IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


පෙළපාළිය නතර කරන්න අගමැතිටත් බැරිවේ

සියලු ජාතීන් සමගියෙන් වාසය කරන ගම්පොළ නගරයේ බෞද්ධ විරෝධි අන්තවාදී ක්‍රියා වලට සහාය දෙතියි කියන විදුහල්පතිවරයකුට එරෙහිව පැවති උද්ඝෝෂණයක් නතර කිරීමට අගමැති දි මු ජයරත්න මහතා ඉදිරිපත් විය.

ජාති වාදී කලබලයක් ඇවිළි යාමට ඉඩ නොදෙන්නැයි අගමැති පෙළපාළිකරුවන් ඉල්ලා සිටියේය.

බෞද්ධ විරෝධි වැඩ නතර කිරීමට කිසිවකු ඉදිරිපත් නොවන නිසා තමන් මේ පියවර ගත් බව  පෙළපාළිකරුවෝ  කීහ

අගමැතිගේ ඉල්ලීම නොපිළිනොගත්  ඔවුහු  පෙළපාළියේ ගියහ.අගමැතිද පෙළපාළියේ යමින් මහජනතාවගෙන් ඉල්ලා සිටියේ ජාතිවාදී හා ආගම්වාදී ක්‍රියා ඇති වීමට ඉඩ නොදන ලෙසයි.

 

 

 

 

 

 

 



අදහස් (0)

පෙළපාළිය නතර කරන්න අගමැතිටත් බැරිවේ

නිමල් Thursday, 15 May 2014 12:45 AM

නතර කෙරිල්ල කෙසේ වෙතත් මෙයත් මේකට එකතු වෙලා වගේ (දී)

:       0       0

හසිතා Thursday, 15 May 2014 12:49 AM

මේ වගේ පෙළපාලි ගිහින් වැඩක් නැහැ කලයුතු නිවැරදි දේ කරන්න (දී)

:       0       0

සංජීව Wednesday, 14 May 2014 03:02 PM

බෞද්ධයෝ තමන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී ඉන්න කොට විදේශ ගමන් බලපත්‍රය පුච්චන්න හිතෙනවනම් ඔයාල සිංහලයෝ නම් වෙන්න බෑ. ඔය ඉන්න රටවල් වලට වෙලා ඉන්න එක එක අතකට හොඳයි. මොකද ඔයාල වගේ මුල අමතක උන මිනිස්සු රටට බරක්. (ස)

:       0       0

මංජුල Wednesday, 14 May 2014 03:05 PM

තව තවත් අපිට මෙහෙම අගමැතිතුමාලම පත්වේවා! ජය ශ්‍රී, ශ්‍රී ලංකා! (නි)

:       0       0

මංජුල බංඩාර Wednesday, 14 May 2014 03:18 PM

අයියෝ මේ මොකද වෙන්නේ අගමැතිතුමා.(නදී)

:       0       0

කුමුදු Thursday, 15 May 2014 01:30 AM

මගේ රට ගැන මට බයයි. (ස)

:       0       0

ජය චමරි Wednesday, 14 May 2014 03:19 PM

බන්දුල මහත්තය විතරක් නෙවි දේශපාලුවෝ ආරක්ෂා කරන්න.., පවතින ක්‍රමයට මුක්කුගහන්න ලෑස්ති කොයි කවුරුත් කට අරින්නේ විරුද්ද පැත්තේ කට්ටිය වැරදි කරනකොට නේ. එයාල කඩේ යන කට්ටිය පාරවල් බ්ලොක් කලත් ..,ඒවාට වඩා වැරදි කලත් ප්‍රශ්ණයක් නැහැ. ඕක වැරැද්ද තියෙන්නේ ඔය කියන පපුව කකියවන සිංහල කමම තමයි. අබුද්දස්ස කාලේ. නොදන්නා දේ තමයි. හිංහල කමට ඉස්සෙල්ලා මනුස්සකම ලෝකෙට ලැබුන බව.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 14 May 2014 03:25 PM

අගමැති තුමා මේ සෙනග මැද්දේ අතපය විසි කරන්න ගිහින් වසවර්ති කොලුවෙක් ගල් පාරක්වත් එවල නරක තැනකට වැදුනොත් මොන දෙවියන්ට කියන්නද? අගමැති තුමා යන වාහනේ ලියාපදිංචි කරන්න ඕන නැද්ද අම්මප ..ලංකාවේ මෙහෙම නොම්මර තියෙනවද? (නදී)

:       0       0

විල්සන් Thursday, 15 May 2014 01:53 AM

බහු අාගමික බහු ජාතික සමාජයක් නිසා තමයි ලංකාවට රටවල් උදවු කරන්නේ නැත්නමි පාත්තරේ උස්සන් යන්න තමයි වෙන්නේ. (ස)

:       0       0

නන්දාවතී Thursday, 15 May 2014 01:59 AM

පිනට පහල වු නායක ප්‍රේමදාස මහතා මේ වෙලාවේ හිටියානම් (ස)

:       0       0

අසෝක Wednesday, 14 May 2014 03:29 PM

මරු කාර් එක.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 14 May 2014 03:29 PM

අච්චර සීල් එක ගහල අත්සන් කරලා ලියුමක් දීලත් කන්ටේනර් එක නිදහස් කරගන්නවත් බැරි උනානේ. (නධී)

:       0       0

ජනිත් Wednesday, 14 May 2014 03:29 PM

සිංහල බෞද්ධ ජනතාවට ජයවේවා! (නදී)

:       0       0

සුනිල් විමලසුරිය Wednesday, 14 May 2014 03:30 PM

මංජුලගේ කතාව හරි. මේ සිංහල අපගෙ රටයි, අප ඉපදෙන මැරෙන රටයි.(නදී)

