පළාත් සභා ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කළ යුතු යැයි මල්වතු, අස්ගිරි මහනාහිමිවරු සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ නියෝජිත පිරිසක් සමග ඊයේ (17) පැවසූහ.
පළාත් සභාවලට පොලිස් හා ඉඩම් බලතල නොදිය යුතු යැයි ද, එසේ කිරීමෙන් රට කෑලිවලට කැඩී යන්නේයැයි ද මේ ප්‍රශ්නයේදී ඉන්දියාවට හෝ වෙන රටකට හෝ බය වීම අවශ්‍ය නැතැයි ද, 1987දී අත්සන් කළ ගිවිසුම අවලංගු කළ යුතු යැයි ද උඩුගම බුද්ධරක්ඛිත අස්ගිරි මහනාහිමියෝ කීහ.
‘පළාත් සභා ප්‍රශ්නයට මුල් වුනේ කවුද, හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතා. එදා මහනායක හාමුදුරුවරු ඊට විරුද්ධ වුණා. ඒ අවස්ථාවේ දේශපාලන බලය තර කර ගැනීමට අවශ්‍ය නිසා ජයවර්ධන මහත්තයා ඉන්දියාව සමග එක් වී ගිවිසුමක් ගසා පළාත් සභා ක්‍රමය ඇති කර ගත්තා.
ඒත් එදා බොහෝ දෙනා විරුද්ධ වුණේ නෑ. වරද අපේ මිනිස්සුන්ගේ. අද ප්‍රශ්නය ඔඩු දුවලා. උතුරු නැගෙනහිරට ඉඩම් හා පොලිස් බලතල දුන්නම මහ ආණ්ඩුවට තියන බලය මොකක්ද? රට කෑලි නවයකට කැඩී යාවි. මේ සියල්ලටම හේතුව පක්ෂ නායකයන්ගේ වරදයි. එක එක්කෙනාගේ දේශපාලන බලය තහවුරු කරන්නයි මේ සේරම කරන්නේ. මම කිසිම පක්ෂයකට නෑ. කිසිම දේශපාලනයක් කරන්නේ නෑ.
පළාත් සභා ක්‍රමය නැති කර ඒකීය රාජ්‍යක් ඇති කළ යුතුයි.‘
තිබ්බටුවාවේ සුමංගල මල්වතු මහනාහිමියන් පැවසූයේ විධායක ජනාධිපති ක්‍රමය, මනාප ක්‍රමය හා පළාත් සභා ක්‍රමය සම්පූර්ණයෙන් ඉවත් කළ යුතු බවයි.
ඒ සඳහා සියලු දෙනාම එකතු විය යුතු බවත් මහනාහිමියෝ කීහ.
මල්වතු මහ නාහිමියෝ මෙසේද කීහ.
‘පළාත් සභා ක්‍රමයේ රටට අහිතකර වගන්ති ඇත්නම් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීම හොදයි. රටේ මන්ත්‍රීවරු වැඩියි. ජනතාවට වැඩක් වෙන්නේ නෑ. ඒ ඒ අයගේ වැඩ තමයි කරගන්නේ. ඒ නිසා පළාත් සභා ක්‍රමය අහෝසි කිරීම තමයි මගේ පෞද්ගලික හැගීම.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය තියෙන්නේ. ඔන්න ඔහොමනෙ හාමුදුරුවනේ ඉන්න ඕනේ. කියන්න තියනදේ කෙලින්ම කියමු. පළාත් සභා ක්‍රමයත් පලාත් සභාවල ඉන්න දේශපලුවොත්, සියලුම දුෂිත දේශපාලුවෝ අපිට එපා.(නදී)
ලංකාවේ කොච්චර සංඝයා වහන්සේලා ඉන්නවද?රටේ ඒකීයභවයට අනාගතයේදි වෙන්න යන විනාශය පෙනි පෙනි ඇස් පියාගෙන ඉන්නේ (අ)
