සියලු ජාතීන් සමගියෙන් වාසය කරන ගම්පොළ නගරයේ බෞද්ධ විරෝධි අන්තවාදී ක්‍රියා වලට සහාය දෙතියි කියන විදුහල්පතිවරයකුට එරෙහිව පැවති උද්ඝෝෂණයක් නතර කිරීමට අගමැති දි මු ජයරත්න මහතා ඉදිරිපත් විය.
ජාති වාදී කලබලයක් ඇවිළි යාමට ඉඩ නොදෙන්නැයි අගමැති පෙළපාළිකරුවන් ඉල්ලා සිටියේය.
බෞද්ධ විරෝධි වැඩ නතර කිරීමට කිසිවකු ඉදිරිපත් නොවන නිසා තමන් මේ පියවර ගත් බව පෙළපාළිකරුවෝ කීහ
අගමැතිගේ ඉල්ලීම නොපිළිනොගත් ඔවුහු පෙළපාළියේ ගියහ.අගමැතිද පෙළපාළියේ යමින් මහජනතාවගෙන් ඉල්ලා සිටියේ ජාතිවාදී හා ආගම්වාදී ක්‍රියා ඇති වීමට ඉඩ නොදන ලෙසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න එහෙම තමයි ඉන්න ඕනෑ (නි)
අගමැතිතුමාට ජය වේවා! (නි)
මෙහෙම රට ජාතිය වෙනුවෙන් නැඟී සිටින අය අපේ රටේ තවම අඩු නැහැ. බොදු පිබිදීමට අපගේ උපහාරය! (නි)
මම ඉන්නේ පිටරට. මේවා දකිනකොට පාස්පෝර්ට් එකත් පුච්චා දාලා මෙහෙටම වෙලා ඉන්න හිතෙනවා. (නි)
අගමැතිතුමාට ගොඩක් දුකහිතෙන්න ඇති බුද්ධාගමට විනකරන අයට විරැද්ධව පෙලපාලි යන කොට. (නදී)
අනේ අගමැති තුමනි, අපේ උප්පැන්නයේ ඉදලම තියෙන්නේ ජාති වාදය සහ ආගම්වාදය පුළුවන් කම තියෙද්දිත් ඔබල නොකර ඉන්නෙත් ඒකමයි. උපන්දා ඉදලම හිත්වලට ඇතුල් කරලා දැන් කනෝ කනෝ කියල කෑගහනවා! (නදී)
එහෙනම් අගමැතිටත් බැරි දේවල් තිබෙනවා? (නි)
අද වෙසක් නේද?මෙහෙම ප්‍රකෝපකාරී ලෙස පාරට බහින්න තරම් මිනිසුන්ට මොන වින්නැහියක් වෙලාද?(නි)
ඔබතුමා ගැන අපිට කණගාටුයි. අපි නිවැරදි මඟ තෝරා ගනිමු. අපි දැන් රැවටිලා ඉවරයි (නි)
1915 ජාති වාදී කෝලාහලය ඇති උනේ ගම්පොලින් නේද ? (නදී)
අයුක්තියට අසාධාරණයට එරෙහිව නැගී සිටීමට දවසක් වෙලාවක් නැත. (දිල්)
පාසලේ වෙසක් සැරසිලි තහනම් කලාම අගමැතිතුමා බෞද්ධයන්ට කියනවා ජාතිවාදය එපා, සියළු ජාතීන් සමගියෙන් ඉන්න. ඒ නිසා කටවහගෙන ඉන්න කියලා. හැබැයි අගමැති විදුහල්පති තුමාට කියන්නෙ නෑ සියළු ජාතීන් සමගියෙන් ඉමු. වෙසක් සැරසිලි පාසලේ කරමු කියලා. අද පාසලේ තහනම්, හෙට නගරයේ තහනම්,2050 වෙද්දි ලංකාවෙම වෙසක් තහනම් වේවි.(නදී)
රටේ මිනිසුන් ඔහුට අකමැති වෙලා.(නදී) .
