(අජන්ත කුමාර අගලකඩ)
යල කන්නයේ වගාව සඳහා ගොවීන්ට අවශ්‍ය යූරියා ඇතුළු රසායනික පොහොර හිඟයකින් තොරව සාධාරණ මිලකට ලබා දෙන්නැයි ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා කෘෂිකර්මය ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත .
මන්ත්‍රීවරයා කෘෂිකර්ම ඇමතිවරයා වෙත ලිපියක් යවමින් මෙම ඉල්ලීම කර ඇත .
සක්‍රීය ගොවි ජනතාවක් වෙසෙන දඹුල්ලේ ජනතා නියෝජිතයකු වශයෙන් තමා මෙම ඉල්ලීම වගකීමෙන් කරන බවද මන්ත්‍රීවරයා ඇමතිවරයා වෙත යවා ඇති ලිපියේ සඳහන් වේ .
තමා පොහොර ගැටලුව කෘෂිකර්ම කාරක සභාවේ දී මෙන්ම අවස්ථා ගණනාවකදීම ද ඉදිරිපත් කර ඇතැයි ද , මෙම ඉල්ලීම සම්බන්ධයෙන් සාධනීය පිළිතුරක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන්නේ යැයි ද එහි සඳහන් කර ඇත.
මන්ත්‍රීවරයා කෘෂිකර්ම ඇමතිවරයා වෙත යවා ඇති ලිපියේ මෙසේද සඳහන් වෙයි .
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර හතරකට පසු කර්මාන්ත අමාත්‍යාංශයේ මහජන දිනය අද ඇරැඹිණි.
මීට වසර 31කට පෙර වැසී ගිය කන්තලේ සීනි සමාගම සතුව සක්‍රීය තත්වයේ තිබූ යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් මේවන වට විනාශ වී දිරාපත්ව ඇති අයුරු එහි ගිය අපට දැක
ලෝකය තුළ යළි හිස ඔසවමින් පවතින යුද මානසිකත්වය මුළුමනින්ම තුරන් කර, සාමකාමී ලෝකයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ඉන්දියාවේ බුද්ධගයා පූජා භූමියේ ශ්‍රී මහ
මිගමුව කලපුවේ කුඩා ධීවර යාත්‍රාවක් පෙරළී යාමේන් අතුරුදහන් වු පියා හා දියණියෙගේ සිරුරු අද දහවල් මිගමුව මුන්නක්කරේ සිරිවර්ධනපුර කලපු තිරයේ තිබියදී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පොහොර ඉල්ලා මන්ත්‍රී ප්‍රමිතගෙන් කෘෂි ඇමතිට ලිපියක්
Hafeel Wednesday, 30 March 2022 02:44 PM
මෙයා මහින්දානන්දගෙන් ඉල්ලීම් කරනවා. ගොවීන්ට යූරියා ඇතුළු රසායනික පොහොර හිඟයකින් තොරව ලබා දෙන්නයි කියලා. මහින්දානන්ද හැමවිටම කියන්නේ ජනාධිපතිගේ කාබනික පොහොර ප්‍රතිපත්තිය වෙනුවෙන් පෙනී සිටිනවා කියලා. අනික මේවාට ඩොලර් කොහෙන්ද? ඒ නිසා මේක තවත් සංදර්ශනයක් තිරගත කරනවා.
රාවණා Wednesday, 30 March 2022 05:21 PM
මෙන්න නියම මහජන නියෝජිතයන්, ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා කියන්නේ මේකට තමයි...
Soma dubai Wednesday, 30 March 2022 06:43 PM
ජනාධිපති හැම තිස්සෙම ගන්නේ නිවැරැදි තීරණ...
fairoos Wednesday, 30 March 2022 07:01 PM
ලිපියට පිළිතුර එනකොට මහින්දානන්දගේ ඇමැතිකම් නැතිවෙලා ඇති.
de silva Wednesday, 30 March 2022 07:19 PM
ලියුම් නොවේ... වගාකරන්න අවශ්‍ය පොහොර ටික දෙන්න... එහෙම නොකළොත් ගොවියෝ ඇවිත් මිරිහාන වටලලා කාබනික රෝල් කරලා ගහලා, සර්ව දියවන්නාවට විසි කරන දිනය වැඩි දවසක නොවේ...
Kumara Wednesday, 30 March 2022 07:45 PM
තව තව ඔන්න ඔහොම ඇඩ්ස් දදා ඉන්න... එතකොට සනීප වෙයි...
දීෂාන් Thursday, 31 March 2022 04:48 AM
නින්දෙන් ඇහැරීම... අරමුණ : මම ඉල්ලීම් කරා යැයි පැවසීම ක්‍රියාව : පාර්ලිමේන්තු යෝජනා වලට විරුද්ධ නොවීම
ඉසුරු Thursday, 31 March 2022 07:04 AM
කෝල් එකක් දීල කියන්න පුළුවන් එක ලියුම් ලියල යවල තියෙන්නෙ දඹුල්ලෙ ඡන්ද දායකයන්ට පේන්න වෙන්න ඇති...