IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


පිළිකාවකට එරෙහිව සටන් කරනවාට වඩා කි‍්‍රකට් ක‍්‍රීඩා කරන එක ලේසියි - යුවරාජ් සිං

ඉතා දුර්ලභ ගණයේ පිළිකාවකින් සුවය ලබා සිටින යුවරාජ් සිං පසුගියදා පළමු වරට මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් පැවැසුවේතමන්ට නැවත ජීවිතයා ලබාදීම ගැන දෙවියන්ට ස්තුති කරන බවයි. නැවත කි‍්‍රකට් පිටියට පැමිණීමට අඩුම තරමින් තවත් මාස දෙකක පමණ කාලයක් ගතවනු ඇති බවද ඔහු පැවැසීය. පෙනහළු අතර හටගත් මාරක පිළිකාව සඳහා ඇමෙරිකාවේ සහ එංගලන්තයේ මාස දෙකක පමණ කාලයක් නේවාසිකව ප‍්‍රතිකාර ලැබූ යුවරාජ් යළි සිය මවු රටට පැමිණ පැවැත්වූ පළමු මාධ්‍ය හමුවේදී තම ජීවිතයේ ගෙවා දැමූ දුෂ්කර කාලපරිච්ෙඡ්දය පිළිබඳව අනාවරණය කළේය. 30 හැවිරිදි යුවරාජ් අසනීප තත්ත්වය හේතුවෙන් තාවකාලිකව ක‍්‍රීඩාවෙන් සමුගැනීමට පෙර පසුගිය වසරේ පැවැති ලෝක කුසලානයේදී ‘තරගාවලියේ වීරයා’ සම්මානය දිනාගත් අතර සිය වෛද්‍යවරයා වූ නිටීෂ් රොතාගි පසෙකින් තබාගෙන පැවැත්වූ මාධ්‍ය සාකච්ඡුාව අතරතුරේදීද ඔහු වරින් වර කහින බවක් දිස්විය. ”මට මගේ ජීවිතය නැවත දුන්නාට දෙවියන්ට ස්තුතියි. හැමෝටම මේ වගේ අවස්ථාවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මම දැන් ගොඩාක් සතුටින් ඉන්නවා. මගේ ළඟ හිටි හැමෝටම ස්තුතියි”යයිද වමත් පිතිකරුවා පැවැසීය. නැවත කි‍්‍රකට් පිටියට පැමිණීමට හැකියාවක් ඇත්දැයි විමසූ විට මඳ සිනහවක් පෑ යුවරාජ් පැවැසුවේ ඒ සඳහා තවත් මාස දෙකක පමණ කාලයක් ගත විය හැකි බවයි. ”මගේ ක‍්‍රීඩාලෝලීන් හැමෝටම  ඕනේ මම හැකි ඉක්මනින් ක‍්‍රීඩා කරනවා බලන්නයි. ඒත් මගේ ශරීරයට තවත් කාලයක් අවශ්‍යයි. ඒ බව ඔවුන් තේරුම් ගනීවි කියලා මට විශ්වාසයි” ”මම මගේ ශරීර සෞඛ්‍ය ගැන පරෙස්සම් වෙන්න  ඕනේ. ඉදිරි මාස දෙක තුළ හැකි ඉක්මනින් නැවත ක‍්‍රීඩා කරන්න මම උත්සාහ ගන්නවා. මම මේ ගෙවා දමන්නේ හරිම දුෂ්කර කාලයක්” යයිද යුවරාජ් පැවැසීය. පසුගිය මාස කිහිපයක කාලය තුළ තම මව ෂබ්නම් තමන්ට මහත් ශක්තියක් වු බවද යුවරාජ් පවසයි. ”මගේ ලොකුම ශක්තිය වුණේ මගේ අම්මා මගෙත් එක්ක හිටපු එකයි. එයා නැතිව මට මේ දුෂ්කර ගමන යන්න පුළුවන් වෙයි කියලා මම හිත්නනේ නැහැ” ”ලාන්ස් ආම්ස්ට්‍රෝන් (පාපැදි