අගමැතිතුමා තොප්පියකුත් දාගෙන නේද? (නි)
එහෙම තමයි ජනබලයේ බලය! (නි)
මංජුල, මම ලියන්න හිතූ දෙය ඔයා ලියලා. ස්තුතියි (නි)
මංජුල කියූ දේ හරියට හරි...! (නි)
මේ සිංහල අපගෙ රටයි....(නි)
මේක වෙන්න පුලුවන් වැඩක්ද? (නි)
අගමැතිතුමා ඒ ගමන තවත් තොප්පියක් දාගෙන නේද? (නි)
මේ මොනවද කරන්නේ? (නි)
අපේ අගමැතිතුමා හරි නිර්භීත පුද්ගලයෙක්. (නි)
අපි ඇත්ත නැත්ත නොදන්නෙමු. කෙසේවෙතත් ජාතිවාදී කලබලයක් අද හෙටම අපිට බලාපොරත්තු විය හැක. (නි)
විවිධ ආගම් වල අයව බොරුවට කුලප්පු කරලා ආගම්වාදය අවුලුවන්නට පටන් ගන්නේ කවුද කියලා හොයලා බැලුවොත් නරකද අගමැතිතුමනි? (නි)
878, ඔයාගේ කතාව හරියටම හරි. මටත් එහෙම හිතෙනවා (නි)
සිංහල බෞද්ධ අයිතිය වෙනුවෙන් පෙනී සිටි,සිටින සැමට ජයවේවා! (නි)
අපේ රටේ පුරවැසියන් ප්‍රස්න විසදන්න ඕනි ඔය විදිහටද ? පොඩි ළමයි වගේ. (නදී) .
බන්දුල පෙරේරා මහත්තයෝ පාර අවහිර වෙලා නේද? කමක් නැද්ද ? (නදී)
මෙයාට දුක හිතෙන්න ඇති තරහවෙයි කියා.(නදී)
මොනවා වුනත් අපිට අපේ ජාතිය විනාශ වෙනවා බලා ඉන්න අමාරුයි.(නදී)
වෙසක් කියන්නේ උත්තරීතර මාසයක්. සමහර අය මේ මාසයේ මස් මාංශ කන්නේ නැත.(නදී)
සිංහල බෞද්ද ජනතාවට ජයවේවා..! (නදී)
බෞද්ධයෝ තමන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී ඉන්න කොට විදේශ ගමන් බලපත්‍රය පුච්චන්න හිතෙනවනම් ඔයාල සිංහලයෝ නම් වෙන්න බෑ. ඔය ඉන්න රටවල් වලට වෙලා ඉන්න එක එක අතකට හොඳයි. මොකද ඔයාල වගේ මුල අමතක උන මිනිස්සු රටට බරක්. (ස)
තව තවත් අපිට මෙහෙම අගමැතිතුමාලම පත්වේවා! ජය ශ්‍රී, ශ්‍රී ලංකා! (නි)
අයියෝ මේ මොකද වෙන්නේ අගමැතිතුමා.(නදී)
බන්දුල මහත්තය විතරක් නෙවි දේශපාලුවෝ ආරක්ෂා කරන්න.., පවතින ක්‍රමයට මුක්කුගහන්න ලෑස්ති කොයි කවුරුත් කට අරින්නේ විරුද්ද පැත්තේ කට්ටිය වැරදි කරනකොට නේ. එයාල කඩේ යන කට්ටිය පාරවල් බ්ලොක් කලත් ..,ඒවාට වඩා වැරදි කලත් ප්‍රශ්ණයක් නැහැ. ඕක වැරැද්ද තියෙන්නේ ඔය කියන පපුව කකියවන සිංහල කමම තමයි. අබුද්දස්ස කාලේ. නොදන්නා දේ තමයි. හිංහල කමට ඉස්සෙල්ලා මනුස්සකම ලෝකෙට ලැබුන බව.(නදී)
අගමැති තුමා මේ සෙනග මැද්දේ අතපය විසි කරන්න ගිහින් වසවර්ති කොලුවෙක් ගල් පාරක්වත් එවල නරක තැනකට වැදුනොත් මොන දෙවියන්ට කියන්නද? අගමැති තුමා යන වාහනේ ලියාපදිංචි කරන්න ඕන නැද්ද අම්මප ..ලංකාවේ මෙහෙම නොම්මර තියෙනවද? (නදී)
මරු කාර් එක.(නදී)