:       0       0

චේ Wednesday, 14 May 2014 03:31 PM

මේ අදහස් පලකරලා තියෙන විදිහ දැක්කම හරිම කලකිරෙනවා. මමත් බෞද්ධයෙක් එ්ත් මේ වගේ දේවල් අනුමත කරන්න බැහැ මොකද බුද්ධාගම දැන් ආගම වාදී පැත්තටකට අරන් ගිහින් තියෙනවා අපේ රටේ පාලකයෝ සහ අනුවන මිනිසුන්. මම කියන්නේ සියලු දේ සාකච්ඡා කරලා විසදා ගන්න පුළුවන්. මේ යන ආකාරයට තවත් බිල් ලාඩන් කෙනෙක් ප්‍රභාකරන් කෙනෙක් අපේ රටෙන් බ්හිවෙන එක නවත්වන්න කාටවත් බැහැ. දැන්වත් වගකිවුතු ආගමික නයකින් සහ දේසපාලන නයකින් මහදිහත් වෙලා මේ සියලු ප්‍රශ්ණ නිරාකරණය කරගත යුතුයි වහාම.(නදී)

:       0       0

චේ Wednesday, 14 May 2014 03:36 PM

ලංකාවට ගෙනා කුඩු කන්ටනේර් එක නිදහස් කරලා දුන්නු වරදට දැන් ඔය පෙළපාලි යන කවුරුත් පාරට බැස්සේ නැහැ නේද ? මිනිසුනේ ඇස් ඇර බලපල්ලා අවදි වන්නට කාලය ඇවිත් සමස්ත ශ්‍රී ලාංන්කිකයනේ.(නදී)

:       0       0

ශාන්ත Thursday, 15 May 2014 02:22 AM

වැඩි හරියක් ඉන්නේ ආගම වාදීන් ,ජාතීන් අතර සමගිය පවත්වන්න නම් අර කියපු විදුහල්පති ගැන තීරණයක් ගන්න වෙනවා. මේ වගේ දෙතුන් දෙනෙක්ගේ ප්‍රශ්න නිසා තමයි ජාතිවාදය ඇවිලෙන්නේ. (ස)

:       0       0

හේවා Thursday, 15 May 2014 02:24 AM

ඔරුව පෙරලුනොත් පෙරලුන පිට හොඳයි කියනවා වගේ තමා (ස)

:       0       0

නඩරාජා Wednesday, 14 May 2014 03:43 PM

මේ ලෝක වාසී බෞද්ධයන්ගේ උතුම් උත්සවය. බෞද්ධ රටේ දී එයට ගරු කිරීමට විදුහල්පති දැනගත යුතුයි. (ස)

:       0       0

රංජිත් සෝමවංශ Wednesday, 14 May 2014 03:45 PM

බුද්ධාගම රකින්න ව්‍යවස්ථාවෙන් දිවුරුම් දිලා පොරොන්දු වෙච්ච අගමැති තුමා මේ වගකීම හරිහැටි ඉටුකළ යුතුයි. (ස)

:       0       0

සරත් බංඩාර Wednesday, 14 May 2014 03:48 PM

අගමැතිගේ කාරෙක වටිනවා (නදී)

:       0       0

පහන් Wednesday, 14 May 2014 03:49 PM

මට හිතෙන්නේ ලංකාවෙත් සිංහලයෝ කොටස් දෙකක් ඉන්නවා. අසීරු අවස්ථාවකට මුහුණදුන් විට මේ දෙගොල්ලෝ හැසිරෙන්නේ දෙවිදියකටනේ. (ස)

:       0       0

සිසිර කුමාර Wednesday, 14 May 2014 03:50 PM

අනේ මන්ද අගමැති තුමාට පාරේ බැහැලා යන්න පුලුවන්ද? (ස)

:       0       0

බිනුක Thursday, 15 May 2014 04:26 AM

"අගමැතිතුමාට අපගේ ප්‍රණාමය!" (ස)

:       0       0

බුද්ධික Thursday, 15 May 2014 04:29 AM

"අපි අගමැතිතුමා සමගයි ජය වේවා" ඉතින් රටකට යන කලදසාව අහන්න ඕනද? (ස)

:       0       0

නිමල් Thursday, 15 May 2014 04:32 PM

කොහොම හරි හරි උඩ පැනලා ආයෙත් පාරක් ජාති ආගම් බේද අවුළුවා ගත්තේ නැතිනම් අපේ සමහරුන්ට රෑට නින්ද යන්නේ නැහැ වගේ. (නදී)

:       0       0

ධර්මපාල Thursday, 15 May 2014 04:58 AM

නිදහස ගත් දවසේ සිටම, තාවකාලික බලය නිසා ආගම ජාතිය පාවා දෙන දේශපාලකයෝ පිරිසක් අපට හිටියේ, (ස)

:       0       0

ලක්ෂ්මන් Wednesday, 14 May 2014 03:58 PM

විහුලු තහළු (ස)

:       0       0

ද සිල්වා Thursday, 15 May 2014 05:27 AM

අගමැතිතුමාට පුළුවන්ද පෙළපාලියක් නවත්වන්න ? (ස)

:       0       0

ලුම්බිණි Wednesday, 14 May 2014 03:59 PM

අගමැති මෙතනට ආපු විදිය වැරදියි. හම්බන්තොට වගේ පිස්තෝලයකුත් අරගෙන දුවගෙන ආව නම් ප්‍රශ්නේ ඉවරයි. (ස)

:       0       0

සම්පත් Wednesday, 14 May 2014 03:59 PM

සිංහල බෞද්ධයාගේ ජන්දයෙන් බලයට පත්වෙන මන්තීවරු හැම කෙනෙක්ම කතා කරන්නේ සුළු ජාතින් ගැන විත රයි. සිංහල ජාතිය ගැන කතා කරන කොට කියනවා ජාති වාදය ඇදල ගන්නවා කියල. (ස)

:       0       0

ලලිත් ධමාම් Wednesday, 14 May 2014 04:10 PM

අගමැති තුමාගේ කාර් එක චෝගම් කාර් එකක් වෙන්නැති ...අගමැතිලට බෙන්ස් ඡන්දදායකයන්ට බනිස්. (නදී)

:       0       0

පහන් Wednesday, 14 May 2014 04:16 PM

878 ලංකාවට එන්න එපා. ඔහෙම ඉන්න. ආවත් ඔයාල වගේ අයගෙන් මේ රටට වැඩක් නැහැ.(නදී)

