නවගත්තේගම සුසිලා හේරත් ගුරුවරිය දණ ගැස්සූ බව කියන වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාරට විරෝධය පළ කරමින් ඇඹිලිපිටියේ ගුරුවරු 150ක ආසන්න පිරිසක් කලාප කාර්යාලය ඉදිරිපිට අද පැය බාගයක විරෝධයක් පැවැත්විණි. ‘පළාත් සභා ගොනා පාසලට පනී‘මේ ගොනා ගස් බඳින්න, වැනි වැකි ඔවුන් අත විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"අධ්‍යාපන ඉතිහාසයේ පිළිකුල් සහගතම ක්‍රියාව" ලංකා ගුරු සංගමය කියයි.ගුරුවරු මෙන්ම විදුහල්පතිවරු තමුන්ගේ පාසලේ ඉගෙනුම ලැබූ කුඩා දරු දැරියන් ලිංගික අපයෝජනය කළ අවස්ථා පසුගිය කාලයේ අසන්නට ලැබුණා. සෑම සිද්ධියකටම වඩා අත්තනෝමතිකව පාසල් දරුවෙකු අපහසුවට ලක් කිරීම නිසා කෝපයට පත් පියෙකුගේ ක්‍රියාව පිළිකුල් බවයි මෙයාලා කියන්නේ. (නි)
මෙවන් අය රජ කරගෙන දැන් බොරුවට විරෝධතා. කළ යුත්තේ පළාත් සභා ක්‍රමයම ඉවත් කිර්‍රිමයි. දැන් ලංකාවේ පාරක ඇවිද ගියොත් ඇගේ හැප්පෙන ගානට ජනතා නියෝජිතයො. මේ අයව නඩත්තු කරන එක තමයි අපේ ලොකුම රාජකාරිය. මේ පුංචි රටට මෙතරම් ජනතා නියෝජිතයො ප්‍රමාණයක් ඔරොත්තු දෙනවද? (නි)
පාසල් අධ්‍යාපනය නොලද අය ගුරුවරයකුගේ වටිනාකම නොදනී. මේ වගේ මිනිසුන්ට ඡන්දය දෙන අයට සහ මේවගේ නුගතුන්ට නාමයෝජනා දෙන අයට කොහොමද අපි සළකන්න ඕනෑ (නි)
ලංකාවම විරුද්ද වෙන්න ඕනේ මෙහෙම වැඩ කරනවාට (දී)
ඇත්තටම මෙහෙම අයට නැවත තනතුරු නොදෙන්න. (නි)
අනේ මෙහෙමත් මිනිස්සු? (නි)
ගුරුතුමිය ළඟ අර මන්ත්‍රීව දණ ගස්සන්න කියන්න (නි)
මාලක ගේ අදහස හොඳා , ප්‍රසිද්ධියේම ගුරුතුමියට වැඳ සමාව ගත යුතුයි (අ)
ඇඹිලිපිටියේ ගුරු විරෝධයට පොලිසියේ පුර්ණ සහය ලැබිය යුතුයි. (නි)
පළාත් සභා මන්ත්‍රීවරු කියන අය අපේ මුළු රටටම එපා (නි)
නියම පුත්තලම් නියෝජිතයෙක්.කමෝන් ! (නි)
මේ මන්ත්‍රීගේ අධ්‍යාපන සුදුසුකම් මොනවද කියලා කාටත් දැනගන්න පලකරන මෙන් ලංකාදීප පත්තරයෙන් ඉල්ලා සිටිමි. (නි)
චතුල වෙරෝනා, මෝඩ කතා කියන්න එපා. දැන් මන්ත්‍රී ඉන්නේ රිමාන්ඩ් එකේ. තව තව උද්ගෝෂණ කරලා ඇති වැඩේ මොකක්ද? නීතිය හොදින් ක්‍රියාත්මක වෙනවා. දැන් තියෙන්නේ ළමයන්ට අතපසු වූ පාඩම් ටික උගන්න එක. (නි)
ඇත්තම කිව්වොත් මටත් පාසල් යන කොට ගහල තියෙනව ගුරුවරු..... ඔයාලම කියන්න බලන්න අදටත් ඔයලගෙ මතකයෙ ඉන්නෙ එදා ගහල බැනල අපිව හදන්න හදපු ගුරුවරු මිසක් ඔලුව අතගල මුකුත් කිව්වෙ නැති ගුරුවරු නෙමේ නේද...අපෙ කාලෙ විදියට අද මොනවද කරන්නෙ.....අපිත් අද මනුස්සයො විදියට හොරු අපරාද කාරයො නොවීඉන්‍නෙ ඒකයි අද පාසල් එන අම්මල දැක්කම නම් ඊට හපන්.......වෙන තැනකටනම් ඔන විදියකට ගියට කමක් නෑ... සමහර වෙලවට ළමයත් අසරණ වෙනව දැකල තියෙනවා..... එකයි දැන් ළමයි හදා ගන්න බැරි වෙලා තියෙන්නෙ... ලගදි මට මතකයි රුපවාහිනි එකෙ අම්මයි දුවයි ඉන්න රියලිටි වැඩසටහනක් තිබුනා දැකපු අය ඉන්නවානෙ කියන්න ඔනේ නැනෙ... දැන් ඉන්න අම්මලට පුලුවන් දුල ඉස්සරහ ඇඳුම් නැතුව උනත් ඉන්න.. ඉතින් කොහොමද ළමයි හදා ගන්නෙ...(අ)
