‘සියක් සිප්සල්‘ ව්‍යාපෘතිය යටතේ කොළඹ සිට මොණරාගල දක්වා වූ දුෂ්කර පාසැල් 200 ක් තෝරාගෙන සංවර්ධනය කරන බව ජර්මනියේ හැම්බර්ග් නුවර පැවති ජාත්‍යන්තර සිංහ සමාජ 96 වෙනි සම්මේලනයේදී 306 ඒ2 සිංහ දිස්ත්‍රික්කයේ නව සිංහාධිපති ලෙස දිවුරුම් දී දිවයිනට පැමිණි මෙල්වින් ජෝන්ස් සම්මාන ලාභී අසංග සමරසේකර මහතා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද පැවසීය.
මේ ස++දහා රජය සමග ඉදිරියේදී අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් කොට අධ්‍යාපන අමාත්‍යංශය සම එක්ව මෙම පාසැල් සංවර්ධනය කිරීම කඩිනමින් අරඹන බවද ඒ මහතා කීය.
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී දිවයිනට පැමිණි නව සිංහාධිපති අසංග සමරසේකර මහතාව 306 ඒ 2 සිංහ දිස්ත‍්‍රික්කයේ උප සභාපති අර්ජුන් අබේසිංහ මහතා ඇතුළු නිලදාරීන් විසින් මල් දම් පළදවා ඉතා උනුසුම් අන්දමින් පිළිගනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගම්බද පාසල් තෝරා සංවර්ධනය කිරීම සුදුසුයි.සිටින සිසුන් ගණන එහිදී වැදගත් නොවේ. (දී)
සුභ පැතුම් !(නදී)
පාසලක් විවෘත කිරීම සිරගෙයක් වැසීමක් කියලා කතාවක් තියෙනවා. උගතුන් බිහි කිරීමෙන් මේවාට ඇතුල් වෙන අය සීමා වෙනවා.නිදහස් අධ්‍යාපනය නිසා අද උගතුන් ,ක්‍රීඩකයින් බොහෝ දුරට බිහිවන්නේ ගම්බදින්.ලංකාවේ අතී දුෂ්කර පළාත් වල විදුහල් 200 ක් තෝරා ගන්නේ නම් අසංග සමරසේකර මැතිතුමාට ගොඩාක් පින්. ඔබතුමාගේ උත්සාහයට උපහාර වේවා !!! (නි)
ඔය ටිකවත් හරියට කෙරුවොත් හොදයි (නි)
ඔය ටිකවත් හරියට කෙරුවොත් හොදයි. මෙයාගේ අනික් වැඩ ගන්න දෙයක් නැහැ.(නදී)
කව්රු කළත් හොද දේ හොදයි.(නදී)
අසංග සමරසේකර මහත්තයෝ පින් සිද්ද වෙයි. ප්‍රාදේශීය සභාපතිවරු නම් ගාව ගන්න නම් එපා මන්ත්‍රීවරුත් එපා.(නදී)
සින්හාධිපතිතුමනි,දේශපාලනය ගාව ගන්න එපා (නි)
සිංහ සමාජය කියන්නේ පිට රටවල් වලින් දෙන ආදාර මුදල් වලින් ලංකාවේ තියෙන හොදට තරු 5 හේ හොටෙල් වල බැන්ක්වට් හෝල් බූක් කරලා සාද දාලා කාල බීල සුපිරිම සැපක් අරන් මුදල් කාබාසිනියා කරන ආයතනයක්. සිංහ සමාජයෙන් කරන ලොකුම දේ තමයි බස් නැවතුමක් හදලා ලෝකෙට පේන්න "සිංහ සමාජය විසින් කරවන ලදී" කියල භාෂා තුනෙන්ම ලොකු අකුරෙන් නම කොටන එක.(නදී)
සිංහ සමාජය විසින් පාසල් දරුවන්ට පිටු 40 පොතක්වත් අරන් දුන්නද කියලත් හොයල බලන්න. මොකද ඔය සල්ලි වලින් මේ වෙන කොටත් 5 ස්ටාර්ට් හොටෙල් එකක සාදයක් සූදානම් කරලා ඇති. ලංකාවේ 5 ස්ටාර් හොටෙල් වල වැඩිම බැන්කට් හල් ප්‍රමාණයක් බූක් කරන්නේ සිංහ සමාජයෙන්. මම කියන්නේ වග කීමෙන්.(නදී)
සිංහාධිපතිලා, සිංහාදිපතිනියෝ කරන වැඩ බලන්න 5 ස්ටාර් හොටෙල් එකකටම ගිහින් බලන්නකෝ. අපරාදේ ලෝකයෙන් අසරණ මිනිසුන්ට උදව් කරන්න දෙන කෝටි ගණන් මුදල්.(නදී)
4 වෙනි ෆොටෝ එක දැක්කම පේනවලේ සිංහාධිපතියෝ තමන්ට තියෙන කෑම වේල පවා දුප්පත් මිනිසුන් වෙනුවෙන් පරිත්‍යාග කරලා කියලා.(නදී)
කිසිම හිරිකිතයක් නැතිව අසරණ මිනිසුන්ට උදව් කරන්න දෙන මුදල් වලින් සාදා දාලා හොදට කාලා බීලා ඒ මුදල් ගසා කන අය ඉන්න තැනක් තමයි සිංහ සමාජය කියන්නේ. මම මේ බැලුවේ පිර්ත් නූල් මිටියක් එහෙමත් බැදගෙනද කියලා.(නදී)
වැඩේ නම් ගොඩක් හොදයි. (නි)