උතුරු මැද පළාතේ සහ ආනමඩුව කොට්ඨාසයේ අද(17) පැවති වාර විභාගයේ ප්‍රශ්න පත්‍ර කිහිපයක ගැටළු මතුවීම නිසා සිසුහු අපහසුතාවට පත් වූහ.
උතුරුමැද පළාතේ පාසල් වාහ විභාගයන්හි අද පැවැති ගණිතය හා චිත්‍ර පශ්නපත්‍ර දෙකක ගැටළු මතුවී ඇතැයි ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රණාන්දු මහතා කියයි.
පසුගිය අප්‍රේල් මාසයේ 12 ශ්‍රේණියට දුන් චිත්‍ර ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න මාරු කර එම සිසුන්ටම අද ලබා දී ඇති බවත්, ගිය වර දුන් ප්‍රශ්න පත්‍රයේ ඇති වැරදි ප්‍රශ්න ද ඒ ආකරයෙන්ම මෙවර ලබා දී ඇති බවත් ප්‍රනාන්දු මහතා පවසයි.
එමෙන්ම අද ලබා දුන් ගණිතය ප්‍රශ්න පත්‍රයක පිටපත් මදිවීම නිසා පාසල් රැසක සිදුන් අපහසුතාවට පත් වූ බවත්, උදෑසන 10,11 වන විට නැවත ‘ඩුප්ලෝකර‘ දුන්නද ඒවායේ අකුරු ඉතා කුඩාවට මුද්‍රණය වීම නිසා කියවීමේ අපහසුතා ඇති වූ බවත් ඒ මහතා සඳහන් කරයි.
පළාත් අධ්‍යාපන ලේකම් ආර් කේ ප්‍රේමසිරි මහතා පැවසුවේ ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන බවයි.
ප්‍රශ්න 40ක 11 ශ්‍රේණිය බුද්ධාගම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 20ක් පමණක් මුද්‍රණය කැර තිබීම නිසා පුත්තලම ආනමඩුව කොට්ඨාසයේ පාසල්වල සිසුහු අද (17) අපහසුතාවට පත් වූහ.
එවැනි ගැටළුවක් වී ඇති බව පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ගාමිණී බණ්ඩාරනායක මහතා තහවුරු කළ අතර නැවත එම විභාගය මේ මස 31 වැනිදා පැවැත්වීමට කටයුතු කරන බව හෙතෙම පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක දේශපාලුවෙක් කියලා තියෙනවා මම දැක්කා මේ වගේ වැරදි මීට වඩා ලොකු විභාග වලත් වෙලා තියනවා. මේක සුළු දෙයක් කියලා. විභාගයක ප්‍රශ්න පත්තරයක වැරදි ඔවුන්ට සුළු දේවල්. අනිත් එක කලින් වුන වැරදි ඊළඟ වතාවේ නොවෙන්ට වග බලාගත යුතුයි නේද ? (නි)
මුන්ට මොනවද හරියට කරන්න පුළුවන්.හැම දෙයක්ම මැට්ටෝ දාගෙන අනාගෙනයි තියෙන්නේ.බන්දුල පෙරේරා වගේ මැට්ටන්ටම ගිය රටක්.(අ)
චන්ද්‍රාවතී.ඔබ තුමිය හරියටම හරි.යුද්ධය ඉවර කළා මදිද?අධ්‍යාපනයක් මොකටද?(අ)
බොහෝමයක් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන්ගේ සුදුසුකම් පරීක්‍ෂා කරන්න. හේතුව හොයාගන්න පුළුවන් (නි)