පළාත් සබා වල එන්න දාමරිකයෝ නිසා තමා අද වෙනකොට ජන රැල්ල තර්ජනයෙන්,මර්දනයෙන්,කපලා කොටලා මැරීමෙන් හෝ මර්දනය කරලා තියෙන්නේ.රටේ තියෙන වටිනා මර්මස්ථාන සියල්ලක්ම ඉන්දියාවට,චීනෙට සින්නක්කරයටම දෙන්න හොදද? ජනතාවට නිදහස තිබුනා නම් මේ වෙනකොටත් ජනතාව ඉදිරියට ඇවිත්.ආසන්නම සිද්ධිය තමා ගුරු මවක් දෙනෝදාහක් ඉදිරියේ දන ගස්වපු කෙනාටත් නාම යෝජනා බාර දීම.රට වෙනුවෙන් ඉදිරියට එන්න හාමුදුරුවරු දැන් නැහැ.පළාත් සබාවල මැරයොත් අද සමහර චීවරධාරීනුත් අතර එතරම් වෙනසක් නැහැ. (නි)
මමත් කියන්නේ පළාත් සභා ක්‍රමය එපා කියල තමයි. ඒක බලපාන්නේ මේ පැත්තට නෙමෙයි උතුරු නැගෙනහිරට නේද?පොලිස් බලතල සහ ඉඩම් දුන්නා කියන්නේ ඉතින් වෙනම ආණ්ඩුවක් වගේ නේද? හැබැයි ඔය කෑ ගහන ඉන්දියාවේ තවම ප්‍රාන්ත වලට ඔය කියන බලතල මහා ආණ්ඩුවෙන් දීලා නැහැ මගේ දැනුමේ හැටියට. (නි)
1987 ඉපදුන බබා දැන් අවුරුදු 26 ක තරුණයෙක් වෙලා.(නදී)
නිවේදන නිකුත් කිරීමෙන් පමණක් වැඩක් නැහැ.ජනතාව සමග මේ පාලන චිරාමයට විරුද්ධව ඉදිරියට එන්න. (නි)
මම හිතන් හිටියේ මහා සංඝරත්නය ක්‍රියාශීලී නැහැ කියලයි. නැත්නම් රටට,ගහකොළ සතා සීපාවට මේ තරම් විනාශයක් වෙද්දී නිශ්ශබ්දව බලාගෙන ඉදීවිද? (නි)
ශ්‍රී , හීනයක්වත් දැකලද නැගිට්ටේ? (නි)
ඔය ඔක්කොම යටයි. බී.එම්.ඩබ්ලිව්, ප්‍රාඩෝ, ඉන්ටර් කූලර් සහ බෙන්ස් වලට.(නදී)
මේකට පියවරක් ගතයුත්තේ.ඡන්ද දායකයය.අපි සියුදෙනම පළාත් සබා ජන්දය වර්ජන කල යුතියි.මෙය කිරීමෙන් බලගතු පණිවිඩයක් හා ජනතා බලය පෙන්වීමක්, කෙරෙනවා.ඔබේ පක්ෂයේ නියෝජිතයා සුදුසු නෑ කියල හිතෙනවා නම්, ඔබේ ඡන්දය කාටවත් නොදා ඉන්න.(අ)
කවුද අර සුසන්ත සෝමවීර කියලා අදහස් දාලා තියෙන්නේ. ගිනිගත්හේනේ අපිටත් ලැජ්ජයි (නි)
මහනායක හිමිවරුන්ට ඇයි 13? දිගින් දිගට අසාධාරණයට ලක්වුණු දෙමල ජනතාවටය් 13 ඕනෑ. (නි)
මගේ දුවත් ප්‍රභාකරන් ගේ පුතා බැන්දනම් පළාත් සභාත් ඕනේ. පොලිස් බලතලත් ඉල්ලලා දෙන්නම්. ඉඩම් බලතලත් දෙන්නම්. මට උපදේසක කමක් දෙන්න හතර අපායෙම.(නදී)
පුංචි ටිකිරිගේ පුංචි මොලේ ගොම පස් පිරිලා. ඔයාට ආණ්ඩු පෙරලලා දෙන්න මහනායක හිමිවරු එන්නේ නැහැ. එහෙම අමාරුවක් එතුමන්ලාට නැහැ. මෙතන කතා කරන්නේ වෙන ප්‍රශ්නයක්. නිකන් බොරුවට හතර අතේ ගාගෙන තප්පුලන්නේ නැතුව ඔය බලා හිටිය වගේ තව අවුරුදු 5ක් 10ක් බලාගෙන ඉන්න. නැත්නම් ඔය ලේ ටිකත් වාෂ්ප වෙලා නියම කාලෙට කලින් කලින් චුත වෙන්න වෙයි. (නි)
