IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


‘පොලිසියට බෝම්බ ගහන්න ගිහින් වෙඩි කා නසී‘

කුරුණෑගල බඩගමුවේ දී කොස්තාපල්වරයකු මරා දැමීයැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන හිටපු හමුදා භටයකු උඩුදුම්බර කළුගල දී පොලිස් වෙඩි පහරින් මිය ගිය බවත්, අවි පෙන්වන්නට රහස් පොලිසිය රැගෙන ගොස් බෝම්බයක් ගැසීමට තැත් කරද්දී ඔහුට වෙඩි තබා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

මෙම සැකකරු බිරිය හා දරු දෙදෙනා සමඟ යද්දී තෙල් දෙනියේ දී අත්අඩංගුවට ගත් බව ද පොලිසිය පවසයි.

බෝම්බයෙන් බේරීමට තැත් කිරීමේ දී පොලිස් පරීක්ෂකවරයකු හා සැරයන්වරයකු වැටී තුවාල ලැබූ බවත් ඔහු කියයි.

එම ස්ථානයේ තිබී ටී 56 අවියක් ද සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් තිදෙනාගෙන් එක් අයකු මිය ගිය බවත්, තවත් අයකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් ඔහු පවසයි.

 



අදහස් (0)

‘පොලිසියට බෝම්බ ගහන්න ගිහින් වෙඩි කා නසී‘

චමල් Sunday, 18 May 2014 04:03 PM

ඕක ඉතින් කවුරුත් දන්නා දෙයනේ. (නදී)

:       0       0

පාලිත රත්නායක Sunday, 18 May 2014 04:05 PM

කළ කළ දේ පල පල දේ.(නදී)

:       0       0

කමල් Sunday, 18 May 2014 04:10 PM

අවි පෙන්වීමට ගෙන යෑම මරු පෙන්වීමට ගෙන යෑම ලෙස නිවැරදි විය යුතුයි මාගේ අදහසේ හැටියට.(නදී)

:       0       0

කපිල Sunday, 18 May 2014 04:23 PM

නිර්මාණශීලී හැකියව ඇති අයවලුන් පොලිස් දෙපාර්තමේන්තුවට බදවා ගත යුතුය.(නදී)

:       0       0

සුගත් Monday, 19 May 2014 04:49 PM

මිනිසුන් පැහැරගෙන ගිහින් සත්තු වාගෙ මරණ අයටත් ලැබෙන්න ඕනෑ මේ වගේ දඩුවම් තමයි. (නි)

:       0       0

විතාරණ විජිත Sunday, 18 May 2014 04:29 PM

මෙය පොලිස් නිලධාරින්ට එරෙහි වූ සැකකරුවන්ට පමණක් සිදුවන්නකි. ස්ත්‍රී දූෂණ හා ළමා අපචාරකරුවන් හෝ සාමාන්‍ය මිනිසුන් ඝාතනය කරන අයට මෙසේ නොවීම ගැටළුවකි.(නදී)

:       0       0

දයා අලහාකෝන් Sunday, 18 May 2014 04:32 PM

මේ ක්‍රමය හොඳයි. නඩු ගියොත් අපරාධකාරයෝ ඇප පිට නිදහස් වෙනවා. හිරේ ගියත් කරන්නේ ඕකමයි ඇතුලේ ඉඳගෙන.(නදී)

:       0       0

සේරම් Monday, 19 May 2014 09:30 AM

චම්පික වගේ එක්කෙනෙක් හරි සිටීම ගැන සතුටුයි. (නදී)

:       0       0

සුරනමිල Sunday, 18 May 2014 04:47 PM

සියලුම මිනිස් ඝාතන , ස්ත්‍රී දුෂණ, ළමා අපචාර කරුවන්ටද මෙය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමි.(නදී)

:       0       0

එරන්ද Monday, 19 May 2014 09:39 AM

ෂුවර් එකටම ඔය මියගිය කෙනා වෙන්න ඇති රාළහාමිට වෙඩි තියන්න ඇත්තේ. (නි)

:       0       0

සාලමුල්ල Sunday, 18 May 2014 04:48 PM

කපිල ඔබගේ කියමන හරි.(නදී)

:       0       0

නසාර් Sunday, 18 May 2014 04:48 PM

මම හිතුවා හරි.(නදී)

:       0       0

ගුණවර්ධන Sunday, 18 May 2014 04:52 PM

මේ වගේ අපරාධ කරුවෙක් දරුවෙක් හැදුවේ මොන එහෙකටද කියල සීතා ගන්නටත් බැහැ.(නදී)

:       0       0

හරේන් Sunday, 18 May 2014 04:55 PM

පොලිසිය හරියටම හරි. (නදී)

