බුලත්සිංහල ඈගල්ඔය ගිනි තැබූ පාරමිතා විශ්ව සමාධි ධර්මායතනය යළි ඉදි කිරීමට විරෝධය පළ කරන අයට අවශ්‍ය වන්නේ එතැන ගණිකාමඩමක්, තැබෑරුමක් හෝ පල්ලියක් ඉදිකිරීමදැයි අද සංහල රාවය සමග එහි ගිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අක්මීමන දයාරතන හිමියෝ අද එහිදී පැවසූහ.
එහි විහාරස්ථානය යළි ගොඩනැගීමට තම සහාය දක්වන බව ද ඒ හිමියෝ කීහ.
එම පන්සලට එරෙහිව හිමිවරුන් තුන් නමක් උපවාසයක් පවත්වන සුනන්දාරාමයට තවත් පිරිසක් සමග යන්නට ආ දයාරතන හිමියනට එහි දායක සභාව පැවසා ඇත්තේ පන්සලට ඇතුළුවීමට ඉඩ නොදෙන බවයි.
පසුව දයාරතන හිමියන් ඇතුළු දෙදනකුට එහි ගොස් විහාරාධිපති නවදගල ධම්මසිරි හිමියන් සමග සාකච්ඡා කිරීමට ඉඩ ලැබිණි.
ධම්මසිරි හිමියෝ ද පාරමිතා විශ්ව සමාධි ධර්මායතනයට එරෙහිව උද්ඝෝෂණය කරන හිමිවරුන්ගෙන් එක් නමකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දයාරත්න හාමුදුරු වන්ගේ කතාවේ වරදක් නැහැ.මෙතන මේ හාමුදුරුවෝ හා ගමේ මිනුස්සු දේසපාලන වසයෙන් බෙදිලා වගේ රටේ මොනාහරි සිද්දියක් උන ගමන් පොලිසියට කලින් දෙසපාලන මහත්වරු එතන ඇති.මම ගැන මොන හිතුවත් කමක් නැහැ දේසපාලන මහත්වරුන්ට කියන්නේ ඔබතුමාලගේ ඡන්ද ගොඩවල් ඕනේ විදිහකින් වැඩිකර ගන්න ආගම් හා මිනුස්සු බෙදන් නැතිව. හාමුදුරුවන් වහන් සෙලත් පාට පක්සවලින් අයින් වෙලා මධ්‍යස්තව වැඩකරොත් මේ දේවල් ලේසියෙන් විසදගන්න පුළුවනි කියන එක මගේ මතය. (අ)
ඔය ප්‍රශ්නය අපේ අහවල් හාමුදුරුවන්ගෙන් අහන්නකො (නි)
නිසාර්, හැම වේලේම ඔබලා බලන්නේ ආගම්වාදීව. හාමුදුරුවෝ මොන පල්ලියක්ද කියන එක සඳහන් කරලා නැත. ඒ වගේ දෙයක් සඳහන් කළත් කමක් නැත. අපිට පෙනෙන විදියට දැන් ඔබලාට නිදහස වැඩි වෙලා වගේ පෙනෙන්නේ. නිකන් අන්තවාදී අදහස් පල කරන්න එපා. (නි)
කුමාරි, ඔයා හිතනවද පල්ලි ඉදිවීමෙන් අපේ ආගමට තර්ජනයක් වෙනවා කියලා? කොහෙත්ම නැහැ. (නි)
එහෙනම් මේ හාමුදුරුවෝ මුස්ලිම් හා කතෝලික අයගේ පල්ලි වලට විරුද්ධයිද? (නි)
සජී, අපි මොකට බය වෙන්නද? පල්ලි හදන්නේ අපේ ආගම අදහන්න මිස අන්‍ය ආගමිකයන්ට පහර දෙන්න නෙමෙයි. මම නම් හිතන්නේ මේ සජී කවරදාවකවත් පන්සලක් පැත්තේ ගිහින් නැහැ කියලා. හේතුව එයා දන්නේ නැහැ පන්සල් පල්ලි වල මොනවද වෙන්නේ කියලා (නි)