ශූරයා) ගෙනුත් මම විශාල ධෛර්යයක් ලබාගත්තා. මිට අවුරුදු පහකට හයකට විතර කලින් මම එයාගේ පොතක් කියවන්න ගත්තා. ඒත් මොකක් හරි හේතුවක් නිසා මම ඒ පොත කියනවන එක අතරමග නතර කරලා දැම්මා.” ”ඒත් මෙවර මම ඒ පොත කියවලා අවසන් කළා. එයාටත් තිබුණේ මගේ වගේම පිළිකාවක්. ඒත් එයාගේ පිළිකාව හඳුනා ගත්තේ අවසාන අවස්ථාවේ. මගේ පිළිකාව ආරම්භක අවස්ථාවේදීම හඳුනා ගත්තා” යයිද යුවරාජ් පවසයි. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී පළමු වරට පිළිකා රෝග ලක්ෂණ හඳුනා ගත් පසුව එම රෝගයට අනුව ජීවත් වීමට සිදුවීම ඉතා දුෂ්කර වූ බවද යුවරාජ් පවසයි. ”ඒක මට හරිම දුෂ්කර දෙයක් වුණා” ”මට පිළිකාවක්ද? කියන එක දැනගන්න මාස 6 ක් ගියා. මම හිතන විදිහට ඒක හරිම දුෂ්කර කාලයක්. මොකද මට හුස්ම ගන්න අමාරු වුණා. නිතරම ලොකු කැස්සක් ආවා. මගේ පෙනහළු රුධිරයෙන් පිරුණා”යුවරාජ් ආවර්ජනය කරයි. තම රෝග තත්ත්වය ගැන මුල් අවස්ථාවේදීම කණ්ඩායමේ සහෝදර ක‍්‍රීඩකයන්ට දැනුම් දුන්නාදැයි විමසූ විට යුවරාජ් පැවැසුවේ, තමන් ඒ ගැන කාටවත් නොකී බවයි. ”මට මොනවද වෙන්නෙ කියන එක මම කාටවත් පෙන්නුවේ නැහැ. මම හැමවෙලාවම සතුටින් හිටියා. ඒ වගේම හැම දෙයක්ම හොඳින් සිද්ධ වෙයි කියලා මම මටම කියා ගත්තා” ”ඒත් මොනවා හරි බරපතල දෙයක් වෙනවා කියලා මම දැනගෙන හිටියා. ඒත් මම මේ තත්ත්වයෙන් කොහොම හරි ගොඩයා යුතුව තිබුණා” යයිද යුවරාජ් පැවසීය. තම රෝග තත්ත්වය එන්නම එන්නම බරපතල වුවත් සෑම විටම සර්ව සුභවාදීව සිතූ බවද යුවරාජ් පවසයි. ”මානසිකව ශක්තිමත්ම ඉන්න  ඕනේ කියලා මම කල්පනා කළා. මගේ ඇතුළාත්තයේ සතුටුදායක දේවල් බොහෝමයක් තිබුණා. ඒ වෙලාවෙත් මම සතුටින් හිටියා” ඔහු පවසයි. තමන් ඉදිරියේදී පිළිකා රෝගීන් වෙනුවෙන් යම් දෙයක් කරන බවටද යුවරාජ් ඉඟි පළකළේය. ”නිසැකවම මේ රෝගය මට තදබල පහරක් වුණා. පිළිකාව මගේ ශරීරයෙන් ඉවත් වුණාට එහි බිය තවමත් තියෙනවා. අනාගතයේදී මම අනිවාර්යයෙන්ම මිනිසුන් වෙනුවෙන් යම් දෙයක් කරනවා” ඔහු පවසයි. ප‍්‍රතිකාර ගත් කාලය පිළිබඳ නැවත ආවර්ජනය කළ යුවරාජ් පැවැසුවේ එම කාලය තුළ තමන් කි‍්‍රකට් තරග නැරඹීමෙන් පවා වැළැකුණු බවයි. ”මම කි‍්‍රකට් තරග නරඹන එක නතර කළා. මොකද තරගයක් නරඹන හැම වෙලාවෙම මා කණස්සල්ලට පත්වුණු නිසා” ”මා ඇවිදින්න