IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


පිළියන්දල දහයේ සිසුන්ට ඉළ ඇදෙන ප්‍රශ්නයක්

පිළියන්ද කලාප අධ්‍යාපන කාර්යාලය මගින් අද (19) පැවැත්වූ ප්‍රශ්න පත්‍රවල ද මුද්‍රණ දෝෂ තිබූ බව සිසුහු පැවසූහ.

11 ශ්‍රේණිය බුද්ධ ධර්මය පළමු ප්‍රශ්න පත්‍රයේ 9, 17, 18, 21, 25, 31, 34 සහ 37 යන  බහුවරණ ප්‍රශ්න වල අක්ෂර මුද්‍රණ දෝෂ තිබූ බවත්, 11 ශ්‍රේණිය බුද්ධ ධර්මය දෙවැනි පත්‍රයේ පළමු සහ හය වැනි ප්‍රශ්න වල මුද්‍රණ දෝෂ වූ බවත් සිසුහු කීහ.

10 ශ්‍රේණිය ඉතිහාසය ප්‍රශ්න පත්‍රයේද මුද්‍රණ දෝෂ තිබූ බව සිසුහු සහ ගුරුවරු සඳහන් කළහ. එම ඉතිහාසය ප්‍රශ්න පත්‍රයේ ‘ ආර්යයන් පැමිණි දුම්රිය මාර්ගය කුමක්ද?‘ යනුවෙන් ප්‍රශ්නයක් අසා තිබිණි.

මේ ප්‍රශ්නය කියැවූ සිසුන් බොහෝ දෙනා සිනාසුණු බවත්, එය උපහාසාත්මක සිනහවත් බවත්, මේ ප්‍රශ්නයෙන් අසන්නට උත්සාහ දරා ඇත්තේ ‘ආර්යයන් පැමිණි දුර්ග මාර්ගය කුමක්ද‘ යන්න බවත් නම හෙළි නොකළ ගුරුවරයෙක් පැවසීය.

 

මේ අතර පිළියන්දල කලාපයේ මෙතෙක් පැවති ප්‍රශ්න පත්‍රවල උත්තර පත්‍ර මෙතෙක් ලබා දී නැතැයි වාර්තා වේ. උත්‍ර පත්‍ර ලබා නොදෙන්නේ ඒවායේත් අඩුපාඩු පවතිනා නිසායැයි සැකයක් මතුවන බව ගුරුවරු කියති.

දෝශ සහිත ප්‍රශ්න පත්‍ර සිසුන්ට ලබා දීම ගැන තමාට වාර්තා වූ පසු ඒ ගැන සොයා බැලූ බවත්, විෂය අධ්‍යක්ෂවරුන් එකතුවී සැකසූ ප්‍රශ්න පත්‍රය මුද්‍රණය සදහා ලබා දී ඒවායේ සෝදුපත් බලා එහි තබූ වැරදි අඩුපාඩු සකස් කළ බව විමර්ශනයේදී හෙළි වූ බවත්, එම නිවැරදිකිරීම් නොසලකා වැරදි සහිත ප්‍රශ්න පත්‍රය මුද්‍රණය කර ඇති බවත්, ප්‍රශ්න පත්‍ර නිවැරදිව තිබුණේදැයි මුද්‍රණයෙන් පසු අවසන් වශයෙන් බලා නැතැයි හෙළි වූ බවත් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

පාසල් 10ක පමණ සංශෝධිත ප්‍රශ්න පත්‍ර නැවත සකස් කර සිසුන් අතර පත් කර තිබූ බව ද, තවත් පාසල් 70ක සංශෝධිත දෑ සිසුනට ලියා ගැනීම දී ඒ සහා ප්‍රමාණවත් කාලයක් ලබා දී ඇති බව ද,  රණතුංග මහතා කීවේය.



අදහස් (0)

පිළියන්දල දහයේ සිසුන්ට ඉළ ඇදෙන ප්‍රශ්නයක්

අසේල ඕමානය Saturday, 20 July 2013 10:14 AM

නිල රනා, ආර්යය කියන වචනය දන්නවද? පාපයන්ගෙන් බොහෝ දුරට ඈත් වුයේ නම් ආර්යය වේ. අනික ඇෆ්ගනිස්තානයේ ආර්යයන් හිටියේ ඔයා එහෙ හිටිය කාලේද? ඔයාලා දන්නේ කේක් හදන්නයි වයින් බොන්නයි තමා. ඒ නිසා ඔය මාර්ගයේ යන දුම්රියක නැගලා රටකජු විකුණන කෙනෙක්ගෙන්වත් අහලා දැනගන්නකෝ. හොදේ. (නි)