ඒකට අපේ කැම්පස් එකේ විභාග? ප්‍රශ්නෙයි උත්තරෙයි දෙකම දීලත් සමහර අය පාස් වෙන්නේ නැහැ. හැබැයි මාස්ටර් කෝර්ස් එකක් නම් 95% ක් විතර පාස් වෙනවා.සල්ලි ගෙවලා ඉගෙන ගන්න නිසා. (නි)
ඉන්ටෙර්නෙට් වලින් ඒසී කාමරයක ප්‍රශ්න පත්තර වලට උත්තර ලිව්වා කියලා නඩුවක් දාපු අසරණ කොල්ලත් දැන් එන්නේ පිටරටක දේශපාලන සරණාගතයෙක් විදිහට.ඉතින් අධ්‍යාපනය ගැන තව මොනවා කතා කරන්නද? (නි)
අධ්‍යාපනය මෙහෙමවත් බේරිලා තිබීම ගැන සියලු දෙවි දේවතාවුන්ට අපි පින් දෙන්න ඕනෑ. (නි)
කැලුම්, ඕවා කියල බන්දුල පෙරේරාට කේන්ති යයි (නි)
කලබල වෙන්න එපා. අපේ ඇමතිතුමා ඔය ප්‍රශ්නය විසදලා දෙයි. (නි)
ඔය දේශපාලකයෝ දැන ගත්තොත් හොදයි මේක තමන්ගේ බුදලයක් නෙමෙයි කියලා. මේ රටේ අනාගතය. මේක කරන්න බැරිනම් කරන්න පුළුවන් කෙනෙක්ට දීල යන එකයි තියෙන්නේ. එහෙම යන්න බැරිනම් එලවනකම් බලන් හිටපල්ලා. හැබැයි ජනතාව එලවපු දාට යන්න වෙන්නේ අදගෙන්න ඉන්න රෙද්දත් නැතිව. ඒක නිසා දැන්වත් කරන දේ හරියට කරපල්ලා. මේක අපි හැමෝගෙම රට. මෝඩ ජාතිවාදී හරක් රැල නිසා මේ හොරුන්ට වැඩ කරගෙන යන්න පුළුවන් වෙලා තියෙන්නේ. මුස්ලිම්,සිංහල,දෙමල අපි ඔක්කොම මේවට වග කියන්න ඕනේ. මේ අපි ඔක්කොගෙම රට. දෙමල , මුස්ලිම් ජනතාව තම ප්‍රදේශවල ඉන්න දුෂිත දේශපාලක්නයන් ගැන කතා කරන්නේ නැහැ. ජාතිකත්වය පැත්තක තියල රට කරන්න පුළුවන් දක්ෂයෝ ටිකක් දැන්වත් පත්කරගමු. සිංහල, මුස්ලිම්, දෙමල මොකත් එකයි.(නදී)
අපි විනෝදෙට ප්‍රතිචාර දැම්මට, ප්‍රතිචාර වලිනුත් බඩගෝස්තරේ නිවාගන්න අයත් ඉන්නවා .බොරුවක් කරන්න දන්නෙත් නැහැ. ඔහොම යං නේද බන්දුල මහත්තයෝ. ශුභ අනාගතයක්. (නි)
මොන විභාගෙද අවුල් නොවුනේ? (අ)
හැම විෂයකටම පරිපාලන විභාගය සමත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙක් ඉන්නවා. ඒ වගේම ගුරු උපදේශකවරුන් ඉන්නවා. ඒ අය නියමිත පරිදි රාජකාරිය කරලා නැද්ද? මේ හැම කාර්යයකටම ගෙවීම් ගන්න ඇති. මේ අය රටට ණය වුනා. වහාම මේ අය සම්බන්ධයෙන් තීරණයක් ගත යුතුයි (නි)
ඔහොම යන් ඔහොම යන් ධර්මසේන මහත්තයෝ..තව බස් එකේ ඉඩ තියෙනවා.ඔය පෞද්ගලික බස් කාරයෝ පටවන විදියට පැටෙව්වත් මේ බස් එක පිරෙන්න තව සෑහෙන කාලයක් යයි (නි)