:       0       0

චමිලා Wednesday, 14 May 2014 04:17 PM

කොහොමද ඔහොම පාරේ බැහැලා යන්නේ ? (නදී)

:       0       0

භානු Thursday, 15 May 2014 07:01 AM

අපේ රටේ කොහෙද කිසිම සමගියක් තියෙන්නේ ? රට ඇතුළේ ඉන්න සමහර උදවිය පිටරට ඉන්න ලාංකිකයන්ට බනිනවා. හැබැයි රට ඇතුළේ ඉන්න ලාංකිකයන් එක්කවත් සමගියෙන් ඉන්න දන්නේ නැහැ. (නි)

:       0       0

බමුණු Thursday, 15 May 2014 04:52 PM

"මේවට විසඳුම් හොයන්න." කොහොමද සොයන්නේ ඕගොල්ලෝ විසදුම් නැති අය හැමදාම පත් කරන විට. (ස)

:       0       0

අසංග Wednesday, 14 May 2014 04:23 PM

චේ,මම හිතන්නේ නැ ඔබ බෞද්ධයෙක් කියලා ඔබ කියන විදියට මේ රටේ ආයෙත් කවමදාවත් ප්‍රභාකරන් කෙනෙකුටවත් බින්ලාඩන් කෙනෙකුට වත් බිහි වෙන්න ඉඩ තියන්නේ නැ. බෞද්ධයෝ ඔලුව නමපු කාලයක් තිබුනා දැන් ඉතින් ඒ කලේ ඉවරයි. පාසලක විදුහල්පති කෙනෙකුට ඔය වගේ වැඩක් කිසිම බයක් නැතුව කරන්න පුලුවන්නම් ඒ අයට තවත් දේවල් කරන්න පුළුවනි. (නදී)

:       0       0

චානක. Thursday, 15 May 2014 07:19 AM

ලංකාවේ සිදුවන්නේ ලෝකයේ කොහෙවත් සිදුනොවන අමුතුම තාලයේ දේවල්. (නි)

:       0       0

ඵස්රුල් ගෆූර් - කටාර් Thursday, 15 May 2014 04:56 PM

ටෙනිසන් - ඔබ කියන එක හරි. බෞද්ධ ධර්මයට හෝ වෙනත් ඕනෙම ආගමකට අපහාසාත්මක ලෙස යමෙක් ප්‍රසිද්ධියේ විවේචන කරනවා නම් ඔවුන්ව අත්අඩංගුවට ගත යුතුය. අපට අවශ්‍ය වන්නේ ජාති භේද නොව සියලු ජාතීන් එකට සාමයෙන් ජීවත් වීම දැකීමයි. (නදී)

:       0       0

සුරංග Wednesday, 14 May 2014 04:26 PM

ගම්පොළ සිංහයන්ට අපි හිස නමා ආචාර කරනවා. බොද්ධ රටේ අපිට බණක් දහමක් අහන්නවත් අයිතියක් නැත්තම්, වෙසක් සැරසිල්ලක් කරන්න බැරි නම් අපිද ඡාතිවාදී වෙන්නේ කියලා බලන්න. (නි)

:       0       0

අරෝෂ් කුමාර Wednesday, 14 May 2014 04:27 PM

අපේ අගමැතිතුමාට ජය වේවා! (නි)

:       0       0

සුබේසිරි Thursday, 15 May 2014 07:33 AM

ආගමික සහජීවනය පටන් ගන්න ඕනෑ පාසලෙන් නේද? ඇයි මේ පාසලට ගිහින් එතන වෙලා තිබෙන වැරැද්ද නිවැරදි කරන්න බැරි. සිංහලයන්ට වෙන අසාධාරනයක් ගැන කතා කළොත් තමයි සර්වාගමික ප්‍රශ්නය ඉස්සරහට එන්නේ. (නි)

:       0       0

ජානක Thursday, 15 May 2014 07:46 AM

එතකොට ඒ විදුහල්පතිගේ ක්‍රියාව අගමැතිතුමා අනුමත කරනවාද? ආගමික සහජීවනය කියන්නේ ඕක නම් නෙමෙයි. මෙතනින් වෙන්නේ තව තවත් වෛරය වැඩිවෙන එක නේද? (නි)

:       0       0

සුසිර Wednesday, 14 May 2014 04:41 PM

ජාතික සමගිය නැති කිරීමට හදන සංවිධාන වලට විරුද්ධව ඔබ තුමා නැගී හිටීම අප අගය කළ යුතුයි. (දිල්)

:       0       0

ග්‍රේෂියන් Thursday, 15 May 2014 07:56 AM

මම කතෝලිකයෙක්. ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ලංකාව සිංහල බෞද්ධ රටක්.කිසිකෙනෙකුට අවැඩක් වෙලා නැහැ. මෙහි බෞද්ධ උරුමය රැකිය යුතුයි (නි)

:       0       0

සරත් Thursday, 15 May 2014 07:57 AM

බොරු කියන්න එපා විල්සන්. අපි ඕනෑතරම් දකිනවා, එක් අාගමක්, එක් ජාතියක් ඇති රටවලටත් ලෝකයේ අනික් රටවල් උදව් කරනවා. (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 15 May 2014 08:00 AM

සමහර හාමුදුරුවරු හමුදා පුහුණුව ලබනවා කියලා කතාවක් තිබෙනවා. ටී56න් ඉලක්කයට වෙඩි තියන්න පුරුදු වෙනවා ඡායාරූප මඟින් ප්‍රචාරය කර තිබුණා (නි)

:       0       0

පද්මිණි Wednesday, 14 May 2014 04:55 PM

පෙළපාලියට විරෝධය පළකරන්න ඇවිල්ලා පෙළපාලිකරුවන්ට එකතු වෙලාද? ඔහොම යමුකෝ. (නි)

:       0       0

පුබුදු Wednesday, 14 May 2014 05:01 PM

මංජුල 100%ක් හරි. (නි)

:       0       0

දිසානායක Thursday, 15 May 2014 08:26 AM

මෙන්න තමන්ගේ ජාතිය ගැන නියම හැඟීමක් ඇති මිනිස්සු (නි)

