්‍රමය යොදා ගතහොත් කුමක් සිදුවේද ? උගත් විනිසුරුවන් වෙනුවට පොලිසියට මෙවැනි තීන්දු ගත හැකිද ? "උතුරන තෙක් දිය සැලියේ සැපයක් යයි කකුළුවා දිය කෙලියේ" මෙය බරපතල ඛේදවාචකයක් බව ඔබ සෑමට වැටහේවා.(නදී)
මටත් හොද කාලකණ්නි සතුටක් දැනෙනවා .(නදී)
වරදට දඩුවම් දිය යුතුයි සැමටම එක ලෙස , එය මහා රජුටද පොදුය.(නදී)
මෙයත් හමුදාවේ ඉඳල ආපු කෙනෙක් නේද ? ඉතින් අපි රණ විරුවෝ කියල කියන්නේ මේ අයට නෙමේද ? මේ වගේ දේවල් කොච්චර අපි අහනවද හමුදාවේ ඉඳලා ආපු අය ගැන. ඇයි මෙහෙම වුනේ? (නදී)
පිටිගල කියපු දේ හිතන්න දෙයක් තියෙනවා. අපරාධකාරයෙකුට අභයදානයක් දීමක් නැති බව කල්තියා දැන්වීමේ එක්තරා ක්‍රමයක් හැටියට ඒ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්නට කල්පනාකලොත් හොඳයි. (නදී)
ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් රකිනු ඇත. සියලු සිත් නිදුක් වෙත්වා.(නදී)
අපි නොදන්න අවි පෙන්වීම මෙතන ලියන අයටත් හරි සන්තෝසයි වගේ.(නදී)
මේකට දේශපාලන හවුලක් නැතිව ඇති. මෙහෙම වෙනවා කියා කල් තියා දැනන් හිටියා.(නදී)
දරු පවුලක් ඉන්න ගමන් ද මෙහෙම අපරාධ කරන්න පෙළඹිලා තියෙන්නේ ? මරලා තියෙන්නෙත් තවත් දරුවන් දෙදෙනෙකු ගේ පියෙක්. දැන් ඉතින් පවුල් දෙකේම දරුවන් අනාතයි. (නදී)
පොලිසිය හරියටම හරි. (නදී)
මේ වගේ අපරාධ කරුවෙක් දරුවෙක් හැදුවේ මොන එහෙකටද කියල සීතා ගන්නටත් බැහැ.(නදී)
මම හිතුවා හරි.(නදී)
කපිල ඔබගේ කියමන හරි.(නදී)
සියලුම මිනිස් ඝාතන , ස්ත්‍රී දුෂණ, ළමා අපචාර කරුවන්ටද මෙය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමි.(නදී)
මේ ක්‍රමය හොඳයි. නඩු ගියොත් අපරාධකාරයෝ ඇප පිට නිදහස් වෙනවා. හිරේ ගියත් කරන්නේ ඕකමයි ඇතුලේ ඉඳගෙන.(නදී)
මෙය පොලිස් නිලධාරින්ට එරෙහි වූ සැකකරුවන්ට පමණක් සිදුවන්නකි. ස්ත්‍රී දූෂණ හා ළමා අපචාරකරුවන් හෝ සාමාන්‍ය මිනිසුන් ඝාතනය කරන අයට මෙසේ නොවීම ගැටළුවකි.(නදී)
නිර්මාණශීලී හැකියව ඇති අයවලුන් පොලිස් දෙපාර්තමේන්තුවට බදවා ගත යුතුය.(නදී)
අවි පෙන්වීමට ගෙන යෑම මරු පෙන්වීමට ගෙන යෑම ලෙස නිවැරදි විය යුතුයි මාගේ අදහසේ හැටියට.(නදී)
කළ කළ දේ පල පල දේ.(නදී)
බෞද්ධ දර්ශනයට අනුව ප්‍රශ්න විසඳන්න කියලා තියෙන්නේ මේ විදියට ද ? දන්නේ නැති නිසා අහන්නේ. (ස)