අසංග,මේ රටේ සියලුම ජාතීන්ට නිදහස කියන දේ වලංගුයි. (නි)
කැබිනට් එකෙත් එහෙමනේ? අධ්‍යාපන, උසස් අධ්‍යාපන, අධ්‍යාපන සේවා... අරවා මේවා ඔක්කොම එකයි නොවැ (නි)
සමීර, මහා ලොකු වීරයෝ වෙන්න හදන්න එපා. මේ රට බේරාගත්තේ සිංහල කොල්ලෝ කියලා කියනවාට වඩා දේශප්‍රේමී ලාංකිකයෝ කියන්න. (නි)
බලන්න මේ සංවිධානය ප්‍රකාශන කරන හැටි? මෙහෙමද ප්‍රකාශ කරන්නේ.මේ ස්ථාන තුනෙන්ම එකම දෙයක්ද වෙන්නේ ? (නි)
කුමාරිට නම් කියන විදිහට නුවනක් නම් නැහැ .මොනවා වෙලාද මේ මිනිස්සුන්ට (නි)
ගුණතිලක උපතින් බෞද්ධ ලේබලය බෙල්ලේ එල්ලා ගත්තාට කමක් නැහැ, ධර්මයෙන් ජීවත් වෙලා අනුන්ටත් පහනක් වෙන්න බලන්න. (නි)
නිවන් මගට පාර පළමුව සොයාගන්න බලන්න (නි)
අපේ ගමේ පන්සල් 3 ක් තිබුණා. අපේ ගෙදර දානෙට ඔය පන්සල් තුනේම හාමුදුරුවෝ එක්වී වඩිනවා. අද ලාවෝස් අගනගරයට ගියාම හැම යාර 50 කටම පන්සලක් තියනවා උදේට හාමුදුරු කාණ්ඩ 5 ක් විතර පිණ්ඩපාතේ වඩිනවා. සමහරවිට එක කණ්ඩයක් යනතුරු අනිත් කාණ්ඩය හන්දියක සාමකාමීව නැවතිලා ඉන්නවා. (අ)
අනිත් මිනිස්සු බලාගෙන ඉන්නේ සිංහලයාට වරදිනකම්. එක ගමකට පන්සල් දෙක තුනක්ම තිබුනම මොකද? (නි)
ඔතන කැසිනෝවක් පටන් ගනිමුද? අපේ දේශපාලකයින්ට ඡන්දෙ දෙන අයට බුවලු පාර දෙන්න ඕනෑ. (නි)
බල්ලෝ බුරති (අ)
බුදු බන ඇසුවා නිරන්තරේ ..බුදු බණ දෙසුවා නිරන්තරේ ...ගතිගුණ අතින් අපි තවමත් ..වනන්තරේ.. වනන්තරේ...(නදී)
ඉතින් දෙකේ වැඩි වෙනසක් නැහැනේ? තැබෑරුම ළඟ මිනිස්සු රෙදි උස්සාගෙන බෙරිහන් දෙනවා. සමහර හාමුදුරුවරු සිවුරු උස්සාගෙන බෙරිහන්දෙනවා. පාංශකූලේට එන්න කිව්වොත්, මට වැඩ තියෙනවා වෙන උන්නාන්සේ කෙනෙකුට ආරාධනා කරන්න කියනවා. (නි)
අනේ පන්සලුත් එපාද දැන්? (නි)
සිවුර පටලවාගෙන හිටියට සමහර "හාමුදුරුවරුන්ගේ" බෞද්ධකමක් නැහැ. බෞද්ධයිනි , පන්සල් වැඩි වුනා කියලා සමාජය යහපත් වෙන්නේ නැහැ. පන්සල් වැඩිවෙන ගානට ගම භේදබින්න වෙනවා. (නි)
කණගාටුදායක තත්වයක්. එකම ආගම අදහන එකම පාට සිවුරු ඇඳගෙන මෙහෙම වැඩ කරන අය කොහොමද ධර්මය ගැන අන් අයට කියා දෙන්නේ (නි)
