වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ මහනුවර කිංග්ස්වුඞ් විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අතර බෝගම්බර ක‍්‍රීඩාංගණයේදී අද (27) පස්වරුවේ පැවැති තරගයේදී දෙපිලේ ක‍්‍රීඩකයන් අතර ඇති වූ ගැටුමේදී තුවාල ලැබූ ක‍්‍රීඩකයන් අට දෙනකු මහනුවර මහ රෝහලට ඇතුළත්කර තිබේ.
මහනුවර මහ රෝහල් පොලිසියෙන් මේ පිළිබඳව කළ විමසුමකදී එහි නිලධාරියකු පැවසුවේ පාසල් දෙකේම ක‍්‍රීඩකයන් සිවුදෙනකු බැගින් රෝහල්ගතව සිටින බවත් මේ පිළිබඳව පාසල් දෙකෙන්ම පැමිණිලි කර ඇති බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඉතින් නුවර ආදර්ශමත් විනයගරුක ක්‍රීඩා විලාශය ,(අ)
අනේද කියන්නෙ ලංකාවෙ රගර් එකතැන පල්වෙනව. නවසීලන්තෙයි ජපානෙයි මැච් එකක් තිබුනාම ජපානෙට අන්ත පරාජයක්. ලංකාවයි ජපානයයි මැච් එකක් නං ලංකාවට අන්තෙටම පරාදයි (බලනකොටත් දුකයි). ලඟදි පිලිපීනෙටත් පරාදයි නේද? ඒ මොනව වුනත් ගහ ගන්න එක නං පුලුවන්, ඒ වගේ සිද්ධි කොච්චර මෑත කාලයේ වාර්තා වුනාද?. රගර් ආක්‍රමණශීලි ක්‍රීඩාවක් තමයි ඒ වුනත් නවසීලන්තය ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල ඔයිට වඩා ඉහල විනයක් තියෙනව. මේ විදියට ගියොත් ලංකාවට රගර් වල පෙරලියක් කිරීම හීනයක්ම තමා. (අ)
අරුද්දක් විතර තරග තහනම් කරනම් හරි යනවා (අ)
ඔවුන් කවදාවත් හැදෙන් ජාතියක් නෙවෙයි. එකමුතුව සෙල්ලම් කරන්න දන්නේ නැති අයට ආයේ කවදාවත් තරගවලට එන්න දෙන්න එපා. තරග තහනම් කරන්න (නි)
සෑම තරගයකම මොහොතකට පෙර ක්‍රීඩකයන් මෙන්ම නරඹන පිරිස නැගිට අත ඉහලට ඔසවා සාමකාමී ලෙස හැසිරීමට වගබලා ගනිමි ලෙසට පොරොන්දුවක් දීම සඳහා ක්‍රීඩා සම්මේලනයෙන් නීතියක් ගෙන ආ යුතුයි. විශේෂයෙන් රගර් හා පාපන්දු ...... (නි)
රටකට ගිය කලක්. (නි)
නුවරට ගිය කලක්. කින්ග්ස්වූඩ් කියන්නේ දක්ෂ රගර් ක්‍රීඩකයෝ බිහිකරපු ඉස්කෝලයක්.(නදී)
අනේ මගේ ඉස්කෝලේ ... (නි)
මීට වසර ගණනකට ඉහත මේ වගේ සිද්දි අහන්නට ලැබුනේ නැත්තේ ඇයි කියලා කාටවත් හිතෙන්නේ නැද්ද? මේ මැච් එක බැලුවනම් තේරෙයි එළියේ ඉඳල රස්තියාදු කාරයෝ පැන්නේ කොයි පැත්තෙන්ද කියලා?(නදී)
කිංස්වුඩ් විද්‍යාලයට එරෙහිව පාසල් රග්බි පාපාන්දු ක්ෂේත්‍රයේ සිදු වන අසාධාරණකම් අපි තරයේ හෙලා දකිමු. (අ)
නිමන්ත , ඔයා මොනවද මේ කියන්නේ, මම ඉන්නේ නවසීලන්තෙයි, මෙහෙ ගහගන්න හැටි දැක්කම ඔයා ට පුදුම හිතෙයි. පිට්ටනිය මැද මුත්‍රා පවා කරනවා. අපේ අයට ඉතින් පිටරටවල් හරි ලොකුයිනෙ.(නදී)