බුද්ධාගමට හා බුදුන්ට අවමන් කරමින් කළැයි කියන කතාවක් සම්බන්ධයෙන් තම සිත්තැවුල අස්ගිරි හා මල්වතු නාහිමිවරුනට පළ කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා මාලිගාවත්තේ අබ්දුල් රසාක්ට නියෝග කළේය.
සැක කරුගේ මෙම ප්‍රකාශය තවමත් ඇතැම් නාලිකාවල ප්‍රකාශය වන බව උසාවියේ දී කියැවිණි.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි මෛත්‍රී ගුණරත්න මහතා පැවසුවේ සැකකරු දැනටමත් සිය පසුතැවිල්ල මහා නා හිමිවරුනට දන්වා ඇති බවයි.
අනාගතයේ දී මෙවැනි දෙයක් නොකරන බවත්, ඇතැම් නාලිකා හා වෙබ් අඩවිවලින් එම කතාව ප්‍රචාරය වීම නතර කිරීමට හැකි සෑම පියවරක්ම ගන්නා බවත් නීතීඥවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුමිත්" අපි අතරේ බෙදා ගන්න දේවල් ගොඩක් තියෙනවා ආදරය කරුණාව මෛත්‍රිය සහෝදරත්වය දුක සැප වටලප්පන්, බුරියානි, කැඳ, කිරිබත් කැවුම්, කොකිස් මෙකි නොකී ගොඩක් දේවල්.(නදී)
නිසාර්, ඔයා වගේ අදහස් හිතන ලියන කට්ටියට කියන්නේ අන්තවාදියෝ කියලා නේද? (නදී)
අපේ සමහරක් අයගේ කට වල් වලට බ්රේක් නැහැ. (නදී)
මොහොමඩ් අපි ඔයාලට ගොඩක් අාදරෙයි ,සිංහල අම්මලාගේ කිරි බීපු. (ස)
මොහොමෙඩ් මගේ හොඳම යාළුවා දෙහිවල ඉන්න දිල්ෂාඩ් එ්ත් එයාට මම කියන්නේ දිල්ෂාන් කියල සිංහල නමක්. එයත් ඔයා වගේ හොඳ කෙනෙක්. අපි අතරේ බෙදා ගන්න දේවල් නැහැනේ නේද? (නදී)
ආගම් වලට නිගරු කරනවට මමත් විරුද්ධයි (නි)
සමහරුන්ගේ අදහස් කියෙවුවහම පුදුමත් හිතෙනවා (නි)
මොනවා වුණත් මේවා නම් අනුමත කරන්න බැහැ (නි)
අන්‍ය ආගම් වලට නිගා කිරීම ඉස්ලාම් ධර්මය කොහොමත් අනුමත කරන්නේ නෑ.වරදක් සිදුවී ඇත්නම් අපිත් ඔවුන් වෙනුවෙන් සමාව ඉල්ලනවා.එ වගේම ඥානසාර හාමුදුරුවෝ කුරානය ගැන කියපු බොරුවලට කව්ද සමාව ගන්නේ? (ස)
ලුම්බිණි නම් වතුරත් නිවලා බොන හාදයෙක්. (ස)
චමි, වැරදි වැඩ කවුරුත් අනුමත කරන්නේ නැහැ. බෞද්ධ ආගම ගැන සිංහල අය නිගා කරන හැටි මම හොඳට දන්නවා. (ස)
බුදුන් වහන්සේ ජීවමානව ඉන්න කාලයේදී උන්වහන්සේ ඉදිරියේම අපහාස කල අය සිටියා. ඒ අය වෙනුවෙන් කල දෙය තමයි කරුණාවෙන් දහම් දේශනා කිරීම. දඬුවම් දීමක් කවදාවත් කලේ නැහැ. (නදී)