නිසාර්, ආගම යනු මායාවකි. එය මිනිස් සිතේ සිතුවිල්ලක් බව ලෙනින් කියා ඇත. සමානාත්මතාවය එකම ආගම බව පවසා ආගම් තහනම් කර රුසියානුවන් බලවත් ජාතියක් කළේය. කෙසේ වෙතත් ඔබ නිවැරදිය. පල්ලි හදන්නේ එම ජනතාව පදිංචි කෙරීමෙන් පසුව බව අප දන්නා නිසාය. ඒ තම විශ්වාසය අනුන් කෙරේ තහවරු කිරීමටය (නි)
නිසාර් කියන විදිහට අපි පල්ලිය වෙනුවට පන්සල කියලා යොදා ගනිමු. (නි)
සමන්,පල්ලියක් සැදීමෙන් ඔයාලගේ ආගමට තර්ජනයක් වෙන්නෙ නැහැ (නි)
අනුර මහතාණනි. මෙය ඔබගේ ආගම මායාවක් යන කියමන ගැන අදහසක් මිස වාදයකට පැටලීමක් නොවේ.මම එකිනෙකා නොදැක වාද කිරීමට සුදානම් අයෙකු නොවේ. ලෙනින් කියු නිසාද අද වාමාංශික පක්ෂ අපේක්ෂකයන් පවා අංක ලබාගෙන මනාපයට හොරෙන් පොරකන්නේ. තමන්ගේ විප්ලය නිසා විපතට පත් තරුණියන් සිටියදී , ඉන් අයෙකු විවාහ කර නොගෙන එක කැරලි නායකයෙක් වෛද්‍යවරියකගේ සොහොයුරියක් විවාහ කරගත්තේ ලෙනින් ගේ කීම අනුවද? ඔබ ඔබේ දරුවාට තබන්නේ ඔබේ වාසගමද නැත්නම් වෙනත් අයෙකුගේ වාසගමද?මම දන්නා විදිහට නම් හැම ආගමකින්ම උගන්වන්නේ වෙනත් අයෙකුට කරදරයක් නොවී ජීවත්වීමයි. සමහරු තමන්ගේ බඩගෝස්තරයට ආගම යොදා ගත්තාට ආගම නමැති ධාර්මික ඉගැන්වීමට ගරහන්න එපා. (නි)
පන්සල් දෙකක් නෙමෙයි කීයක් හැදුවත් මොකද වෙන්නේ? (නි)
සමීර , කට කට... මගෙන් කන පලා ගන්න එපා .... (නි)
පල්ලි ගාවන්නේ නැතුව ඕනෑ දෙයක් (නි)
ඔතන තැබරුමක් අරින්න ගිහියන්ට නොවැ . බීමට කැමති චිවරධාරින්ට පමණක් . අර (ප්‍රාදේශීය ) සභා මන්ත්‍රීතුමා එක්ක . අපේම ආගම අපේම උන් හැල්ලුවට ලක් කරනා කාලයක් (ස)
දයරත්නේ හිමිට විතරයි හොඳ නරක තේරෙන්නේ පන්සල් කොච්චර තිබුනම මොකද වෙන්නේ (දී)
"ගණිකාමඩමක්, තැබෑරුමක් හෝ පල්ලියක්". මෙතන පල්ලියක් සම්බන්ද කිරීම හෙලා දකිමි. මුස්ලිම් අය නැති ප්‍රදෙසවල පල්ලි අපට අවශ්‍ය නැහැ. (දී)
ඔබ වහන්සේගේ කතාව හරියටම් හරි (දී)
පන්සලට හම්බ වෙන ආදායම අඩු වෙන නිසා වෙන්න ඇති පන්සල් දෙකක් එපා කියන්නේ. එහෙම නැත්නම් ධර්මය ප්‍රචාරය කරන්න පන්සල් දෙකක් තියන එක කොච්චර හොද දෙයක්ද. (දී)
ලෝක විනාශය ලං වෙන කොට ඔහොම තමයි (දී)
අද ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීල හරියට පොලිසියේ නිලධාරීන් වගේ කටයුතු කරන්නේ. (දී)
ඇයි මේ සින්හල අපිම අපිට ලැජ්ජා කරගන්නේ.අන්‍ය ආගමිකයෝ අපිට පස්ස පැත්තෙන් හිනා වෙන්නේ.හරිම දුකයි.