මේක තමයි අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිය. සක්වල ගලෙන් එහාට දක්කන්න කාලේ හරි. (ත)
විදුහල්පතිතුමා පොලිසියට පැමිණිලි කරලා ,පසුව එය අස්කරගෙන නම් ඔහුව සේවයෙන් ඉවත් කළ යුතුයි. (ත)
ඔය වැරදි කරන දෙසලුවනට හරියට නිතිය ක්‍රියාත්මක වෙන් නැහැ ඕක නිකන් රගපෑමක් විතයි. සමහර විට ගුරුතුමියට කියන්න වෙයිද දන්නේ නෑ ‘මට කවුරුත් කිව්වේ නැහැ දන ගහන්න කියලා ඇමතිතුමාට තියන බක්තියට දන ගහගෙන හිටියේ‘ කියලා. (ත)
ගුරුවරු සැවොම මේ අසාධාරණයට එරෙහිව පෙළ ගැහෙන්න ඕනේ (දී)
නියෝජ්‍ය විදුහල්පති ප්‍රථමයෙන් පොලිසියට කටඋත්තරයක් දුන්නා නේද පාසලේ ඔහු ඉදිරිපිට මෙහෙම සිද්දියක් වුනා කියලා. පහුවෙනිදා දිවුරුම් පෙත්සමක් මගින් ඒ කතාව ඉල්ලා අස්කරගෙන. දැන් මන්ත්‍රී කියනවාලු මම ඒ ඉස්කෝලේ පැත්තෙවත් ගියේ නැහැ කියලා. මේ ක්‍රියාව වෙලාවේ පාසලේ අනිකුත් ගුරුවරු මෙන්ම පාසල් දරු දැරියන් හිටපු බව සෑම කෙනෙක්ම දන්නවා. (නි)
ඔය සිද්ධිය වුන අවස්ථාවේ ඇයි ගුරුවරු ටික ඩෙස්පුටු කකුල් ටික අතට නොගත්තෙ? එහෙම කරලා හොඳට සළකලා යවන්නනේ තිබුණේ (නි)
ඇඹිලිපිටිය නම් පුත්තලමට තකට තක බව පුවරු වලිනුත් පැහැදිලියි. (නි)
කල අපහාසයට ගුරුතුමියට වන්දියක් ගෙවලා තමාගේ වියදමින් පාසලට අංග සම්පූර්ණ විද්‍යාගාරයක් හදන්න නියෝග කරන්න (නි)
රට වටේම විරෝධය පාලා අඩුම තරමෙ උතුම් ගුරු මෑනි පියවරු ටිකවත් රෑක ගනිමු (නි)
ඇත්තමයි සුසන්ත. (ස)
ලංකාව මොකාක් කියලාද දන්නේ නැහැ හිතාගෙන ඉන්නේ (දී)
ආ... මේ පුත්තලමෙනේ (නි)
අර පොලිසියේ අයට ගැහුවේත් මේ පැත්තේ පලාබබෙක් නේද? පොලිසියටත් ගැහැවා නම් ගුරුවරු කවුද? ඒ හන්දනේ මේ අය පාරට බැස්සේ. අශ්වයා පැනලෙ යන්න කලින් ගේට්ටු වහන්න තීරණය ළෙ එක හොඳයි. ඔහොම යන්.... (නි)
ගරු සංගම් මේ අවස්ථාවේ එකමුතු වන්න. නැත්නම් ඉදිරියේදී ලොකු විනාශයක් වෙන්නේ. දේසපාලන හෙන්චයියලා ඇගිලි ගහන්න ගියොත් හැමදේටම මේ රට ආගාදයට යනවා. (නි)
ගස් බදින්න වටිනා දෙයක් (දී)
ජන්දේ දුන්න අයටයි ගහන්න ඕනෑ. නැත්නම් මොන්ටිසෝරි යවන්න ඕනෑ (නි)
මේ රටේ වගකිවයුතු පුද්ගලයන් තවමත් කටවහගෙන. මොකද ඔච්චර බය. මෙරට දැන් කෝලන් මඩුවක් වෙලා. මේකද ඔය කියන නිදහස ???? (නි)
අකුණු ගහලා අහිංසක මිනිස්සු මැරෙනවා. ඒත් මේ වගේ අය සමාජය විනාශ කරමින් බැබලෙනවා. (නි)
මේ රටේ අභිමානයට කැළලක් නොවන විදිහට වැඩකිරිම කාගේත් වගකීමක්. දෙමුපියන්ට මෙන් ගුරුවරුන්ටද එක සේ සැලකීම අපගේ වගකීමක්.. (නි)
පුත්තලම ප්‍රසිද්ධ මොනවටද? (නි)