මෙම විභාගය ජාතික මට්ටමේ විභාගයක් නොවේ.පාසැලේ වාර විභාගය. ඉස්සර වාර විභාගය තිබ්බෙ පාසැලේම ගුරුවරු විසින් සකස් කරන ලද ප්‍රශ්ණ උපයෝගි කරගෙන.කිසිම ගැටළුවක් පැන නැග්ගෙ නැහැ. විෂය නිර්දේශය උපයෝගී කරගෙන ගුරුවරු උගැන්නුවා.ඒ අනුව ප්‍රශ්ණ හැදුවා.මුල් ගුරුවරයා සියල්ල අධීක්ෂණය කලා. කිසිදු වියදමක් ගියෙ නැහැ. පන්ති භාර ගුරුවරයා ප්‍රශ්න පත්‍රය කියෙව්වා.නැතිනම් කළු ලෑල්ලෙ ලිවුවා.හරිම සරලයි. ඒ නිසා අතීතයේ කළ යහපත් සහ සරල ක්‍රමවේදයන් පිළිබදව නැවත අවධානය යොමු කළයුතුයි. එහෙම කරන්න හිතුවොත් මෙහෙම අනාගන්න වෙන්නෙ නැහැ.හැබැයි බක පණ්ඩිතයින්ට ඒ දණ්ඩෙන්වත් යන්න බැරි බව ජනතාව හොදින් දන්නවා. (නි)
අපි විනෝදෙට ප්‍රතිචාර දැම්මට, ප්‍රතිචාර වලිනුත් බඩගෝස්තරේ නිවාගන්න අයත් ඉන්නවා.බන්දුල පෙරේරාට නම් ඕනම කපල කොටන මිනීමැරුමක්,ස්ත්‍රී දූෂනයක්,ළමා අපචාරයක්,කොමිස් ගැහිල්ලක්,විශ්ව විද්‍යාල විකුනං කෑමත්,ගුරු මාතාවන් දෙනෝ දාහක් ඉදිරියේ දන ගැස්සවීමත්,,විභාග ප්‍රශ්න පත්තර අවුල් කිරීමත්,ගම්බද පාසල් වසා දැමීමත් සාමාන්‍ය දේවල්.ඇත්තටම ඔය පාවල දෙන්නේ රටේ අර්නාගතයයි ,ඔය පාවල දෙන්නේ අර්නාගත දරුවන්ගේ ලෝකය කියලවත් හිතන්න මොලයක් මේ මනුස්සයට නැහැනේ.බත් පැකෙට් එකටයි,කසිප්පු බාගේටයි ප්‍රතිචාර දක්වන බඩ ගූස්තර වාදියෙක්.කන්න බොන්න නැතිනම් පත්තරයක් අලාගෙන හිගා කෑවනම් මීට වැඩනම්බුයි මම හිතන්නේ. (අ)
බන්දුල පෙරේරා ට මාසේ අන්තිමට කීයක් ලැබෙනවද?අපි නම් පිට රට නිසා රැකියාව ඉවර වෙලා ඇවිත් ප්‍රතිචාර දක්වන්නේ අපිට රටක් ඉතිරි කරන පාටක් නැති නිසයි.බන්දුල පෙරේරා කරන රැකියාව මොකක්ද?රැකියාවක් කරනවානම් බස් වල කෝච්චියේ එල්ලිලා ඇවිත් අදහස් දාන්න කාලයක් තියෙනවාද?පාසල් යන දරුවෝ එහෙම නැද්ද? (නි)
නිමල් ජයසිංහ මහතාගේ අදහස හරි,දැනට දශක දෙක තුනකට එහා පාසල් වාර විභාගේ ප්‍රශ්ණ පත්‍ර සකස් කලේ එම පාසලේම විෂය ගුරුභවතුන් විසින්මයි.විශාල වියදමක් දැරුවෙත් නැහැ.අමතර දීමනා ගෙවීමකුත් නැහැ.පංතියේ උගන්වන ගමන්ම ප්‍රශ්ණ පත්‍ර ස්ටෙන්සිල් කපනවා.ඒ ගමන්ම උත්තර පත්‍ර බලනවා.සරලයි.දැන් පොඩි වැඩෙත් බරපතල කරගෙනයි තියෙන්නේ.දැන් ලොක්කො වැඩියි.විමධ්‍යගත වෙලා වැඩියි.පොඩි වැඩක් කෑලි වලට කඩන්නේ කොහොමද? මධ්‍යම රජයේ ඇමැත්තන්,නියෝජ්‍ය අය,අධ්‍යක්ෂකයින් තවත් ව්‍යාපෘති ඇමැත්තන්, පළාත් සභා අධ්‍යාපන ඇමැත්තන්,කොච්චර ඉන්නවාද?ඉස්සර අධ්‍යාපන නිලධාරින් දැන් අධ්‍යක්ෂතුමන්ලා, ඒත් වැඩ?කරුණාකර මේ බොරු වැඩයි තනතුරුයි අඩුකරලා ඉතා සරළව හා පැහැදිලිව මේ වගකිවයුතු කටයුත්ත ඉටු කරන්න. (නි)