බලන්න අනෙක් ආගම් වල පූජකතුමන්ලා එකිනෙකාට ගරුකරමින් ඉන්න ලස්සන හාමුදුරුවරු දේශපාලනයට යොමු වෙච්ච එකේ වරද පේනවා නේද ? (ස)
නිසාර්, පල්ලිය මුස්ලිම් වෙන්නත් පුළුවන් කතෝලික වෙන්නත් පුළුවන්.මුස්ලිම් අය නම් ගෙවල් 10කට 1 පල්ලිය ගානේ ඉදිවෙනවනම් කැමතියි.වැඩියෙන් ඉන්නෙ බෞද්ධයෙ නම් දායකයින්ට දානෙ දෙන්නත් පුළුවන් නම්, දේශනා කරන්නෙ බුදු දහම නම් මොකක්ද මේ කඹ ඇදිල්ලෙ තේරුම. (ස)
'අක්මීමන දයාරත්න හාමුදුරු මන්ත්‍රිතුමෝ' නිවන් පුරේ යන මඟ ටිකක් කියලා දෙන්න පුලුවන්ද? (ස)
ආගමික ස්ථාන සෑදීමට පෙර රජයෙන් අවසර ගත යුතු නැතිද? නැත්නම් අවසර ගත යුතු බවට නීති ගෙන ආ යුතුයි (දී)
පල්ලියක් හදන්න ඔතන මුස්ලිම් කට්ටිය හෝ ක්‍රිස්තියානි කට්ටිය නැහැ නේද? පුලුවන්නම් තැබෑරුමක් අරින්න හොඳට බිස්නස් තියේවි. (දී)
සෑම ආගමකම ධර්මය උගන්වන තැනක් තිබිය යුතුමයි.ආමිසය කරන පන්සල් හැම ආගමකම තියෙනවා. ප්‍රතිපත්ති ගැන කතාකරන්නේ නැ ,තථාගතයන් වහන්සේ ප්‍රතිපත්ති පුජාවයි අගය කලේ , ප්‍රචාරය කරන්නේ ධර්මය නම් පන්සල් දහයක් තිබ්බත් මොකද වෙන්නේ , පන්සිල් නැති පන්සල් රට පුරාම තිබ්බත් ඇති ප්‍රයෝජනය කුමක්ද ? (ස)
අනිත් ආගම්වල ඇද හොයන්න කලින් ඔය කුලල්කා ගැනිල්ල නතර කර ගත්තොත් හොද නැද්ද (දී)
මගේ පෞද්ගලික අදහස - පන්සල් දෙකක් මගින් ගම දෙකට කැඩෙනවා, ගමේ සමගියට හොද නෑ. හාමදුරු ගොල්ලො පිල් බෙදෙනවා. මේවා දේශපාලුවන්ගේ ගැට, අහු වෙන්න එපා (අ)
ලෝක විනාසේ නෙමයි ලංකාවේ විනාසේ , ලෝකෙම ගාවගන්න එපා (අ)
පල්ලියක් එපාද නිසාර් ඔයාලට කොහොමත් මේ රට තහනම් කරන්න ඕනි. මොකද මේ රට බේර ගත්තෙ අපේ හමුදාවේ සිංහල කොල්ලෝ. (ස)
එක පන්සලක් ඇති ගමට - එක්ක ගමකට එක්ක වැඩක් සංකල්පය අනුව (ස)
කොතරම් පන්සල් තිබුනත් මොකටද ලංකාවේ මිනිස්සු සීලාචාර හොඳ මිනිස්සු වේද ? (ස)
මේ ඔක්කොම බොරු. එන්න බලන්න අපේ ගමේ පංසල් තියනවා 2ක්. රජමහාරය පිරිවෙනක්. අපේ හාමුදුරුවරු පන්සල් තියන දාන වලට පින්කම් වලට සහභාගි වෙනවා. කිසිම භේදයක් නැ. ගමේ මිනිස්සුත් හැම පන්සලේම ඉන්නවා. ඒ අතින් බැලුවම අපේ ගම ජාතිත් මට වාසනාවන්. ඕන කෙනෙකුට එන්න පුළුවන් බලන්න. (ස)