:       0       0

අජන්ත Wednesday, 14 May 2014 05:10 PM

අපේ අගමැතිතුමා නම් නියම වීරයෙක්. (නි)

:       0       0

රකිත් Thursday, 15 May 2014 08:30 AM

මේ බෙන්ස් රථය නම් චෝගම් එකට ගෙනාපු 54න් එකක් වගේ (ස)

:       0       0

නිලන් Thursday, 15 May 2014 08:34 AM

දැන් සමගිය කථා කරනවා. (ස)

:       0       0

ටෙනිසන් Thursday, 15 May 2014 08:36 AM

ෆැස්රූල් ගෆූර් මහත්තයෝ ටිකක් නවතින්න. ඔබේ අදහස නැවත කියවන්න. පසුගිය දොහොක ලක්බිම පුවත්පතේ හොද ලිපියක් තිබුනා. මාජිඩලා,කලීල්ල ,සුමනසිරිලා සහ ගුනවතීල වෙසක් සැමරු හැටි කියලා. එය කියවන්න. අපිට මේ වගේ යුගයක් තිබුනා. මම කාලයක් කොටියා කුඹුරේ හිටියා, මුස්ලිම් හුග දෙනෙක් දන්නා අම්පේ පල්ලියේ වාර්ෂික දානමය පින්කමට සිංහල බෞද්ද බොහෝ අයත් හරි හරියට මුස්ලිම් සහෝදරයොත් සමග සහබාගී උනා. පන්සලට දානය අරින මුස්ලිම් වරු හිටියා. මේකයි සහජීවනය. අද කෝ ?.කනගාටුවෙන් උනත් කියන්න ඕන මේ තැනට රට ගෙනාවේ අද ගම්පොල අර විදුහලේ ඉන්න විදුහල්පතිවරු වගේ අන්ත වාදීන්. ඔහුන්ව ඒ තැනට ගෙනාවේ දේශපාලුවෝ. ඒ නිසා මේ ප්‍රශ්නය දේශපාලුවන්ගේ අතට දෙන්න එපා. ඔයාල වගේ මධ්‍යස්ත්ව සිතන බුද්දිමත් උදවිය එක්වී ඔය ආගම්වාදී දේශපාලුවන්ගෙන් මුස්ලිම් වරුන්ව බේරගන්න. එයයි විය යුත්තේ. (නදී)

:       0       0

සුමිත් Wednesday, 14 May 2014 05:18 PM

මේවා දකිද්දී මේ රටේ පාස්පෝර්ට් එක පුච්චලා දාලා ලංකාවට එන්න හිතෙනවා මගේ ජාතියට යන කල දැකලා. හරි සිංහලයා සුනඛයන් වගේ වලිගය සඟවා ගත්තේ නැතිලු. (නි)

:       0       0

පද්මසිරි Thursday, 15 May 2014 08:49 AM

ඉපදුන රට, විදේශ ගමන් බලපත්‍රය නිකුත් කළ රට අමතක කරලා හෙළා දැකලා ඒක විනාශ කරන්න හදන එක මම නම් අනුමත කරන්නෙ නැහැ (නි)

:       0       0

බමුණුසිංහ Wednesday, 14 May 2014 05:20 PM

"මොකද බුද්ධාගම දැන් ආගම්වාදී පැත්තකට අරගෙන ගිහින් තියෙනවා" බෞද්ධයන් බෞද්ධයන් ලෙස ජීවත් වූ රටවල දැන් බෞද්ධයන් නැත. උදාහරණය බුරුමයයි. ලංකාවටත් එහෙම වෙනතුරු උඩ බලාගෙන ඉන්නද හදන්නේ. (නි)

:       0       0

සුරන් Thursday, 15 May 2014 08:53 AM

අගමැති තුමෝ ආයෙත් මොකද කරගන්න හදන්නේ? (නදී)

:       0       0

සෞම්‍යා ද සිල්වා Wednesday, 14 May 2014 05:22 PM

අගමැතිතුමා ඇයි මේ එකපාරටම වෙනස් වුණේ? (නි)

:       0       0

නිශාන්ත Thursday, 15 May 2014 09:18 AM

තරුණ පිරිස මේ රටෙන් යවන්න දෙමාපියන් උත්සහ ගන්නවා වැඩියි දැන්.(නදී)

:       0       0

රත්නායක ආරච්චිගේ Thursday, 15 May 2014 09:30 AM

අල්කයිඩා වගේ ත්‍රස්තවාදීන් ලංකාවටත් එයි.(නදී)

:       0       0

මාලක සිල්වා Thursday, 15 May 2014 09:42 AM

වහාම විදුහල් පතිට එරෙහිව නඩු පවරන්න. නීතියවත් හරියට පිළිතුරු දේවි. (ස)

:       0       0

ප්‍රියන්ත Wednesday, 14 May 2014 05:44 PM

වෙසක් පෝය දා මම අකමැති දේවල් දැකීම මහත් අකුසල කර්මයක් ලෙස මම සළකමි. (නි)

:       0       0

ධර්මපාල Wednesday, 14 May 2014 05:52 PM

සිංහලයෝ කවදාවත් සෙසු ආගම් සමඟ ගැටෙන්න ගියේ නැහැ. නමුත් බුදු දහමට සහ සිංහලයා පාගනකොට අපේ දේ ආරක්ෂා කරගන්න වැඩ කරනවා. එතකොට ඒක ජාතිවාදයද? (නි)

:       0       0

රොෂාන් Thursday, 15 May 2014 10:29 AM

සුමිත්, ලංකාවට ඇවිත් පාස් පෝට් එක පුච්චන්න. නැත්නම් එන්න බැරි වෙයි.(නදී)

:       0       0

ෂපීක් Thursday, 15 May 2014 10:31 AM

සාමය රජවේවා. ප්‍රීති වෙසක් ඔබ සැමට. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 14 May 2014 06:10 PM