අච්චර සීල් එක ගහල අත්සන් කරලා ලියුමක් දීලත් කන්ටේනර් එක නිදහස් කරගන්නවත් බැරි උනානේ. (නධී)
සිංහල බෞද්ධ ජනතාවට ජයවේවා! (නදී)
මංජුලගේ කතාව හරි. මේ සිංහල අපගෙ රටයි, අප ඉපදෙන මැරෙන රටයි.(නදී)
මේ අදහස් පලකරලා තියෙන විදිහ දැක්කම හරිම කලකිරෙනවා. මමත් බෞද්ධයෙක් එ්ත් මේ වගේ දේවල් අනුමත කරන්න බැහැ මොකද බුද්ධාගම දැන් ආගම වාදී පැත්තටකට අරන් ගිහින් තියෙනවා අපේ රටේ පාලකයෝ සහ අනුවන මිනිසුන්. මම කියන්නේ සියලු දේ සාකච්ඡා කරලා විසදා ගන්න පුළුවන්. මේ යන ආකාරයට තවත් බිල් ලාඩන් කෙනෙක් ප්‍රභාකරන් කෙනෙක් අපේ රටෙන් බ්හිවෙන එක නවත්වන්න කාටවත් බැහැ. දැන්වත් වගකිවුතු ආගමික නයකින් සහ දේසපාලන නයකින් මහදිහත් වෙලා මේ සියලු ප්‍රශ්ණ නිරාකරණය කරගත යුතුයි වහාම.(නදී)
ලංකාවට ගෙනා කුඩු කන්ටනේර් එක නිදහස් කරලා දුන්නු වරදට දැන් ඔය පෙළපාලි යන කවුරුත් පාරට බැස්සේ නැහැ නේද ? මිනිසුනේ ඇස් ඇර බලපල්ලා අවදි වන්නට කාලය ඇවිත් සමස්ත ශ්‍රී ලාංන්කිකයනේ.(නදී)
මේ ලෝක වාසී බෞද්ධයන්ගේ උතුම් උත්සවය. බෞද්ධ රටේ දී එයට ගරු කිරීමට විදුහල්පති දැනගත යුතුයි. (ස)
බුද්ධාගම රකින්න ව්‍යවස්ථාවෙන් දිවුරුම් දිලා පොරොන්දු වෙච්ච අගමැති තුමා මේ වගකීම හරිහැටි ඉටුකළ යුතුයි. (ස)
අගමැතිගේ කාරෙක වටිනවා (නදී)
මට හිතෙන්නේ ලංකාවෙත් සිංහලයෝ කොටස් දෙකක් ඉන්නවා. අසීරු අවස්ථාවකට මුහුණදුන් විට මේ දෙගොල්ලෝ හැසිරෙන්නේ දෙවිදියකටනේ. (ස)
අනේ මන්ද අගමැති තුමාට පාරේ බැහැලා යන්න පුලුවන්ද? (ස)
විහුලු තහළු (ස)
අගමැති මෙතනට ආපු විදිය වැරදියි. හම්බන්තොට වගේ පිස්තෝලයකුත් අරගෙන දුවගෙන ආව නම් ප්‍රශ්නේ ඉවරයි. (ස)
සිංහල බෞද්ධයාගේ ජන්දයෙන් බලයට පත්වෙන මන්තීවරු හැම කෙනෙක්ම කතා කරන්නේ සුළු ජාතින් ගැන විත රයි. සිංහල ජාතිය ගැන කතා කරන කොට කියනවා ජාති වාදය ඇදල ගන්නවා කියල. (ස)
අගමැති තුමාගේ කාර් එක චෝගම් කාර් එකක් වෙන්නැති ...අගමැතිලට බෙන්ස් ඡන්දදායකයන්ට බනිස්. (නදී)
878 ලංකාවට එන්න එපා. ඔහෙම ඉන්න. ආවත් ඔයාල වගේ අයගෙන් මේ රටට වැඩක් නැහැ.(නදී)
කොහොමද ඔහොම පාරේ බැහැලා යන්නේ ? (නදී)
චේ,මම හිතන්නේ නැ ඔබ බෞද්ධයෙක් කියලා ඔබ කියන විදියට මේ රටේ ආයෙත් කවමදාවත් ප්‍රභාකරන් කෙනෙකුටවත් බින්ලාඩන් කෙනෙකුට වත් බිහි වෙන්න ඉඩ තියන්නේ නැ. බෞද්ධයෝ ඔලුව නමපු කාලයක් තිබුනා දැන් ඉතින් ඒ කලේ ඉවරයි. පාසලක විදුහල්පති කෙනෙකුට ඔය වගේ වැඩක් කිසිම බයක් නැතුව කරන්න පුලුවන්නම් ඒ අයට තවත් දේවල් කරන්න පුළුවනි. (නදී)