බුදු දහමින් පෝෂණය උන රටකට පන්සල් කොපමණ තිබුනත්!අපි බෞද්ධයෝ බව අමතක නොකරන්න!!! (ස)
අපේ සිංහල කට්ටිය ධාර්මික මාවතට ගෙන එන්න නම් නැවට බුදුහාමුදුරුවෝ ලංකාවට වඩින්න ඕනේ. (ස)
නිසාර්, ඔබට කියන්න පුලුවන්ද ලංකාවේ මුස්ලිම් මිනිහෙක් නැති ගමක් ගැන .අදහස් දානකොට මොලේ පාවිචිචි කරන්න. (ස)
නිසාර් - අපේ රටට එක පන්සලක් තිබුනත් ඇති විශේෂයෙන් ඔයාලා නැත්නම් අපේ රටේ..අනික තමයි මගේ ගමේ පන්සල් දෙකයි , අරණ්‍ය සේනාසනයකුයි තියෙනවා ගම අවට පන්සල් 4ක් 5ක් තියෙනවා.ඒත් කිසිම කෙනෙක් බෙදිලා නෑ..ගෙදරක දානයක් තිබුනොත් හැම පන්සලකින්ම හාමුදුරුවරු වඩම්මනවා.දකින්න ආස දසුන් තමයි ඒවා.ඉඳල හිටලා ගමට ගියත් පුදුම සැනසීමක් දැනෙන්නේ..අපේ පාලකයොයි , නිසාර් ලගේ අයයි මේ රටට කරන විනාසේ දැක්කම අපට අපි ගැනම දුකයි...බුදු දහම එක්ක ජිවත් වන්නාට හැමදාම ස්වාභාව ධර්මයේ ආශීර්වාදය ලැබෙනවා...මේ රට බේරා ගත්ත රණ විරුවන්ට ජාති ජාතිත් පින් අයිති වේවා..බුදු දහමට වචනෙකින් හරි වින කටින්නන්ට වෙන දේවල් ඇස් පනා පිටම අපිට පේනවා.. (ස)
නිසාර් පල්ලි තියෙන්නේ ඔයගොල්ලන්ට විතරද. ක්‍රිස්තියානි, කතෝලික,මෙතෝදිස්ත ,ඔර්ථොදොෂ්,පෙන්තකොස්, මෙයලටත් තියෙන්නේ පල්ලි තමයි. මදරසා වල ඕව උගන්නන්නේ නැහැ නේ. (ස)
මේ ආගම එක පාලන අධිකාරියක් යටතේ පාලනය කළ යුතු බව මගේ අදහසයි. හරියට මේ රටේ තියෙන සියලු පාසල් අධ්‍යාපන අමාත්‍යංශයෙන් පාලනය වෙනවා වගේ. ලොකු හාමුදුරුවෝ පත් කිරීමේ සිට, මහන කළ යුත්තේ කව්රුන්ද පන්සල් වලට ලැබෙන ආධාර බෙදිය යුත්තේ, පොත් පත්, සිවුරු මේ සියල්ල තීරණය කිරීම සහ පන්සලක විය යුතු අනෙකුත් දේවල් වල ඒකීය බවක් ඇති කළ යුතුය. නැත්තම් මේ අපේ මතු දරුවන්ට උරුම කරදෙන්න තියෙන වටිනාම සම්පත නැති කරනවා. (නි)
ඔය පැන්නේ නිසාර්ගේ බළලා මල්ලෙන් එළියට.. මුස්ලිම් අයට විතරක් නෙමෙයි,කතෝලික අයටත් පල්ලි තිබෙනවා හාමුදුරුවෝ මුස්ලිම් පල්ලි කියලා නැහැනේ. ඔයාත් වක්‍රාකාරව පිළිගන්නවා පල්ලියක් හදනවා කිවුවොත් ඒක මුස්ලිම් පල්ලියක් කියලා. (නි)