උත්සාහ කළා. වීඩියෝ ක‍්‍රීඩා කළා. චිත‍්‍රපට බැලූවා. මගේ අම්මා මට උයලා පිහලා දුන්නා. මට ගොඩාක් දේවල් කරගන්න බැරිව ගියා. ගෙදරින් එළියට ගිහින් පොඞ්ඩක් ඇවිඳින එක පවා දුෂ්කර දෙයක් වුණා” හත් වතාවක් ප‍්‍රංශ සවාරිය ජයගත් ලාන්ස් ආම්ස්ට්‍රෝන්ගේ පිළිකාව හඳුනා ගැනීමෙන් පසුව ඔහුට මරණයෙන් බේරීම සඳහා තිබුණේ සියයට 40 ක අවස්ථාවකි. එහෙත් ඔහු පිළිකා රෝගයට විරුද්ධ කළ සටන තමන් ප‍්‍රතිකාර ලද කාලය තුළ තමන්ට මහත් ආශ්වාදයක් වූ බවද යුවරාජ් පවසයි. ”අපි දෙන්නව සසඳන්න මට බැහැ. මට නම් ලාන්ස් කියන්නේ සැබෑ ලෝකයේ වීරයෙක්” ”එයා ශ්‍රේෂ්ඨ ක‍්‍රීඩකයෙක් වගේම එයා ජීවිතයේදී ලබාගත් ජයග‍්‍රහණත් විශිෂ්ටයි. මගේ පැත්තෙන් බැලූවොත් මේ රෝගය සනීප කරගෙන නැවත කි‍්‍රකට් ක‍්‍රීඩා කරන එක අති විශාල ජයග‍්‍රහණයක්” යුවරාජ් පවසයි. ”මම අනාගතයේදී මොනවා කරයිද කියලා මම දන්නේ නැහැ. මම හදන්නේ මහන්සි වෙලා වැඩ කරන්න.” ”ඉස්සර මම හැම වෙලාවෙම හිතුවේ ඉන්දීය ලාංඡුනය මගේ නළලේ ගහගන්න  ඕනේ කියලා. දැනුත් මට  ඕනේ ඒක. ඉන් පස්සේ මොනවා වෙයිද කියන එක මම දන්නේ නැහැ” ”ඒත් මම බොහෝම ඉක්මනට ආපහු එනවා” ඔහු පවසයි. පිළිකා රෝගය හඳුනා ගැනීම සඳහා පර්යේෂණ පැවැත්වෙද්දී ඔහු වැරැුදි විකල්ප ප‍්‍රතිකාර ක‍්‍රමවලට යොමවූ බවට නැගෙන චෝදනාවද යුවරාජ් ප‍්‍රතික්ෂේප කළේය. ”පිළිකා රෝගය හඳුනා ගන්න එක හරිම දුෂ්කරයි. ඒකට යම් කාලයක් යනවා. මට මොනවද  ඕනේ කියලා මට හිතුණම මම කෙලින්ම ඒ දේ කරන්න ගියා” ඔහු අවධාරණය කරයි. තම මව පිළිබඳව සඳහන් කරමින් යුවරාජ් පැවැසුවේ සිය මව තමන්ට අසීමිත ශක්තියක් වු බවයි. ”ප‍්‍රතිකාර ලබන කාලය පුරාම මා පොඩි දරුවකු වගේඅඬමින් අම්මාගේ තුරුළේ දැවටෙමින් හිටියා” ”ඒත් ඒ මාස දෙකක කාලයටම අම්මා එක කඳුළක්වත් සැළුවේ නැහැ. ඇය හැම වෙලාවෙම මගේ ළඟින් හිටියා. මම නොකඩවා කහින්න ගත්තම ඇය පාන්දර 4 ට අවදිවෙලා මගේ ළඟින් හිටියා. ඇය මටත් වඩා ශක්තිමත්” ඔහු පවසයි. පිළිකා රෝගය සමග සටන් කරන විට යුවරාජ් ව ධෛර්යමත් කළ තවත් පුද්ගලයකු වූයේ සචින් තෙන්ඩුල්කාර් ය. ඔහු වරක් ලන්ඩනයට ගොස් යුවරාජ්ව හමුවිය. ”සචින්  ඕස්ටේ‍්‍රලියාවේ ඉන්න කොට මම එයා එක්ක සම්බන්ධතා පැවැත්වුවා. ඒ වගේම එයා සියවැනි ශතකය ලබාගනියි කියලා මම හිතුවා” ”එයාව ලන්ඩනයේදී