මට ප්‍රතිචාර දාන්නත් ඩුබාය් තිලක්ගෙන් අවසර ගන්න වෙලානේ. මට රස්සාවක් නැහැ මහත්තයෝ. යන්තම් අහල පහල කුලී වැඩක් කරලා වේල පිරිමහ ගන්නවා.රස්සාවකට යන්න බස් එකක කෝච්චියක යන්න බයයි.කොයි වෙලාවේ මැරෙන්න වෙයිද දන්නේ නැහැනේ.ඔබතුමත් පන බයේ ගැහි ගැහි ලංකාවට ගොඩ බහිනවා නම් මේ අසරණ අපි ගැන කවර කතාද? (නි)
බන්දුල මහත්තයෝ හිතවත් කමටයි මේ අහන්නේ ඔයා ලියන අකුරු පස්සේ වෙනස් වෙන්නේ අර උඩ ඇරපු චන්ද්‍රිකාවේ අශ්චර්යයෙන්ද? අපේ රටේ අය හරිම බුද්දිමත් නේද? (අ)
ඇමතිවරු බුරුතු පිටින්,උපදේශකවරු පඳුරක් ගානේ,දේශපාලකයන්ට පන්දම් ඇල්ලීමට උගත්කම තුට්ටුවට දාපු උගතුන් පෝලිමේ.මේ ගොල්ලෝ හැමෝම මේ වනසන්නේ මේ රටේ ජාතික සම්පත, අනාගත පරපුර නේද? දෙවියන් කියන අය ඉන්නවා නම් ඒගොල්ලන්ගේ ඇස් කන් අක්‍රිය වෙලාද? (නි)
සහෝදර ප්‍රසන්න, මම ඔබේ අදහසට එකගයි. දැන්වත් අපි වෙනස් වෙමු. ජාති බේද පැත්තක දාලා අපේ රට හදමු. සුදුස්සා මොන ජාතියක් වේවා මොන ආගමක් වේවා ඔහුට නිසි තැන දෙමු. (නි)
මේ සියලු ප්‍රශ්න වලට හේතුව කිසිවක් නොවේ. ලංකාවට සුද්දා දුන්නු ක්‍රමය. අපේ සිංහල අය එදා අපට දුන්නු ක්‍රමය උඩ ගහගෙන ලංකාව කනවා. මොන ආණ්ඩුව ආවත් වෙන්නේ ඔය ටිකම තමයි. උගතුන්ට රට පාලනය කරන්න පුළුවන් ක්‍රමයක් එනතුරු සියලුම අංශ වලින් සිදුවෙන පරිහානිය වැළක්විය නොහැකියි. (නි)
සුදුසු නිලදරින්ට උසස් වීම් දෙන්නේ නැතුව දේශපාලක බඩ ගොස්තරවදීන්ට උසස් තැන් දුන්නම මේ වගේ දේවල් වෙන එක අහන්න දෙයක්ද ? (නි)
දේශපාලකයන්ගේ අනාගත සැලසුම මිනිස් වෙස්ගත් බුරුවන් බෝකිරීමද නොවැටහේ. (නි)
පළාත් අධ්‍යාපන ලේකම්ලා විමර්ශනයන් කළ යුත්තේ විභාගයට කලින්ය. පසුව නොවේ. (නි)
මේ පළාත් සභා අයින් කරලා රටටම එකක් දාන්න. මේක දැන් විහිලුවක් වෙලා. ඒ මදිවට ඒවාට පත් වෙලා එන්නෙත් කසිප්පු කාරයෝ තක්කඩියෝ මදාවියෝ... කිසි වැඩක් හරියට කරන්නත් බැහැ. දුෂණය වංචාව විතරයි කරන්නේ (නි)
මේ එක් අයෙකුටවත් උගැන්වීමේ කැමැත්තක් නැත.මෝඩ රැලක් බිහිකළ විට ඡන්ද ලෙහෙසියෙන් ඕනෑම අයෙකුට දිනන්න පුළුවන්. (නි)
මෙතන දේශපාලනයක් නෙමෙයි වෙලා තියෙන්නේ.ගුරුවරුන්ගේ කම්මැලිකමට පරණ ප්‍රශ්න කොහෙන් හරි තෝරලා දාන හින්දා.මේ ප්‍රශ්න පත්තර හදන්නේ දේශපාලකයෝ නෙමෙයිනේ.(නි)
විභාගයක් වත් තිය ගන්න බැරි නීලදාරින්ට.(නදී)
