IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


පළාත් ඇමති දෙහි කැපිල්ල ආණ්ඩුකාර ඉවත දමයි

නැගෙනහිර පළාතේ පාසල් අධ්‍යාපනය නැංවීමට තමා ගෙන යන  වැඩ පිළිවෙළට නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා සහ ඔහුගේ උපදේශකයන් අකුල් හෙළතියි නැගෙනහිර අධ්‍යාපන ඇමැති විමලවීර දිසානායක මහතා පැවසීය.

සභාපතිනි ආරියවතී ගලප්පත්ති මහත්මියගේ ප්‍රධානත්වයෙන් නැගෙනහිර පළාත් සභාවේ මාසික රැස්වීමේදී ඔහු එම චෝදනාව කෙළේය.

පාසල් ගොඩනැගිලි ගැන ආණ්ඩුකාරවරයා විසින් නියම කැරුණු ප්‍රමිතිය අනුව බලතොත් නැගෙනහිර පළාතේ පාසල් 500ක් වසා දැමීමට සිදුවන බව පැවැසූ ඇමැති,  දරුවන්ගේ අනාගතයට වග කියන්නේ ආණ්ඩුකාරවරයා ද නැතිනම් හජන නියෝජිතයන්දැයි ප්‍රශ්න කළේය.

  ලාහුගල විහාර මහා දේවී ප්‍රාථමික පාසල වසා දැමීමට ආණ්ඩුකාරවරයා නියෝග දෙන්නේ ඇතැම්  නිලධාරීන්ගේ උපදෙස් මත බව ද දිසානායක මහතා චෝදනා කළේය.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා පළාත් සභාව අභිබවා කටයුතු කරන්නේ ජනාධිපතිවරයාගෙන් ඔහුට ලැබී ඇති විශේෂ වරප්‍රසාද නිසා බවයි එජාප මන්ත්‍රී මංජුල ප්‍රනාන්දු මහතා පැවසුවේය.

අධ්‍යාපන ඇමැති දිසානායක මහතා කරන චෝදනාව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රියර් අද්මිරාල් මොහාන් විජේවික්‍රම ප්‍රතික්ෂේප කරයි. තමා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියට අනුව සිදුකරන කටයුතු දේශපාලකයන්ට වැරදි විදියට පෙනීම පුදුම නොවිය යුත්තක් බව ද ඔහු කියයි.

නැගෙනහිර පළාතේ පාල් 500ක් වසා දැමීමේ වැඩ පිළිවෙළක් නැතැයි කියන පළාත් ආණ්ඩුකාරවරයා ලාහුගල විහාරමහාදේවි පාසල වසා දැමීමට කටයුතු කෙරෙන්නේ එම ප්‍රදේශයේම ජනතාවගේ ඉල්ලීම මත බව ද කියා සිටියේය.



අදහස් (0)

පළාත් ඇමති දෙහි කැපිල්ල ආණ්ඩුකාර ඉවත දමයි

දිසානායක Tuesday, 19 February 2013 08:45 PM

මම හිතන්නේ ඇමතිතුමා කවදා හරි දිනනවා.(නදී)

:       0       0

ලියනාරච්චි Wednesday, 20 February 2013 12:12 PM

මේක ඇමතිගේ උවමනාවට රජයේ අනුමැතිය නැතුව මේ වසරේ විවෘත කළ පාසැලක්. එහෙමනම් සෞඛ්‍ය ඇමතිට පුළුවන්නේ රෝහලක් විවෘත කරන්න.(නදී)

:       0       0

තිලකගේ Tuesday, 19 February 2013 10:02 PM

දේශපාලනයේදී හැමතැනම‍ කෙරෙන්නේ එකම දෙයයි. කෙනෙක් චෝදනා නගනවා. තව කෙනෙක් ඒවා ප්‍රතික්ෂේප කරනවා. අන්තිමේ දේශපාලකයෝ හැදෙනවා. අපි වැනසෙනවා. (නි)

:       0       0

සුමේධ Thursday, 21 February 2013 09:25 AM

ආණ්ඩුකාරවරයා දෙමවුපියන්ගේ ඉල්ලීම ඉටු කිරිමට උත්සාහ දැරිම ගැන ප්‍රසංශා කරනවා. (නි)

:       0       0

යෝව්දු Wednesday, 20 February 2013 06:22 AM

ආණ්ඩුකාරවරයා කියන්නේ දෙමවිපියන් වහන්න කියනවා කියලා. විහාර මහා දේවි පාසැලේ ළමයි 19 ඉන්නවා. ඒ දෙමවිපියන්ගේ ඉල්ලීම ආන්ඩුකාරවරයට දැනෙන්නේ නැද්ද?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 3 0

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


ගෙල කපා අඹු සැමි යුවළ මරලා
2024 ඔක්තෝබර් මස 04 379 0

අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.


‘පාර්ලිමේන්තුවට ඉල්ලන්නෙ නෑ‘
2024 ඔක්තෝබර් මස 04 870 2

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල


ඉරානය ඊශ්‍රායලයට එරෙහිව රුසියන් සහාය ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 04 807 0

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා චන්ද්‍රිකා දත්ත ලබාදී ටෙහෙර


හම්බන්තොටින් ස්වාධීන කණ්ඩායම් 4ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 138 0

2024 මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අද (04) දහවල්වන විට ස්වාධීන කණ්ඩායම් හතරක් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.


ඇමෙරිකාවට පහර දෙන්න පැකිලීමක් නෑ
2024 ඔක්තෝබර් මස 04 832 0

දකුණු කොරියාවෙන් හෝ ඇමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට පිළිතුරු දීම සඳහා කිසිම පැකිලීමකින් තොරව න්‍යෂ්ටික අවි භාවිත කරන බව උතුරු කොරියානු නායක ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38854 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25497 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 300 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1011 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 359 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site