IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘පංසල එපා නම් තැබෑරුමක් ඕනෑද?‘

බුලත්සිංහල ඈගල්ඔය ගිනි තැබූ පාරමිතා විශ්ව සමාධි ධර්මායතනය යළි ඉදි කිරීමට විරෝධය පළ කරන අයට අවශ්‍ය වන්නේ එතැන ගණිකාමඩමක්, තැබෑරුමක් හෝ පල්ලියක් ඉදිකිරීමදැයි අද සංහල රාවය සමග එහි ගිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අක්මීමන දයාරතන හිමියෝ අද එහිදී පැවසූහ.

එහි විහාරස්ථානය යළි ගොඩනැගීමට තම සහාය දක්වන බව ද ඒ හිමියෝ කීහ.

එම පන්සලට එරෙහිව හිමිවරුන් තුන් නමක් උපවාසයක් පවත්වන සුනන්දාරාමයට තවත් පිරිසක් සමග යන්නට ආ දයාරතන හිමියනට එහි දායක සභාව පැවසා ඇත්තේ පන්සලට ඇතුළුවීමට ඉඩ නොදෙන බවයි.

පසුව දයාරතන හිමියන් ඇතුළු දෙදනකුට එහි ගොස් විහාරාධිපති නවදගල ධම්මසිරි හිමියන් සමග සාකච්ඡා කිරීමට ඉඩ ලැබිණි.

ධම්මසිරි හිමියෝ ද පාරමිතා විශ්ව සමාධි ධර්මායතනයට එරෙහිව උද්ඝෝෂණය කරන හිමිවරුන්ගෙන් එක් නමකි.



අදහස් (0)

‘පංසල එපා නම් තැබෑරුමක් ඕනෑද?‘

අනුර Tuesday, 17 September 2013 08:34 AM

නිසාර්, ආගම යනු මායාවකි. එය මිනිස් සිතේ සිතුවිල්ලක් බව ලෙනින් කියා ඇත. සමානාත්මතාවය එකම ආගම බව පවසා ආගම් තහනම් කර රුසියානුවන් බලවත් ජාතියක් කළේය. කෙසේ වෙතත් ඔබ නිවැරදිය. පල්ලි හදන්නේ එම ජනතාව පදිංචි කෙරීමෙන් පසුව බව අප දන්නා නිසාය. ඒ තම විශ්වාසය අනුන් කෙරේ තහවරු කිරීමටය (නි)

:       0       0

සුජිත් කුමාර Monday, 16 September 2013 02:12 PM

ඔබ වහන්සේගේ කතාව හරියටම් හරි (දී)

:       0       0

අසේල Monday, 16 September 2013 02:15 PM

පන්සලට හම්බ වෙන ආදායම අඩු වෙන නිසා වෙන්න ඇති පන්සල් දෙකක් එපා කියන්නේ. එහෙම නැත්නම් ධර්මය ප්‍රචාරය කරන්න පන්සල් දෙකක් තියන එක කොච්චර හොද දෙයක්ද. (දී)

:       0       0

ගාමිණි Monday, 16 September 2013 07:36 PM

ගුණතිලක උපතින් බෞද්ධ ලේබලය බෙල්ලේ එල්ලා ගත්තාට කමක් නැහැ, ධර්මයෙන් ජීවත් වෙලා අනුන්ටත් පහනක් වෙන්න බලන්න. (නි)

:       0       0

සත්‍යයා Tuesday, 17 September 2013 08:58 AM

නිසාර් කියන විදිහට අපි පල්ලිය වෙනුවට පන්සල කියලා යොදා ගනිමු. (නි)

:       0       0

පද්ම Monday, 16 September 2013 02:24 PM

ලෝක විනාශය ලං වෙන කොට ඔහොම තමයි (දී)

:       0       0

ප්‍රදීප් Tuesday, 17 September 2013 09:18 AM

සමන්,පල්ලියක් සැදීමෙන් ඔයාලගේ ආගමට තර්ජනයක් වෙන්නෙ නැහැ (නි)

:       0       0

ලෝපේස් Monday, 16 September 2013 07:45 PM

නිවන් මගට පාර පළමුව සොයාගන්න බලන්න (නි)