ගම්පොළ සිංහයන්ට අපි හිස නමා ආචාර කරනවා. බොද්ධ රටේ අපිට බණක් දහමක් අහන්නවත් අයිතියක් නැත්තම්, වෙසක් සැරසිල්ලක් කරන්න බැරි නම් අපිද ඡාතිවාදී වෙන්නේ කියලා බලන්න. (නි)
අපේ අගමැතිතුමාට ජය වේවා! (නි)
ජාතික සමගිය නැති කිරීමට හදන සංවිධාන වලට විරුද්ධව ඔබ තුමා නැගී හිටීම අප අගය කළ යුතුයි. (දිල්)
පෙළපාලියට විරෝධය පළකරන්න ඇවිල්ලා පෙළපාලිකරුවන්ට එකතු වෙලාද? ඔහොම යමුකෝ. (නි)
මංජුල 100%ක් හරි. (නි)
අපේ අගමැතිතුමා නම් නියම වීරයෙක්. (නි)
මේවා දකිද්දී මේ රටේ පාස්පෝර්ට් එක පුච්චලා දාලා ලංකාවට එන්න හිතෙනවා මගේ ජාතියට යන කල දැකලා. හරි සිංහලයා සුනඛයන් වගේ වලිගය සඟවා ගත්තේ නැතිලු. (නි)
"මොකද බුද්ධාගම දැන් ආගම්වාදී පැත්තකට අරගෙන ගිහින් තියෙනවා" බෞද්ධයන් බෞද්ධයන් ලෙස ජීවත් වූ රටවල දැන් බෞද්ධයන් නැත. උදාහරණය බුරුමයයි. ලංකාවටත් එහෙම වෙනතුරු උඩ බලාගෙන ඉන්නද හදන්නේ. (නි)
අගමැතිතුමා ඇයි මේ එකපාරටම වෙනස් වුණේ? (නි)
වෙසක් පෝය දා මම අකමැති දේවල් දැකීම මහත් අකුසල කර්මයක් ලෙස මම සළකමි. (නි)
සිංහලයෝ කවදාවත් සෙසු ආගම් සමඟ ගැටෙන්න ගියේ නැහැ. නමුත් බුදු දහමට සහ සිංහලයා පාගනකොට අපේ දේ ආරක්ෂා කරගන්න වැඩ කරනවා. එතකොට ඒක ජාතිවාදයද? (නි)
සිංහලයා වෙනුවෙන් කවුරුන් හෝ පෙනී සිටියොත්, කතා කළොත් එතන ජාතිවාදය..කතා කරන කෙනා ජාතිවාදියෙක්. බෞද්ධයා වෙනුවෙන් යම් කෙනෙක් කතා කළොත් එතන ආගම්වාදය.ඔහු බෞද්ධ අන්තවාදියෙක්.මේක පුදුම අසාධාරනයක්නේ. අනෙක් ජාතීන්ට ආගම් වලට ඔවුන් වෙනුවෙන් ඕනෑ සංවිධානයක් පිහුටුවාගෙන ඕනෑ තරම් තමන්ගේ අය ගැන කතා කරන්න තමන්ගේ අය වෙනුවෙන් පෙනී සිටින්න පුළුවන්. සිංහලයා, බෞද්ධයා ඒක කළොත් එතන තමයි කට්ටියට ලෝක විනාශය වගේ පෙනෙන්නේ.කට්ටිය ඇස් කන් ඇරලා බලන්න මේ රටේ මොකද වෙන්නේ කියලා.(නි)
මේ රටේ විවධ ජාතීන් තුනකට වඩා ජීවත් වෙනවා. සුලු කණ්ඩායම් ගැන අපි කතා කරන්නේම නැහැ. නිතරම සිංහල, දමිළ, මුස්ලිම්.මේ අයට මේ රජය බේදයකින් තොරව මැති ඇමතිකම් ඇතුලු රජයේ සියලුම තනතුරු දී තිබීම අගය කළ යුතුයි. (නි)
මේකට මුල් වුණේ ගම්පොළ පාසලක වෙසක් සැරසිලි තහනම් කළ සිද්ධියක් නේද? එතන ආගමික සහජීවනය කෝ? ලංකාවේ හැමෝම ඉස්සර නම් දන්සල් යනවා, වෙසක් බලන්න යනවා, සැරසිලි කරනවා. හැමතැනම වෙසක් සැරසිලි. අනික සිංහල මිනිස්සු පාරේ යනකොට විතරද පාර හරස් වෙන්නේ?(නි)