:       0       0

නෙළුම් Sunday, 18 May 2014 04:59 PM

දරු පවුලක් ඉන්න ගමන් ද මෙහෙම අපරාධ කරන්න පෙළඹිලා තියෙන්නේ ? මරලා තියෙන්නෙත් තවත් දරුවන් දෙදෙනෙකු ගේ පියෙක්. දැන් ඉතින් පවුල් දෙකේම දරුවන් අනාතයි. (නදී)

:       0       0

පිටිගල Sunday, 18 May 2014 05:02 PM

අපිට විස්වාස කරන්නම කියලා නේ මේ ප්‍රකාශ නිකුත් වෙන්නේ. සැම අපරාධ කරුවෙක්ම සඟවා ඇති ආයුධ පෙන්විය යුතුයි කියලා අනිවාර්ය නියෝගයක් පැනවූවා නම් රටේ කෙරෙන අපරාධ අඩු කර ගන්න පුළුවන්. එතකොට අපරාද කරුවන් නිදහස් වෙන්නෙත් නැහැ. දඬුවමුත් ලැබෙනවා.(නදී)

:       0       0

නිශාන්ති Monday, 19 May 2014 09:59 AM

පොලිසියට බෝම්බ ගහන්න තරම් ශක්තියක් කොහෙන්ද? (නි)

:       0       0

නිම්මි Monday, 19 May 2014 09:59 AM

අපිට ඇත්ත තේරෙන්නේ තමාව හෝ තමාගේ හිතවතෙකු හෝ සැකපිට අත්අඩංගුවට ගත්විට තමා (නි)

:       0       0

මහින්ද වික්‍රමරත්න කැලිෆෝර්නියා Monday, 19 May 2014 10:04 AM

මේ ක්‍රමය පිටරට අයට කියල දෙන්න එපා. (නදී)

:       0       0

සඳුන් Sunday, 18 May 2014 05:03 PM

අපි නොදන්න අවි පෙන්වීම මෙතන ලියන අයටත් හරි සන්තෝසයි වගේ.(නදී)

:       0       0

ප්‍රසංග Sunday, 18 May 2014 05:15 PM

ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් රකිනු ඇත. සියලු සිත් නිදුක් වෙත්වා.(නදී)

:       0       0

ගිහාන් Sunday, 18 May 2014 05:17 PM

පිටිගල කියපු දේ හිතන්න දෙයක් තියෙනවා. අපරාධකාරයෙකුට අභයදානයක් දීමක් නැති බව කල්තියා දැන්වීමේ එක්තරා ක්‍රමයක් හැටියට ඒ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්නට කල්පනාකලොත් හොඳයි. (නදී)

:       0       0

මේනක Monday, 19 May 2014 10:27 AM

උපාලිගේ අදහස අගය කරමි. යුක්ති ගරුක සමාජයක නීතිය සැමට සාධාරන විය යුතුය. අපරාධ කරුවන්ටද එලසම විය යුතුය. තවද පොලිසියට නවීන පහසුකම් හඳුනාදී නොතිබීම මෙවැනි අපරාධ වලට ඔවුන් පෙලඔවීමකි.{ පොලිස් නිලධාරීන්ට ලබා දෙන පුද්ගලික කැමරා ] (ස)

:       0       0

අජේ Sunday, 18 May 2014 05:20 PM

මෙයත් හමුදාවේ ඉඳල ආපු කෙනෙක් නේද ?  ඉතින් අපි රණ විරුවෝ කියල කියන්නේ මේ අයට නෙමේද ? මේ වගේ දේවල් කොච්චර අපි අහනවද හමුදාවේ ඉඳලා ආපු අය ගැන. ඇයි මෙහෙම වුනේ?  (නදී)

:       0       0

සමීල් Sunday, 18 May 2014 05:20 PM

වරදට දඩුවම් දිය යුතුයි සැමටම එක ලෙස , එය මහා රජුටද පොදුය.(නදී)

:       0       0

නිමල් Sunday, 18 May 2014 05:27 PM

මටත් හොද කාලකණ්නි සතුටක් දැනෙනවා .(නදී)

:       0       0

ජයසිංහ Monday, 19 May 2014 10:40 AM

නිම්මි, ඔයා හෝ ඔයාගේ හිතවතා වරදක් කරලා තියෙනවා නම් උසාවි ගිහින් බේරිලා ඇවිත් ආයෙමත් ඊට වඩා අපරාධ කරන්න ඉඩ අරිනාවට වඩා ආයුද පෙන්නන එක්ක යන එක හොදයි. (නදී)