:       0       0

නිමල් Tuesday, 17 September 2013 09:19 AM

අනුර මහතාණනි. මෙය ඔබගේ ආගම මායාවක් යන කියමන ගැන අදහසක් මිස වාදයකට පැටලීමක් නොවේ.මම එකිනෙකා නොදැක වාද කිරීමට සුදානම් අයෙකු නොවේ. ලෙනින් කියු නිසාද අද වාමාංශික පක්ෂ අපේක්ෂකයන් පවා අංක ලබාගෙන මනාපයට හොරෙන් පොරකන්නේ. තමන්ගේ විප්ලය නිසා විපතට පත් තරුණියන් සිටියදී , ඉන් අයෙකු විවාහ කර නොගෙන එක කැරලි නායකයෙක් වෛද්‍යවරියකගේ සොහොයුරියක් විවාහ කරගත්තේ ලෙනින් ගේ කීම අනුවද? ඔබ ඔබේ දරුවාට තබන්නේ ඔබේ වාසගමද නැත්නම් වෙනත් අයෙකුගේ වාසගමද?මම දන්නා විදිහට නම් හැම ආගමකින්ම උගන්වන්නේ වෙනත් අයෙකුට කරදරයක් නොවී ජීවත්වීමයි. සමහරු තමන්ගේ බඩගෝස්තරයට ආගම යොදා ගත්තාට ආගම නමැති ධාර්මික ඉගැන්වීමට ගරහන්න එපා. (නි)

:       0       0

ලුම්බිණි Monday, 16 September 2013 02:29 PM

අද ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීල හරියට පොලිසියේ නිලධාරීන් වගේ කටයුතු කරන්නේ. (දී)

:       0       0

නාලක Monday, 16 September 2013 02:30 PM

ඇයි මේ සින්හල අපිම අපිට ලැජ්ජා කරගන්නේ.අන්‍ය ආගමිකයෝ අපිට පස්ස පැත්තෙන් හිනා වෙන්නේ.හරිම දුකයි.

:       0       0

උපාලි Monday, 16 September 2013 08:10 PM

අපේ ගමේ පන්සල් 3 ක් තිබුණා. අපේ ගෙදර දානෙට ඔය පන්සල් තුනේම හාමුදුරුවෝ එක්වී වඩිනවා. අද ලාවෝස් අගනගරයට ගියාම හැම යාර 50 කටම පන්සලක් තියනවා උදේට හාමුදුරු කාණ්ඩ 5 ක් විතර පිණ්ඩපාතේ වඩිනවා. සමහරවිට එක කණ්ඩයක් යනතුරු අනිත් කාණ්ඩය හන්දියක සාමකාමීව නැවතිලා ඉන්නවා. (අ)

:       0       0

අසී Tuesday, 17 September 2013 10:00 AM

පන්සල් දෙකක් නෙමෙයි කීයක් හැදුවත් මොකද වෙන්නේ? (නි)

:       0       0

අචිනි Monday, 16 September 2013 02:45 PM

බලන්න අනෙක් ආගම් වල පූජකතුමන්ලා එකිනෙකාට ගරුකරමින් ඉන්න ලස්සන හාමුදුරුවරු දේශපාලනයට යොමු වෙච්ච එකේ වරද පේනවා නේද ? (ස)

:       0       0

කුමාරි Monday, 16 September 2013 02:48 PM

නිසාර්, පල්ලිය මුස්ලිම් වෙන්නත් පුළුවන් කතෝලික වෙන්නත් පුළුවන්.මුස්ලිම් අය නම් ගෙවල් 10කට 1 පල්ලිය ගානේ ඉදිවෙනවනම් කැමතියි.වැඩියෙන් ඉන්නෙ බෞද්ධයෙ නම් දායකයින්ට දානෙ දෙන්නත් පුළුවන් නම්, දේශනා කරන්නෙ බුදු දහම නම් මොකක්ද මේ ‍කඹ ඇදිල්ලෙ තේරුම. (ස)

:       0       0

පිටිගල මිලානෝ Monday, 16 September 2013 02:50 PM

'අක්මීමන දයාරත්න හාමුදුරු මන්ත්‍රිතුමෝ' නිවන් පුරේ යන මඟ ටිකක් කියලා දෙන්න පුලුවන්ද? (ස)