මේක බෞද්ධ රටක් බව ඇත්ත. අපි හැමෝම එය පිළිගන්නවා. ලෝකයේ දරුණුම ත්‍රස්තවාදය පරාජය කළ අතිගරු ජනාධිපතිතුමාට ඇයි බැරි ඇත්තෙන්ම යම්කිසි ආකාරයක ජාතීන් අතර ප්‍රශ්නයක් තිබෙනවා නම් ඊට මැදිහත් වෙලා ඒ ප්‍රශ්න නිරාකරනය කරන්න? දිනෙන් දින විවිධ මාතෘකා යටතේ එක එක පෙළපාලි උද්ඝෝෂණ නිසා අනවශ්‍ය ලෙස ජාතීන් අතර අසමගිය හෝ ප්‍රකොපකාරි සිදුවීම් විය හැකියි. අපි මොන ආගමේ වුණත් මෙරටේ ජීවත්වෙන අප සියලු දෙනාටම සම අයිතියක් තිබෙනවා. මොකද අපි හැමෝම ලාංකිකයෝ. (නි)
අගමැතිතුමාට අපගේ ප්‍රණාමය! (නි)
අනේ මේ මොනවද ඒ ගමන වෙන්නේ? (නි)
විරෝධය පෑම හෝ නොපෑම එතුමාගේ අයිතියක් (නි)
මට නම් බුදු වදන තමා සිහිවෙන්නේ. සිංහලයිනේ, අප්පමාදෝ අමතපදන්... (නි)
බන්දුල පෙරේරා, ජයවේවා!!! ජයවේවා !!! නැවතත් ජයවේවා !!! (නි)
"ගරු අගමැතිතුමාට ජයවේවා!!!" පහන්, ඔයාට මොකද වෙලා තියෙන්නේ? (නි)
අගමැතිතුමා අභීත නායකයෙක් බව ඔප්පු කරලම පෙන්නලා තියෙනවනේ (නි)
දැක්කද ජන බලයේ තරම! (නි)
වැඩේට ගැළපෙනම පුද්ගලයා ඉදිරිපත් වෙලා තියෙන්නේ... (නි)
මොනවා වුණත් මේ පිබිදීම අපි අගය කරනවා (නි)
පෙරළුණු පිට හොඳයි කියනවා. (නි)
අගමැතිතුමා කළ දේ මම නම් අනුමත කරන්නෙ නැහැ (නි)
අනේ අපේ රටට යන කල! (නි)
හැබැයි බල සේනා නම් පෙනෙන්න නැහැ (නි)
කවුරු මොනවා කිවුවත් අනාගත ජනාධිපති විය යුත්තේ මෙතුමාමයි.(නදී)
මේ වගේ පෙළපාලි දෙක තුනක් හැසුරුවා නම් ඔබ තුමත් ෙගාඩ අපිත් ගොඩ.(නදී)
ඉතින් මේවා වෙන එක පුදුම වෙන්න කාරණා නෙමේ.(නදී)
දැන් අපි අතර පරන අමනාපකමි නෑ අපි ඔබ තුමාට මනාපයි.(නදී)
සමහරු කියන්නේ ඕවා නවත්වන එකට වඩා පිටරට සම්බන්ධ කරගෙන වැඩ කරන්න ඕනෑ කියලනේ (නි)
අනේ පවු! (නි)
මංජුල ඔබ හරියටම හරි. (ස)
මැදපෙරදිග වගේ රටක නම් මේ වෙන කොට විදුහල්පතිව රිමාන්ඩ් කරලා. (ස)
අපි සිහි කල්පනාවෙන් කටයුතු කළයුතු කාලයකි.ආගමික භේදයක් නම් ඇතිකර ගන්න එපා. (ස)
මැද ෙපරදිග රටකනමි මේ පෙලපාලි ගිය ඔක්කොම රිමාන්ඩි කරලා. (ස)
යුද්ධයක් අැති නොවී රටක් සංවර්ධනය වෙන්නේ කොහොමද? (ස)
මේවා නතරකරන්න ඕන දේවල් නෙමෙයි නතර කරන්න ඕන දෙයක් ගැන හොයලා බලලා නතර කරන්න (දී)
ගම්පොල සිංහල බෞද්දයන්ට ජය වේවා (දී)
නතර කිරිල්ල කෙසේ වෙතත් මේක නියමයි වගේ අගමැතිට (දී)
ගම්පොල ජනතාවට ජය වේවා .(දී)
රටේ හෙට අනිද්දාම නැවත ජාති බේදයක් ඇති වෙයි වගේ (දී)
අපි අගමැතිතුමා සමගයි ජය වේවා (දී)
බලධාරීන් නිදි උනාට මහජනතාවට එහෙම කරන්න බැහැනේ (දී)
