IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


පසුගිය හත් වසර තුළම මා ජනතාවගේ හදවත්වල හිටියා

2016-04-07-ent-37

"ඇස් දෙක පුරා" ගීතය හරහා මේ දිනවල අතිශය ජනප්‍රියව සිටින ශෂිකා නිසංසලා පසුගියදා පැවති "ස්ලීම් නිල්සන් පීපල්ස් එවෝර්ඩ්ස්" සම්මාන උලෙළේ වසරේ හොඳම ගායිකාව ලෙස ජනතා සම්මානයෙන් පිදුම් ලැබුවාය. පසුගිය වසර කිහිපයේදීම මෙම සම්මානය සඳහා නිර්දේශ අතරට එක් වූ ශෂිකා පළමුවරට මෙම සම්මානය දිනා ගැනීම විශේෂත්වයකි. ඒ නිසාම මෙවර "තරුණයා" තරු කතාබහ තුළින් අපි ශෂිකා නිසංසලාට ඉඩක් වෙන් කළෙමු.

 

2016-04-07-ent-35පළමු වතාවට ඔබ ජනතා සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබුවා

ඇත්තටම ඒ සම්බන්ධව මම ගොඩක් සතුටු වෙනවා. මොකද, මම පසුගිය වසර හත පුරාවටම මෙම සම්මානය සඳහා නිර්දේශ වුණ අයෙක්. ඉතින් වසර හතක් පුරාවට නිර්දේශ වෙලා අවසානයේ සම්මානය මට හිමිවීම කියන්න බැරි තරම් සතුටක්. නමුත්, සම්මානය ලැබුණ හෝ නොලැබුණා කියලා මට කිසිම දුකක් නැහැ. මොකද, පසුගිය වසර හත කාලය තුළම මම ජනතාවගේ හදවත්වල හිටියා කියලා මේ සම්මානය සඳහා නිර්දේශ වීමෙන් හැඟෙනවා.

 

මෙවරත් ඔබට හැඟුණාද නිර්දේශ අතරින් පමණක් සෑහීමට පත්වෙයි කියලා?

හිතුණා. මොකද, පසුගිය වසර කිහිපයේදීම මේ සම්මානය දිනාගත්තේ නන්දා මාලිනි මහත්මිය. එතුමියත් මෙවර නිර්දේශ අතරට ඇවිල්ලා හිටියා. ඒ නිසා සම්මානය ලැබෙයිදෝ නොලැබයිදෝ කියන කුතුහලය මා තුළ තිබුණා. ඒ වගේම තමයි පසුගිය කාලේ මාත්, නන්දා මාලිනි මහත්මියත්, නිරෝෂා විරාජිනි අක්කත් මෙවර සම්මානයට නිර්දේශ වෙලා හිටියා. ඉතින් ඒ දෙඟිඩියාව මැද තමයි මම සම්මාන උලෙළට පැමිණියෙ. නමුත්, මෙවර ජනතාවගේ සම්මානය මට හිමි වුණා.

 

මේ සම්මානය ඔබ බලාපොරොත්තුවෙන් හිටිය සම්මානයක්?

ඔව්, මීට පෙර මට ජනාධිපති සම්මාන, සුමති සම්මාන, රයිගම් සම්මාන ඇතුළු නොයෙකුත් සම්මාන ලැබිලා තියෙනවා. ඉතින් ජනතා සම්මානයක් මට ලැබුණේ පළමු වතාවට. සම්මාන පිළිබඳව ලොකු බලාපොරොත්තු මට නැහැ. මම දක්ෂ නම් මට අනිවාර්යෙන්ම ඒ සම්මානය ලැබෙයි. ඉතින් %ස්ලීම් නිල්සන් පීපල්ස් එවෝර්ඩ්ස්^ සම්මානය මට ලැබුණා. ඒක ලැබුණ එක ගැන ගොඩක් සතුටුයි.

 

පසුගිය වසර කිහිපයේදී ගත්තොත් ඔබ නිකුත් කළ හැම ගීතයක් ජනප්‍රිය වුණා. මොකක්ද ඒකට හේතුව?

මම ක්ෂේත්‍රයට ආවේ තුරුණු ශක්ති සංගීත චාරිකාව හරහා. එදා මම ගායනා කළ "පාරමිතා" ගීතය අදටත් ජනප්‍රියයි. ප්‍රසංග වේදිකාවෙදි තාමත් ඒ ගීතයට ඉල්ලුම තියෙනවා. පසුගිය කාලේ මා දායක වුණ ගීත ගත්තොත්, "අපි හමුවුණ", "ගිම්හාන කාලේ", "මල්සර හී සරින්" කියන ගීත බෙහෙවින් ජනප්‍රි වුණා. හැබැයි මේ ගීත හැම එකක්ම ආදරය විරහව සම්බන්ධ ගීත වුණාට, මෙහි විවිධ වෙනස්කම් කියෙනවා. ඒ ගීත මිනිස්සු අතර ජනප්‍රිය වෙන්නත් ප්‍රධානම හේතුව එය කියලා මම හිතනවා.

 

නමුත්, ඔබ නිර්මාණ එළිදකින්නේ වසරකට එකක් වගේ?

මම දකින විදිහට මගේ ගීත ජනප්‍රිය වෙන්නත් එක හේතුවක් තමයි ඒක. මේ දිනවල "ඇස් දෙක පූරා" ගීතය ජනප්‍රිය වෙලා තියෙනවා. ලංකාවෙ ප්‍රධාන ගීත දර්ශකවලත් මේ ගීතය ඉහළට ඇවිල්ලා තියෙනවා. මම ගීතයක් නිර්මාණය කරද්දි විශේෂයෙන්ම හිතන දෙයක් තමයි මම කරන නිර්මාණය හැමවිටම හොඳ නිර්මාණයක් වෙයිද කියලා. ඒ වගේම තමයි එහි පද රචනාව වගේම ගී තනුවත් ඉතා හොඳ මට්ටමක තිබිය යුතුයි කියන කාරණය. දැනටත් මට නිර්මාණ බොහෝමයක් ඇවිල්ලා තියෙනවා. සමහරක් පිරිස් කතා කරනවා හොඳ නිර්මාණයක් තියෙනවා, කරමුද කියලා. ඉතින් මම ඒ හැමකෙනාගේම නිර්මාණ භාරගන්නවා. නමුත්, මම එළිදක්වන්නේ මට සියයට සියයක් හොඳයි කියලා හිතන නිර්මාණ විතරයි.

 

"ඇස් දෙක පුරා" ගීතයෙන් පස්සේ?

මම නිර්මාණයක් කරන්න වසරක කාලයක් ගතවෙනවා. "ඇස් දෙක පුරා" ගීතය මම එළිදැක්වූයේ මේ අවුරුද්දෙ පෙබරවාරි 14 වැනිදා. බොහෝ විට මගේ මීළඟ ගීතය මේ අවුරුද්දේ අන්තිමට හෝ ලබන වසර මුලදී සිදුවෙයි.

 

tharunaya

 


2016-04-07-ent-34
2016-04-07-ent-36



අදහස් (0)

පසුගිය හත් වසර තුළම මා ජනතාවගේ හදවත්වල හිටියා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 634 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 300 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 673 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 2460 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 481 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 198 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38097 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 811 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site