:       0       0

මංජුල Monday, 16 September 2013 08:44 PM

අනිත් මිනිස්සු බලාගෙන ඉන්නේ සිංහලයාට වරදිනකම්. එක ගමකට පන්සල් දෙක තුනක්ම තිබුනම මොකද? (නි)

:       0       0

කමල් Monday, 16 September 2013 02:58 PM

ආගමික ස්ථාන සෑදීමට පෙර රජයෙන් අවසර ගත යුතු නැතිද? නැත්නම් අවසර ගත යුතු බවට නීති ගෙන ආ යුතුයි (දී)

:       0       0

සමීර් Monday, 16 September 2013 03:05 PM

පල්ලියක් හදන්න ඔතන මුස්ලිම් කට්ටිය හෝ ක්‍රිස්තියානි කට්ටිය නැහැ නේද? පුලුවන්නම් තැබෑරුමක් අරින්න හොඳට බිස්නස් තියේවි. (දී)

:       0       0

මාමා Tuesday, 17 September 2013 10:49 AM

සමීර , කට කට... මගෙන් කන පලා ගන්න එපා .... (නි)

:       0       0

චන්ද්‍ර Monday, 16 September 2013 03:18 PM

සෑම ආගමකම ධර්මය උගන්වන තැනක් තිබිය යුතුමයි.ආමිසය කරන පන්සල් හැම ආගමකම තියෙනවා. ප්‍රතිපත්ති ගැන කතාකරන්නේ නැ ,තථාගතයන් වහන්සේ ප්‍රතිපත්ති පුජාවයි අගය කලේ , ප්‍රචාරය කරන්නේ ධර්මය නම් පන්සල් දහයක් තිබ්බත් මොකද වෙන්නේ , පන්සිල් නැති පන්සල් රට පුරාම තිබ්බත් ඇති ප්‍රයෝජනය කුමක්ද ? (ස)

:       0       0

අතුල Monday, 16 September 2013 03:20 PM

ඔතන තැබරුමක් අරින්න ගිහියන්ට නොවැ . බීමට කැමති චිවරධාරින්ට පමණක් . අර (ප්‍රාදේශීය ) සභා මන්ත්‍රීතුමා එක්ක . අපේම ආගම අපේම උන් හැල්ලුවට ලක් කරනා කාලයක් (ස)

:       0       0

ඇෆ්ගන් නිමල් Monday, 16 September 2013 09:35 PM

දයාරත්න හාමුදුරු වන්ගේ කතාවේ වරදක් නැහැ.මෙතන මේ හාමුදුරුවෝ හා ගමේ මිනුස්සු දේසපාලන වසයෙන් බෙදිලා වගේ රටේ මොනාහරි සිද්දියක් උන ගමන් පොලිසියට කලින් දෙසපාලන මහත්වරු එතන ඇති.මම ගැන මොන හිතුවත් කමක් නැහැ දේසපාලන මහත්වරුන්ට කියන්නේ ඔබතුමාලගේ ඡන්ද ගොඩවල් ඕනේ විදිහකින් වැඩිකර ගන්න ආගම් හා මිනුස්සු බෙදන් නැතිව. හාමුදුරුවන් වහන් සෙලත් පාට පක්සවලින් අයින් වෙලා මධ්‍යස්තව වැඩකරොත් මේ දේවල් ලේසියෙන් විසදගන්න පුළුවනි කියන එක මගේ මතය. (අ)

:       0       0

හසීම් Tuesday, 17 September 2013 11:20 AM

පල්ලි ගාවන්නේ නැතුව ඕනෑ දෙයක් (නි)

:       0       0

විජේසිංහ Monday, 16 September 2013 03:30 PM

මගේ පෞද්ගලික අදහස - පන්සල් දෙකක් මගින් ගම දෙකට කැඩෙනවා, ගමේ සමගියට හොද නෑ. හාමදුරු ගොල්ලො පිල් බෙදෙනවා. මේවා දේශපාලුවන්ගේ ගැට, අහු වෙන්න එපා (අ)

:       0       0

අමිල Monday, 16 September 2013 03:32 PM

ලෝක විනාසේ නෙමයි ලංකාවේ විනාසේ , ලෝකෙම ගාවගන්න එපා (අ)