රෙස්ලි ඔබ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්. කව්රුත් කල වරදට සමාව ඉල්ලන ඔබ සමගයි මාත්. (නදී)
රෙස්ලි කියන අය මගේ අදහසට සමාන අදහස් දමා එයට තව කරුණු ඇතුලත් කර ඇත.මේකට මම කිසිම අයුරකින් සම්බන්ධ නැත. (ස)
මොන අගමකවත් වරදක් කරන්න කියල නැහැ හැම ආගමකටම ගරු කරමු. (ස)
මෙයාටත් හංගපු ආයුධයක් පෙන්නන්න කිව්වනම් හරි. නැත්නව් හෙට තව එකෙක් ඔහොම කියල වැරදිලා කිව්වෙ කියල සමාව ගනී. (අ)
අන්‍ය ආගම් වලට නිගා කිරීම ඉස්ලාම් ධර්මය කොහොමත් අනුමත කරන්නේ නෑ. වරදක් සිදුවී ඇත්නම් අපිත් ඔවුන් වෙනුවෙන් සමාව ඉල්ලනවා. (ස)
මේක ලොකු වැරැද්දක්. ඉස්ලාම් ධර්මය කොහෙත්ම අන්‍ය ආගම් විවේචනය කිරීම අනුමත කරල නැහැ.මේ වගේ මිනිස්සු නිසා මුළු සමාජයටම ලැජ්ජාවක්. මෙය වෙනුවෙන් මමත් ලොව පුරා සිටින මුළු මහත් බෞද්ධ ජනතාවගෙන් සමාව ඉල්ලනවා. (ස)
සිංහල මුස්ලිම් අප සියලු දෙනා එක මවකගේ දරුවෝ කියන එක මුස්ලිම් වන සියලු දෙනාම දන්නා කරුණකි. සැම ජාතිකයන් අතර සුළු පිරිසක් විවිද මතවාදීන් ඉන්නවා. ලංකාවේ මුස්ලිම් ජාතිකයන්ගෙන් සිංහල බෞද්දයන්ට සිත රිදෙන සුළු සිදුවීමක් සිදුවුනා නම් මුස්ලිම් ජාතිකයෙක් හැටියට මමත් සමාව අයදිමි. අප සියලු දෙනා එක මවකගේ දරුවෝ හැටියට ජීවත් වෙන්න බලමු. (නදී)
මොහමඩ් රිස්වාන් ඔබ සෞව්දියේ හිටියත් ඔබගේ වචනයට මම ගරු කරමි.(නදී)
සව්දි රිස්වාන්, ඔයා හරි, හැම සමාජෙම විවිධ මත දරන අය ඉන්නවා. මෙයාලගේ පිස්සු වැඩ හින්ද, මුලුමහත් මුස්ලිම් සමාජයටම කැළලක්. මට මගේ සිංහල යාළුවන්ට මූණ දෙන්න බැරුව ඉන්නේ. මට ගොඩක් දුකයි. අපිට සමා වෙන්න. (ස)
හැම ආගමකම මුලදර්මවාදීන් ඉන්නවා. කව්රු උනත් ආගම්වලට නින්දා කරනවට ඒ සියලු දෙනාටම මරණින් මතු අවීචි මහා නිරයේ කල්ප ගණන් ජීවත් වෙන්න පුළුවන්.(නදී)
ඇත්ත අපි හැම ආගමකටම ගරු කල යුතුය ,(ස)
ඇත්තටම ආගම් වලට නිගරුවෙන ලෙස කතාකරනවට මමත් අකමැතියි (නි)
මොහු කර ඇත්තේ විශාල වැරැද්දක්. අපේ ආගමට අනුව, අන් අයගේ ආගම් විවේචනය කරන්න හොඳ නැහැ. එයා වෙනුවෙන් ලෝකවාසී සියලු බෞද්ධයන්ගෙන් මම සමාව අයදිමි. (නි)
මොහොමඩ් ...ඔබට ස්තුතිය .....(ස)
මොහමඩ් ඔබ හරි.අන්‍ය ආගම් වලට නිගා කිරීම ඉස්ලාම් ධර්මය කොහොමත් අනුමත කරන්නේ නෑ.වරදක් සිදුවී ඇත්නම් අපිත් ඔවුන් වෙනුවෙන් සමාව ඉල්ලනවා. (ස)
