IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


පාහියන්ගල කෙල්ලගේ වයස අවුරුදු 10,000 යි

බුලත්සිංහල පාහියන්ගල ලෙනෙන් 2012 වර්ෂයේ දී සොයාගත් මානව අස්ථි පද්ධතිය අවුරුදු 10,000ට පෙර මියගිය තරුණියකගේ බව එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මානවජීව විද්‍යා මාහාචාර්ය ජේ ස්ටොක් මහතා ඇතුළු කණ්ඩායමක් පවසයි. ඇය මෙතෙක් දකුණු ආසියාවෙන් සොයාගත් උසම මානවයා බව ද පර්යේෂකයෝ කියති. එම තරුණිය අවුරුදු 18-22ත් අතර වයසේ දී මියගොස් ඇති බවත් ඇය කුඩා කාලයේ සිටම දිර්ඝකාලීන දන්ත රෝගයකින් පීඩාවිඳි කාන්තාවක බවත් පර්යේෂකයෝ පවසති.

අස්ථි පද්ධතිය සම්බන්ධයෙන් කරන ලද විශ්ලේෂණ අනුව පෙනීගොස් ඇත්තේ මේ කාන්තාව අඩි පහයි අඟල් තුනත් පහත් අතර උසකින් යුතු කෙසඟ තරුණියක් බවයි. කිලෝ 54ක් පමණ බර කාන්තාවක බව ද පර්යේෂකයෝ කියති.

ප්‍රාග් ඓතිහාසික මානව අස්ථි හමුවන ස්ථානයන්හි දි සම්පූර්ණ අස්ථි පද්ධති හමුවන්නේ ඉතා කලාතුරකිනි. මෙතෙක් ශ්‍රී ලංකාවෙන් හමුවූ අස්ථි අතරින් සම්පූර්ණයෙන් ම හමුවූ හොඳම අස්ථි පද්ධතිය මෙය බව ද 2012 වර්ෂයේ දී කැණීම් සිදුකළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ එවකට නියෝජ්‍ය අධයක්ෂ ජනරාල් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ආචාර්ය නිමල් පෙරේරා මහතා පවසයි.

ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ මේ අස්ථි පද්ධතිය ද දිරාගොස් ඉතා දුර්වල තත්ත්වයේ පැවති බවයි. පුරාවිද්‍යා කාල නිර්ණය ඇතුළු පරීක්ෂණ පැවැත්වීමට අපරට සතුව ඇති තාක්ෂණික ක්‍රමවේදයන්වලට වඩා ඉතා දියුණු ක්‍රමවේද දියුණු රටවල පවතින බැවින් මේ මානව අස්ථි පද්ධතිය එංගලන්තයට යවා අදාල පරීක්ෂණය සිදුකළ බව ද ඒ මහතා පවසයි.

07 06 - Copy 05 03 01



අදහස් (0)

පාහියන්ගල කෙල්ලගේ වයස අවුරුදු 10,000 යි

පුෂ්පා Thursday, 02 April 2015 10:33 AM

මෙහි දියුණු වූ රටවල් කියන එකක ආණ්ඩුවට තමයි මමත් වැඩ කරන්නේ. අපි ඉගනගෙන අවා බලන්න දියුණුව. ඇත්තටම දියුණුයි තමයි. හැම දෙයක්ම. නමුත් ලංකාවේ මිනිස්සු මේ කියන දියුණුව හරිම ළඟ ඉන්නේ. අවාසනාව අපේ අයට මෙය නොතේරෙන එක. ඉතා පොඩි වෙනස්කම මගින්, ආකල්ප මගින් අපිට ඕනනම් ඉතා කෙටි කලකින් මේ තත්වයට පත් වෙන්න පුළුවන්. මේවයේ ඉන්න මිනිස්සු සහ අපේ අය අතර විශාල බුද්ධිමය වෙනසක් හෝ හැකියාවන්හි වෙනසක් නැහැ. එකම ගැටලුව ශ්‍රී ලාංකිකයන් මෙවන් දෙයක් ඇති සිතමින් දියුණු සහ නොදියුණු ලෙස තමන්ම ම උගුලක කොටු වී සිටීමයි. මෙමගින් ඔවුන් සමග තරඟයට යාමට මැළි වෙනවා. එවිට නිකම්ම පරාදයි. (ස)

:       0       0

ජයත් Thursday, 02 April 2015 11:33 AM

නැහැ පුෂ්පා ඔයා මේ ප්‍රශ්නේ දිහා බලන විදිය මට හිතෙන්නේ වැරදියි. අපේ රටේ මේ නොදියුනුවට මුල පළමු එක මිනිස්සුන්ගේ ආකල්ප. දෙවෙනි එක කතා දේශපාලනය මේ මගේ අදහස. (ස)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Thursday, 02 April 2015 11:45 AM

දැනගත් වයසේ හැටියට මෙයාට දරුපවුලක් එහෙම හිටියද දන්නේ නැහැ නේද? ඒ උනත් මෙයාගේ පරම්පරාවල් තවම මේ රටේ නැති වෙන්නත් බැහැ. හොයල බලමුද? (ර)

:       0       0

සොපී Thursday, 02 April 2015 01:06 PM

පුරාවිද්‍යාත්මකවත් අපේ රට මොන තරම් වැදගත් ස්ථානයක්ද.? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 168 0

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 178 0

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 143 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 117 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


පොලිසියේ දී මදන විසේ ඇවිස්සී කූඩුවේ
2024 සැප්තැම්බර් මස 29 368 0

පොලිස් නිළධාරීනීයකගේ පාද විඩියෝ කර සමාජ මාධ්‍ය දැමු තරුණයින් දෙදෙනෙකු අද(29) අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.


බේකිරි නිෂ්පාදන මිල වෙනසක් කරන්න බෑ
2024 සැප්තැම්බර් මස 29 355 2

බිත්තර මිල පහළ දැමුවද බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහළ දැමීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38033 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25045 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 783 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 284 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site