(ඩයනා උදයංගනී)
පාස්කු ඉරිදා දින ත්‍රස්ත ප්‍රහාරයේ චූදිතයන් සම්බන්ධ විමර්ශන කෙරෙහි විශේෂ අවධානයක් යොමුකර ඔවුයන්ට එරෙහිව කඩිනමින් නඩු පැවරීමට පියවර ගන්නා බව මෙරට 48 වැනි නීතිපතිවරයා ලෙස වැඩ භාරගත් ජනාධිපති නීතීඥ සංජය රාජරත්නම් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවේ පැවසීය.
කොළඹ වරායට ආසන්න මුහුදේ දී ගිනිගැනීමට ලක්ව ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මගින් සමුද්‍රීය පරිසරයට සිදුවී ඇති හානිය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි නීතිමය පියවර කඩිනමින් ඉටුවනු ඇතැයි ද නව නීතිපතිවරයා පැවසීය.
නව නීතිපති සංජය රාජරත්නම් මහතා මේ බව පැවසුවේ අරලියගහ මන්දිරයට අද (31) පැමිණ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදීය.
නීතිපති දෙපාර්තමේන්තුවට අලුතින් ගොඩනැඟිල්ලක් ලබාදීම ගැන අග්‍රාමාත්‍යවරයාට ස්තූතිය පළකළ රාජරත්නම් මහතා නීතිපති දෙපාර්තමේන්තුව පිහිටා ඇති පැරණි ගොඩනැගිල්ල පෞරාණික වටිනාකමකින් යුත් එකක් බැවින් එහි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රජයේ සහය ලබා දෙන්නැයිද අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය.
තමන් නීතිපති ධුරයේ වැඩ භාර ගත් බව සැලකිරීමට පැමිණි නව නීතිපතිවරයාට සුබ පැතුම් එක් කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොළඹ වරායට නුදුරු මුහුදේ ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මගින් සමුද්‍රීය පරිසරයට සිදුවී ඇති හානිය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කළේය.
මිනීමැරුම් නඩු සම්බන්ධයෙන් කෙරෙන ලඝු නොවන නඩු කටයුතු මහේස්ත්‍රාත් අධිකරණයේ විමසීමට ගැනීමේ දී ඒ සම්බන්ධව මෙයට පෙර නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ නීතිඥවරුන්ගේ සහය ලබා ගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වුවත් දැනට එසේ නොවීම නිසා ඇතිව තිබෙන ගැටලු පෙන්වා දී ඒ සම්බන්ධව අධිකරණ අමාත්‍යාංශය හා සාකච්ඡා කොට අවශ්‍ය පියවර ගන්නැයි අග්‍රාමාත්‍යවරයා නීතිපතිවරයාට උපදෙස් දුන්නේය.
අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, නීතිපති දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් චේතිය ගුණසේකර සහ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරුන් වන චමින්ද කුලරත්න, ගනේශ් ධර්මවර්ධන යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාස්කු ප්‍රහාරයේ චූදිතයන්ට එරෙහිව කඩිනමින් නඩු පවරනවා
mihira Monday, 31 May 2021 12:37 PM
ඇයි? කලබලේ.... පළාත් සභා ළඟත් නෑ තාම නේද?
fairoos Monday, 31 May 2021 01:54 PM
එහෙනම් ළඟදී ලංකාවේ තවත් කෑල්ලක් විකුණන්නයි යන්නේ...!!!
Sri Lanka Monday, 31 May 2021 03:08 PM
අනේ අම්මේ... පාස්කු නාට්‍යය ආයෙත් පටන් අරන්... කළින් නතර කළ තැනින් නෙවෙයි පටන් ගත්තේ... මුල ඉඳලා පෙන්නන්නේ කළින් ලොක්කත් කිව්වේ ඕකමනේ...
Thilak Monday, 31 May 2021 04:26 PM
කඩිනමින් නඩු පවරනවා කියලා කියන්නේ අවුරුදු ගාණකට පස්සේ නඩු පවරන එකටද?
de silva Tuesday, 01 June 2021 05:27 PM
ඕක පළාත් සභා කිට්ටු කරලා කරන්න... නැතිනම් මිනිස්සුන්ට ඒක අමතක වෙලා ඡන්දෙ නොදී ඉඳීවි..!!!