:       0       0

ගිමාල් Saturday, 20 July 2013 10:13 AM

ප්‍රශ්න පත්තරය ප්‍රින්ට් කරන්න ඉස්සෙල්ලා ඒක අනුමත කරන කෙනා කොහොම කෙනෙක්ද මන්දා? හැමදාමත් මුද්‍රණ දෝෂ කියලා බේරෙන්න පුළුවන්ද? (නි)

:       0       0

රමිල් ආසිරි Saturday, 20 July 2013 10:58 AM

මේවාට හිනා වෙලා වැඩක් නෑ මේවා හදපු කෙනාම පිටපත් කරන්න පෙර හරි වැරදී බලන්න ඕන (අ)

:       0       0

චින්තක Saturday, 20 July 2013 11:08 AM

අසේල ,මෝඩ කතා කියන්න එපා. නිල් රනා කිව්ව කාරණය හරි. ආර්යයන් ඇෆ්ගනිස්ථානය හරහා තමයි ආවේ. ඔබ කියන්නේ ඒ වදනේ බණ අරුතක්. අරුත් දෙක පටලාගන්න එපා. ප්‍රශ්නේ අහලා තියෙන්නෙත් ඒ ගැන. කුමන 'දුර්ග' මාර්ගයේ ද යන්න 'දුම්රිය' ලෙස වැරදි ලෙස ටයිප් කරලා. උත්තරය : කයිබර් දුර්ගය හරහා (නි)

:       0       0

නීල් රණා Saturday, 20 July 2013 11:11 AM

අසේල, මම කිව්වේ මධ්‍යම යුරෝපයේ සිට ඉරානය හරහා ගිරි දුර්ග මැදින් උතුරු ඉන්දියාවට පැමිණ එතැන් සිට තමිල්නාඩුව මගහැර රාවණා වශිය ඔස්සේ ලංකාවට පැමිණි ඉන්දු-යුරෝපීය භාෂාවක් වහරන ආර්යයන් ගැනයි. ආර්යයන් පාපයෙන් තොර බව ඔබ පිළිගත්තත් ආගම මාරුකළ ආර්යයන් සැබවින්ම එසේවේද යන්න සැකසහිත නොවේද? (නි)

:       0       0

චමින්ද Friday, 19 July 2013 10:35 PM

නුසුදුස්සන් රට පුරා තනතුරු වලට පත්වෙලා රටට ලොකු හානි ඉදිරිකාලේ සිදුවෙනවා. (දී)

:       0       0

තරංග Friday, 19 July 2013 10:38 PM

ලංකාවේ බුද්ධි ගලනයක් සිද්ද වෙනවා (දී)

:       0       0

දුමිත් Saturday, 20 July 2013 11:31 AM

නිල් රනා මහත්මය. අපි නම් ඔය කේක් එකඊ අඉසින් එකඊ දෙකම කනවා. කොහොමත් අපි ඔය නිල මැස්සන්ට ඔය කේක් එක කන්න දෙන්නේ නැත. මොකද නිල මැස්සන් කොහෙවත් තියෙන වැසිකිලි වල ඔලුව ඔබගෙන ඇවිත් ඇති නිසාය. (දී)

:       0       0

ආනන්ද ආර් Friday, 19 July 2013 10:59 PM

අතින් අකුරු අමුණා මුද්‍රණ තහඩුව සකස් කොට මුද්‍රණ කටයුතු කරන කාලයේ මුද්‍රණාලවල ඒ අකුරු කුඩා අසුරන වල බහා රාක්ක වලයි තබා තිබුනේ.අකුරු අමුණා සකස් කල තහඩුවේ වරදක් දුටුවොත් නැවත එය ගලවා නිවැරදි කරනවා. සමහරවිට අර රාක්ක මතට කීපවතාවක් නැගලා අකුරු මාරු කිරීම් කරලා තමයි එක වචනයක හෝ වරදක් නිවැරදි කරන්නේ. කෙසේ හෝ දෝෂ සහිතව මුද්‍රණය කල දෙයක් නම් මුද්‍රණාලයෙන් එලියට යවන්නේ නැහැ. දැන් පරිගනකය මගින් යතුරු ලියනය කරන දෙයක වරදක් දුටුවොත් එය නිවැරදි කරන්න වාඩිවී සිටින පුටුවේ එම ඉරියව්වේම සිට පරිගණක යතුරු පුවරුවේ බොත්තම් දෙකක් තුනක් ඔබන එක පමණයි අවශ්‍ය වෙන්නේ. නමුත් එතරම් පහසුවෙන් කල හැකි දෙයවත් නොකොට මුද්‍රිත ලේඛණ මුදාහරින ප්‍රකාශකයින් ගැන සිතන්න ඇත්තේ ඔවුන්ගේ නුවුවමනාව හෝ ප්‍රකාශ කිරීමට යොදාගන්නා භාෂාව පිලිබඳ දැනුමක් නොමැතිකම බවයි. (දී)

