IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


පසුතැවිල්ල මහා නා හිමිවරුන්ට දන්වයි

බුද්ධාගමට හා බුදුන්ට අවමන් කරමින් කළැයි කියන කතාවක් සම්බන්ධයෙන් තම සිත්තැවුල අස්ගිරි හා මල්වතු නාහිමිවරුනට පළ කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා මාලිගාවත්තේ අබ්දුල් රසාක්ට නියෝග කළේය.

සැක කරුගේ මෙම ප්‍රකාශය තවමත් ඇතැම් නාලිකාවල ප්‍රකාශය වන බව උසාවියේ දී කියැවිණි.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි මෛත්‍රී ගුණරත්න මහතා පැවසුවේ සැකකරු දැනටමත් සිය පසුතැවිල්ල මහා නා හිමිවරුනට දන්වා ඇති බවයි.

අනාගතයේ දී මෙවැනි දෙයක් නොකරන බවත්, ඇතැම් නාලිකා හා වෙබ් අඩවිවලින් එම කතාව ප්‍රචාරය වීම නතර කිරීමට හැකි සෑම පියවරක්ම ගන්නා බවත් නීතීඥවරයා කීවේය.



අදහස් (0)

පසුතැවිල්ල මහා නා හිමිවරුන්ට දන්වයි

නිශාර්ඩ් ප්‍රීනා Wednesday, 21 May 2014 08:53 AM

අපේ සමහරක් අයගේ කට වල් වලට බ්රේක් නැහැ. (නදී)

:       0       0

සුමිත් Wednesday, 21 May 2014 09:13 AM

මොහොමඩ් අපි ඔයාලට ගොඩක් අාදරෙයි ,සිංහල අම්මලාගේ කිරි බීපු. (ස)

:       0       0

සුමිත් Wednesday, 21 May 2014 09:16 AM

මොහොමෙඩ් මගේ හොඳම යාළුවා දෙහිවල ඉන්න දිල්ෂාඩ් එ්ත් එයාට මම කියන්නේ දිල්ෂාන් කියල සිංහල නමක්. එයත් ඔයා වගේ හොඳ කෙනෙක්. අපි අතරේ බෙදා ගන්න දේවල් නැහැනේ නේද? (නදී)

:       0       0

මධුර Wednesday, 21 May 2014 09:56 AM

ආගම් වලට නිගරු කරනවට මමත් විරුද්ධයි (නි)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 20 May 2014 07:18 PM

අපි සියළු දෙනා සියළුම ආගම් වලට ගරු කළ යුතුයි (නි)

:       0       0

අචල Wednesday, 21 May 2014 10:07 AM

සමහරුන්ගේ අදහස් කියෙවුවහම පුදුමත් හිතෙනවා (නි)

:       0       0

සුරංජන් Wednesday, 21 May 2014 10:08 AM

මොනවා වුණත් මේවා නම් අනුමත කරන්න බැහැ (නි)

:       0       0

නවීන්ද්‍ර Tuesday, 20 May 2014 07:44 PM

ඇත්තටම ආගම් වලට නිගරුවෙන ලෙස කතාකරනවට මමත් අකමැතියි (නි)

:       0       0

රෙස්ලි Wednesday, 21 May 2014 10:42 AM

අන්‍ය ආගම් වලට නිගා කිරීම ඉස්ලාම් ධර්මය කොහොමත් අනුමත කරන්නේ නෑ.වරදක් සිදුවී ඇත්නම් අපිත් ඔවුන් වෙනුවෙන් සමාව ඉල්ලනවා.එ වගේම ඥානසාර හාමුදුරුවෝ කුරානය ගැන කියපු බොරුවලට කව්ද සමාව ගන්නේ? (ස)

:       0       0

චන්දා Wednesday, 21 May 2014 11:07 AM

ලුම්බිණි නම් වතුරත් නිවලා බොන හාදයෙක්. (ස)