බුදුහාමුදුරුෙවා් බුද්ධාගම අාරක්ෂා කරගන්න පෙලපාලි යන්න කියලා තියෙන්නේ (දී)
බලන්න මෙතුමාට ඉන්න බොඩි ගඩ්ල ගොඩ.මට හිතෙන්නේ මෙතුමා තනියම ගියත් කිසි කෙනෙක් මුකුත් කරන්නේ නෑ කියල..අය්යෝ රටේ සල්ලි අපරාදේ. (දී)
අම්බුළුවාවේ බෞද්ධ නටබුන් තිබුන කන්දේ බහු ජාතික, බහු ආගමික සංකල්පය ඔලුවේ තියාගෙන මුස්ලිම් සහ ක්‍රිස්තියානි යාඥා මද්‍යස්ථාන හැදුව. මේ බහු ආගමික සංකල්පය බුද්ධාගම වනසන්න අදිරජ්‍යවාදීන් කරන කුමන්ත්‍රණයක් කියල මේ දේශපාලකයෝ කවද තේරුම් ගනීද. මේ බහු වාර්ගික,බහු ආගමික සංකල්පයට ඩොලර් මිලියන ගණන් ලැබෙනවා ඇති. ඒවා ඉතින් අනෙක් චන්දයට වියදමට තියාගන්න පුළුවන්නේ. කුඩු වලින් එන කොමිස් ආදයමත් දැන් අඩුයිනේ. බ...... විල්පතතුව සුද්ද කරලා ගම්මාන පිහිටුවනවා. හ.... නැගෙනහිර ඒකම කරනවා. උඩරට ගම්පොල,මාවනැල්ල,අකුරණ තව ටික කලකින් මුස්ලිම් කොලනි වෙන එක අනිවාර්යයි. (දී)
නතර කෙරිල්ල කෙසේ වෙතත් මෙයත් මේකට එකතු වෙලා වගේ (දී)
මේ වගේ පෙළපාලි ගිහින් වැඩක් නැහැ කලයුතු නිවැරදි දේ කරන්න (දී)
මගේ රට ගැන මට බයයි. (ස)
බහු අාගමික බහු ජාතික සමාජයක් නිසා තමයි ලංකාවට රටවල් උදවු කරන්නේ නැත්නමි පාත්තරේ උස්සන් යන්න තමයි වෙන්නේ. (ස)
පිනට පහල වු නායක ප්‍රේමදාස මහතා මේ වෙලාවේ හිටියානම් (ස)
වැඩි හරියක් ඉන්නේ ආගම වාදීන් ,ජාතීන් අතර සමගිය පවත්වන්න නම් අර කියපු විදුහල්පති ගැන තීරණයක් ගන්න වෙනවා. මේ වගේ දෙතුන් දෙනෙක්ගේ ප්‍රශ්න නිසා තමයි ජාතිවාදය ඇවිලෙන්නේ. (ස)
ඔරුව පෙරලුනොත් පෙරලුන පිට හොඳයි කියනවා වගේ තමා (ස)
"අගමැතිතුමාට අපගේ ප්‍රණාමය!" (ස)
"අපි අගමැතිතුමා සමගයි ජය වේවා" ඉතින් රටකට යන කලදසාව අහන්න ඕනද? (ස)
නිදහස ගත් දවසේ සිටම, තාවකාලික බලය නිසා ආගම ජාතිය පාවා දෙන දේශපාලකයෝ පිරිසක් අපට හිටියේ, (ස)
අගමැතිතුමාට පුළුවන්ද පෙළපාලියක් නවත්වන්න ? (ස)
අපේ රටේ කොහෙද කිසිම සමගියක් තියෙන්නේ ? රට ඇතුළේ ඉන්න සමහර උදවිය පිටරට ඉන්න ලාංකිකයන්ට බනිනවා. හැබැයි රට ඇතුළේ ඉන්න ලාංකිකයන් එක්කවත් සමගියෙන් ඉන්න දන්නේ නැහැ. (නි)
ලංකාවේ සිදුවන්නේ ලෝකයේ කොහෙවත් සිදුනොවන අමුතුම තාලයේ දේවල්. (නි)
ආගමික සහජීවනය පටන් ගන්න ඕනෑ පාසලෙන් නේද? ඇයි මේ පාසලට ගිහින් එතන වෙලා තිබෙන වැරැද්ද නිවැරදි කරන්න බැරි. සිංහලයන්ට වෙන අසාධාරනයක් ගැන කතා කළොත් තමයි සර්වාගමික ප්‍රශ්නය ඉස්සරහට එන්නේ. (නි)