හමුවුණාම මම ගොඩාක් සතුටු වුණා. එයා මාව හමුවුණු එක එළියට දාන්න මට වුවමනා වුණේ නැහැ. ඒත් මාධ්‍ය ඒ ගැන දැනගත්තා. කොහොම වුණත් එයාව දකින්න ලැබුණු එක ගැන මම සතුටු වුණා” ”සචින් එක්දින තරගයකදී ලකුණු 200 ක් ලබාගන්න විට තරගය ක‍්‍රීඩා කරනකොට, එයාගේ 100 වැනි ශතකය ලබාගන්න කොට ඉන්දීය කණ්ඩායමේ ඉන්න මට  ඕනෑ වුණා. ඒත් අවසානවකට වගේ මට ඒක කරන්න බැරි වුණා. ඒත් මම හදවතින්ම එයා සුබ පැතුවා” ”ඒක ලොකු ජයග‍්‍රහණයක්. එයා ඒ තරම් වසර ගණනාවක් ක‍්‍රීඩා කරපු එක විශ්මයක්. මගෙයි සචින්ගෙන් යාළුකම තවත් වැඩි වුණා. ඒත් එයා සිය වැනි ශතකය ලබාගන්න කොට මට එතැන ඉන්න බැරි වුණා. ඒක මගේ අවාසනාව” යයිද යුවරාජ් පවසයි. තම ජීවිතයේ දුෂ්කරම කාල පරිච්චේදය පසුකරන විට නිරන්තර වෛද්‍ය පරීක්ෂාවට ලක්වීමේ ඇති වැදගත්කමද අවබෝධ කරගත් බව යුවරාජ් පවසයි. ”මේ රෝගය වැළැඳුණු මිනිස්සු ඊට එරෙහිව සටන් කරන ආකාරය අනුව මගේ ජීවිතයත් හැඩ ගස්සවා ගන්න මට වුවමනා වුණා. ඒ හැඟීම මගේ හිතේ තියන විශ්වාසය ඉහළ දැමුවා. මම මගේ ජීවිතය ගැන ගොඩාක් බය වුණා” ”ක‍්‍රීඩකයෝ සාමාන්‍යයෙන් වෛද්‍ය පරීක්ෂණ ගැන එතරම් උනන්දු වෙන්නේ නැහැ. ඒත් අපි  හැකි හැම වෙලාවෙම වෛද්‍ය පරීක්ෂණ කරගන්න  ඕනේ. ඉස්සෙල්ලම මට කැස්ස  හැඳුනාම මම ඒක එච්චර ගණන් ගත්තේ නැහැ. ඒක හොඳ දෙයක් නෙමෙයි. ඒත් මම එහෙම කළේ ලෝක කුසලාන තරගමාලාව නිසයි” ”මේක ජීවිතයේම කොටසක්. ඔබ වැටෙනවා ඒ වගේම නැගිටිනවා. දැන් මට හොඳයි කියලා හිතෙනවා” එසේම යුවරාජ් තම අසනීපය සම්බන්ධයෙන් ලද අත්දැකීම් අළලා පොතක් ලිවීමටද අදහස් කරගෙන සිටියි. ”මම මුහුණ දීපු අත්දැකීම ගැන මම ලියමින් ඉන්නවා. මම ලියන පොත කවදහරි දවසක එළියට එයි. මගේ සිතුවිලි විශාල වෙනසක් භාජන වෙලා. මොකද ඔබ ජීවිතයේ හැම දේම ලැබුවත් වඩාත් වැදගත් දේ තමයි ඔබේ සතුට” ”සල්ලි වැදගත් තමයි. ඒත් වඩාත් වැදගත් වෙන්නේ ප‍්‍රීතියෙන් ජීවත් වෙන එකයි. මම ඉන්දියා වෙනුවෙන් ක‍්‍රීඩා කරන්න පටන් ගත්තහම මම හැම වෙලාවෙම හිතුවේ මම හොඳින් ලකුණු රැුස් කරයිද? හොඳින් පන්දු රකියිද? යන දේවල් ගැනයි. ඒත් දැන් මම සතුටින් ඉන්නවා. මම තෘප්තිමත් මිනිහෙක්. මම අනිවාර්යයෙන්ම ආපහු ක‍්‍රිකට් ක‍්‍රීඩා කරනවා. ඒත් ඉස්සර වගේ නෙමෙයි සැහැල්ලූ මනසකින් යුතුවයි එහෙම