:       0       0

නිසාර් Wednesday, 21 May 2014 11:23 AM

චමි, වැරදි වැඩ කවුරුත් අනුමත කරන්නේ නැහැ. බෞද්ධ ආගම ගැන සිංහල අය නිගා කරන හැටි මම හොඳට දන්නවා. (ස)

:       0       0

හිල්මි Wednesday, 21 May 2014 11:24 AM

සුමිත්" අපි අතරේ බෙදා ගන්න දේවල් ගොඩක් තියෙනවා ආදරය කරුණාව මෛත්‍රිය සහෝදරත්වය දුක සැප වටලප්පන්, බුරියානි, කැඳ, කිරිබත් කැවුම්, කොකිස් මෙකි නොකී ගොඩක් දේවල්.(නදී)

:       0       0

ශාන් Wednesday, 21 May 2014 11:27 AM

රෙස්ලි ඔබ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්. කව්රුත් කල වරදට සමාව ඉල්ලන ඔබ සමගයි මාත්. (නදී)

:       0       0

මොහොමඩ් Tuesday, 20 May 2014 08:14 PM

මොහු කර ඇත්තේ විශාල වැරැද්දක්. අපේ ආගමට අනුව, අන් අයගේ ආගම් විවේචනය කරන්න හොඳ නැහැ. එයා වෙනුවෙන් ලෝකවාසී සියලු බෞද්ධයන්ගෙන් මම සමාව අයදිමි. (නි)

:       0       0

කල්ප Tuesday, 20 May 2014 08:32 PM

මොහොමඩ් ...ඔබට ස්තුතිය .....(ස)

:       0       0

ෆර්හා Tuesday, 20 May 2014 08:36 PM

මොහමඩ් ඔබ හරි.අන්‍ය ආගම් වලට නිගා කිරීම ඉස්ලාම් ධර්මය කොහොමත් අනුමත කරන්නේ නෑ.වරදක් සිදුවී ඇත්නම් අපිත් ඔවුන් වෙනුවෙන් සමාව ඉල්ලනවා. (ස)

:       0       0

ෆාරා Wednesday, 21 May 2014 12:10 PM

රෙස්ලි කියන අය මගේ අදහසට සමාන අදහස් දමා එයට තව කරුණු ඇතුලත් කර ඇත.මේකට මම කිසිම අයුරකින් සම්බන්ධ නැත. (ස)

:       0       0

ගිහාන් Tuesday, 20 May 2014 08:49 PM

මේ වගේ අය වෙනුවෙන් පෙනී සිටින අය ගැන මගේ බලවත් කණගාටුව! සෑම ආගමකටම මමත් ගරුකරනවා (නි)

:       0       0

හේරත් Wednesday, 21 May 2014 12:37 PM

මොන අගමකවත් වරදක් කරන්න කියල නැහැ හැම ආගමකටම ගරු කරමු. (ස)

:       0       0

නිසාර් Tuesday, 20 May 2014 10:12 PM

එතකොට ඉඩ කඩම් සම්බන්ධයෙන් කරපු ප්‍රකාශය. (ස)

:       0       0

ධනු Wednesday, 21 May 2014 12:57 PM

මෙයාටත් හංගපු ආයුධයක් පෙන්නන්න කිව්වනම් හරි. නැත්නව් හෙට තව එකෙක් ‍ඔහොම කියල වැරදිලා කිව්වෙ කියල සමාව ගනී. (අ)

:       0       0

මහේෂ් Tuesday, 20 May 2014 10:58 PM

සමහරු බුද්ධාගමට එදා ඉඳලම දරුණු විදියට පහර දීලා,රහතන් වහන්සේලා ලක්ෂ ගණනක් ඝාතනය කරලා,අපේ පන්සල් ලක්ෂ ගණනක් විනාශ කළේ අන් ආගම් වලට ගරු කරලද? (නි)

:       0       0

නිමල් Tuesday, 20 May 2014 11:05 PM

මමත් ගිහාන් මහත්මාගේ අදහස ඉහළින්ම අනුමත කරනවා. (නි)

