IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


පහේ පන්තියේ දරුවාගේ ප්‍රශ්නය ගැන විමර්ශනයක්

පහ ශ්‍රේණියේ පන්ති භාර ගුරුවරිය පන්ති කාමරයේ දී සලකන ආකාරය නිසා සිසුවකුට තද බල කාංසාව වැළැඳී ඇතැයි කියන සිද්ධිය ගැන විමර්ශනය කිරීමට අද (7) පිළියන්දල කලාපයේ නිලධාරීන් කණ්ඩායමක් මොරටුවේ එම පාසලට ගිය බව කලාප අධ්‍යාපන කාර්යාල ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ පිළිබඳ සොයා බලන්නැයි බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විමල් ගුණරත්න මහතා වෙත අද (07) යොමු කර ඇති අතර සිද්ධිය ගැන විමර්ශනයට පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් නිලධාරියකු පත් කර ඇත.

එම නිලධාරියා හෙට (08) එම පාසලයට යෑමට නියමිත බව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම පාසලේ දෙමාපියන් කිහිප දෙනකු අද (07) පාසලට පැමිණ ඇති බව ද, අධ්‍යාපන බලධරයන් පාසලට එතියි සැකයෙන් පාසලේ ගුරුවරයකු විසින් එම දෙමාපියන් පාසලට ගෙන්වා ඇත්දැයි යන්න සොයා බලන බව ද අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් කීවේය.

පහ ශ්‍රේණියේ පන්ති භාර ගුරුවරිය පන්ති කාමරයේ දී සලකන ආකාරය නිසා තද බල කාංසාව වැළැඳී ඇතැයි වෛද්‍යවරුන් සහතික කර ඇති මොරටුවේ පාසලක දරුවකු මාස තුනක් තිස්සේ පාසලක් අහිමිව නිවසට වී සිටින බව පසුගිය දා ලංකාදීප වාර්තා කළේය.

එම දරුවාට පන්ති කාමරයේ දී පමණක් මුත්‍රා පිටවන බව දරුවාගේ මව කියා තිබිණි.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ අංක 19බී වාට්ටුවේ ප්‍රතිකාර ලැබූ සිසුවාට නිතර මුත්‍රා පිටවීමට හේතුව තදබල කාංසා තත්ත්වයක් බවත්, පන්ති කාමරයේ දී පමණක් එම තත්ත්වය ඇති වීමට හේතුව එම පරිසරය තුළ ඔහුට ලැබෙන තදබල විවේචන සහ අපහාසාත්මක කවටකම් බවත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරුන් එම විද්‍යාලයයේ විදුහල්පතිනියට සහ පන්තිභාර ගුරුවරියට ලිඛිතව දැනුම් දී ඇත.

 



අදහස් (0)

පහේ පන්තියේ දරුවාගේ ප්‍රශ්නය ගැන විමර්ශනයක්

සැම්සන් Wednesday, 07 May 2014 10:01 PM

ඇයි ටීචව දනගස්සවන්න කෙනෙක් නැද්ද? (නදී)

:       0       0

පිටිගල Thursday, 08 May 2014 11:50 AM

මේවට ක්‍රියා කරන්න තමයි ගුරු දෙගුරු සමිති තියෙන්නේ. දැන් ඒවා නැද්ද?අපි පාසල් යන කාලේ නම් තිබුනා. මාසෙකට දවසක් ගුරුවරු දෙමාපියන් මුණගැසී සාකච්ඡා කරනවා. හැම දෙයක් ගැනම. අනේ මන්දා. දැන් රට වෙනස් වෙලා, මිනිස්සුන්ගේ මොළ පිස්සු වෙලා. "විනාශ කාලේන විපරීත බුද්ධි '' කිව්වලු. (නි)

:       0       0

අමාලි Thursday, 08 May 2014 11:52 AM

ඉස්සර තමා ගුරුවරු දෙවිවරු වගේ කිවුවේ. දැනුත් ඉන්නවා අතරින් පතර, ඒත් ඉස්සර වගේ නෑ, ඉස්සර ගුරු දෙවිවරු කලේ සේවයක්. දැන් කරන්නේ රස්සාවක්. ඒකනේ එක එක පක්ෂවල වෘත්තිය සමිතිවල ලණු කාල වර්ජන, උද්ඝෝෂණ කරන්නේ. (ස)

:       0       0

එච්. Thursday, 08 May 2014 11:58 AM

කොහේහරි දැකලා තියෙනවද පාසල් දරුවෙක්ට දෙමපියෙක්ට අසාධාරණයක් වුණා කියලා ඔය ගුරු සංගම් කතා කරලා තියෙනවා? (නි)