මන්ත්‍රී වරුනම් හොදටම වැඩියි හාමුදුරුවනේ..සේවය කෙසේ වෙතත් එයාලගේ බඩ ගොස්තරේ ඕක තමා (නි)
අනේ අපේ හාමුදුරුවනේ,අවසරයි.ඔබවන්සේලා බැහැදකින්න එන වගකිවයුත්තන්ගේ මුනටම ඔයටික කිවුවා නම් තමා ගොඩක් හොද (නි)
පමා වී හෝ හඩ අවදි කිරීම ගැන මහනායක හාමුදුරුවනේ, ඔබ වහන්සේලාට බුදු බව ලැබේවි. (නි)
මමත් කියන්නේ පළාත් සබා විසුරුවා හරින්න ඕනෑ කියලයි. නමුත් ප්‍රශ්නය විසුරුවාට පසු මේ මන්ත්‍රී,සබාපති සහ ලේකම් ආදී නිලදාරී සහ බලදාරීන්ට කව්ද අලුත් රස්සා දෙන්නේ ? මෙය තවත් දුෂණය,භීෂණය සහ පාතාලයක් බිහිවීමට එක හේතුවක් වේවි. (නි)
සුසන්ත සෝමවීර මෝඩයෙක්.බඩ ගොස්තර පළාත් සභා ක්‍රමය එපා. (අ)
පුංචි ටිකිරිගේ පුංචි මොලේ ගොම පස් පිරිලා. ඔයාට ආණ්ඩු පෙරලලා දෙන්න මහනායක හිමිවරු එන්නේ නැහැ. එහෙම අමාරුවක් එතුමන්ලාට නැහැ.අපේ හාමුදුරුවරු ටික කඹ හොරුන්ට ,ස්ත්‍රී දුෂකයන්ට,ළමා අපචාරකයන්ට,ගහකොළ සත සේව් පාවා පවා කොමිස් වලට පිට රටවල් වලට සින්නක්කරයටම විකුනම් කන දාමරිකයන්ට, අර්තේ පිරිත් නුල් ගැට ගහල සෙත් පිරිත් මැද්දේ දාතු කරඩුව තියල "මදයට" දම්මික පෙරේරා වගේ බුඋරුවන්ගේ මොළ හූදන්න අවස්තාවක් නොදී හිටියනම් හොදටූම ඇති (අ)
මල්වතු අස්ගිරි විහාරස්ථාන පළාත් වලට බෙදන්න කියලා පල්ලියේ ඉල්ලීමක් ඉන්දියාවෙන් ලංකාවට ගෙනල්ලලු. හැබෑද?(නදී)
මම ඉපදුනේ යාපනයේ. ඉගෙනගත්තේ සිංහල. මට සා/පෙළ සිංහල 'ඩී' බුද්ධාගම 'ඩී' දෙමල 'ඩී'. ලංකාවේ ජාතිවාදී යුද්ධය නිසා මට මගේ අම්මා මල්ලි නංගි අහිමි වුනා. දෙමලු ජාතිවාදී නැහැ. ලංකාව වගේ ලස්සන රටක් මේ බලලෝභීන් විනාශ කරනවා. (නි)
ටිකිරි තුමාට බලාගෙන ඉන්න බැහැ .. දැන් වයස 50 පැනලද ? ..තව බලාගෙන ඉදල මොනවා කරන්නද නේද?.අර ජයසේකරට වගේ හිතෙනවා ඇති නේද..? මෙයාල 94 ඉදන් කනවා..අපි කන්නේ කවදද නේද..යන්තම් 2002 අරගෙන කන්න අත හොද ගන්න කොටම රනිල් ලොක්ක සටන් විරාමයක් ගෙනල්ල වැඩේ ඇනුව..හිතේ අමාරුව සදාරනයි.ප්‍රශ්නේ තියෙන්නේ කොච්චර කනවා දැක්කත් මිනිස්සු මෙයාලටම කන්න දෙන එකනේ..කවදාහරි මිනිස්සුන්ටම ඇති වෙලා ඔයාලටත් කන්න දෙයි..එතකන් ඔබ තුමාට ජීවත් වෙන්න වයස තියෙයිද කියන එකයි ප්‍රස්නේ.. (අ)