:       0       0

දීන් Wednesday, 21 May 2014 01:45 PM

අන්‍ය ආගම් වලට නිගා කිරීම ඉස්ලාම් ධර්මය කොහොමත් අනුමත කරන්නේ නෑ. වරදක් සිදුවී ඇත්නම් අපිත් ඔවුන් වෙනුවෙන් සමාව ඉල්ලනවා. (ස)

:       0       0

සනත් Wednesday, 21 May 2014 12:00 AM

ඔහු වරදක් කර ඇත්නම් ඊට දඩුවම් ලැබිය යුතුයි (නි)

:       0       0

රත්නසිරි Wednesday, 21 May 2014 12:17 AM

බුදු දහම විවේචනය කළ හැකියි. තමාට ගැටලු ඇතිනම් සාකච්ඡා කළ හැකියි. නමුත්, බුදුරජාණන් වහන්සේට, තම සවන් දෙන්නන් ඉදිරියේ දැන හෝ නොදැන අපහාස නින්දා කිරීම කිසිසේත් අනුමත කළ නොහැකියි. (නි)

:       0       0

මොහොමඩ් Wednesday, 21 May 2014 02:00 PM

මේක ලොකු වැරැද්දක්. ඉස්ලාම් ධර්මය කොහෙත්ම අන්‍ය ආගම් විවේචනය කිරීම අනුමත කරල නැහැ.මේ වගේ මිනිස්සු නිසා මුළු සමාජයටම ලැජ්ජාවක්. මෙය වෙනුවෙන් මමත් ලොව පුරා සිටින මුළු මහත් බෞද්ධ ජනතාවගෙන් සමාව ඉල්ලනවා. (ස)

:       0       0

ශාන්ති Wednesday, 21 May 2014 12:54 AM

ඇත්ත අපි හැම ආගමකටම ගරු කල යුතුය ,(ස)

:       0       0

හිල්මි Wednesday, 21 May 2014 01:04 AM

ගිහාන්' සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රකාශයක් කරන්නේ සිහිය විකෘත්ති වූ කෙනෙක් අනික කව්රුත් මොහු වෙනුවෙන් පෙනී සිටියේ නැහැ සියලුම දෙනා ඔහුට අනුකම්පා කලා. (ස)

:       0       0

නඩරාජා Wednesday, 21 May 2014 03:09 AM

උතුම්වූ ධුද්ධ ධර්මයට කව්රුත් ගරු කලයුතුයි , (ස)

:       0       0

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Wednesday, 21 May 2014 02:48 PM

සිංහල මුස්ලිම් අප සියලු දෙනා එක මවකගේ දරුවෝ කියන එක මුස්ලිම් වන සියලු දෙනාම දන්නා කරුණකි. සැම ජාතිකයන් අතර සුළු පිරිසක් විවිද මතවාදීන් ඉන්නවා. ලංකාවේ මුස්ලිම් ජාතිකයන්ගෙන් සිංහල බෞද්දයන්ට සිත රිදෙන සුළු සිදුවීමක් සිදුවුනා නම් මුස්ලිම් ජාතිකයෙක් හැටියට මමත් සමාව අයදිමි. අප සියලු දෙනා එක මවකගේ දරුවෝ හැටියට ජීවත් වෙන්න බලමු. (නදී)

:       0       0

ගමගේ Wednesday, 21 May 2014 02:57 PM

මොහමඩ් රිස්වාන් ඔබ සෞව්දියේ හිටියත් ඔබගේ වචනයට මම ගරු කරමි.(නදී)

:       0       0

ජගත් Wednesday, 21 May 2014 06:08 AM

ප්‍රකාශය මොකක්ද කියලා කියන්න පුලුවන්ද? (නි)

:       0       0

භානුක Wednesday, 21 May 2014 06:14 AM

අපිත් බුද්ධාගම අදහන උදවිය හැටියට දැනගන්න ඕනෑ අනෙකුත් ආගම් වලට ගරු කරන්න. බුදු පියාණන් වහන්සේ අන්‍යාගමික නායකයන් සමඟ ඉතා කාරුණිකවයි කටයුතු කළේ. (නි)