සිංහලයා වෙනුවෙන් කවුරුන් හෝ පෙනී සිටියොත්, කතා කළොත් එතන ජාතිවාදය..කතා කරන කෙනා ජාතිවාදියෙක්. බෞද්ධයා වෙනුවෙන් යම් කෙනෙක් කතා කළොත් එතන ආගම්වාදය.ඔහු බෞද්ධ අන්තවාදියෙක්.මේක පුදුම අසාධාරනයක්නේ. අනෙක් ජාතීන්ට ආගම් වලට ඔවුන් වෙනුවෙන් ඕනෑ සංවිධානයක් පිහුටුවාගෙන ඕනෑ තරම් තමන්ගේ අය ගැන කතා කරන්න තමන්ගේ අය වෙනුවෙන් පෙනී සිටින්න පුළුවන්. සිංහලයා, බෞද්ධයා ඒක කළොත් එතන තමයි කට්ටියට ලෝක විනාශය වගේ පෙනෙන්නේ.කට්ටිය ඇස් කන් ඇරලා බලන්න මේ රටේ මොකද වෙන්නේ කියලා.(නි)

:       0       0

රත්නසිරි Wednesday, 14 May 2014 06:13 PM

මේ රටේ විවධ ජාතීන් තුනකට වඩා ජීවත් වෙනවා. සුලු කණ්ඩායම් ගැන අපි කතා කරන්නේම නැහැ. නිතරම සිංහල, දමිළ, මුස්ලිම්.මේ අයට මේ රජය බේදයකින් තොරව මැති ඇමතිකම් ඇතුලු රජයේ සියලුම තනතුරු දී තිබීම අගය කළ යුතුයි. (නි)

:       0       0

වෙරංග Thursday, 15 May 2014 11:06 AM

පළමුවැනි ඡායාරූපය දැක්කම පෙනෙන්නේ හරියට දෙමළ චිතුපටියක් වගේ.හැබැයි රටක උසස් නිලධාරියෙක් ප්‍රසිද්ධ තැනක හැසිරීමේදී ආදර්ශවත් වෙන්නත් ඕනෑ.අපුරුවට ඉන්න අපේ අගමැතිතුමා දැක්කමත් අපුරුයි.අපිට අපේ පිහිටයි. (නි)

:       0       0

චමිල Wednesday, 14 May 2014 06:27 PM

මේකට මුල් වුණේ ගම්පොළ පාසලක වෙසක් සැරසිලි තහනම් කළ සිද්ධියක් නේද? එතන ආගමික සහජීවනය කෝ? ලංකාවේ හැමෝම ඉස්සර නම් දන්සල් යනවා, වෙසක් බලන්න යනවා, සැරසිලි කරනවා. හැමතැනම වෙසක් සැරසිලි. අනික සිංහල මිනිස්සු පාරේ යනකොට විතරද පාර හරස් වෙන්නේ?(නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Wednesday, 14 May 2014 06:28 PM

මේක බෞද්ධ රටක් බව ඇත්ත. අපි හැමෝම එය පිළිගන්නවා. ලෝකයේ දරුණුම ත්‍රස්තවාදය පරාජය කළ අතිගරු ජනාධිපතිතුමාට ඇයි බැරි ඇත්තෙන්ම යම්කිසි ආකාරයක ජාතීන් අතර ප්‍රශ්නයක් තිබෙනවා නම් ඊට මැදිහත් වෙලා ඒ ප්‍රශ්න නිරාකරනය කරන්න? දිනෙන් දින විවිධ මාතෘකා යටතේ එක එක පෙළපාලි උද්ඝෝෂණ නිසා අනවශ්‍ය ලෙස ජාතීන් අතර අසමගිය හෝ ප්‍රකොපකාරි සිදුවීම් විය හැකියි. අපි මොන ආගමේ වුණත් මෙරටේ ජීවත්වෙන අප සියලු දෙනාටම සම අයිතියක් තිබෙනවා. මොකද අපි හැමෝම ලාංකිකයෝ. (නි)

:       0       0

ජයසිංහ Wednesday, 14 May 2014 06:31 PM

අගමැතිතුමාට අපගේ ප්‍රණාමය! (නි)

:       0       0

නිහාල් Wednesday, 14 May 2014 06:38 PM

අනේ මේ මොනවද ඒ ගමන වෙන්නේ? (නි)

:       0       0

නිහාල් Wednesday, 14 May 2014 06:40 PM

විරෝධය පෑම හෝ නොපෑම එතුමාගේ අයිතියක් (නි)

:       0       0

රන්ජිත් Wednesday, 14 May 2014 06:40 PM

මට නම් බුදු වදන තමා සිහිවෙන්නේ. සිංහලයිනේ, අප්පමාදෝ අමතපදන්... (නි)

:       0       0

පහන් Wednesday, 14 May 2014 06:44 PM

බන්දුල පෙරේරා, ජයවේවා!!! ජයවේවා !!! නැවතත් ජයවේවා !!! (නි)

:       0       0

සිරිල් Tuesday, 20 May 2014 10:43 PM

අගමැතිතුමා ඇයි මෙයාලව ආරක්ෂා කරන්න හදන්නේ (ස)

:       0       0

ප්‍රියනාත් Wednesday, 14 May 2014 06:58 PM

"ගරු අගමැතිතුමාට ජයවේවා!!!" පහන්, ඔයාට මොකද වෙලා තියෙන්නේ? (නි)

:       0       0

රනිල් Wednesday, 14 May 2014 07:08 PM

අගමැතිතුමා අභීත නායකයෙක් බව ඔප්පු කරලම පෙන්නලා තියෙනවනේ (නි)

:       0       0

මේනකා Thursday, 15 May 2014 11:53 AM

කාර් එක දැක්කාම පුරවැසියන්ගේ දේශානුරාගය තවත් වැඩි වෙනවා. අනේ වාසනාවන්. ! (නදී)

:       0       0

අමාලි Wednesday, 14 May 2014 07:14 PM

දැක්කද ජන බලයේ තරම! (නි)

:       0       0

ශාන Thursday, 15 May 2014 11:57 AM

අපේ සමහර ජනයාට වේල් දෙකක් වත් කන්න නෑ. බලන්නකෝ මේ මිනිස්සුන්ට අපි දීලා කාර්. කෝටි ගණන් වටිනා ඒවා. අපි වගේ මෝඩයෝ. (ස)