:       0       0

ගුණරත්න Sunday, 18 May 2014 05:29 PM

පොලිසිය පෞද්ගලික තරහ පිරි මැසිමට මෙම ක්‍රමය යොදා ගතහොත් කුමක් සිදුවේද ? උගත් විනිසුරුවන් වෙනුවට පොලිසියට මෙවැනි තීන්දු ගත හැකිද ? "උතුරන තෙක් දිය සැලියේ සැපයක් යයි කකුළුවා දිය කෙලියේ" මෙය බරපතල ඛේදවාචකයක් බව ඔබ සෑමට වැටහේවා.(නදී)

:       0       0

ගිම්හානි Sunday, 18 May 2014 05:31 PM

මේක පුදුම වැඩක්නේ. මොකද මේ ඔක්කොම වෙඩි කන්නේ ආයුද පෙන්නන්න ගිහින්.(නදී)

:       0       0

සජිත් Monday, 19 May 2014 10:45 AM

මාංචු දාලා නෙමෙයිද දන්නේ නැහැ ගෙනිව්වේ? (නි)

:       0       0

සෑම් Sunday, 18 May 2014 05:33 PM

සුරනිමල ඔබ හරියටම හරි.(නදී)

:       0       0

අයිවන් ප්‍රනාන්දු Sunday, 18 May 2014 05:37 PM

ඇත්තම කියනවා මේ අයට මරණ සහතිකයක් දෙන්න පොලිසියට පුලුවන් උූනානෙ.(නදී)

:       0       0

රංජිත් Sunday, 18 May 2014 05:54 PM

මේවගේ අය මරලා දාන්න ඕනේ. නැත්නම් සමාජයට ලොකු පිළලයක් වෙනවා.(නදී)

:       0       0

දිනේෂ් Sunday, 18 May 2014 05:58 PM

මේකට දේශපාලන හවුලක් නැතිව ඇති. මෙහෙම වෙනවා කියා කල් තියා දැනන් හිටියා.(නදී)

:       0       0

ජයා Sunday, 18 May 2014 05:59 PM

මේ ක්‍රමයම තංගල්ල සබාපතිටත් ආදේශ කරන්න පුළුවන්නේ. අර ඇනපු බෝතල් කටුව හොයන්න ගිහින් බෝතලෙකින් අනින්න ආව කියල එයත් ඉවර කලා නම් ඔක්කොම සුද්දයි. (නදී)

:       0       0

පහන් Sunday, 18 May 2014 06:03 PM

අවිගත්තෝ අවි පෙන්නන්න යාමෙන් නැසෙති.(නදී)

:       0       0

සුනිල් රණවීර Sunday, 18 May 2014 06:05 PM

අපි ඔහොම වෙයි කියා හිතුවා.(නදී)

:       0       0

චමිල් Sunday, 18 May 2014 06:15 PM

රාළහාමිලා දෙන්නට බිම වැටිලා ගොඩක් අසාධ්‍ය ද ? (ස)

:       0       0

සරසි Monday, 19 May 2014 11:07 AM

අනිත් සැකකරුවනුත් පොලිසියට අහු නොවී ගෙදරම ඉදන් අවි බලන්න හිතනවා ඇති දැන්. අනේ අහිංසක මිනිස්සු මරණ අයටත් ඔහොම අවි පෙන්නන්නට පොලිසියට සිත පහල වේවා! (නදී)

:       0       0

තිලක් ඩුබායි. Sunday, 18 May 2014 06:18 PM

කියන දී තීරුම්ගන්න තරම්වත් මොලයක් තියෙන කස්ටියක් ලංකාවේ ඉන්නවද කියලත් සැකයි. (ස)

:       0       0

තිලක් ඩුබායි Sunday, 18 May 2014 06:20 PM

ජයා කට කට. ඔයාටත් ජීවත් වීමේ ආශාව ඉවර වෙලාද? (නදී)

:       0       0

වින්සන්ට් Sunday, 18 May 2014 06:25 PM

නිත්‍යානුකුල මැර කල්ලියක් සහ නිත්‍යානුකුල නොවන මැර කල්ලියක් අතර ගැටුමක් හා සමාන්‍ය අත්අඩංගුවට ගන්න අයව බෝම්බ අතට ගන්න රැගෙන යාම ගැන මුළු රටම දන්නා නමුත් ඒ ගැන විරෝදයක් නොමැති එක පුදුමයට කරුණකි. ගව ඝාතන නිත්‍යානුකුල ද බව සොයමින් ගව ඝාතනා ගාර වලට රිංගන අපේ සමහර සංවිදාන,නිත්‍යානුකුල නොවන මිනිස් ඝාතන ගැන නිහඩ දේශපාලන හෝ වෙනත් වාසියක් නොමැති නිසාද? අපරාද කරුවෙකු අත්අඩංගුවට පත් වු පසු නිතිය කටයුතු කල යුතු ආරක්ෂාකාරී ක්‍රමයක් හදුන්වා නොදීම අදිකරණයේ බලවත් අඩුපාඩුවකි.(නදී)