දැන් අපිට තියෙන්නේ වෙන්නේ මොකක්ද කියලා බලන් ඉන්න විතරයි (නි)
පලාත් සබා අහෝසි කලයුතුව තිබුනේ ,යුද්ධය දිනු ගමන්මයි. අවංක වුවමනාවක් තිබුනා නම් එය කල හැකිව තිබුනා. (නි)
මේ සියලුම මනාප ක්‍රමයන් හා පළාත් සභා විසුරවීමට හා මුලින් තිබු පරිදි මන්ත්‍රී ආසන කොට්ටාශ මට්ටමින් පමණක් ලංකාවේ පාර්ලිමේන්තු චන්ද පැවැත්විය යුතු බව මගේ අදහස වේ. මේ සදහා පාර්ලිමේන්තුවේ බහුතරයකගේ චන්දයක් නොමැතිනම් ,රටට ආදරයක් ඇති අවංක ජනාධිපතිවරයෙකුට මේ සඳහා ඔහුගේ විධායක බලතල යොදවා මේ සියලු ව්‍යවස්ථාවන් වෙනස් කොට රටට සෙතක් සෙල්සිය හැකි වනු නොඅනුමානය.(අ)
මහා නායක සුවමින් වන්සේලා 13 ගැන වදාරන්නේ මුඛයන්ද දන්නේ නැහැ ? බෙන්ස් ,මොන්ටිරෝ ,පාර්ඩෝ අසුචි දානය වලදිනකොට ඔය සිතුවිලි ටික සුවර්ගයට වැඩියද ? අපේ හාමුදුරුවනේ,,, (අ)
"පළාත් සභා යනු අහිංසක දේශපාලකයන්ට ඉහලට යන්න තියෙන පඩි පෙලෙහි එක පඩියකි.-කුමාර"මෙවැනි කුමාරලා ඉන්න රටක ඉන්න අපි කොතරම් අමනයන් සමගද ඉන්නේ කියලා තේරෙනවා නේද? (නදී)
පහුවෙලා හරි මහනායක හිමියන්ට රට වෙනුවෙන් කතා කිරීමට හැකි වීම හොද දෙයක්.(නදී)
ගරු ස්වාමින්වසේලගෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටින්නේ මේ රටට වින කරන පළාත් සභා අහෝසි කරන්න කියා බල කරන්න. මේක අපේ රටට සුදුසු නැති දෙයක්. අනිත් කරණය නම් කිසිම කෙනෙකුට මොන බල තලවත් දෙන්න අවශ්‍ය නැහැ. දේශපාලකයන් බලන්නේ මේ රට නැවතත් ආගාදයකට ඇද දමන්නයි. කිසිම දවසක අපි ඒකට ඉඩ දෙන්නේ නැ. මේ රටේ තිබෙන්න ඕනා කාටත් එක නීතියයි. ඒක අනිත් සියලු දෙනා දැනගෙන සිටියොත් හොඳයි.(නදී)
ඇති යන්තන් අපේ මහනායක හිමිවරුන්ට මොලේ පෑදුනා. (ස)
කුමාර ඔයා අර පලා බබ්බුන්ට කඩේ යන කෙනෙක් වගෙයි.(නදී)
අපි නම් මේක කිවුවේ හුඟක් කල් ඉදලා. කමක් නැහැ ඉන්දියාව මේ වෙනකොට ආණ්ඩුවට තර්ජනේ කරලා ඉවරයි කියලා ජ වි පෙ නායකයෙකුත් කියලා තිබුනා. එහෙම එකේ ඔබ වහන්සේලා හරි මේකට පෙනී හිටියොත් ආණ්ඩුවට වුනත් කියන්න පුළුවන්නේ රටේ බහුතරය කැමති නැහැ කියලා (නි)
මහා නායක ස්වාමීන් වහන්සේලා පමා වී හෝ හඩ අවදි කිරීම ගැන ඉතා සතුටුයි. (ස)
කුමාර, මාර කතාවක්නේ කියලා තියෙන්නේ. ඔයා කතාකරන්නේ කටෙන්ද? කොහෙද අහිංසක පළාත් සභා මන්ත්‍රීලා ඉන්නේ.(නි)