:       0       0

සුවාරිස් Wednesday, 14 May 2014 07:16 PM

වැඩේට ගැළපෙනම පුද්ගලයා ඉදිරිපත් වෙලා තියෙන්නේ... (නි)

:       0       0

මධුවන්ති Wednesday, 14 May 2014 07:21 PM

මොනවා වුණත් මේ පිබිදීම අපි අගය කරනවා (නි)

:       0       0

ප්‍රවීන් Wednesday, 14 May 2014 07:22 PM

පෙරළුණු පිට හොඳයි කියනවා. (නි)

:       0       0

බමුණුසිංහ Thursday, 15 May 2014 12:10 PM

"අපේ සමහර ජනයාට වේල් දෙකක්වත් කන්න නැහැ. බලන්නකෝ මේ මිනිස්සුන්ට අපි දීලා කාර්. " කාර් කන්න පුලුවන්ද? (නි)

:       0       0

සුමනසිරි Wednesday, 14 May 2014 07:22 PM

අගමැතිතුමා කළ දේ මම නම් අනුමත කරන්නෙ නැහැ (නි)

:       0       0

බමුණුසිංහ Thursday, 15 May 2014 12:14 PM

"මේ බහු ආගමික සංකල්පය බුද්ධාගම වනසන්න අධිරාජ්‍යවාදීන් කරන කුමන්ත්‍රණයක් කියලා මේ දේශපාලකයෝ කවදා තේරුම් ගනීද. " ඒවා තේරුම් ගත්තොත් එයාලට මොකද වෙන්නේ? (නි)

:       0       0

නිශාන්ත Wednesday, 14 May 2014 07:24 PM

අනේ අපේ රටට යන කල! (නි)

:       0       0

මධුවන්ති Wednesday, 14 May 2014 07:25 PM

හැබැයි බල සේනා නම් පෙනෙන්න නැහැ (නි)

:       0       0

අප්පුහාමි Wednesday, 14 May 2014 07:43 PM

කවුරු මොනවා කිවුවත් අනාගත ජනාධිපති විය යුත්තේ මෙතුමාමයි.(නදී)

:       0       0

කමල් Wednesday, 14 May 2014 12:31 PM

අන්න එහෙම තමයි ඉන්න ඕනෑ (නි)

:       0       0

ජීවක Wednesday, 14 May 2014 07:44 PM

මේ වගේ පෙළපාලි දෙක තුනක් හැසුරුවා නම් ඔබ තුමත් ෙගාඩ අපිත් ගොඩ.(නදී)

:       0       0

රන්දි Wednesday, 14 May 2014 12:58 PM

අගමැතිතුමාට ජය වේවා! (නි)

:       0       0

ඉන්දික Wednesday, 14 May 2014 12:58 PM

මෙහෙම රට ජාතිය වෙනුවෙන් නැඟී සිටින අය අපේ රටේ තවම අඩු නැහැ. බොදු පිබිදීමට අපගේ උපහාරය! (නි)

:       0       0

අැන්සිනා Thursday, 15 May 2014 12:56 PM

ලංකාවේ බැංකුවකට යන්න බෑ මර බිය, මංකොල්ලකාරයෝ. රත්තරන් මාලයක් දාගෙන ගෑනු කෙනෙකුට තනිපංගලමේ පාරෙ බැහැලා යන්න බෑ මර බිය. කාන්තාවකට නිවසක ඉන්න නෑ. වෙළඳ ව්‍යාපාරයක් කර ගෙන දියුණුවක් ලබන්න බෑ. කඩ ගිනිබත් කරනවා. රත්තරං බඩු සාප්පු කාරයන්ට මර බිය. මහ දවල් මංකොල්ල කනවා. පෙට්‍රල් ෂෙඩි කාරයන්ට මර බිය. හොර නෝටිටු හැම තැනම. මංත්‍රීවරු මහ දවල් මහ මග මරා දමනවා. පොලිසියේ රාලහාමීලාට රාත්‍රී මහ මග රාජකාරි කරන්න බෑ, නිර්වස්ත්‍ර කරලා මරා දමනවා. මේවට විසඳුම් හොයන්න. (ස)

:       0       0

රංජක් Wednesday, 14 May 2014 07:54 PM

ඉතින් මේවා වෙන එක පුදුම වෙන්න කාරණා නෙමේ.(නදී)

:       0       0

සේතුපාල Wednesday, 14 May 2014 07:54 PM

දැන් අපි අතර පරන අමනාපකමි නෑ අපි ඔබ තුමාට මනාපයි.(නදී)

:       0       0

878 Wednesday, 14 May 2014 01:04 PM

මම ඉන්නේ පිටරට. මේවා දකිනකොට පාස්පෝර්ට් එකත් පුච්චා දාලා මෙහෙටම වෙලා ඉන්න හිතෙනවා. (නි)

:       0       0

සෂික Wednesday, 14 May 2014 01:16 PM

අගමැතිතුමාට ගොඩක් දුකහිතෙන්න ඇති බුද්ධාගමට විනකරන අයට විරැද්ධව පෙලපාලි යන කොට. (නදී)

:       0       0

අසෝකා Wednesday, 14 May 2014 01:26 PM

අනේ අගමැති තුමනි, අපේ උප්පැන්නයේ ඉදලම තියෙන්නේ ජාති වාදය සහ ආගම්වාදය පුළුවන් කම තියෙද්දිත් ඔබල නොකර ඉන්නෙත් ඒකමයි. උපන්දා ඉදලම හිත්වලට ඇතුල් කරලා දැන් කනෝ කනෝ කියල කෑගහනවා! (නදී)

:       0       0

ගිරිෙගා්රිස් Thursday, 15 May 2014 01:22 PM

අැන්සිනා ඔයත් කෝපි කඩේ එන්සිනා වගේමයි පැත්ත ගියත් ඇත්ත කියා තියෙනවා.(නදී)

:       0       0

ජයේ Wednesday, 14 May 2014 01:33 PM

එහෙනම් අගමැතිටත් බැරි දේවල් තිබෙනවා? (නි)