මේ වගේ අය වෙනුවෙන් පෙනී සිටින අය ගැන මගේ බලවත් කණගාටුව! සෑම ආගමකටම මමත් ගරුකරනවා (නි)
එතකොට ඉඩ කඩම් සම්බන්ධයෙන් කරපු ප්‍රකාශය. (ස)
සමහරු බුද්ධාගමට එදා ඉඳලම දරුණු විදියට පහර දීලා,රහතන් වහන්සේලා ලක්ෂ ගණනක් ඝාතනය කරලා,අපේ පන්සල් ලක්ෂ ගණනක් විනාශ කළේ අන් ආගම් වලට ගරු කරලද? (නි)
මමත් ගිහාන් මහත්මාගේ අදහස ඉහළින්ම අනුමත කරනවා. (නි)
ඔහු වරදක් කර ඇත්නම් ඊට දඩුවම් ලැබිය යුතුයි (නි)
බුදු දහම විවේචනය කළ හැකියි. තමාට ගැටලු ඇතිනම් සාකච්ඡා කළ හැකියි. නමුත්, බුදුරජාණන් වහන්සේට, තම සවන් දෙන්නන් ඉදිරියේ දැන හෝ නොදැන අපහාස නින්දා කිරීම කිසිසේත් අනුමත කළ නොහැකියි. (නි)
අපි සියළු දෙනා සියළුම ආගම් වලට ගරු කළ යුතුයි (නි)
ගිහාන්' සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රකාශයක් කරන්නේ සිහිය විකෘත්ති වූ කෙනෙක් අනික කව්රුත් මොහු වෙනුවෙන් පෙනී සිටියේ නැහැ සියලුම දෙනා ඔහුට අනුකම්පා කලා. (ස)
උතුම්වූ ධුද්ධ ධර්මයට කව්රුත් ගරු කලයුතුයි , (ස)
ප්‍රකාශය මොකක්ද කියලා කියන්න පුලුවන්ද? (නි)
අපිත් බුද්ධාගම අදහන උදවිය හැටියට දැනගන්න ඕනෑ අනෙකුත් ආගම් වලට ගරු කරන්න. බුදු පියාණන් වහන්සේ අන්‍යාගමික නායකයන් සමඟ ඉතා කාරුණිකවයි කටයුතු කළේ. (නි)
මොහමඩ් සහ ෆර්හා ට අපේ ආචාරය. මමත් සෑම ආගමටම ගරු කරනවා. (නදී)
බුදු දහම ගැන හරි හැටි නොදැන විවේචනය කරන්න එපා. බුදු දහමේ කිසි දෙයක් බොරු යයි ඔප්පු කල හැකිද? බුදුන් වනසේ දේශනා කලේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨතම ධර්මයයි. (නදී)
විවේචනය කරන්න කලින් බුදු දහම ඉගෙන ගන්න. (නදී)
අන් ආගම් විවේචනය කරන අයගේ පටු අදහස් ගැන සොයා බලා දඩුවම් කරන්ඩ.(නදී)
මේ වෙලාවේ මට මතක් වෙන්නේ කලකට පෙර වියෝ වුන , රුපවාහිනියේ දොරමඩලාවේ පෙනී සිටි මවුලවි තුමා. කොතරම් ගරු කටයුතු ආදර්ශමත් ආගමික නායකයෙක් ද ? එහෙම යහපත් ආගමික නායකන් තමා අකල් වියෝ වට පත් වෙන්නේ.(නදී)
ඕස්ට්‍රේලියාවේ විවිධ ආගම් වල උදවිය සමගියෙන් ජීවත් වෙනවා. ආගම මුල්කොට ගෙන කිසිවෙකුටත් අපහාස කිරීම මෙහි නීතිවිරෝධීයි. මා සමඟ බංගලාදේශ ඉරාන් ජාතිකයන් වැඩ කරනවා. කිසිම ආගම් භේදයක් අප අතර නැහැ. (නි)