පළාත් සභා නැති කල යුතු බව සහතික ඇත්ත. මේක පහත් දේශපාලකයන්ට තෝතැන්නක්. වරද පළාත් සභාවේ නොවෙයි. ඒවාට පත් වෙලා යන අයගේ. තවත් එකක්. මේවා දැම්මේ කිසියම් ප්‍රශ්නකට පිළිතුරක් වශයෙන්. අන්න ඒ ප්‍රශ්නෙට පිලිතුරුත් සපයන්න ඕනෑ. නැත්නම් අපි ආපහු ප්‍රශ්නේ ඇති කර ගන්නවා නියතයි.(නි)
කුමාරගේ තාත්තද නැත්නම් අම්මාගේ මහත්තයාද පලා බබා? (නදී)
ඕක කියමනක් විතරයි. අපේ නායක තුමා ගියාම ඕක වෙනස් වෙනවා. ගුරුවරුන් දන ගස්සපු අයටත් ත් ඡන්දෙ ඉල්ලන්න දෙන රටේ. ඕවා මොන බයිලද?(නදී)
පලාත් සභා අහෝසි කල යුතුමයි.(නදී)
මහා නායක හාමුදුරුවනේ, සියලු දෙනාම පාර්ලිමේන්තුවේ 13 වන සංසෝදනය ගැන කතාකරන තේරීම් කාරක සභාවට වැඩලා ජාතිය වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරන්න.(නදී)
පළාත් සභා යනු අහිංසක දේශපාලකයන්ට ඉහලට යන්න තියෙන පඩි පෙලෙහි එක පඩියකි.(නදී)
පළාත් සභා ක්‍රමයෙන් කරන්නේ අසික්කිත දේශපාලුවෝ ටිකක් ජනතාවගේ සල්ලි වලින් නඩත්තු කරන එක විතරයි. ජනතාවට මේ අයගෙන් කිසිම සේවයක් නැහැ. කාටහරි පුලුවන්නම් කියන්න පළාත් සභාවන්ගෙන් වෙන එක සේවයක්.(නදී)
මහනායක හාමුදුරුවනේ ඔබ වහන්සේලාට බුදු බව ලැබේවි .මේවා ගැන කතාකරන්න.(නදී)
මම මීට පෙර දැක්කා මහ නාහිමියෝ පලත්සභා බලය බෙදීම සම්බන්ද වෙනස් අදහසක් පලකරලා තියෙනෙවා. නායක හිමිවරු එක එක අවස්ථාවෙල එක කරුණක් ගැන විවිද කතා කීම සුදුසුද මන්දා. මොකද මෙම ප්‍රශ්නය ජාත්‍යන්තර අවදානයක් යොමු උන ප්‍රශ්නයක් නිසා පලාත් සභා ක්‍රමය උතුරට නුසුදුනම් වෙන බලය බෙදන වඩාත් සුදුසු ක්‍රමයක් යෝජනා කිරීම මහජාතිය වසයෙන් අපි කලයුතු බුද්දිමත් පියවරක්.(නදී)
මේ රටට වැදගත්ම සේවය කරන්නේ පළාත් සබාවෙන්. පළාත් සබා චන්දය තියලා ඒ ඒ පළාත් සබා වලට සියලුම බලතල දෙන්න ඕනේ. මේක මගෙත් රටේ බහුතරයේත් අදහස. (ස)
යුද්දෙ ඉවර උනාම සෙබළු නාගරික සංවර්දනයට ගත්ත වගේ පළාත් සබැ අවලංගු කරලා චන්ඩි ටික කුඹුරුඅස්වද්දන්න දෙන්න . (අ)
එදා ඉදලම කියන්නේ පළාත් සභා ක්‍රමය ලංකාවට එපා කියලයි. විද්වතුන් කියන්නෙත් එයමයි. ලරම්පරාවෙන් පරම්පරාවට පවත්වාගෙන යන්න ඕනෑ නිසා දේශපාලඥයින් මෙම ක්‍රමය පවත්වාගෙන යනවා. (නි)
