වාහන පැහැරගන්නා කල්ලියක සාමාජිකයකු වාහන හිමියකුද සමග දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා ප්‍රදේශයේදී අද සවස අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම වාහනය පැහැරගෙන යද්දී වාහන හිමියා දුන් පණිවුඩයක් අනුව දක්ෂිණ අධිවේගී මාර්ග පොලීසිය ක්‍රියාත්මක විය.
අදිවේගී මාර්ග පොලිසිය විසින් සැකකරුව කළුතර දකුණ පොලිසිය වෙත බාර දෙනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරකම් කරන්න එපා, මේ පුංචි රටේ ඕව එලි වෙනවා (නි)
මේ රන්ජනී කියන හැටියට පොලිසියේ කට්ටිය හයවැනි ඉන්ද්‍රිය පාවිච්චි කරන්න ඕනෑ රාජකාරි කරන්න. බලන්න අපේ රටේ සමහරුන්ගේ මානසිකත්වය. නිකම් හිතට එන ඒවා ලියන්න එපා. ටිකක් හිතලා බලන්න. සන්තෝස වෙන්න ඕනෑ පැහැරගෙන යන වෙලාවේ කොහොම හරි පණිවුඩය දීගන්න වාහන හිමියාට හැකිවෙලා තියෙනවා. ඒ අනුව ක්‍රියාත්මක වුණු පොලිසිය මේ හොරකම් අල්ලලා තියනවා. ලොකු දෙයක්. (නි)
පොලිසිය ඉන්නේ අපරාධකාරයෝ අල්ලන්න තමයි. ඒත් අපරාධ වළක්වන්නත් යම් සැලසුමක් හැදුවොත් තමයි වඩා හොඳ. (නි)
මෙන්න අලුත්ම වැඩේ කරනවා නම්. (ස)
දැන් හොර කමත් අධිවේගෙන්ද ? (ස)
වාහන හොරකම හොද නැහැ. ඒත් දැන් වෙන මොනවා කරන්නද? (නි)
අනේ මොනවත් කියන්න එපා. මිනිහා මේ කාර් එක ඉස්සුවේ එක්කෝ කුඩු ගහන්න,ජීවන වියදමට හෝ ලයිට් බිල ගෙවන්න වෙන්න ඇති. උස්සන්නකෝ ලැම්බොගිනියක්, මොකටද ටොයෝටා? (නි)
ඇති යාන්තන් ගොම ගොඩකට කිරි බිංදුවක් වැටුණා. (නි)
මේ පොලිසියෙ කට්ටිය වාහනේට අත් තියාගෙන ඉන්නෙ හරියට චිත්‍රපටියක වගේ. දැක්කහම නහය හපන්න හිතෙනවා මට (නි)
පොලිසිය ක්‍රියාත්මක වෙන්නෙත් ඉතින් උණුසුම පිටම කවුරුහරි ඔත්තුවක් දුන්නොත් විතරයි. එහෙම විසදිලා නැති අපරාද කොයිතරම් තියනවද. කාගෙන්හරි ඔත්තුවක් ලැබෙනතුරු බලා නොසිට ඒවා ගැනත් හොයලා බලනවා නම් තමයි හොද. (නි)
වාහනයේ හිමිකරු පණිවිඩය දුන්න හින්දා ඔක්කොම බේරෙන්න ඇති. (නි)
ඕක ඇල්ලුවේ අධිවේගී මාර්ගයේ සේවය කරන 1969 හි සේවය කරන සේවකයන්ගේ පූර්ණ සහයෝගයත් ඇතුව බව කරුණාවෙන් සිහිපත් කළ යුතුය. (නි)
අපරාදේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගියේ ,ඔය පොඩි පාරක යන්නේ නැතුව. (නි)
වාද්දුව හරියේ වාහන උස්සන කට්ටියක් ඉන්නවා ගොඩක් කල් ඉදලා. ටාගට් එක ඔන්න ඔය වගේ සුදු පාට කාර්. මම දන්න කෙනෙක්ගෙ කාර් එකකුත් උස්සන්න ට්‍රයි කළා වාද්දුව හරියෙදි. කොහොම හරි මම දන්න කෙනා වාහනය නවත්වන්නෙ නැතුව ආව නිසා බේරුනා. මෝටර් බයික් වල ඇවිත් තමයිලු ගේම් එක දෙන්නේ. හැබැයි ඔය වාද්දුව හරියේ ඔය ගේම් එක දෙන කට්ටිය ගොඩක් ප්‍රසිද්ධලු. පොලීසියත් එයාලව දන්නවා කියලා තමයි අපිට නම් ආරංචි (නි)
විශිෂ්ටයි ඔබගේ ක්‍රියාව. නමුත් ස්ත්‍රී දුෂකයන් ඉදිරියේ ඔබගේ සේවය ඉතා දුර්වලයි. (නි)
මට තේරුම් ගන්න අමාරුයි වාහන හිමියෙකුත් අත්අඩංගුවට ගත් කතාව (නි)
මරනීය දන්ඩනය දියයුතුයි.ඒත් ඉතින් මේක ලංකාව නේ (නි)
ඔන්න බලන්න ඔයාලා කියන්නේ මොනවද කියලා. ඒක මරු කාර් එක. මම ටෙස්ට් රන් එකක් නේ ගියේ. සල්ලි දීල ගන්න හැදුවම පිස්සු චෝදනා දානවා. මම කියන්නම් කෝ චොප්පෙට.(නදී)
මේ වාහනය අත්අඩංගුවට ගත හැකි වුයේ අදිවේගී මාර්ගයේ පාලන මැදිරි අංශයේ (එනම් අදිවේගී මාර්ග හදිසි ඇමතුම් අංශයේ 1969), මාර්ග සංවර්ධන අධිකාරියේ සේවක පිරිසගේ පුර්ණ සහයෝගය ඇතිවයි. නැත්නම් පොලිසියට අල්ලන්න වෙන්නේ පස්ස තමයි. මිට අදිවේගී මාර්ගයේ 1969 සේවක පිරිස.(නදී)
නියමයි පොලිසිය.(නදී)
ඔය වැඩේට සම්බන්ද හැමටම නිදි දඩුවම් දිය යුතුයි.(නදී)
සියල්ල සමග තාක්ෂණිකව ජයගන්න පොලිසියට හැකියාව ඇතත් නීතිමය තාක්ෂණය දුර්වල වීම තුලින් අද ස්ත්‍රී දුසකයෝ, මංකොල්ලකාරයෝ ජනප්‍රිය රැල්ලක් බවට රට තුල බිහිවෙලා (නි)
පොලිසියට බනින්නේ නම් කොහොමද? ඔය ඉන්නේ වැඩ කාරයෝ... අනේ මගේ චුටි මල්ලියත් පොලිසියනේ. මට ආඩම්බරයක් දැනෙනවා.එත්ඉතින් වාහන හිමියා පණිවිඩය දුන්නේ නැත්නම් ඔය අයගේ හපන්කම් බොරු. (නි)
දැඩි දඩුවම් දීමෙන් මෙවැනි සොරකම් නවතා ගත හැක. (නි)