:       0       0

තමරා Sunday, 18 May 2014 06:30 PM

පොලිස් දෙපාර්තමේන්තුයට ස්තුතියි. දැන් ඉතින් නම් පවුලටයි දරුවන්ටයි පාඩුවේ ඉන්න පුලුවන්.(නදී)

:       0       0

ටෙෂිකා Monday, 19 May 2014 11:29 AM

පොලිසිය හරි. ළමා සහ ස්ත්‍රී දුෂකයන්ටත් ඉක්මණින් දඩුවම් ලැබෙනවා නම් ගොඩක් හොඳයි. (නි)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Monday, 19 May 2014 11:29 AM

සිත් පිත් නැති දරුණු අපරාධකරුවන් අතින් මියයන්නේ අහිංසක ජනතාව පමණි. පොලිසිය නිකරුනේ මිනිසුන් මරන්නේ නැත. ජනගහණය වැඩි වනවිට ස්වභාව ධර්මය එය තුලනය කිරීමට දක්වන ප්‍රතිචාරයක් ලෙස මෙය අපට අනිවාර්යයෙන්ම සැළකීමට සිදු වෙනවා. (නි)

:       0       0

කැලුම් Sunday, 18 May 2014 06:38 PM

ඕක ඉතින් පත්තරේ දාන්න දෙයක් නෙවෙයි නේ. කවුරුත් දන්නවානේ. (ස)

:       0       0

චමින්ද Sunday, 18 May 2014 06:43 PM

පොලිස් මාධ්‍ය ප්‍රකාශක මොනවා කිව්වත්, මේ රටේ මොළේ තියෙන ජනතාව දන්නවා හැමදාම අපරාධකරුවන් ආයුධ පෙන්වන්න කියල රැගෙන යාමයි, ඉන්පසුව සිදුවන වෙඩි තැබීමට තැත් කිරීමයි, කියන ප්‍රකාශයයි දෙකම එකම නාට්‍යක ජවනිකා දෙකක් කියල. මේ සිද්ධිය වෙන්නත් කලින් ගොඩක් අය අදහස් දක්වල තිබුන හංගල තියෙන ආයුධ පෙන්වන්න එක්ක ගෙන යන්න කියල. එකෙන්ම තේරෙනවා ජනතාව මේකේ යථාර්තය හොඳින් දන්නා බව. (ස)

:       0       0

ගිම්හාර Monday, 19 May 2014 11:37 AM

ලංකාවේ ආයුධ පෙන්විමට ගොස් සිදුවන දේ ගැන සුලභ නිදසුනකි මේ. ඉතින් අපි කුමක් කරමුද? අවි පෙන්වීම නීතිගත කරන මෙන් අපි ඉල්ලා සිටිමු. (නි)

:       0       0

තිසර Sunday, 18 May 2014 06:52 PM

මෙහි ඇති අදහස් කියවීමෙන් ලංකාවේ ජනයාගේ නීතිය ගැන ඇති වැටහීම මනාව පිලිබිඹු වේ.(ස)

:       0       0

සුලාරි Monday, 19 May 2014 11:43 AM

හොඳ පාඩමක්, මේ මිනිස්සුන් ඇඟිල්ලේ තරමට ඉදිමෙන්නෙ නැතුවාට.. (නි)

:       0       0

ඒඩිවින් Sunday, 18 May 2014 07:09 PM

බෞද්ධ දර්ශනයට අනුව ප්‍රශ්න විසඳන්න කියලා තියෙන්නේ මේ විදියට ද ? දන්නේ නැති නිසා අහන්නේ. (ස)

:       0       0

අජිත් Sunday, 18 May 2014 07:11 PM

මේ වගේ අයට මෙහෙම කරන්න ඕනේ සමහර විට මේක උසාවි ගියානම් සාක්කි නැතුව මෙයා නිදහස් වෙන්න තිබුණා. ඊට පස්සේ එළියට ඇවිත් තව කී දෙනෙක් මරයි ද ? (ස)