:       0       0

සමීර Monday, 16 September 2013 03:49 PM

පල්ලියක් එපාද නිසාර් ඔයාලට කොහොමත් මේ රට තහනම් කරන්න ඕනි. මොකද මේ රට බේර ගත්තෙ අපේ හමුදාවේ සිංහල කොල්ලෝ. (ස)

:       0       0

පුබුදු Monday, 16 September 2013 03:54 PM

එක පන්සලක් ඇති ගමට - එක්ක ගමකට එක්ක වැඩක් සංකල්පය අනුව (ස)

:       0       0

සුනිල් Monday, 16 September 2013 10:36 PM

බල්ලෝ බුරති (අ)

:       0       0

විල්සන් Monday, 16 September 2013 04:12 PM

කොතරම් පන්සල් තිබුනත් මොකටද ලංකාවේ මිනිස්සු සීලාචාර හොඳ මිනිස්සු වේද ? (ස)

:       0       0

ප්‍රේම් Monday, 16 September 2013 04:26 PM

මේ ඔක්කොම බොරු. එන්න බලන්න අපේ ගමේ පංසල් තියනවා 2ක්. රජමහාරය පිරිවෙනක්. අපේ හාමුදුරුවරු පන්සල් තියන දාන වලට පින්කම් වලට සහභාගි වෙනවා. කිසිම භේදයක් නැ. ගමේ මිනිස්සුත් හැම පන්සලේම ඉන්නවා. ඒ අතින් බැලුවම අපේ ගම ජාතිත් මට වාසනාවන්. ඕන කෙනෙකුට එන්න පුළුවන් බලන්න. (ස)

:       0       0

දිසානායක Monday, 16 September 2013 11:08 PM

බුදු බන ඇසුවා නිරන්තරේ ..බුදු බණ දෙසුවා නිරන්තරේ ...ගතිගුණ අතින් අපි තවමත් ..වනන්තරේ.. වනන්තරේ...(නදී)

:       0       0

ගුණතිලක Monday, 16 September 2013 04:32 PM

බුදු දහමින් පෝෂණය උන රටකට පන්සල් කොපමණ තිබුනත්!අපි බෞද්ධයෝ බව අමතක නොකරන්න!!! (ස)

:       0       0

ඉන්හම් Monday, 16 September 2013 04:41 PM

අපේ සිංහල කට්ටිය ධාර්මික මාවතට ගෙන එන්න නම් නැවට බුදුහාමුදුරුවෝ ලංකාවට වඩින්න ඕනේ. (ස)

:       0       0

සුනිල් අබේරත්න Monday, 16 September 2013 04:51 PM

නිසාර්, ඔබට කියන්න පුලුවන්ද ලංකාවේ මුස්ලිම් මිනිහෙක් නැති ගමක් ගැන .අදහස් දානකොට මොලේ පාවිචිචි කරන්න. (ස)

:       0       0

ඒලියන් Monday, 16 September 2013 04:51 PM

නිසාර් - අපේ රටට එක පන්සලක් තිබුනත් ඇති විශේෂයෙන් ඔයාලා නැත්නම් අපේ රටේ..අනික තමයි මගේ ගමේ පන්සල් දෙකයි , අරණ්‍ය සේනාසනයකුයි තියෙනවා ගම අවට පන්සල් 4ක් 5ක් තියෙනවා.ඒත් කිසිම කෙනෙක් බෙදිලා නෑ..ගෙදරක දානයක් තිබුනොත් හැම පන්සලකින්ම හාමුදුරුවරු වඩම්මනවා.දකින්න ආස දසුන් තමයි ඒවා.ඉඳල හිටලා ගමට ගියත් පුදුම සැනසීමක් දැනෙන්නේ..අපේ පාලකයොයි , නිසාර් ලගේ අයයි මේ රටට කරන විනාසේ දැක්කම අපට අපි ගැනම දුකයි...බුදු දහම එක්ක ජිවත් වන්නාට හැමදාම ස්වාභාව ධර්මයේ ආශීර්වාදය ලැබෙනවා...මේ රට බේරා ගත්ත රණ විරුවන්ට ජාති ජාතිත් පින් අයිති වේවා..බුදු දහමට වචනෙකින් හරි වින කටින්නන්ට වෙන දේවල් ඇස් පනා පිටම අපිට පේනවා.. (ස)