මහා නායක ස්වාමින් වහන්ස එදා 1987 ජුලි 24 හෝ 25 දින මහා නුවර දී ඉන්දු ලංකා ගිවිසුමට විරුද්දව පවතී රැස්වීමේදී මහා නායක ස්වාමින් වහන්සේ කෙනෙකු කල කතාව මට අදත් මතකයි කොලඹින් එදා මහනුවරට වැඩම කල ස්වාමින් වහන් සෙලගෙන් අද කතා කරන්නේ සොබෝබිත ස්වාමින් වහන්සේ පමණි. කොටියට තුවක්කුවෙන් ගන්න බැරිවූ එලම අද චන්දයෙන් ගන්න සුදානම. එදා වගේම අදත් මම නම් මහා පාරට බහින්න සුදානම්.අවශ්‍ය ඔබ වහන්සේලාගේ නායකත්වය පමණි. 13 වන ව්‍යවස්ථාව නිසා සිංහලයට කෙදිනක හෝ මුළු රටම නැතිවෙනවා. සිංහල අපි පුංචි පවල රත්තරන් කියනවා.දෙමල බස කතා කරන අය බෝ කරනවා.කවද හරි ජනගහනය පනහට පනහ උන දවසට සිංහලය විනාසයි.ඒගොල්ල අපි කතා කරන්නේ දෙමල බස කියල එකතුවේවි. අපේ හිංගල නායකයන් එදාටත් මන්ත්‍රීකම බේරගන්න සිංහල අපිව පාට වලට බෙදා මරා ගැනීමට සලස්වාවී.අද කරන්නෙත් එකනේ. මෙගොල්ල්නට මෙගොලලි මෙගොල්ල්නගේ දුවල පුතාලව රැකුනොත් ඇති මුණුබුරන්ට මිනිබිරියන්ට මොනවා උනත් කමක්. නැහැ.ජරා බල ලොබයේ විපාක.දැන්වත් ඔබවහන්සේලා ඉදිරියට වඩින්න. 13 නේ පොලිස් ඉඩම බලතල එක්ක මැතිවරණය තිබොත් තීරණ ගන්නවයි කියපු අයට නින්ද ගිහිල්ල වගෙයි. (අ)
පලාත් සබා එපා කියලා මුලින්ම කිවුවේ ජවිපේ 1987 දී. අපේ අයට මොලේ ඈදෙන්න තව කල් මදි (නි)
දැන් උතුරට පළාත් සභා දෙන්න කිව්වහම තමයි ඔක්කොමලට මේක ලංකාව කියලා මතක් උනේ. ඊට කලින් හොදට කද්දී මතක් වෙලා නැහැනේ.(නදී)
සුසන්ත සෝමවීර රටේ බහුතරයකගේ මනාපය මැන්නේ රබර් පටියකින්ද හිල් පොල්කට්ට කින්ද ? එකත් එකටම ඔයා කවුරු හරි පලා බබෙක් එක්ක එකතු වෙලා හොදට ජරාව කාපු කෙනෙක්. හරක් වෙනුවට මරන්න ඕනා මෙන්න මෙයාලව.(නදී)
මහනායක හිමිවරුන්ව නොසලකන රටක් නිසා අපි මෙය අන්‍ය ආගමික පියතුමෙක්ට හරි පුජකවරයකුට හරි කියලා කියවමු. ඇස් ගෙඩි වලට හෙණ ගැහිලද? (නි)
රටේ බහුතරයගේ අදහසත්,බලවත්ම වුවමනාවත් මේ පලාත් සභා ක්‍රමය අපේ රටෙන් අතුගාලම දමන්නයි.පලාත් සභාවල ඉන්න දේශපාලුවොයි ඔවුන්ට කඩේ යන අයයි, රට බෙදන්න කැමති අයයි නම් පලාත් සභාවලට කැමති ඇති. අනාගතයෙදි උතුරු ලංකාව,නැගෙනහිර ලංකාව,දකුණු ලංකාව වශයෙන් මේ පොඩි රට බෙදිලා රාඡ්‍යයන් තුනක් වෙන්න කලින් ඔබවහන්සේලා ඉදිරිපත්වෙලා,ශ්‍රි ලංකාවේ ඒකීයභාවය රැකගන්න වර්තමානයේ මහා සංඝරත්නයට පැවරිලා තිබෙන ශ්‍රේෂ්ඨතම කාර්යභරය සාර්ථකව ඉටුකරනු ඇතැයි සිතමු. (නි)