:       0       0

උපාලි Sunday, 18 May 2014 07:21 PM

මේ ප්‍රවණතාවය අපට යමක් යථාර්තවාදිව පෙන්වයි. පොලිසියට ඇත්තේද මේ පවතින නිතිය පිලිබඳ ඇති අවිශ්වාසයක්ද ? ඔවුන් මේ වගේ සිදුවීම් සඳහා අනුගත වන්නේ නඩු ක්‍රියාවලිය තුල වැරදි කරුවෙකුට දඬුවම් දීම සඳහා පැමිණිලි කරුවාට හෝ පොලිසියට දරන්නට සිදුවෙන දීර්ග කාලින අපහසු තාවයයි. සල්ලි ලබයි නම් ඕනෑම දරුණු මිනි මරුවෙකුට උනත් පෙනී සිට ඔහු බේරා ගැනීම හෝ ඔහුට ඇප ලබා දෙන්න ඕනෑම නීති වේදියෙකුට අවහිරයක් අප නීති පද්දතිය තුල නැත. සාදාරණය වෙනුවට තර්කය හරි හෝ වැරදි වේවා දිනයි නම් මිනීමරුවා නිදහස් වී ජය ගෝෂා මැද පිටවී යන්නේ අපටත් මේ නීතියටත් සමච්චල් කරමිනි. එවන් පරිසරයක් තුල මෙවන් දේ ඇසීමට අපි සැමට සැමදාම ලැබෙනු ඇත. (නදී)

:       0       0

චමිලා Sunday, 18 May 2014 07:28 PM

කරුණාකරලා මිනී මරණ , ළමා සහ ස්ත්‍රී දුෂකයන්ටත් මේ ක්‍රමය පාවිච්චි කරන්න .(ස)

:       0       0

මනෝජ්-සාජා Sunday, 18 May 2014 07:36 PM

කට්ටියම කලින් යෝජනා කලේ හංගපු ආයුද හොයන්න එක්ක යන්න කියලනේ ,ඔන්න පොලිසියෙන් ඒ යෝජනාව ක්‍රියාත්මක කරලා. (ස)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Sunday, 18 May 2014 07:39 PM

අත්අඩංගුවේ සිටින කෙනෙක් මිය යාම එම පොලිසියේ මුලස්ඨාන පරීක්ෂකට විරුද්ධව මිනී මැරුම් නඩුවක් ගොනු කල හැකියි. මේකද ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය? (නදී)

:       0       0

ප්‍රසන්න Sunday, 18 May 2014 07:55 PM

මේ සැකකරුවෝ ඔක්කොම ආයුධ පෙන්නන්න පුදුම ආසවක්නේ තියෙන්නේ. සිතියමක මෙන්න මෙතන තමයි තැන කියල ලකුණුකරලා දීල ගිහින් ගනිල්ලා කියල කිව්වනම් ඉවරයි නේ. (ස)

:       0       0

හැරල්ඩ් Monday, 19 May 2014 12:24 PM

මේ ක්‍රමය හඳුන්වා දුන්න කෙනාට තෑග්ගක් දිය යුතුයි.(නදී)

:       0       0

සමන් Sunday, 18 May 2014 07:56 PM

මිනී මරලා රිමාන්ඩ් එකේ ඉන්න පොලිස් ලොක්කෙක් හංගපු ආයුධ හොයන්න එක්කරගෙන යන්නේ නැද්ද? (ස)

:       0       0

ලංකාජිත් Sunday, 18 May 2014 08:24 PM

මමනම් පොලිසිය කරපු දේ අනුමත කරනවා.මෙහෙම් දෙයක් නොකලානම් මෙයට වැඩිය දේවල් ඉදිරියේදී වෙන්න ඉඩ තිබුන.පොලිස් දෙපාර්තුමේන්තුවට මම ස්තුතිවන්ත වෙනවා. (අ)

:       0       0

චමි Sunday, 18 May 2014 08:31 PM

මටත් දැන් හිතනවා පොලිසියට බැදෙන්න . මොකද පොලිසිය ඉද්දී කව්රුවත් අපෙට අත තියන එකක් නැහැ . මොකද වෙන දේ දන්නවනේ (අ)

:       0       0

රොෂාන් Monday, 19 May 2014 01:08 PM

වැඩේ නම් නරකයි කියන්න බැහැ. හැබැයි දීලා තියෙන උත්තර වලට නම් හොඳයි කියන්න අමාරුයි (නි)

:       0       0

වරුණ Sunday, 18 May 2014 08:55 PM

මේ ක්‍රමය කොපමණ දුරකට රැගෙන යා හැකිද? පොලිසියේ රාජකාරිය වැරදි කරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම. මේ ආදර්ශය නොහොබිනා දෙයක්, නීතියත් විනිසුරුත් දෙකම ක්‍රියාත් මක කිරීම ඉතා භයානකයි. හොදම දේ අධිකරණය තුළින් මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම. මෙය අනාගතයේ දී සමාජයටම ලොකු අභියෝගයක් වේවි, විවේචනයට ඔබට ඉඩ. (ස)