:       0       0

ටෙනිසන් Monday, 16 September 2013 04:54 PM

නිසාර් පල්ලි තියෙන්නේ ඔයගොල්ලන්ට විතරද. ක්‍රිස්තියානි, කතෝලික,මෙතෝදිස්ත ,ඔර්ථොදොෂ්,පෙන්තකොස්, මෙයලටත් තියෙන්නේ පල්ලි තමයි. මදරසා වල ඕව උගන්නන්නේ නැහැ නේ. (ස)

:       0       0

උක්කුන් Monday, 16 September 2013 05:04 PM

මේ ආගම එක පාලන අධිකාරියක් යටතේ පාලනය කළ යුතු බව මගේ අදහසයි. හරියට මේ රටේ තියෙන සියලු පාසල් අධ්‍යාපන අමාත්‍යංශයෙන් පාලනය වෙනවා වගේ. ලොකු හාමුදුරුවෝ පත් කිරීමේ සිට, මහන කළ යුත්තේ කව්රුන්ද පන්සල් වලට ලැබෙන ආධාර බෙදිය යුත්තේ, පොත් පත්, සිවුරු මේ සියල්ල තීරණය කිරීම සහ පන්සලක විය යුතු අනෙකුත් දේවල් වල ඒකීය බවක් ඇති කළ යුතුය. නැත්තම් මේ අපේ මතු දරුවන්ට උරුම කරදෙන්න තියෙන වටිනාම සම්පත නැති කරනවා. (නි)

:       0       0

සජී Monday, 16 September 2013 05:04 PM

ඔය පැන්නේ නිසාර්ගේ බළලා මල්ලෙන් එළියට.. මුස්ලිම් අයට විතරක් නෙමෙයි,කතෝලික අයටත් පල්ලි තිබෙනවා හාමුදුරුවෝ මුස්ලිම් පල්ලි කියලා නැහැනේ. ඔයාත් වක්‍රාකාරව පිළිගන්නවා පල්ලියක් හදනවා කිවුවොත් ඒක මුස්ලිම් පල්ලියක් කියලා. (නි)

:       0       0

දිල්ශානි Monday, 16 September 2013 05:11 PM

ඔතන කැසිනෝවක් පටන් ගනිමුද? අපේ දේශපාලකයින්ට ඡන්දෙ දෙන අයට බුවලු පාර දෙන්න ඕනෑ. (නි)

:       0       0

ජගත් Monday, 16 September 2013 05:45 PM

ඔය ප්‍රශ්නය අපේ අහවල් හාමුදුරුවන්ගෙන් අහන්නකො (නි)

:       0       0

අසංග Monday, 16 September 2013 05:45 PM

නිසාර්, හැම වේ‍ලේම ඔබලා බලන්නේ ආගම්වාදීව. හාමුදුරුවෝ මොන පල්ලියක්ද කියන එක සඳහන් කරලා නැත. ඒ වගේ දෙයක් සඳහන් කළත් කමක් නැත. අපිට පෙනෙන විදියට දැන් ඔබලාට නිදහස වැඩි වෙලා වගේ පෙනෙන්නේ. නිකන් අන්තවාදී අදහස් පල කරන්න එපා. (නි)

:       0       0

සමන් Monday, 16 September 2013 05:51 PM

කුමාරි, ඔයා හිතනවද පල්ලි ඉදිවීමෙන් අපේ ආගමට තර්ජනයක් වෙනවා කියලා? කොහෙත්ම නැහැ. (නි)

:       0       0

සමන් Monday, 16 September 2013 05:53 PM

එහෙනම් මේ හාමුදුරුවෝ මුස්ලිම් හා කතෝලික අයගේ පල්ලි වලට විරුද්ධයිද? (නි)

:       0       0

ලලිත් Tuesday, 17 September 2013 01:41 AM

ඉතින් දෙකේ වැඩි වෙනසක් නැහැනේ? තැබෑරුම ළඟ මිනිස්සු රෙදි උස්සාගෙන බෙරිහන් දෙනවා. සමහර හාමුදුරුවරු සිවුරු උස්සාගෙන බෙරිහන්දෙනවා. පාංශකූලේට එන්න කිව්වොත්, මට වැඩ තියෙනවා වෙන උන්නාන්සේ කෙනෙකුට ආරාධනා කරන්න කියනවා. (නි)