කරන්නේ’ ඔහු පැහැදිලි කරයි. ශාරීරිකව දුබලව සිටියත් නොකඩවාම ට්විටර් පිටුව සක‍්‍රීය කළේ ඇයි? යන  පශ්නයට යුවරාජ් පැවැසුවේ සිය ක‍්‍රීඩා ලෝලීන් තුළ”අනුමාන කල්පනා” ඇතිවීම වැළැක්වීම සඳහා තම රෝගය පිලිබඳව නිරන්තරව අලූත් තොරතුරු ඉදිරිපත් කළ බවයි. තම පළමු ඉලක්කය ගැන විමසූ විට යුවරාජ් පැවැසුවේ ‘‘මගේ පළමුවැනි අරමුණ තමයි නීරෝගීව සහ සතුටින් සිටීම. හදිස්සියේ නැවත කි‍්‍රකට් පිටියට එන්න තරම් හේතුවක් තියෙනවා කියලා පෙනෙන්න නැහැ’’ යනුවෙනි. අයි.පී.එල්. තරගවල රූපවාහිනී දර්ශනයක් කිහිපයක් දෙස බලා යුවරාජ් පැවැසුවේ ‘‘අයි.පී.එල්. තරගාවලියට සෙල්ලම් කරන්න නොලැබුණු එක ගැන දුකයි. ඒත් මම මගේ කණ්ඩායමට (පූනේ වොරියර්ස්) සුබපතනවා’’ යනුවෙනි. ‘‘මට දැන්  ඕනේ හොඳින් විවේක අරගෙන හොඳටම සනීප වෙන්නයි. සමහර විට මැයි මාසයේදී විතර අයි.පී.එල්. තරගයක් බලන්න යන්න මට පුළුවන් වෙයි’’ දැන් තම ශරීර ශක්තිය වර්ධනය කරගැනීමේ ව්‍යායාමවල යෙදීමට නියමිත කාලය පැමිණ ඇතත් විනෝදයෙන් සිටීමේ මිනිසෙක් ලෙස වූ තම චරිත ලක්ෂණය වෙනස් නොකරන බවද ඔහු පවසයි. ”මම හැමවෙලාවෙම සතුටින් ඉන්න උත්සාහ කළා. මම මගේ විදිහ කිසිම වෙලාවක සැඟව්වේ නැහැ. යුවරාජ් කියන්නේ හදවතින්ම හොඳ මිනිහෙක් කියලා මම දන්නවා. මම තවදුරටත් වයස අවුරුදු 20 ගණන්වල සිටින කෙනෙක් නෙමෙයි. ඒ නිසා සුපුරුදු ශක්තිය ලබාගන්න මහන්සි වෙලා වැඩ කරන්න වෙනවා” ඔහු පවසයි. ”මේ රෝගයම නිසැකවම මගේ ජීවිතයේ මුහුණ පාන්නට සිද්ධ වුණු විශාල සටනක්. මම ඒ සටන ලෝක කුසලාන ජයග‍්‍රහණයට සම කරන්න යන්නේ නැහැ. ඒත් පිළිකාවකට එරෙහිව සටන් කරනවාට වැඩිය කි‍්‍රකට් ක‍්‍රීඩා කරන එක ලේසියි” ”පිළිකා රෝගය නිසා මම බොහෝ දේ ඉගෙන ගත්තා. සමහර විට ඒක මගේ ජීවිතයේදී සිද්ධ වුණු හොඳම දේ වෙන්නත් පුළුවන්. ඒත් ඒක දැන්ම කියන්න හැකියාවක් නැහැ. ඒත් තවත් වසර කිහිපයක් ගත වුණාම මම ඒක නිවැරැුදිය වටහා ගනියි. මම මේ රෝගය සඳහා රසායනික චිකිත්සක ලබාගන්න කොට මහළු රෝගීන් විශාල සංඛ්‍යාවක් ඒ දේම කරනවා දැක්කා. ඒ මිනිස්සු නිසා මම ධෛර්යයමත් වුණා. ඒ වෙලාවේ මම හිතුවේ ”මේ මහළු මිනිස්සුන්ටත් මරණයෙන් බේරෙන්න පුළුවන් නම් ඇයි මට බැරි කියලයි” යුවරාජ් පවසයි. (ස්පෝර්ට්ස් ස්ටාර් ඇසුරෙනි)  පරිවර්තනය : අනිල් කරුණාරත්න



