IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


පළමුවෙන්ම පොරොන්දු වූ පරිදි වංචා - දූෂණ ‘ක්ලීන්’ කරන්න

(යොහාන් භාසුර)

ආණ්ඩුව රට ‘ක්ලීන්’ කරනවා නම් පළමුවෙන්ම ප්‍රධාන පොරොන්දුවක් වූ වංචා, දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ ගැටලුව ‘ක්ලීන්’ කළ යුතු බවත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර වැඩියෙන් ගෙවීමට සිදුව ඇති රුපියල් කෝටි 300 ක් වැඩිපුර ගෙවීම පිළිබඳ ප්‍රශ්නය ‘ක්ලීන්’ කළ යුතු බවත් හිටපු අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (6) පැවසීය.

ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ නුගේගොඩ පිහිටි නිවසේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එසේ කීය.

විවිධ දේවල් මඩේ ඔබමින් සංදර්ශන පවත්වනවා වෙනුවට එක් එක් කරුණු නිෂ්චිත වශයෙන් රටට ඉදිරිපත් කර නිමකළ යුතු බවත් ඒ සඳහා අවශ්‍ය සම්පූර්ණ බලය ජනතාව ආණ්ඩුවට දී ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

ජනතාව වර්තමාන ආණ්ඩුවට තුණෙන් දෙකක බගයක් සහිත පාර්ලිමේන්තුවක් දී තිබීම නිසා ඕනෑම නීතියක් වෙනස්කිරීමේ හැකියාව තිබෙන බව කී බන්දුල ගුණවර්ධන මහතා  චීනයත් ශ්‍රී ලංකාව අතරින් ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් ක්ලීන් කර පෙන්වන ලෙස අභියෝග කරන බව ද වැඩි දුරටත් සඳහන් කළේය.



අදහස් (13)

පළමුවෙන්ම පොරොන්දු වූ පරිදි වංචා - දූෂණ ‘ක්ලීන්’ කරන්න

බකල ජයා Monday, 06 January 2025 08:32 PM

ඔච්චර ආසද කූරු ගනින්න?!?

:       6       22

පොඩිඑකා Monday, 06 January 2025 08:34 PM

හරියට අර ඔහේ 2500න් ජීවත් වෙලා පෙන්නුව වගේද?

:       3       15

පිටරටවැසියා Monday, 06 January 2025 10:04 PM

ඔයගොල්ලො පළපුරුද්දට හොරා කෑවට, දශක හතක කුණු එක රැයින් ක්ලීන් කරනවා බොරු...හොඳ නැද්ද ඔය අනීතිකව හම්බකරගත්තදේ සද්භාවයෙන් රජයට නැවත භාර දෙන එක...රජයට අයත්ව තිබු වාණිජමය වටිනාකම අධික ඉඩ-කඩම් කීයක් අද ඔබතුමා ගාවද ?

:       6       18

චතුරි Tuesday, 07 January 2025 02:22 AM

නේ මේ. නාකි මයිනත් එක්ක යි. නාකි රනිල් එක්ක එකතුවෙලා. රට කාලා. මහ ලොකු උගත්තු. ගොබ්බ රැලට වාහන දීලා තියෙන්නෙ. එකෙකුට ඩිපෝ එකට වගෙ. මුන්ට ඒවා හොයල බලන්න බැරිවුනා. ජනාෆ්හිපති අර මුදලත් වට වෙලා බෙදා ගන. දැන් අනුරට රට කරන හැටි උගන්වන්න එනවාද අව් රුදු 75 හරි. මාස හයත් හරි. කොහොමද. ගොබ්බ රැල හෙලුවෙන්. දැන් සිකුරිටි නැතිව ලස්සනට ඉන්නෙ. බලා ගන කට්ටිය තනි වෙන්න එපා. කලිසම ඔලුවෙන් ගලවන්න ඉන්නෙ

:       6       17

ravin Tuesday, 07 January 2025 05:18 AM

අනේ සුදුලූනු පොඩි කරන්නේ නැතිව ඉන්නවද 2500 ඔස්තාර් ?

:       5       17

ජිල්බු Tuesday, 07 January 2025 06:48 AM

දැන්නම් හිරේ ගියත් සැපයි මට... කරන දෙයක් ඉක්මනට කරන්න සහෝදර වරුනි

:       4       15

sam Tuesday, 07 January 2025 07:23 AM

ඇයි සුදුලූනු වංචාව, අනික තමුන්ගේ පවුලම සතොසට දාගෙන කල ගසා කෑම

:       5       14

ජන පැටියා Tuesday, 07 January 2025 07:27 AM

හා කො, ඔයා කියනකං හිටියෙ!

:       5       12

රම්සි Tuesday, 07 January 2025 07:29 AM

ආත බූත නැතුව ගිහිං පදුරු අස්සේ හැංගිච්ච අය දැන් ටික ටික එලියට එනවා.

:       4       14

රසික Tuesday, 07 January 2025 08:12 AM

මං හිතන්නෙ බන්දුලගේ මැතිවරණ ඉතිහාසයට ම කියාපු ඇත්තක් වෙන්නම ඕනි ඔය කතාව.

:       5       5

Perera Tuesday, 07 January 2025 09:09 AM

ඔහෙලා වගේ එවුන්ව ගෙදර යවපු එකම වංචා දූෂණය පිරිසිදු කිරීමක් තමයි. ඉතුරු ටික ආණ්ඩුව කරගෙන යනවා. ආණ්ඩුව පත්වෙලා අවුරුද්දක් වෙනකම් කට වහගෙන ඉන්න.

:       5       14

Pankumburage Tuesday, 07 January 2025 12:46 PM

හරි හරි ඔයත් ක්ලීන් කරලා ගන්නවා. අර සුදුළුනු ගඳ එහෙම තියෙනවනේ.

:       2       5

ගමේ එකාලා Tuesday, 07 January 2025 02:33 PM

මහ ලොකු ආර්තික ඔස්තාර් ..තමුන් ඇමතිකම් දරපු කාලේ කරපු දේවල් ගැන අපිට අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැ.

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 771 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 460 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site