එතකොට ඒ විදුහල්පතිගේ ක්‍රියාව අගමැතිතුමා අනුමත කරනවාද? ආගමික සහජීවනය කියන්නේ ඕක නම් නෙමෙයි. මෙතනින් වෙන්නේ තව තවත් වෛරය වැඩිවෙන එක නේද? (නි)
මම කතෝලිකයෙක්. ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ලංකාව සිංහල බෞද්ධ රටක්.කිසිකෙනෙකුට අවැඩක් වෙලා නැහැ. මෙහි බෞද්ධ උරුමය රැකිය යුතුයි (නි)
බොරු කියන්න එපා විල්සන්. අපි ඕනෑතරම් දකිනවා, එක් අාගමක්, එක් ජාතියක් ඇති රටවලටත් ලෝකයේ අනික් රටවල් උදව් කරනවා. (නි)
සමහර හාමුදුරුවරු හමුදා පුහුණුව ලබනවා කියලා කතාවක් තිබෙනවා. ටී56න් ඉලක්කයට වෙඩි තියන්න පුරුදු වෙනවා ඡායාරූප මඟින් ප්‍රචාරය කර තිබුණා (නි)
මෙන්න තමන්ගේ ජාතිය ගැන නියම හැඟීමක් ඇති මිනිස්සු (නි)
මේ බෙන්ස් රථය නම් චෝගම් එකට ගෙනාපු 54න් එකක් වගේ (ස)
දැන් සමගිය කථා කරනවා. (ස)
ෆැස්රූල් ගෆූර් මහත්තයෝ ටිකක් නවතින්න. ඔබේ අදහස නැවත කියවන්න. පසුගිය දොහොක ලක්බිම පුවත්පතේ හොද ලිපියක් තිබුනා. මාජිඩලා,කලීල්ල ,සුමනසිරිලා සහ ගුනවතීල වෙසක් සැමරු හැටි කියලා. එය කියවන්න. අපිට මේ වගේ යුගයක් තිබුනා. මම කාලයක් කොටියා කුඹුරේ හිටියා, මුස්ලිම් හුග දෙනෙක් දන්නා අම්පේ පල්ලියේ වාර්ෂික දානමය පින්කමට සිංහල බෞද්ද බොහෝ අයත් හරි හරියට මුස්ලිම් සහෝදරයොත් සමග සහබාගී උනා. පන්සලට දානය අරින මුස්ලිම් වරු හිටියා. මේකයි සහජීවනය. අද කෝ ?.කනගාටුවෙන් උනත් කියන්න ඕන මේ තැනට රට ගෙනාවේ අද ගම්පොල අර විදුහලේ ඉන්න විදුහල්පතිවරු වගේ අන්ත වාදීන්. ඔහුන්ව ඒ තැනට ගෙනාවේ දේශපාලුවෝ. ඒ නිසා මේ ප්‍රශ්නය දේශපාලුවන්ගේ අතට දෙන්න එපා. ඔයාල වගේ මධ්‍යස්ත්ව සිතන බුද්දිමත් උදවිය එක්වී ඔය ආගම්වාදී දේශපාලුවන්ගෙන් මුස්ලිම් වරුන්ව බේරගන්න. එයයි විය යුත්තේ. (නදී)
ඉපදුන රට, විදේශ ගමන් බලපත්‍රය නිකුත් කළ රට අමතක කරලා හෙළා දැකලා ඒක විනාශ කරන්න හදන එක මම නම් අනුමත කරන්නෙ නැහැ (නි)
අගමැති තුමෝ ආයෙත් මොකද කරගන්න හදන්නේ? (නදී)
තරුණ පිරිස මේ රටෙන් යවන්න දෙමාපියන් උත්සහ ගන්නවා වැඩියි දැන්.(නදී)
අල්කයිඩා වගේ ත්‍රස්තවාදීන් ලංකාවටත් එයි.(නදී)
වහාම විදුහල් පතිට එරෙහිව නඩු පවරන්න. නීතියවත් හරියට පිළිතුරු දේවි. (ස)
සුමිත්, ලංකාවට ඇවිත් පාස් පෝට් එක පුච්චන්න. නැත්නම් එන්න බැරි වෙයි.(නදී)
සාමය රජවේවා. ප්‍රීති වෙසක් ඔබ සැමට. (නදී)
පළමුවැනි ඡායාරූපය දැක්කම පෙනෙන්නේ හරියට දෙමළ චිතුපටියක් වගේ.හැබැයි රටක උසස් නිලධාරියෙක් ප්‍රසිද්ධ තැනක හැසිරීමේදී ආදර්ශවත් වෙන්නත් ඕනෑ.අපුරුවට ඉන්න අපේ අගමැතිතුමා දැක්කමත් අපුරුයි.අපිට අපේ පිහිටයි. (නි)