:       0       0

ලක්මල් Monday, 19 May 2014 01:09 PM

මාංචු දාගෙන බෝම්බ ගහපු නඩුවක් තිබුනා. ඒකෙන් පොලිසිය දිනුවා. ගහපු හැටි උසාවියේ රගපාන්න උනා. එයා දැන් ලොක්කෙක් දක්ෂ නිලධාරියෙක්.(නදී)

:       0       0

කමණී Sunday, 18 May 2014 08:58 PM

කමල් කියන කතාව නම් හරි තමා. පොලිසියෙන් අවි පෙන්වන්න ගෙනියන අය පණපිටින් එන්නේ නැහැනේ . අලුත්ම සෙල්ලමක් වගේ. (ස)

:       0       0

නිෂාම් Sunday, 18 May 2014 09:28 PM

එකෙක් ඉතුරුයි තව තුනක් ඉන්නවා (අ)

:       0       0

ජගත් Sunday, 18 May 2014 09:42 PM

එක්කෝ අපි හරි මෝඩයි, එහෙම නැත්තන් සමහර පිරිස් හිතා ගෙන ඉන්නවා ඕන දෙයක් කියල අපිව අන්දන්න පුළුවන් කියල. නේද ? (අ)

:       0       0

රමසි Sunday, 18 May 2014 10:09 PM

මිට පස්සේ ආයුධ පෙන්නන්න යන හැමෝම වීඩියෝ කැමරා කාරයෙකුත් අරගෙන යන්න ඕන කියල නීතියක් දාන්න ඕන. එතකොට අපිට බලාගන්න පුළුවන් ඔය වැඩේ හරියටම වෙන්නේ කොහොමද කියල. (අ)

:       0       0

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Sunday, 18 May 2014 10:11 PM

හිරේ ගිහින් ඇවිත් නැවත නැවත වැරදි කරන අයට මේ දඬුවම දෙනවා නම් සියලු දෙනාටම මෙය පාඩමක් වේවි. අත්අඩංගුවට ගැනීමට ඇති අනෙත් කෙනාට දැන් ආයුද හොයන්න යන්න වෙනවා කියා දැන්ම දන්නවා ඇති. (අ)

:       0       0

චන්ද්‍රා Thursday, 22 May 2014 10:33 AM

ලංකාවේ ශිෂ්ඨාචාරය හා ම්ලේච්ඡ භාවය වෙන්කරන මහා පවුර ශ්‍රී ලංකා පොලිසිය බව අමතක කරන්න එපා.සමහර විට විෂ නැසීමට උග්‍ර විෂක් අවශ්‍ය වෙනවා. (ස)

:       0       0

සඳුනි Sunday, 18 May 2014 10:12 PM

ලොකු දෙයක් මේ වගේ අය ඉවරම කරන්න ඕනේ. (අ)

:       0       0

පදිමිණි Sunday, 18 May 2014 10:14 PM

නීතියේ දෙවොල වනසා ගිනි තැබූ රටක නීතියේ අසිපත සැම අතටම වැනෙන බව පේනවා. මෙවන් ඛෙද වචකයකට රට අද දැමු අපරාධ කරුවන්ට එයම භුමරන්ගයක් වී විපාක දෙනදින වැඩි ඇත නොවේ. (අ)

:       0       0

ලලිත් සෞදි Sunday, 18 May 2014 10:47 PM

හැබැයි මේක අපි බලාපොරොත්තු වූ දෙයක් කොහොම නමුත් මෙවැනිදේවල් වලින් අවිනීතිය අතටගත් පොලිස් නිලදාරීන් කෙරේ ජනතාවගේ කලකිරීම වලක්වන්න බැහැ, රටේ නීතියක් තියෙනවනම් කලයුත්තේ අපරාද කරුවන් නීතිය ඉදිරියට පැමිණීම මිස පොලිසිය විසින් කැලේ නීතිය ක්‍රියාත්මක කිරීම නොවේ.මේවයින් වෙන්නේ අපේ රටේ පොලිසිය ගැන ලෝකේ විස්වාසය පලුදු වීමයි .(අ)

:       0       0

ජීවන්ත Sunday, 18 May 2014 11:53 PM

පොලීසියට තද වෙලා තියෙන්නේ උපන් ඇදුමින් අරගෙන ගියපු නිසා නේද ? (ස)

