(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පොහොර තහනමට ගත් අමනෝඥ තීරණය නිසා තේ කර්මාන්තයට ප්‍රබල ප්‍රහාරයක් එල්ල වූ බව පිළිගන්නේ යැයි වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී අද (16) පැවසීය.
එහෙත් තමා මේ දක්වා එය ප්‍රසිද්ධියේ පැවසීමට නොගියේ කැබිනට් මණ්ඩලයේ සාමූහිකත්වය බිඳ වැටෙන නිසා යැයිද හෙතෙම සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ තේ කර්මාන්තයේ ප්‍රශ්න සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27 (2) යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ගුණාත්මක තේ පැළ ලබා දීමේ වැඩපිළිවෙළක් ආරම්භ ඇතැයි පැවසූ අමාත්‍යවරයා පසුගිය වසරේ දී පැළ තවාන් දාහක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ බවද සඳහන් කළේය.
එහි ප්‍රතිඵල රටට ලැබෙමින් තිබෙන බවද ඔහු කීවේය.
තේ වගාව සඳහා යූරියා මෙට්‍රික් ටොන් 3,000 ක ප්‍රමාණයක් දැනටමත් බෙදා හැර ඇති බව පැවසූ පතිරණ මහතා ආනයන සමාගම් වලට පොහොර ආනයනය සඳහා අනුමැතිය ලබාදී ඇති බවද ප්‍රකාශ කළේය.
පෞද්ගලික ආනයනකරුවන් කිහිප දෙනකුද රටට පොහොර ගෙන්වා ඇතැයි ඔහු පැවසුවේය.
මේ පොහොර තහනම කැබිනට් පත්‍රිකාව එන විට වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා විදිහට පළමුවෙන් ම විරුද්ධ වූයේ තමා බවද රමේෂ් පතිරණ මහතා පැවැසීය.
වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.
ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක
ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ
ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පොහොර ගැන ගත්තේ මෝඩ තීරණයක්
ranjith Wednesday, 16 November 2022 11:01 AM
දැන්ද මතක් වුණේ? කොන්දක් තියෙන්න ඕනෑ... මහජන නියෝජිතයන්ට වහල්ලු වගේ ඇදලා දැන් බොරු කයිවාරු ගහනවා.
Bhanuka Wednesday, 16 November 2022 11:15 AM
රාජපක්ෂලාට බයේ ඒ කාලේ නැට්ට දෙපරන්ද අස්සේ ගහගෙන කට වහගෙන ඉඳලා දැන් බොරුවට කයිවාරු ගහනවා. මොවුන් තවමත් හිතාගෙන ඉන්නේ රටේ ජනතාව බත් කන හරක් කියලා....
sharm warn Wednesday, 16 November 2022 11:32 AM
අනේ රමේෂ් මල්ලී... අපිට දුකයි ඔයා ගැන. වැරැද්ද වැරැද්ද හැටියට දකින්න ඔයාටත් පිටකොන්දක් තිබුණේ නෑ. රටටම වෙන හානියට වඩා ඔයාට ලොකු වුණේ බැසිල්ගේ පොහොට්ටුව රැකගන්න එක නම්... ඔයාම හිතලා බලන්න. ඔයාගේ තාත්තා අද හිටියා නම් ඔයාගේ තීරණය ගැන මොනවා කියයිද කියලා... ඔයගොල්ලන්ගේ වගකීම රට දියුණු කරන එකද? නැතිනම් පාදඩ හොරුන්ව දියුණු කරන එකද?
Perera Wednesday, 16 November 2022 02:06 PM
එතකොට අර උපදෙස් දිපු ලමා රෝග විෂේසඥය මෝඩයෙක්ද??????
sharm warnWednesday, 16 November 2022 03:30 PM
ළමා රොග විෂේඥයා පොහොර ගැන උපදෙස් දෙන්න ආවම, තෙරෙන්නෙ නැද්ද? එයාගෙ වයර් මාරු වෙලා ඉන්නව කියල? දෙයියන්ගෙ නාමෙට එයාගෙන් ලමයින්ට වෙදකම් අහන්න නම් යන්න එපා.. පොඩි දරුවන්ට මල් පොහොර හොදයි කියල කියයි... ලොකු අයට සතියකට වතාවක් ගොම පොහොර භාවිතය හොඳයි කියලත් කියයි..
fairoos Wednesday, 16 November 2022 04:15 PM
දැන් ඉතින් නිකං කයිවාරු ඊලග චන්දෙදි බලමු