කාර් එක දැක්කාම පුරවැසියන්ගේ දේශානුරාගය තවත් වැඩි වෙනවා. අනේ වාසනාවන්. ! (නදී)
අපේ සමහර ජනයාට වේල් දෙකක් වත් කන්න නෑ. බලන්නකෝ මේ මිනිස්සුන්ට අපි දීලා කාර්. කෝටි ගණන් වටිනා ඒවා. අපි වගේ මෝඩයෝ. (ස)
"අපේ සමහර ජනයාට වේල් දෙකක්වත් කන්න නැහැ. බලන්නකෝ මේ මිනිස්සුන්ට අපි දීලා කාර්. " කාර් කන්න පුලුවන්ද? (නි)
"මේ බහු ආගමික සංකල්පය බුද්ධාගම වනසන්න අධිරාජ්‍යවාදීන් කරන කුමන්ත්‍රණයක් කියලා මේ දේශපාලකයෝ කවදා තේරුම් ගනීද. " ඒවා තේරුම් ගත්තොත් එයාලට මොකද වෙන්නේ? (නි)
ලංකාවේ බැංකුවකට යන්න බෑ මර බිය, මංකොල්ලකාරයෝ. රත්තරන් මාලයක් දාගෙන ගෑනු කෙනෙකුට තනිපංගලමේ පාරෙ බැහැලා යන්න බෑ මර බිය. කාන්තාවකට නිවසක ඉන්න නෑ. වෙළඳ ව්‍යාපාරයක් කර ගෙන දියුණුවක් ලබන්න බෑ. කඩ ගිනිබත් කරනවා. රත්තරං බඩු සාප්පු කාරයන්ට මර බිය. මහ දවල් මංකොල්ල කනවා. පෙට්‍රල් ෂෙඩි කාරයන්ට මර බිය. හොර නෝටිටු හැම තැනම. මංත්‍රීවරු මහ දවල් මහ මග මරා දමනවා. පොලිසියේ රාලහාමීලාට රාත්‍රී මහ මග රාජකාරි කරන්න බෑ, නිර්වස්ත්‍ර කරලා මරා දමනවා. මේවට විසඳුම් හොයන්න. (ස)
අැන්සිනා ඔයත් කෝපි කඩේ එන්සිනා වගේමයි පැත්ත ගියත් ඇත්ත කියා තියෙනවා.(නදී)
ඒක තමයි එන්සිනෝ මෙයාලා කොහේද යන්නේ මල්ලේ පොල්.(නදී)
කටට දාන්න ඔින මුතු කැට ටිකක්. සහතික අැත්ත. (ස)
කොහොම හරි හරි උඩ පැනලා ආයෙත් පාරක් ජාති ආගම් බේද අවුළුවා ගත්තේ නැතිනම් අපේ සමහරුන්ට රෑට නින්ද යන්නේ නැහැ වගේ. (නදී)
"මේවට විසඳුම් හොයන්න." කොහොමද සොයන්නේ ඕගොල්ලෝ විසදුම් නැති අය හැමදාම පත් කරන විට. (ස)
ටෙනිසන් - ඔබ කියන එක හරි. බෞද්ධ ධර්මයට හෝ වෙනත් ඕනෙම ආගමකට අපහාසාත්මක ලෙස යමෙක් ප්‍රසිද්ධියේ විවේචන කරනවා නම් ඔවුන්ව අත්අඩංගුවට ගත යුතුය. අපට අවශ්‍ය වන්නේ ජාති භේද නොව සියලු ජාතීන් එකට සාමයෙන් ජීවත් වීම දැකීමයි. (නදී)
මේවගේ කමන්ට් දැක්කම අපේ රටේ පාර්ලිමේන්තුවට මොලේ නැති අයට යන්න ඡන්දෙ දුන්නේ කවුද කියල හිතෙනවා. වෙන රටක මිනිස්සු ඡන්දෙ දීල මේ ගොල්ලෝ පත් වෙලා වගේ.(නදී)
මෙම සිදුවීම මාධ්‍ය විකෘති කරලා. ඊට කලින් දවසේ පාසලේ පිරිත් කිව්වා. මෙයට විදුහල්පතිගේ පූර්ණ අවසර ලැබුණා.මේ ගැන පාසලේ සිංහල ගුරුවරුන්ගෙන් අසා දැන ගන්න පුළුවන්. මෙය ජාතිවාදී කෝලාහල ඇති කිරීමට කරන ලද වෑයමක්. (ස)
අගමැතිතුමා ඇයි මෙයාලව ආරක්ෂා කරන්න හදන්නේ (ස)