:       0       0

කොළඹ මොහොමඩ් Wednesday, 21 May 2014 03:08 PM

සව්දි රිස්වාන්, ඔයා හරි, හැම සමාජෙම විවිධ මත දරන අය ඉන්නවා. මෙයාලගේ පිස්සු වැඩ හින්ද, මුලුමහත් මුස්ලිම් සමාජයටම කැළලක්. මට මගේ සිංහල යාළුවන්ට මූණ දෙන්න බැරුව ඉන්නේ. මට ගොඩක් දුකයි. අපිට සමා වෙන්න. (ස)

:       0       0

නෙළුම් Wednesday, 21 May 2014 07:03 AM

මොහමඩ් සහ ෆර්හා ට අපේ ආචාරය. මමත් සෑම ආගමටම ගරු කරනවා. (නදී)

:       0       0

අමිල ගමගේ Wednesday, 21 May 2014 07:13 AM

බුදු දහම ගැන හරි හැටි නොදැන විවේචනය කරන්න එපා. බුදු දහමේ කිසි දෙයක් බොරු යයි ඔප්පු කල හැකිද? බුදුන් වනසේ දේශනා කලේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨතම ධර්මයයි. (නදී)

:       0       0

අමිල ගමගේ Wednesday, 21 May 2014 07:20 AM

විවේචනය කරන්න කලින් බුදු දහම ඉගෙන ගන්න. (නදී)

:       0       0

සලීම් Wednesday, 21 May 2014 07:22 AM

අන් ආගම් විවේචනය කරන අයගේ පටු අදහස් ගැන සොයා බලා දඩුවම් කරන්ඩ.(නදී)

:       0       0

හර්ෂ Wednesday, 21 May 2014 08:01 AM

මේ වෙලාවේ මට මතක් වෙන්නේ කලකට පෙර වියෝ වුන , රුපවාහිනියේ දොරමඩලාවේ පෙනී සිටි මවුලවි තුමා. කොතරම් ගරු කටයුතු ආදර්ශමත් ආගමික නායකයෙක් ද ? එහෙම යහපත් ආගමික නායකන් තමා අකල් වියෝ වට පත් වෙන්නේ.(නදී)

:       0       0

නිලන්ග Wednesday, 21 May 2014 08:11 AM

ඕස්ට්‍රේලියාවේ විවිධ ආගම් වල උදවිය සමගියෙන් ජීවත් වෙනවා. ආගම මුල්කොට ගෙන කිසිවෙකුටත් අපහාස කිරීම මෙහි නීතිවිරෝධීයි. මා සමඟ බංගලාදේශ ඉරාන් ජාතිකයන් වැඩ කරනවා. කිසිම ආගම් භේදයක් අප අතර නැහැ. (නි)

:       0       0

මොහාන් දමාම් Wednesday, 21 May 2014 03:47 PM

හැම ආගමකම මුලදර්මවාදීන් ඉන්නවා. කව්රු උනත් ආගම්වලට නින්දා කරනවට ඒ සියලු දෙනාටම මරණින් මතු අවීචි මහා නිරයේ කල්ප ගණන් ජීවත් වෙන්න පුළුවන්.(නදී)

:       0       0

ලුම්බිණි Wednesday, 21 May 2014 08:34 AM

බුදුන් වහන්සේ ජීවමානව ඉන්න කාලයේදී උන්වහන්සේ ඉදිරියේම අපහාස කල අය සිටියා. ඒ අය වෙනුවෙන් කල දෙය තමයි කරුණාවෙන් දහම් දේශනා කිරීම. දඬුවම් දීමක් කවදාවත් කලේ නැහැ. (නදී)

:       0       0

චමි Wednesday, 21 May 2014 08:45 AM

නිසාර්, ඔයා වගේ අදහස් හිතන ලියන කට්ටියට කියන්නේ අන්තවාදියෝ කියලා නේද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3833 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2802 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3575 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3265 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 733 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1413 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36125 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24136 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 519 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site