පහේ පන්තියේ ගුරුවරියක නිසා තද බල කාංසාවක් වැළඳුණු බව කියන මොරටුවේ පාසලේ සිසුවාගේ දෙමාපියන් පිළියන්දල කලාප කාර්යාලයට ගෙන්වා අද (12) පැය පහක පමණ විමර්ශනයක් පැවැත්වූ බව එම කාර්යාල ආරංචි මාර්ගවලින් පැවසේ.
සිද්ධිය ගැන මාධ්‍ය වාර්තා පළවීම සම්බන්ධයෙන් හා දරුවාට ඇතිවූ තත්ත්වය ගැන ප්‍රකාශක් ගැනීමට කොට්ඨාස කාර්යාලයට එන්නැයි පසුගිය සිකුරාදා (09) පෙරවරු නවයට කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ එස් එම් රජිතා විතානගේ මහත්මිය ලිඛිතව දන්වා තිබිණි.
ඒ අනුව එම දරුවාගේ දෙමාපියන් එහි ගිය බවත්, කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකාවගේ ප්‍රධානත්වයෙන් තිදෙනෙකුගේ කමිටුවක් කලාප කාර්යාලය අසළ පාසලක පන්ති කාමරයක දී ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගත් බවත් උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
පෙරවරු 10.30 දෙමාපියන්ගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ වී ඇති අතර එය අවසන් වී ඇත්තේ සවස 3.30ටය. විමර්ශනයේ දී දරුවා පාසලට ඇතුළත් වූ දා පටන් සියලු තොරතුරු සටහන් කරගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යයට තොරතුරු දුන්නේ කෙසේදැයි හා මාධ්‍යයට තොරතුරු දුන්නේ තමන්ගේ කැමැත්තෙන්දැයි විමර්ශන නිලධරයකු විමසා ඇති අතර දෙමාපියන් පවසා ඇත්තේ තම කැමැත්තෙන් මාධ්‍යයට තොරතුරු දුන් බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යයේ තොරතුරු පළවීමෙන් සෙතක් නොවන බවත්, මින් පසු මාධ්‍යයට තොරතුරු ලබා නොදෙන ලෙසත් එහි නිලධාරයකු පවසා ඇත.
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ දරුවාට යහපතක් කිරීමට නම් පූර්ව නිගමන මත පිහිටා විමර්ශන සිදු නොකළ යුතු බවයි.
දරුවා මාස තුනක් තිස්සේ නිවසට වී සිටින බවත්, හැකි ඉක්මණින් ඔහුට පාසලක් ලබා දිය යුතු බවත් කී ස්ටාලින් මහතා දරුවා රෝගියකු වීමට හේතුවූ පිරිස සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කළ යුතු බවත් පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් පවත්වන්නැයි මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ද නිලධාරීන්ට උපදෙස් දී තිබිණි.
මාධ්‍යයට තොරතුරු නොදෙන්නැයි විමර්ශන කණ්ඩායමේ නිලධරයකු දෙමාපියනට උපදෙස් දුන්නාදැයි පිළියන්දල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකාවගෙන් කළ විමසීමක දී ඇය පැවසුවේ ඒ ගැන ප්‍රකාශයක් දීමට තමා බැඳී නැති බවයි.
‘මම රාජ්‍ය සේවකයෙක් . අපිට ප්‍රකාශයක් දීමේ හැකියාවක් නෑ. මා බැඳී සිටින්නේ ලේකම්ට. මේ සම්බන්ධ වාර්තාව අඟහරුවාදා (13) ලේකම්ට යවනවා.‘
සබැඳි පුවත්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නිලධාරීන් කියන කට්ටිය ඉන්නවා නේද? කියලා වැඩක් නැහැ! (නි)
අනේ ඔව්. ඉස්සර ගුරුතුමන්ලයි දැන් ගුරුවරුයි කොච්චර වෙනස්ද? (නි)
ආඩම්බර කතා කියන්න පෙර තමන් ජීවත් වන්නේ මහජන මුදලින් බව මතක් තියාගන්න. (නි)
මෙන්න දණගස්සන්න නියම නිලධාරීන් (නි)
මේ කතන්දරේ අපටත් ටිකක් ආරංචියි. අර තීන්ත ගාන්න පොල්ගෙඩිය කඩපු දරුවාගේ කතාවේ අන්තිමට වුණේ මොකක්ද? ඒ වගේ මෙහි සත්‍ය ඉදිරියේදී හෙළිවෙයි. එතකන් වටිනා ගුරුවරුන්ට අපහාස නොකර ඉඳිමු. (නි)
සුනිල් අපේ ගුරුවරුන්ට අදත් අපි දන නමස්කාර කරනවා. මේ කතා කරන්නේ උද්දච්ච නිලදාරීන් ගැන.(දිල්)
දරුවන්ට පාසැල එපා කරවන ගුරුවරුන් ඕනෑ තරම් ඉන්නවා. වරදක් කළත් දරුවන් දරුවන් බව සිත කටයුතු කළ යුතුයි.දරුවන් මානසිකව වට්ටන, සමච්චල් කරන ගුරුවරු අද ගොඩක් ඉන්නවා. ඉස්සර හිටියේ ගුරු දෙවිවරු.දයාබර ගුරු මවුපියවරුනි, දරුවන් මානසිකව පහළට ඇද දමන්න එපා.(නි)
අධ්‍යාපනයේ ගොඩක් නිලධාරීන් පත් කරන්නේ දේශපාලනයෙන්නේ... (නි)
මේ වගේම දෙයක් මටත් සිද්ධ වුණා (නි)
මේ අය ගුරුවරුද? (නි)
අම්බලන්ගොඩ නගරයේ ප්‍රධාන පාසලකත් මේ ප්‍රශ්නය තිබෙනවා. පන්තිභාර ගුරුතුමෙක් සහ ගුරුතුමියක් 2015 ටියුෂන් පන්ති වලට මේ අවුරුද්දේ ප්‍රතිඵල 'මාකට්' කරන්න බලාගෙන තරඟයට ළමයින්ට ගහනවා. දරුවෝ කිහිපදෙනක්ම පාසල් යන්න බැහැ කියලා මානසිකව පසුබෑමකට ලක්වෙලා. (නි)
මේ අය ගුරු හොරු (නි)