:       0       0

කුලාංග Wednesday, 07 May 2014 11:59 PM

මේ ගුරුවරියට එරෙහිව විනය ක්‍රියා මාර්ග ගන්න නැති නම් අනාගතය අදුරු වේවි (දී)

:       0       0

මිලානෝ ජ්යන්ත Thursday, 08 May 2014 01:40 AM

මේගුරුවරියව ආගමානුකුලව ගොඩනැගිය යුතුයි (ස)

:       0       0

ජයා Thursday, 08 May 2014 12:57 PM

අමාලිගේ කතාව හරියටම හරි (නි)

:       0       0

නිමල් Thursday, 08 May 2014 03:04 AM

කාංසාව නෙවෙ සාංකාව.(ස)

:       0       0

ගිහාන් Thursday, 08 May 2014 08:15 PM

කමල් නිහාර, දන්නා බව පෙන්වන්නට කලින් මෙහි ඇති පුවත දෙතුන් වතාවක් වත් කියවා තේරුම් ගෙන කොමෙන්ට් ලියන්න. (නදී)

:       0       0

බන්දුල සිල්වා Thursday, 08 May 2014 05:50 AM

5 වසර සියළුම ගුරුවරුන් පහේ 5 ශිෂ්‍යත්ව අසහනයෙන් පෙළෙනවා. අපි මින් ගුරුවරුන් සහ දරුවන් ගළවා ගන්නේ කෙසේද? (නි)

:       0       0

නිමල් ජයසිංහ Thursday, 08 May 2014 05:51 AM

අද දරුවො පමණක් නොවෙයි විශේෂයෙන් ගුරුවරු ගැනත් විමසිලිමත් වෙන්න ඕනෑ.බහුතරයක් ගුරුවරු මානසික ආතතියෙන් පෙලෙනවා.කෙටියෙන් කියනවා නම් ඔවුන් ප්‍රධාන වශයෙන් දේශපාලනිකවද,ඊළඟට ආර්ථික සහ සාමාජික ගැටළුවලින් පෙලෙනවා.මේ පිළිබඳව හොඳ ලිපියක් 2014 ජනවාරි 05 වන ඉරිදා සතිඅන්ත පුවත්පතක් වන ඇත්ත පුවත්පතට මහාචාර්ය සිරි හෙට්ටිගේ විසින් සපයා තිබුණා. මේවා එක් ශිෂ්‍යයෙක් වෙත හෝ ගුරුවරයෙක් වෙත හෝ නොව සමස්ත සමාජය මතම වැටී ඇති දෑවැන්ත ගැටළුවක්.වේදිකා මත බෙරිහන් දුන්නාට මේවා විසදෙන්නෙ නැහැ. මේවට පිළිතුරු තියෙනවා.නමුත් ගෝත්‍රික තත්ත්වයෙන් නම් පිළිතුරු නැහැ. (නි)

:       0       0

වර්ධන Thursday, 08 May 2014 08:26 PM

මෙම ගුරුවරිය මානසික වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළොත් නරකද? (නි)

:       0       0

චන්දන Thursday, 08 May 2014 07:54 AM

මේ දරුවාට මේ කියන මානසික රෝගයට හේතුව ගුරුවරියගේ ක්‍රියා කලාපය විතරක් කියල කියන්න බැහැ. අද ගෙවල් වල ඉන්න මව්වරුත් පහ වසර ළමයින් ගේ කන් කෙටියෙන් අල්ල ගත්ත ගමන්මයි. නැගිට්ට වෙලාවේ ඉඳල උපකාරක පන්ති. ඒ මදිවාට අනිත් ළමයින් සමග සංසන්දනය කරමින් අහවලා ට වඩා හොඳින් පාස් වෙන්න ආදී වශයෙන් ළමා මනසට ඔරොත්තු නොදෙන ඉලක්ක දෙනවා. ළමයාට සෙල්ලම් කරන්න විනොදාංශයක යෙදෙන්න වෙලාවක් නැහැ. මම නම් කියන්නේ හැම පැත්තම සොයා බලා දරුවාට යහපතක් කරන එක හොඳයි. (නදී)

:       0       0

කමල් නිහාර Thursday, 08 May 2014 08:27 AM

මෙම දරුවට පන්තියේ මුත්‍රා පිට වන්නේ දරුවාගේ මනස තුල ඇති වූ යම් කිසි බලපෑමක් නිසා. මෙය සුව කල හැකිය. මනෝ චිකිත්සකයකු වෙත දරුවාව වහාම පෙන්වන්න. (නදී)