අදහස් (0)

පිළිකාවකට එරෙහිව සටන් කරනවාට වඩා කි‍්‍රකට් ක‍්‍රීඩා කරන එක ලේසියි - යුවරාජ් සිං

indu Friday, 27 April 2012 05:52 PM

අපි කවුරුත් මිනිස්සුන් නිසා ක්‍රීඩකයෙක් නිසාම නොව ඔබගේ අසනීපය ගැන කණගාටු වෙන අතර ඔබට ඉක්මන් සුවය පතමු.

:       0       0

දිනේෂ් Thursday, 26 April 2012 02:36 PM

බාබගෙ කීම අහන්නෙ නැතුව තාත්ත කියන එක අහුවනම් මේවගේ දෙයක් වෙන්නෙ නැනෙ යුවරාජ්

:       0       0

ජයන්ත Thursday, 26 April 2012 09:10 PM

මේ ජීවිතයේ අනියත බවයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කුඩු කිලෝ 494ක් විනාශ කරයි
2025 අප්‍රේල් මස 28 324 0

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා නාවික හමුදාව 2021 හා 2022 දී අත් අඩංගුවට ගත් හෙරෝයින් කිලෝ 494කට අධික ප්‍රමාණයක් පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලවිර මහත්මි


අධිවේගීයේ අනතුරින් අයෙක් මරුට 3කට තුවාල
2025 අප්‍රේල් මස 28 1115 0

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කොට්ටාව අතර කිලෝමීටර් 5.4 ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් අයකු මියගොස් තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලි


රතු ලේබල් ඇලවූ කන්ටේනර් 323ක් වරායෙන් පිට කරලා
2025 අප්‍රේල් මස 28 777 0

වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු කන්ටේනර් තුන්සිය විසිතුනක් හිටි හැටියේ පිට කිරීම බරපතළ සැකයට තුඩු දෙන කාරණයක්


අමාත්‍ය බිමල් - පලස්තීන තානාපති අතර විශේෂ හමුවක්
2025 අප්‍රේල් මස 28 290 0

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් කලිල් මහතා අතර විශේෂ හමුවක් එම අමාත්‍ය


කොම්පඤ්ඤවීදීය ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදයෙන් කෝටි 40ක පාඩුවක්
2025 අප්‍රේල් මස 28 974 0

කොම්පඤ්ඤවීදීයේ පොලිසීයට යාබදව බාලදක්ෂ මාවතේ සිට චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවත දක්වා ඉදිකෙරෙමින් පවතින ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදය හේතුවෙන් රුපිය


අකුණු සැර වැදී කතක් මරුට
2025 අප්‍රේල් මස 28 226 0

අකුණු සැර වැදීමෙන් හාලිඇල නෙළුව වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් හය දෙනෙකු අද (28) සවස තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද එක් කාකාන්තාවක් ජීවිතක්ෂයට පත්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1018 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 438 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 586 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site