අමිල කියල ලියන්නේ පලා බබෙක්ද කොහෙද? ගුරුවරු දනගස්සන අධ්‍යාපනයට සම්බන්ධ පලා බබ්බු ඉන්න කාලේ විභාග ගැන මොන කතාද? මේ දේශපාලුවෝ නිසා අධ්‍යාපනයත් ඉවරයි, අනාගත පරම්පරාවත් ඉවරයි, රටත් ඉවරයි. (නි)
පළාත් විභාගෙ විතරක් නෙමෙයි, මුළු අධ්‍යාපනයම දැන් අවුල් ජාලයක් (නි)
ප්‍රශ්න පත්තරයක් හැදුවම ඒක අනුමත කරන්න කෙනෙක් නැද්ද? කොහොම මිනිස්සුද ලංකාවේ දැන් ඉන්නේ ? (නි)
හැම දෙයක්ම වගේ අධ්‍යාපනයද දේශපාලනයට නතු වීමෙන් සුදුස්සාට සුදුසු තැන හිමිනොවීමේ විපාකයි මේ! (නි)
ඇත්තම තත්වය තමා දැක්මක් ඇති දේශපාලනඥයන් මේවා නිවැරදි මගට ගන්න හදනකොට වෙනස් වෙන්න අකමැති ගුරු සංගම්වල විරෝධය නිසා ඒවා කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණ වැඩපිළිවෙලවල්. පසුගිය කාලය පුරා උතුරු මැද පළාත බලනකොට ඇත්ත තත්වය ඒකයි. (නි)
උතුරුමැද පළාතේ පුරුද්දක් විදියට මේ දේ දැන් සිද්ද වෙන්නේ. එයින් පෙනෙනවා අදාල ප්‍රශ්න පත්‍ර සකස් කිරීමට යොදවා ඇති ගුරුවරුන් තමන්ගේ රාජකාරියට දක්වන සැලකිල්ල සහ වගකීම කොච්චරද කියලා. සුදුසුකම් නැති හෝ ඇති දේශපාලකයන්ට කඩේ ගිය අය ලොකුපුටු වලට දාගත්තම ඔහොම වෙනවා. අධ්‍යාපන ඇමතිතුමනි, නුසුදුස්සන් ඉවත්කර දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කර දෙන්න (නි)
ප්‍රියා, දැන් මුළු රටම අවුල් ජාලයක් වෙලා (නි)
අධ්‍යාපනයේ අගය දන්නේ එය ලැබූවන් පමණි. (අ)
යුද්දෙ ඉවර කලා මදිද ? ජනතාවනි නුබලාට කලගුන නැද්ද? මේ වගේ පොඩිදේවල් අල්ලාගෙන කෑගහන්නෙ. (අ)
විභාග පාස් වෙච්ච අය තනතුරු වලට අවනම් ඔහොම වෙන්නේ නෑ. පන්දම් වලින් අවහම ඔහොම තමා.... පව් අසරණ ළමයි. සුබ අනා.....ගතයක් (අ)
මේ වැරදි සුළු කොට තකන්න බැහැ.රටක අනාගතය රැදී තිබෙන්නේ අධ්‍යාපනය මත.මේවාට වගකිව යුත්තේ විෂය භාර මැති ඇමති වරුය.ඔවුන් මේවාට කෝටි ගණන් පඩි හා වරප්‍රසාද ලබමින් පත් වී සිටින්නේ....මොවුන් ඒ වෙනුවට කරන්නේ එක එක බොරු දෙසා බාමින් මේ වැරදී පෙන්න දෙන විරුද්ද පාක්ෂිකයන්ට තර්ජනය කරමින් ලිස්සා යන එකයි.(අ)
චන්ද්‍රවතී - යුද්දේ ඉවර කර කියල හැම දෙයක්ම ඉවසන් ඉන්ඩ... මෙව්වා පොඩි දේවල් නෙමේ.. යුද්දේ විකුණන් කන්ද බෑ හැම දාම...(අ)
ප්‍රශ්න පත්තර හදන්නෙත් දෙශපලකයෝ කියල දැන ගත්තේ ප්‍රතිචාර වලින්..මන් හිතුවේ එව හදන්නේ ගුරුවරු කියල..අම්මප මුන්ව හම ගහන්න එපාද , මුන් ගුරුවරුන්ට කරන්න තියෙන රාජකාරියත් බදා ගෙන තියෙන ඒවා මදිවට.. (අ)