:       0       0

කපිල Monday, 19 May 2014 12:07 AM

මම දන්නේ නැති නිසයි අහන්නේ. අපරාධකාරයින්ව මාංචු දාල නෙමෙයිද ගෙනියන්නේ? පොලිසියට බෝම්බ ගහන්න හැදුවේ මාංචු පිටින්මද? (ස)

:       0       0

චානක. Monday, 19 May 2014 12:21 AM

මෙතන අදහස් දාන කිසිකෙනෙක් දන්නේ නැද්ද පොලිසිය විසින් සැකකරුවෙක් කොහෙට අරගෙන ගියත් ඔහුට අත් මාංචු දානවා කියන දේ. ලෝකයේ ඕනෙම රටක අපරාධ කරුවෙක් අත් අඩංගුවට ගත් සැණින් පළමුවෙන් ම කරන්නේ දෙඅත් පිටුපසට තබා මාංචු දැමීම. එහෙම මාංචු දාල තිබුනානම් පොලිසියට බෝම්බ ගහන්නේ කොහොමද කියන එක අපරාධ විශ්ලේෂකයන්වත් තේරුම් ගන්න ඕනේ. (ස)

:       0       0

ගුණරත්න Wednesday, 21 May 2014 01:54 AM

මෙවැනි තත්වයක් රට තුල නිර්මාණය නොවිය යුතුය. මන්ද දේශපාලකයින් කියනා ඕන දෙයක් ඇසීමට සැදී පැහැදී සිටින පොලිසිය මරණ දඩුවම නියම කිරීමට වඩා අනාරක්ෂිත තත්වයක් තවත් නොමැත. කෙසේ වෙතත් මෙහි බරපතලකම අවබෝධ කරගතහැකි බුද්ධියක් සහිත ටික දෙනෙකු හෝ සිටීම ගැන මම සතුටු වෙමි. (ස)

:       0       0

පූර්ණ Monday, 19 May 2014 12:37 AM

නන්දන පනාගොඩ ලංකාවට එන්න එහෙම අදහසක් නැද්ද​.?(ස)

:       0       0

ගුණරත්න Wednesday, 21 May 2014 01:57 AM

කොන්ත්‍රාත් පදනමට මේ වැඩේ පටන් ගත්තනම් පොලිසියත් ලබා ලබන ආයතනයක් ...(ස)

:       0       0

ප්‍රේමතිලක පෙරමුණ Monday, 19 May 2014 01:17 AM

ඕනෑම කෙනෙක් දන්නවා..මේ අය අහුවුණු ගමන් ආයුධ පෙන්නන්න ගියතැනදි පොලීසියට බෝම්බ ගහන බව. ඒත් මේ වගේ අපරාධකාරයින්ට මේ දඩුවම දියි යුතුයි.. ඒ වගේම අනිකුත් අපරාධකාරයින්ටත් පොලීසිය මේ වගේ නීතියක් ක්‍රියාත්මක කළොත් තමයි වටින්නෙ..රටකට ගිය කළක් (ස)

:       0       0

බිමල් Monday, 19 May 2014 01:17 AM

ඕන කෙනෙක් දන්නවා අත් අඩංගුවට පත් අයට මාංචු දාන බව. ආයේ ඔය වගේ ආයුධ පෙන්වන්න යනකොට එයාලට පෙන්වන්න කියලා පොලීිසියම ගත්තනම් හොඳයි නේද ? (ස)

:       0       0

ගජමන් Monday, 19 May 2014 02:12 AM

මීට පසු ස්ත්‍රී දූෂණ හා ළමා අපචාරකරුවන්, සාමාන්‍ය මිනිසුන් ඝාතනය කරන අයවත් ඒවා කරනලද ස්ථාන වලට ගෙන යාම අනිවාර්ය කර නීති සකස් විය යුතුයි. එය අසරණ, දේශපාලන බලයක් නැති, පොදු ජනතාවගේ සියලු යහපතට හේතු වනවා ඇත. කරුණාකර අනිත් රටවල නීති ලංකාවට ගාව ගන්ඩ එපා, මේ වගේ රටක් තියෙන්නේ මේ විශ්වයටම එකයි. (අ)

:       0       0

දීපා Monday, 19 May 2014 02:27 AM

මිනිස්සු මී හරක් නෙවෙයි කරන දෙවල්වලටම තමයි හම්බවෙන්නේ (අ)

:       0       0

සරත් බණ්ඩාර Monday, 19 May 2014 02:36 AM

නහි වෙරෙන වේරානි (අ)

:       0       0

කසුන් Monday, 19 May 2014 03:21 AM

බැරිද අර ස්ත්‍රී දුෂකයන් වත් ආයුධ පෙන්නන්න කියල එක්ක යන්න. අඩු වශයෙන් ලංකාවේ සිටින වයස අසූවේ ආත්තම්මල ටික වත් ආරක්ෂා වේවි. (අ)