කමල් කියන කතාව නම් හරි තමා. පොලිසියෙන් අවි පෙන්වන්න ගෙනියන අය පණපිටින් එන්නේ නැහැනේ . අලුත්ම සෙල්ලමක් වගේ. (ස)
මේ ක්‍රමය කොපමණ දුරකට රැගෙන යා හැකිද? පොලිසියේ රාජකාරිය වැරදි කරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම. මේ ආදර්ශය නොහොබිනා දෙයක්, නීතියත් විනිසුරුත් දෙකම ක්‍රියාත් මක කිරීම ඉතා භයානකයි. හොදම දේ අධිකරණය තුළින් මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම. මෙය අනාගතයේ දී සමාජයටම ලොකු අභියෝගයක් වේවි, විවේචනයට ඔබට ඉඩ. (ස)
මටත් දැන් හිතනවා පොලිසියට බැදෙන්න . මොකද පොලිසිය ඉද්දී කව්රුවත් අපෙට අත තියන එකක් නැහැ . මොකද වෙන දේ දන්නවනේ (අ)
මමනම් පොලිසිය කරපු දේ අනුමත කරනවා.මෙහෙම් දෙයක් නොකලානම් මෙයට වැඩිය දේවල් ඉදිරියේදී වෙන්න ඉඩ තිබුන.පොලිස් දෙපාර්තුමේන්තුවට මම ස්තුතිවන්ත වෙනවා. (අ)
මිනී මරලා රිමාන්ඩ් එකේ ඉන්න පොලිස් ලොක්කෙක් හංගපු ආයුධ හොයන්න එක්කරගෙන යන්නේ නැද්ද? (ස)
මේ සැකකරුවෝ ඔක්කොම ආයුධ පෙන්නන්න පුදුම ආසවක්නේ තියෙන්නේ. සිතියමක මෙන්න මෙතන තමයි තැන කියල ලකුණුකරලා දීල ගිහින් ගනිල්ලා කියල කිව්වනම් ඉවරයි නේ. (ස)
අත්අඩංගුවේ සිටින කෙනෙක් මිය යාම එම පොලිසියේ මුලස්ඨාන පරීක්ෂකට විරුද්ධව මිනී මැරුම් නඩුවක් ගොනු කල හැකියි. මේකද ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය? (නදී)
කට්ටියම කලින් යෝජනා කලේ හංගපු ආයුද හොයන්න එක්ක යන්න කියලනේ ,ඔන්න පොලිසියෙන් ඒ යෝජනාව ක්‍රියාත්මක කරලා. (ස)
කරුණාකරලා මිනී මරණ , ළමා සහ ස්ත්‍රී දුෂකයන්ටත් මේ ක්‍රමය පාවිච්චි කරන්න .(ස)
මේ ප්‍රවණතාවය අපට යමක් යථාර්තවාදිව පෙන්වයි. පොලිසියට ඇත්තේද මේ පවතින නිතිය පිලිබඳ ඇති අවිශ්වාසයක්ද ? ඔවුන් මේ වගේ සිදුවීම් සඳහා අනුගත වන්නේ නඩු ක්‍රියාවලිය තුල වැරදි කරුවෙකුට දඬුවම් දීම සඳහා පැමිණිලි කරුවාට හෝ පොලිසියට දරන්නට සිදුවෙන දීර්ග කාලින අපහසු තාවයයි. සල්ලි ලබයි නම් ඕනෑම දරුණු මිනි මරුවෙකුට උනත් පෙනී සිට ඔහු බේරා ගැනීම හෝ ඔහුට ඇප ලබා දෙන්න ඕනෑම නීති වේදියෙකුට අවහිරයක් අප නීති පද්දතිය තුල නැත. සාදාරණය වෙනුවට තර්කය හරි හෝ වැරදි වේවා දිනයි නම් මිනීමරුවා නිදහස් වී ජය ගෝෂා මැද පිටවී යන්නේ අපටත් මේ නීතියටත් සමච්චල් කරමිනි. එවන් පරිසරයක් තුල මෙවන් දේ ඇසීමට අපි සැමට සැමදාම ලැබෙනු ඇත. (නදී)
