සාගර පතුලේ ජිවත්වන ‘ස්පොන්ජ් පොරිෆෙරා‘ නම් ජිවියාගෙන් පිළිකාවට එරෙහි ප්‍රබල ඖෂධයක් සහ ශරිරයේ ප්‍රතිශක්තිකරණය වැඩි කර ගැනිමට ඉවහල් වන බලසම්පන්න සංඝටක හදුන්වා දිමේ පුළුල් පර්යේෂණයක් කොළඹ විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා දෙපාර්තුමෙන්තුව අරඹයි. මෙම මෙම පර්යේෂණය සාර්ථක තත්ත්වයේ පවතින බව ද ආරංචි මාර්ග කියයි.
පොරෆේරා වංශයට අයත් ස්පොන්ජ් ජීවියා මිනිසාගේ ප්‍රතිශක්තිකරණය වැඩි කිරීමට සහ රෝග ගණනාවකින් මිනිසා ජීවිත අවදානමින් බේරා ගැනීමට ඉවහල් වන ජීවියකු ලෙස ලොව සිදු කළ පර්යේෂණවලින් අනාවරණය කරගෙන ඇත.
සංඝටක භාවිතයෙන් ප්‍රතිශක්ති පාලනය කිරීමේ ඖෂධ හඳුන්වාදීම යටතේ මෙම පර්යේෂණය සිදු කරනුයේ කොළඹ විශ්ව විද්‍යාලයේ සත්ත්ව විද්‍යා දෙපාර්තමේන්තුවේ මාහාචාර්ය ඩබ්ලිව් ඩී රත්නසූරිය මහතා සහ මාහාචාර්ය ප්‍රීති උඩගම මහත්වරුන්ගේ උපදේශකත්වය යටතේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ සත්ත්ව විද්‍යා අංශයේ කථිකාචාර්ය වරුණි ගුණතිලක මහත්මියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ සැමගේ උත්සාහය සාර්ථක වෙන්න කියලා සියලුම පිළිකා රෝගීන් වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු! (නි)
පර්යේෂණය සාර්ථක වුණොත් අපිට ඒ බවත් දැනුම් දෙන්න (නි)
මිනිසුන්ගේ වැරදි ජීවන රටා තමයි අද කාලේ ඇතිවන බොහෝ ලෙඩරෝග වලට මුල්වන්නේ... (නි)
එහෙනම් ඉතින් සාගරේ පතුලත් මිනිසුන්ට පිහිට වුණා? (නි)
අනේ! මගේ තාත්තාවත් සුවකර ගන්න හැකි වෙනවා නම්.... (නි)
හරි ගියොත් පේටන්ට් බලපත්තරය ලබාගන්න. ජය වේවා. (අ)
ඔබගේ උත්සාහය සාර්ථක වේවා! (නි)
හැමෝම එකතුවෙලා මේ වගේ දේවල් අගය කරන්න, දිරිමත් කරන්න. (නි)
අපේ දේ, අපේ ශක්තිය අගය කරමු. විදේශයන්ට පෙර අපේ රට. (ස)
විදේහ රටවල් සේක දැනගත්තම බේත් මදලා විකුනයි. දැනටමත් එහෙම කරනවා ඇති.(නදී)
මිලින්ද, ඔයාගේ දුරකතන අංකය පල කරන්න (නදී)