IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


පස්දරු පියා බිරියට සහ දියණියකට පොරොවෙන් කොටලා

(රුවන් පතිරණ)

දැදිගම  මැණික්කඩවර ප්‍රදේශයේදී පස්දරු පියකු, සිය බිරිඳට හා එක් දියණියකට පොරවකින් පහරදී ඔහුද ගෙලවැලලාගෙන මියගොස් ඇති අතර  බිරිඳ හා දියණිය බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බවත් දැදිගම පොලිසිය පවසයි.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ පිටවල මැණික්කඩවර ලිපිනයේ පදිංචි 78 හැවිදිරි පස් දරු පියකු වන අතර පහර කෑමට ලක්ව තුවාල ලබා ඇත්තේ 72 හැවිදිරි බිරිඳ හා මරණකරුගේ 51 හැවිදිරි අවිවාහක  දියණියයි.

පහර කෑමට ලක් වූ  මව හා දියණිය  අසල්වැසියන් විසින් පල්ලේගම ග්‍රාමීය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කෑගල්ල මූලික රෝහල වෙත ඇතුළත් කළද පසුව ඉන් අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ දියණිය සැත්කම් කීපයක් සඳහා මහනුවර මහ රෝහල වෙත මාරු කර යැවූ බවද රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.

සිද්ධිය වන අවස්ථාවේ  මරණකරු සහ ඔහුගේ බිරිඳ සමග දියණියන් දෙදෙනකු හා මිනිබිරියක සිට ඇති අතර මරණකරු නිවසේ සියලුම දොරවල් සුරක්ෂිත ලෙස අගුළු දමා පසුව මුළුතැන්ගෙයි දොර ලණු දමා බැඳ අලුයම 1.30ට පමණ නිවසේ කාමර තුළ නිදා සිටි බිරිඳට හා අවිවාහක දියණියට පොරවෙන් කොටා ඇති අතර ඔවුන් විලාප දෙන හඩ ඇසුනු අනෙක් කාමරයේ නිදා සිටි දියණිය හා මිනිබිරිය අවදි වී කාමරයෙන් පිටතට පැමිණීමට සූදානම් වූ අවස්ථාවේදී ඔවුන් දෙදෙනා මරණකරුගේ ග්‍රහණයට ලක්ව ඇති අතර මහත් පරිශ්‍රමයක් දරා මරණකරුගෙන් මිදී  නිවසින් පිටතට පැමිණ අසල්වාසියෙන් දැනුවත් කර ඇත.

ඉන් පසුව අවට නිවෙස්වල සිටි පිරිස් පැමිණ තුවාලකරුවන් රෝහල් ගත කර ඇති අතර පසුව මඳ වේලාවකින් සිය පියාද මුළුතැන්ගෙයි බාල්කයක ලණුවක ආධාරයෙන් ගෙල වැළලාගෙන සිටි බට  දියණියක පොලිසියට පවසා ඇත.

 



අදහස් (0)

පස්දරු පියා බිරියට සහ දියණියකට පොරොවෙන් කොටලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 766 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site