මේ වගේ අයට මෙහෙම කරන්න ඕනේ සමහර විට මේක උසාවි ගියානම් සාක්කි නැතුව මෙයා නිදහස් වෙන්න තිබුණා. ඊට පස්සේ එළියට ඇවිත් තව කී දෙනෙක් මරයි ද ? (ස)
ඕක ඉතින් කවුරුත් දන්නා දෙයනේ. (නදී)
මෙහි ඇති අදහස් කියවීමෙන් ලංකාවේ ජනයාගේ නීතිය ගැන ඇති වැටහීම මනාව පිලිබිඹු වේ.(ස)
පොලිස් මාධ්‍ය ප්‍රකාශක මොනවා කිව්වත්, මේ රටේ මොළේ තියෙන ජනතාව දන්නවා හැමදාම අපරාධකරුවන් ආයුධ පෙන්වන්න කියල රැගෙන යාමයි, ඉන්පසුව සිදුවන වෙඩි තැබීමට තැත් කිරීමයි, කියන ප්‍රකාශයයි දෙකම එකම නාට්‍යක ජවනිකා දෙකක් කියල. මේ සිද්ධිය වෙන්නත් කලින් ගොඩක් අය අදහස් දක්වල තිබුන හංගල තියෙන ආයුධ පෙන්වන්න එක්ක ගෙන යන්න කියල. එකෙන්ම තේරෙනවා ජනතාව මේකේ යථාර්තය හොඳින් දන්නා බව. (ස)
ඕක ඉතින් පත්තරේ දාන්න දෙයක් නෙවෙයි නේ. කවුරුත් දන්නවානේ. (ස)
පොලිස් දෙපාර්තමේන්තුයට ස්තුතියි. දැන් ඉතින් නම් පවුලටයි දරුවන්ටයි පාඩුවේ ඉන්න පුලුවන්.(නදී)
නිත්‍යානුකුල මැර කල්ලියක් සහ නිත්‍යානුකුල නොවන මැර කල්ලියක් අතර ගැටුමක් හා සමාන්‍ය අත්අඩංගුවට ගන්න අයව බෝම්බ අතට ගන්න රැගෙන යාම ගැන මුළු රටම දන්නා නමුත් ඒ ගැන විරෝදයක් නොමැති එක පුදුමයට කරුණකි. ගව ඝාතන නිත්‍යානුකුල ද බව සොයමින් ගව ඝාතනා ගාර වලට රිංගන අපේ සමහර සංවිදාන,නිත්‍යානුකුල නොවන මිනිස් ඝාතන ගැන නිහඩ දේශපාලන හෝ වෙනත් වාසියක් නොමැති නිසාද? අපරාද කරුවෙකු අත්අඩංගුවට පත් වු පසු නිතිය කටයුතු කල යුතු ආරක්ෂාකාරී ක්‍රමයක් හදුන්වා නොදීම අදිකරණයේ බලවත් අඩුපාඩුවකි.(නදී)
ජයා කට කට. ඔයාටත් ජීවත් වීමේ ආශාව ඉවර වෙලාද? (නදී)
කියන දී තීරුම්ගන්න තරම්වත් මොලයක් තියෙන කස්ටියක් ලංකාවේ ඉන්නවද කියලත් සැකයි. (ස)
රාළහාමිලා දෙන්නට බිම වැටිලා ගොඩක් අසාධ්‍ය ද ? (ස)
අපි ඔහොම වෙයි කියා හිතුවා.(නදී)
අවිගත්තෝ අවි පෙන්නන්න යාමෙන් නැසෙති.(නදී)
මේ ක්‍රමයම තංගල්ල සබාපතිටත් ආදේශ කරන්න පුළුවන්නේ. අර ඇනපු බෝතල් කටුව හොයන්න ගිහින් බෝතලෙකින් අනින්න ආව කියල එයත් ඉවර කලා නම් ඔක්කොම සුද්දයි. (නදී)