:       0       0

නිලංග Monday, 19 May 2014 03:30 AM

අපොයි ජයා, හෙටම ආරක්ෂාවට නුලක් වත් දාගන්න. ඉන්නේ ලංකාවේ නම් කටින් පිටවුනේ භයානක වචනයක්. (අ)

:       0       0

චම්පික Monday, 19 May 2014 04:09 AM

දැන් මේ වෙඩි කාපු මනුස්සයා හරියටම වැරදිකාරයා කියල කියන්නේ කොහොමද? කිසිම දෙයක් ඔප්පු වෙලා නැතුව. මෙතන ඉන්න හුඟක් අය සන්තෝස වෙලා තියෙන බව පේනවා. මේ ප්‍රවණතාවයේ බරපතල කම තේරෙන්නේ තමන් හෝ තමන්ගේ කෙනෙක් ඔය විදිහටම සැකපිට අත් අඩංගුවට ගෙන අවිපෙන්නන්න ගෙනිච්ච දවසට. ඉහත අදහස් බලපුවම ලංකාවේ ඉන්න මිනිස්සුන්ගේ නූගත් කම, සිත යට තියෙන කෲර බව සහ දුරදිග නොබැලීමේ ස්වභාවය හොඳින් පේනවා. ඒ වගේම නීතිය වල් වැදිලා තියෙන බවත් හොඳින්ම පේනවා. මියගිය සැකකරු වැරදිකරු හෝ නිවැරදිකරු හෝ වේවා, මෙතන වෙන ක්‍රියා පටිපාටිය තුල ලොකු වැරද්දක් තියෙන බව තේරුම් ගන්න මෙතන ඉන්න හුඟක් අයට තේරුම් ගන්න හැකියාවක් නැද්ද? (අ)

:       0       0

චමිල ජයසිංහ Monday, 19 May 2014 05:14 AM

ඉල්ලගෙන කනවා කියන්නෙ ඕකට තමයි. (අ)

:       0       0

එරන්ද Monday, 19 May 2014 06:20 AM

චම්පික කියූ කතාව හරියට හරි. (නි)

:       0       0

වයිකෝ Monday, 19 May 2014 04:00 PM

අපරාධ කරුවන්ට අනුකම්පා කරන්න එපා පොලීසිය හරි. අපේ උත්තමාචාරය.(නදී)

:       0       0

අනුරුද්ධ ජයසුන්දර Saturday, 24 May 2014 12:30 PM

චිකාගෝ ක්‍රමයට මිනී මරණ හැටි පොලිස් දෙපාර්තමේන්තුව හොඳට ඉගෙනගෙන තියෙන බව පැහැදිලියි. ජාත්‍යන්තර නීතියට අනුව සැම සැකකරුවෙක්ම,ඔහු හෝ ඇය වැරදිකරුවෙක් බව ඔප්පු කල යුතු වන අතර එතෙක් ඔහු හෝ ඇය අහිංසකයෙක් ...අපේ රටේ නීතිය අනුව නම් සෑම සැක කරුවෙක්ම වැරදි කරුවෙක්, ඔහු හෝ ඇය අහිංසකයෙක් හෝ අහින්සකාවියක් බව ඔප්පු කල යුතුයි (දී)

:       0       0

කැලුම් Monday, 19 May 2014 06:56 AM

අර සෙල්ලම් පිස්තෝලය අරන් ආ එක්කෙනත් එක්ක යමුද සෙල්ලම් පිස්තෝල පෙන්නන්න... (නි)

:       0       0

ලලිත් Monday, 19 May 2014 07:15 AM

කැලුම් ,අවි පෙන්වන්න බවලතුන් සහ බලවතුන් යන දෙකොට්ඨාශයම එක්ක යන්නේ නැතිලු. (නි)

:       0       0

මේනක Monday, 19 May 2014 07:16 AM

ලංකාවේ වෙනත් ප්‍රදේශ වල සිදුවන අපරාධ වලට කෝ දඩුවම්? (නි)

:       0       0

ප්‍රසංග Monday, 19 May 2014 08:02 AM

එල්ලුම්ගහ නියමකරලා වරදකරුවන් ට නීතියෙන් දඩුවම් දෙනවා මිසක් වෙන මොනවාද ? (නදී)

:       0       0

අාසිරි Monday, 19 May 2014 08:29 AM

පොලිසිය කොන්ද පන ඇති වැඩක් කරලා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 2703 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1951 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2822 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2858 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 651 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1291 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36028 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24124 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 170 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 515 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site