:       0       0

මිලානො ජයන්ත Wednesday, 14 May 2014 01:33 PM

අද වෙසක් නේද?මෙහෙම ප්‍රකෝපකාරී ලෙස පාරට බහින්න තරම් මිනිසුන්ට මොන වින්නැහියක් වෙලාද?(නි)

:       0       0

ගුෙන්රිස් Thursday, 15 May 2014 01:26 PM

ඒක තමයි එන්සිනෝ මෙයාලා කොහේද යන්නේ මල්ලේ පොල්.(නදී)

:       0       0

වසන්ත Wednesday, 14 May 2014 01:42 PM

ඔබතුමා ගැන අපිට කණගාටුයි. අපි නිවැරදි මඟ තෝරා ගනිමු. අපි දැන් රැවටිලා ඉවරයි (නි)

:       0       0

පියල් Sunday, 18 May 2014 02:24 PM

මෙම සිදුවීම මාධ්‍ය විකෘති කරලා. ඊට කලින් දවසේ පාසලේ පිරිත් කිව්වා. මෙයට විදුහල්පතිගේ පූර්ණ අවසර ලැබුණා.මේ ගැන පාසලේ සිංහල ගුරුවරුන්ගෙන් අසා දැන ගන්න පුළුවන්. මෙය ජාතිවාදී කෝලාහල ඇති කිරීමට කරන ලද වෑයමක්. (ස)

:       0       0

පහන් Wednesday, 14 May 2014 01:46 PM

1915 ජාති වාදී කෝලාහලය ඇති උනේ ගම්පොලින් නේද ? (නදී)

:       0       0

සන්ජය Wednesday, 14 May 2014 08:33 PM

සමහරු කියන්නේ ඕවා නවත්වන එකට වඩා පිටරට සම්බන්ධ කරගෙන වැඩ කරන්න ඕනෑ කියලනේ (නි)

:       0       0

සහන් Wednesday, 14 May 2014 08:34 PM

අනේ පවු! (නි)

:       0       0

රත්නසිරි Wednesday, 14 May 2014 01:52 PM

අයුක්තියට අසාධාරණයට එරෙහිව නැගී සිටීමට දවසක් වෙලාවක් නැත. (දිල්)

:       0       0

මංජුල Wednesday, 14 May 2014 01:54 PM

පාසලේ වෙසක් සැරසිලි තහනම් කලාම අගමැතිතුමා බෞද්ධයන්ට කියනවා ජාතිවාදය එපා, සියළු ජාතීන් සමගියෙන් ඉන්න. ඒ නිසා කටවහගෙන ඉන්න කියලා. හැබැයි අගමැති විදුහල්පති තුමාට කියන්නෙ නෑ සියළු ජාතීන් සමගියෙන් ඉමු. වෙසක් සැරසිලි පාසලේ කරමු කියලා. අද පාසලේ තහනම්, හෙට නගරයේ තහනම්,2050 වෙද්දි ලංකාවෙම වෙසක් තහනම් වේවි.(නදී)

:       0       0

සරත් බංඩාර - මිලානෝ Wednesday, 14 May 2014 01:55 PM

රටේ මිනිසුන් ඔහුට අකමැති වෙලා.(නදී) .

:       0       0

ධම්ම Wednesday, 14 May 2014 02:01 PM

අගමැතිතුමා තොප්පියකුත් දාගෙන නේද? (නි)

:       0       0

සුවාරිස් Thursday, 15 May 2014 01:48 PM

කටට දාන්න ඔින මුතු කැට ටිකක්. සහතික අැත්ත. (ස)

:       0       0

වජිර Wednesday, 14 May 2014 02:01 PM

එහෙම තමයි ජනබලයේ බලය! (නි)

:       0       0

අජිත් Wednesday, 14 May 2014 09:12 PM

මංජුල ඔබ හරියටම හරි. (ස)

:       0       0

සජී Wednesday, 14 May 2014 02:01 PM

මංජුල, මම ලියන්න හිතූ දෙය ඔයා ලියලා. ස්තුතියි (නි)

:       0       0

අජිත් Wednesday, 14 May 2014 09:13 PM

මැදපෙරදිග වගේ රටක නම් මේ වෙන කොට විදුහල්පතිව රිමාන්ඩ් කරලා. (ස)

:       0       0

හරිත් Wednesday, 14 May 2014 02:09 PM

මංජුල කියූ දේ හරියට හරි...! (නි)

:       0       0

නාගොඩ හේමපාල ලියනගේ Wednesday, 14 May 2014 09:55 PM

අපි සිහි කල්පනාවෙන් කටයුතු කළයුතු කාලයකි.ආගමික භේදයක් නම් ඇතිකර ගන්න එපා. (ස)

:       0       0

සිරි Wednesday, 14 May 2014 02:13 PM

මේ සිංහල අපගෙ රටයි....(නි)

:       0       0

අජිත් Wednesday, 14 May 2014 10:14 PM

මැද ෙපරදිග රටකනමි මේ පෙලපාලි ගිය ඔක්කොම රිමාන්ඩි කරලා. (ස)

:       0       0

උපුල් Wednesday, 14 May 2014 02:18 PM

මේක වෙන්න පුලුවන් වැඩක්ද? (නි)

:       0       0

රන්ජිත් Wednesday, 14 May 2014 02:20 PM

අගමැතිතුමා ‍ඒ ගමන තවත් තොප්පියක් දාගෙන නේද? (නි)

:       0       0

ලියනාරචිචි Wednesday, 14 May 2014 10:42 PM

යුද්ධයක් අැති නොවී රටක් සංවර්ධනය වෙන්නේ කොහොමද? (ස)

:       0       0

මිථුන Wednesday, 14 May 2014 02:26 PM

මේ මොනවද කරන්නේ? (නි)

:       0       0

පිටිගල Wednesday, 14 May 2014 02:26 PM

අපේ අගමැතිතුමා හරි නිර්භීත පුද්ගලයෙක්. (නි)