:       0       0

ඉසුරන්දි Thursday, 08 May 2014 09:17 AM

කොහොමත් මේකට පරික්ෂනයක් පවත්වන්න ගත්ත තීරණය සුබයි. එක එක මානසිකත්වයෙන් පෙලෙන මෙවැනි ගුරුවරුන්ට ඉක්මන් ප්‍රතිකාර අවශ්‍යයි.(නදී)

:       0       0

කපිල රණසිංහ Thursday, 08 May 2014 09:20 AM

මට නම් පේන්නේ මේ ගුරුවරියට යම් මානසික ප්‍රශ්නයක් තියෙනවා වගේ. මානසික සායනයකට යොමු කරන්න මුලින්ම. (ස)

:       0       0

සේරම් Thursday, 08 May 2014 09:21 AM

සියලුම ගුරුවරුන් මානසික වෛද්‍යා පරීක්ෂණයකට යොමු කළොත් නරකද?? රටේ අනාගතය වෙනුවෙන් අපිට නොකළැකි දෙයක් නැහැ නේද??(ස)

:       0       0

සේරම් Thursday, 08 May 2014 09:39 AM

අර විදුහල්පති ප්‍රශ්නය අමතක වෙයිද ?? (ස)

:       0       0

අමිල පීරිස් Thursday, 08 May 2014 09:51 AM

පළමු වසර සිට පහ වසර දක්වා සැම පාසලකම කුඩා දරු දැරියන්ට (ආදරය , කරුණාව , දයාව, රැකවරණය , ඉහලින්ම බලාපොරොත්තු වන වයස) ශාරීරික හා මානසික පිඩා සිදු කරනවා ද කියල සොයා බලනවානම් මෙවැනි පුවත් වාර්තා නොවනු ඇත. ප්‍රාථමික පන්තිවලට වෙනම විදුහල්පති කෙනෙක් සිටිනවා. එම විදුහල්පතිනියට පන්ති නිරීක්ෂණය කරන ක්‍රමවේදයක් නැත්ද? නියපොත්තෙන් කඩන්න තියන දේ පොරවෙන් කපන තෙක් අධ්‍යාපන බලධාරීන් හා එම පාසලේ විදුහල්පති සිටියේ කොහෙද? කුඩා ළමුන්ට පන්ති කාමරය වදකාගාරයක් නොවන සේ පවත්වා ගැනීමට ගුරු භවතුන්ට යහපත් සිතුවිලි පහල වේවා ...! (ස)

:       0       0

රශි Thursday, 08 May 2014 09:53 AM

සාංකාව කියන්නේ එකක් කාංසාව කියන්නේ ලෙඩක්..පව් අහිංසක දරුපැටව්..(නදී)

:       0       0

සත්‍යපාල Thursday, 08 May 2014 10:59 AM

කොහොමත් මේ රටේ පහ වසර දරුවන්ට පමණක් නොවෙයි ඔවුන්ගේ දෙමාපියන්ට සහ ගුරුවරුන්ටත් මෙම පීඩාව තියෙනවා.ඒකට ඉතින් මේ අධ්‍යාපන රටාව වෙනස් කළ යුතුයි. එක එක අය ඒකට දක්වන ප්‍රතිචාර අනුව තමයි මේවා වෙන්නේ. පසුගිය කාලේ ශිෂ්‍යත්ව ප්‍රතිපලවලින් පස්සේ සමහර දෙමාපියන් හැසිරුණු හැටි අපි දැක්කනේ ! (ස)

:       0       0

ජයසිංහ Thursday, 08 May 2014 11:08 AM

කනගාටුයි. කුඩා ළමයින්ට ගුරුවරුන්ගෙන් අකටයුතුකම් සිදුවෙද්දීත් එම ගුරුවරුන් සුදු හුණු ගාන උද්ඝෝෂණ කරන දෙමවුපියොත් ඉන්නවනේ. මොන ප්‍රතිලාබ බලාගෙනද දන්නේ නෑ. මුකුත් නෙවේ මෝඩකම, එකෙක් පාගල දාල හරි කමක් නෑ තමන්ගේ ළමයට 1 අරගෙන දෙන්න බලන්නේ. (ස)

:       0       0

චමල් Thursday, 08 May 2014 11:18 AM

ගුරුවරු, දොස්තරලා, හෙදියෝ වගේ අයට විරුද්ධව මුකුත් කරන්න බැරි ලෝකයක් මේක. මොනවා හරි කරොත් වර්ජනය කරනවා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 221 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 1254 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 1534 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
2024 සැප්තැම්බර් මස 24 56 0

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය පිලිපැනීමට ලක


ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය නජිත් ඉන්දික
2024 සැප්තැම්බර් මස 24 2198 0

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ.


නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 2901 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35230 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24055 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 162 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 497 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site