:       0       0

ඉෂාක් Monday, 16 September 2013 05:57 PM

සජී, අපි මොකට බය වෙන්නද? පල්ලි හදන්නේ අපේ ආගම අදහන්න මිස අන්‍ය ආගමිකයන්ට පහර දෙන්න නෙමෙයි. මම නම් හිතන්නේ මේ සජී කවරදාවකවත් පන්සලක් පැත්තේ ගිහින් නැහැ කියලා. හේතුව එයා දන්නේ නැහැ පන්සල් පල්ලි වල මොනවද වෙන්නේ කියලා (නි)

:       0       0

ඉෂාක් Monday, 16 September 2013 06:17 PM

අසංග,මේ රටේ සියලුම ජාතීන්ට නිදහස කියන දේ වලංගුයි. (නි)

:       0       0

හේරත් Monday, 16 September 2013 06:24 PM

කැබිනට් එකෙත් එහෙමනේ? අධ්‍යාපන, උසස් අධ්‍යාපන, අධ්‍යාපන සේවා... අරවා මේවා ඔක්කොම එකයි නොවැ (නි)

:       0       0

ජයම්පති Tuesday, 17 September 2013 06:01 AM

අනේ පන්සලුත් එපාද දැන්? (නි)

:       0       0

රොනී Tuesday, 17 September 2013 07:11 AM

සිවුර පටලවාගෙන හිටියට සමහර "හාමුදුරුවරුන්ගේ" බෞද්ධකමක් නැහැ. බෞද්ධයිනි , පන්සල් වැඩි වුනා කියලා සමාජය යහපත් වෙන්නේ නැහැ. පන්සල් වැඩිවෙන ගානට ගම භේදබින්න වෙනවා. (නි)

:       0       0

රහීම් Tuesday, 17 September 2013 07:55 AM

කණගාටුදායක තත්වයක්. එකම ආගම අදහන එකම පාට සිවුරු ඇඳගෙන මෙහෙම වැඩ කරන අය කොහොමද ධර්මය ගැන අන් අය‍ට කියා දෙන්නේ (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Monday, 16 September 2013 07:10 PM

සමීර, මහා ලොකු වීරයෝ වෙන්න හදන්න එපා. මේ රට බේරාගත්තේ සිංහල කොල්ලෝ කියලා කියනවාට වඩා දේශප්‍රේමී ලාංකිකයෝ කියන්න. (නි)

:       0       0

ප්‍රභා Monday, 16 September 2013 02:08 PM

අනිත් ආගම්වල ඇද හොයන්න කලින් ඔය කුලල්කා ගැනිල්ල නතර කර ගත්තොත් හොද නැද්ද (දී)

:       0       0

රිෂාර්ඩ් Monday, 16 September 2013 07:23 PM

බලන්න මේ සංවිධානය ප්‍රකාශන කරන හැටි? මෙහෙමද ප්‍රකාශ කරන්නේ.මේ ස්ථාන තුනෙන්ම එකම දෙයක්ද වෙන්නේ ? (නි)

:       0       0

රාමා Monday, 16 September 2013 02:09 PM

දයරත්නේ හිමිට විතරයි හොඳ නරක තේරෙන්නේ පන්සල් කොච්චර තිබුනම මොකද වෙන්නේ (දී)

:       0       0

රන්ජනී Monday, 16 September 2013 07:25 PM

කුමාරිට නම් කියන විදිහට නුවනක් නම් නැහැ .මොනවා වෙලාද මේ මිනිස්සුන්ට (නි)

:       0       0

නිසාර් Monday, 16 September 2013 02:10 PM

"ගණිකාමඩමක්, තැබෑරුමක් හෝ පල්ලියක්". මෙතන පල්ලියක් සම්බන්ද කිරීම හෙලා දකිමි. මුස්ලිම් අය නැති ප්‍රදෙසවල පල්ලි අපට අවශ්‍ය නැහැ. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1002 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6175 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3444 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 293 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1488 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1600 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28524 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23599 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site