:       0       0

ලකී Saturday, 17 May 2014 01:34 PM

මේවගේ කමන්ට් දැක්කම අපේ රටේ පාර්ලිමේන්තුවට මොලේ නැති අයට යන්න ඡන්දෙ දුන්නේ කවුද කියල හිතෙනවා. වෙන රටක මිනිස්සු ඡන්දෙ දීල මේ ගොල්ලෝ පත් වෙලා වගේ.(නදී)

:       0       0

ජයේ Wednesday, 14 May 2014 02:30 PM

අපි ඇත්ත නැත්ත නොදන්නෙමු. කෙසේවෙතත් ජාතිවාදී කලබලයක් අද හෙටම අපිට බලාපොරත්තු විය හැක. (නි)

:       0       0

අචිනි Wednesday, 14 May 2014 02:31 PM

විවිධ ආගම් වල අයව බොරුවට කුලප්පු කරලා ආගම්වාදය අවුලුවන්නට පටන් ගන්නේ කවුද කියලා හොයලා බැලුවොත් නරකද අගමැතිතුමනි? (නි)

:       0       0

සුනිල් Wednesday, 14 May 2014 02:33 PM

878, ඔයාගේ කතාව හරියටම හරි. මටත් එහෙම හිතෙනවා (නි)

:       0       0

පද්මා Wednesday, 14 May 2014 11:18 PM

මේවා නතරකරන්න ඕන දේවල් නෙමෙයි නතර කරන්න ඕන දෙයක් ගැන හොයලා බලලා නතර කරන්න (දී)

:       0       0

නිමල් Wednesday, 14 May 2014 02:35 PM

සිංහල බෞද්ධ අයිතිය වෙනුවෙන් පෙනී සිටි,සිටින සැමට ජයවේවා! (නි)

:       0       0

සුනෙත් Wednesday, 14 May 2014 11:28 PM

ගම්පොල සිංහල බෞද්දයන්ට ජය වේවා (දී)

:       0       0

දේශානි Wednesday, 14 May 2014 11:30 PM

නතර කිරිල්ල කෙසේ වෙතත් මේක නියමයි වගේ අගමැතිට (දී)

:       0       0

යාපා Wednesday, 14 May 2014 02:41 PM

අපේ රටේ පුරවැසියන් ප්‍රස්න විසදන්න ඕනි ඔය විදිහටද ? පොඩි ළමයි වගේ. (නදී) .

:       0       0

මනෝජ්-සාජා Wednesday, 14 May 2014 11:36 PM

ගම්පොල ජනතාවට ජය වේවා .(දී)

:       0       0

රොහාන් Wednesday, 14 May 2014 11:39 PM

රටේ හෙට අනිද්දාම නැවත ජාති බේදයක් ඇති වෙයි වගේ (දී)

:       0       0

අශාන් Wednesday, 14 May 2014 02:42 PM

බන්දුල පෙරේරා මහත්තයෝ පාර අවහිර වෙලා නේද? කමක් නැද්ද ? (නදී)

:       0       0

සෝමදාස Wednesday, 14 May 2014 11:54 PM

අපි අගමැතිතුමා සමගයි ජය වේවා (දී)

:       0       0

ජොන්සි Wednesday, 14 May 2014 02:49 PM

මෙයාට දුක හිතෙන්න ඇති තරහවෙයි කියා.(නදී)

:       0       0

හිරු Wednesday, 14 May 2014 11:55 PM

බලධාරීන් නිදි උනාට මහජනතාවට එහෙම කරන්න බැහැනේ (දී)

:       0       0

බුද්ධ ඝෝස Wednesday, 14 May 2014 11:59 PM

බුදුහාමුදුරුෙවා් බුද්ධාගම අාරක්ෂා කරගන්න පෙලපාලි යන්න කියලා තියෙන්නේ (දී)

:       0       0

ජොන්සි Wednesday, 14 May 2014 02:57 PM

මොනවා වුනත් අපිට අපේ ජාතිය විනාශ වෙනවා බලා ඉන්න අමාරුයි.(නදී)

:       0       0

සත්‍යා Wednesday, 14 May 2014 02:57 PM

වෙසක් කියන්නේ උත්තරීතර මාසයක්. සමහර අය මේ මාසයේ මස් මාංශ කන්නේ නැත.(නදී)

:       0       0

මහී Thursday, 15 May 2014 12:18 AM

බලන්න මෙතුමාට ඉන්න බොඩි ගඩ්ල ගොඩ.මට හිතෙන්නේ මෙතුමා තනියම ගියත් කිසි කෙනෙක් මුකුත් කරන්නේ නෑ කියල..අය්යෝ රටේ සල්ලි අපරාදේ. (දී)

:       0       0

රොෂාන් Wednesday, 14 May 2014 02:59 PM

සිංහල බෞද්ද ජනතාවට ජයවේවා..! (නදී)

:       0       0

රනා Thursday, 15 May 2014 12:21 AM

අම්බුළුවාවේ බෞද්ධ නටබුන් තිබුන කන්දේ බහු ජාතික, බහු ආගමික සංකල්පය ඔලුවේ තියාගෙන මුස්ලිම් සහ ක්‍රිස්තියානි යාඥා මද්‍යස්ථාන හැදුව. මේ බහු ආගමික සංකල්පය බුද්ධාගම වනසන්න අදිරජ්‍යවාදීන් කරන කුමන්ත්‍රණයක් කියල මේ දේශපාලකයෝ කවද තේරුම් ගනීද. මේ බහු වාර්ගික,බහු ආගමික සංකල්පයට ඩොලර් මිලියන ගණන් ලැබෙනවා ඇති. ඒවා ඉතින් අනෙක් චන්දයට වියදමට තියාගන්න පුළුවන්නේ. කුඩු වලින් එන කොමිස් ආදයමත් දැන් අඩුයිනේ. බ...... විල්පතතුව සුද්ද කරලා ගම්මාන පිහිටුවනවා. හ.... නැගෙනහිර ඒකම කරනවා. උඩරට ගම්පොල,මාවනැල්ල,අකුරණ තව ටික කලකින් මුස්ලිම් කොලනි වෙන එක අනිවාර්යයි. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 1509 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1326 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2074 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2390 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 564 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1141 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35894 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24112 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 167 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 511 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site