(ආරියරත්න රණබාහූ)
පාස්කු ප්‍රහාරයේ වින්දිතයෙන් වෙනුවෙන් විවිධ පාර්ශ්වවලින් කාදිනල් හිමියන්ට ලැබුණු ආධාර රුපියල් මිලියන 500 ක් පමණ මේ වන විට ඔවුන් වෙනුවෙන් වියදමිකර ඇතැයි කොළඹ අගරද ගුරු පදවි ජන සංවේදන අධ්‍යක්ෂක ජූඩ් කිෂාන්ත පියතුමෝ පැවසූහ
උන්වහන්සේ මේ බව පැවසුවේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (20) දිනයේ කාදිනල් හිමියන්ට පාස්කු ප්‍රහාරයට අදාළව නැගූ චෝදනාවකට පිළිතුරු වශයෙනි
තවදුරටත් අදහස් දැක්වූ ජන සන්නිවේදන අධ්‍යක්ෂක පියතුමා කියා සිටියේ මේ වන විට දේශපාලන වශයෙන් මෛත්‍රී පාල සිරිසේන මහතා ඉතාමත් බංකොලොත් භාවයකට පත්වි ඇති පුද්ගලයෙක් බැවින් ඒ තත්ත්වය වසා ගැනීමට මෙවැනි බොරු ප්‍රචාර මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කරන බවය
මෙම මාධ්‍ය හමුවේ අද ( 21) කොළඹ අග රද ගුරු මැදුරේදී පැවැත්විණි
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පාස්කු වින්දිතයන්ට ලැබුණු ආධාර කෝටි 50ක් බෙදා අවසන්
රංබොඩ Friday, 21 June 2024 06:12 PM
මෛත්‍රීපාල තමා මෙදාපාර මාර ප්‍රශ්නයක් තමයි මතු කළේ. ඒ කියනකම් රටම ඒ ගැන දැනගෙන හිටියෙ නෑ නෙ
Saman Friday, 21 June 2024 06:45 PM
පල්ලිය කිව්වාද කියක් ආධාර ලැබුණාද කියලා? කාගේ කාගෙත් කිල්ලෝට වල හුණු තියනවා කියන්නේ මෙන්න මේක තමයි
විපරමා Friday, 21 June 2024 08:03 PM
සුනාමියෙන් අවතැන් වූ අසරණයින්ට ලැබුණු ආධාරත් හොරාකාපු දුෂිත බලලෝභී දේශපාලුවන්, පාස්කු ප්‍රහාරය වෙන තැනට වැඩ සිද්ද කෙරුවා. අතිගරු කාදිනල්තුමා වින්දිතයින් වෙනුවෙන් සාදාරණය ඉටු කිරීම වෙනුවෙන් ප්‍රණාමය පුදකරනවා.
Lalla Friday, 21 June 2024 08:57 PM
මෛත්‍රීපාල කියන විදියට සල්ලි බෙදන්න නොවේ අවශ්‍ය. වින්දිතයන්ට අවශ්‍ය දිගුකාලීන වෛද්‍ය ප්‍රතිකාර බෙහෙත් වෙනත් උපකරණ සහ වෛද්‍ය පරීක්ෂණ වලට යන වියදම් ක්‍රමානුකූලව කරනවා නම් වියයුතු එයයි. සල්ලි අතට දුන්නොත් අපේ මෝඩ මිනිස්සු බහුතරය නාස්ති කරල දානව විතරයි.
රෝයි ෆෙඩ්රික්ස් Saturday, 22 June 2024 03:18 AM
හිටංට පිදුරු ගහක් ලැබුනත් එකෙ එල්ල්ලෙනවා . දැන් නහයට උඩින් ගිලිලා ඉන්නේ .හිටං මචං අර රෝයල් පාර්ක් සල්ලි ගැනත්දැන්වත් ඇත්ත කියපන්කෝ බං .හැබැයි එක දෙයක් තියෙනවා දෙවියන්ගේ නියෝජිතයෝ වුනත් මුදල් සමග ගනුදෙනු කරන්නේ යක්ෂයා ආරූඩ වෙලා .
විපරමා Saturday, 22 June 2024 11:34 AM
දූෂිත දේශපාලුවෝ සුනාමියෙන් අවතැන් වූ අසරණයින්ට ලැබුණු ආධාරත් ගසා කෑවා.. මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ, නාස්තිය කරලා රටම විනාශ කෙරුවා. ඔවුන් හිතාගෙන ඉන්නේ අනික් අයත් එහෙමයි කියලා...