දකුණු කොරියාවේ බූසාන් නුවරදී දැන් පැවැත්වෙන ආසියානු මේසපන්දු තරගාවලියේ පළමු වටයේ තරගවලදී ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ දැඩි පසු බෑමකට ලක්වූහ. මෙහිදී ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සහභාගි වූ තරග තුනම පරාජයට පත් වූ අතර කාන්තා පිල එක තරගයක් පමණක් ජය ගතතේය.
මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා පිලට පුහුණුකරුවකුගේ සේවය නොලැබුණු අතර කළමණාකරු ලෙස සහභාගි වී ඇත්තේද පිටස්තර නිලධාරියකු යයි මේසපන්දු ප‍්‍රවීණයෝ චෝදනා කරති.
”මෙවැනි තරගාවලියකට පුහුණුකරුවකු- නොමැතිව සහභාගිවීම පිළිබ`දව මේසපන්දු සංගමය වගකිව යුතුයි. දැන් මේසපන්දු තරගාවලියට සහභාගි වෙන්නේ මුදල් තියෙන අය මිසක් සුදුසුකම් ලබන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් නොවෙයි” යැයි මේස පන්දු පුහුණුකරුවෙක් පැවසීය.
මෙම තරගාවලියට ක‍්‍රීඩකයෝ සිවුදෙනෙක් සහ ක‍්‍රීඩිකාවෝ තිදෙනෙක් සහභාගි වූහ.
පාකිස්තානය (3.1), උස්බෙකිස්තානය (3.1) සහ වියට්නාමය (3.0) හමුවේ ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම පරාජයට පත්විය. පාකිස්තානය (3.1) කින් පරාජය කළ ශ්‍රී ලංකා කාන්තා පිල වියට්නාමය (3.0) සහ මැකාවෝ (3.1) හමුවේ පරාජයට පත්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට නියෝජනය කරන්න අතින් සල්ලි දීලා යන්න ඕනෑ එකම ක්‍රීඩාව මේකද කොහෙද? පුහුණුකරුත් යන්න ඕනෑ තමන්ගේ සල්ලි වලින්. දැනට හොඳින්ම ක්‍රීඩා කරන උදය රණසිංහහ පිටරට ඇරලා සහ හොඳ ට්‍රේනින් එකක් දෙන්නවත් කිසිම වැඩපිළිවලක් නැහැ. (නි)
කව්ද සුදුසුකම් නොමැති ක්‍රීඩක ක්‍රීඩිකාවෝ? බල්ලෝ බිරුවට කදු පහත්වෙන්නේ නැහැනේ. පෞද්ගලික අරමුණු වාසි තකා එන්න බැරිවුන අය දුකට කියන කතා ............ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරපු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අපේ සුබ පැතුම්. (නි)
වත්මන් ජාතික පුහුණුකරුවෙක් වැනි පුහුණුකරුවෙක් මෙම සංචාරයට සහබාගි වූ ව නම් මෙවරද ජාතික මේස පන්දු කණ්ඩායම ට ගුවන් තොටුපලේ නවාතැන් ගැනීමට පහසුකම් සැල සෙනවා ඇත.පැරිසියේ ජීවත් වන ශ්‍රී ලංකික වැසියෙක්.(අ)