:       0       0

ප්‍රිය Friday, 19 July 2013 11:11 PM

ලංකාවේ උගතුන්ට තැනක් නැති නිසා ඔස්ට්‍රේලියාවට යනවා, තව ටික කලකින් චන්ඩි, නුගතුන් ඉන්න රටක් වේවි ලංකාව, හැබැවටම බුද්දි ගලනයක් වෙනවා, ලංකාවේ ඉගෙන ගෙන පිටරට ගිහින් ජොබ් කරනවා, රටේ හොද කම නිසා, ලංකාව බාල්දු කරකර ගහනුන්ව රට යවනවා විදෙස විනිමය (දී)

:       0       0

නන්දලාල් Friday, 19 July 2013 11:14 PM

මේ සෙල්ලම් කරන්නේ අනාගතය බාර ගන්න ළමයින්ගේ ජිවිත එක්ක (දී)

:       0       0

නන්ද Friday, 19 July 2013 11:14 PM

තරඟ විභාගයකින් සමත් වුනු අයට පමණක් ගුරු පත්වීම් දෙන්න ක්‍රියා කලේ රනිල් මහත්තයා අධ්‍යාපන ඇමති වී සිටියදී.පිපිඥ්ඥ පත්වීම් අභාස ලාභී පත්වීම් පන්දම් පත්වීම් නිසා ගුරුසේවය සඳහා තිබුණු පුජනීයත්වය අඩු වුණා. දුප්පත්කම රැකියාවකට සුදුසුකමක් ලෙස සලකන්නේ අපේ රටේ විතරයි.නුසුදුස්සන් ඉහල තනතුරු වලට පත් කරලා එහෙම නැත්නම් උසස් වීම් දීල දේශපාලනඥයෝ මහා විනාසයක් කරලා තියෙන්නේ.මේවට අහිංසක දරුවෝ පලිද ..පිටරටවල ඇමතිකම් දෙන්නේ එම විෂය පිලිබඳ හසල දෙනුමක් ඇති අයට.අපේ රටේ නම් (දී)

:       0       0

නීල් රනා Sunday, 21 July 2013 11:22 AM

කාලිංග, "මේක බෞද්ධ රටක්" කියන්නේ බෞද්ධ රටක මෙවැනි සිදුවීම් පුදුම නොවියයුතු සාමාන්‍ය දේවල් බවට සාධාරණීයකරණය කරන්න වුවත් ඔබේ අදහස සාධාරණ බවට පිළිගත නොහැක්කේ ලංකාව බෞද්ධ රටක් නොවන නිසයි. මේරට පටු ආගමික හංවඩු ගැසීමකට ලක්නොවියයුතු පුජනීය දේශයක්. ආදම්ගේ වේවා ශිවගේ වේවා බුදුන්ගේ වේවා ජාති, ආගම්, කුල-මල භේදයෙන් තොරව කවුරුත් එකාවන්ව සිරිපා කරුණා කරන්නේ ලොවවසන සියලු ආගමිකයන්ගේ මුලස්ථානය මෙය නිසයි. ඊට දැනට ඇති එකම අඩුපාඩුව නම් රටේ ජනතාව එවැනි උසස් චින්තනයකට අනුගතවී ප්‍රයෝගිකව කටයුතු කිරීමට නොදන්නා කමයි. අද වනවිට ලෝකයේ 3ඩි මුද්‍රණ තාක්ෂණයත් සාමාන්‍ය මෙවලමක් බවට පත්වී අවසන්. යහනේ සැප පහසු ලෙස ඇලවී අයිපැඩයේ තමන් විසින්ම සැලසුම් කරණා පාවහන්, ඒ මොහොතේම 3ඩි මුද්‍රණයකර දෙපයේ පැළඳගෙන යාහැකි වර්තමානයේ, ලංකාවේ අපට පාසල් ප්‍රශ්නපත්‍ර නිසිසේ මුද්‍රණය කරගන්නත් නොහැකිවී තිබෙන්නේ කොතැනක හෝ බරපතල වැරදීමක් සිදුවී ඇති බැවිනි. ආර්යන් යනු ඉන්දු-යුරෝපීය භාෂාවක් කතාකරන ජනතාවයි. හින්දි, බෙන්ගාලි හා සිංහල හැරුනුකොට යුරෝපයපුරා පැතිරී සිටින අහිතුන්ටික භාෂාවත් නුතන ඉන්දු-යුරෝපීය භාෂාවන්. භාෂා නවීකරණයත් සමගම මුල් ආර්යන් සතුවූ නිවැරදි ආගමික දැක්මත් දුරස්වී දේව ඇදහිලි හෝ ජීවිතය නිෂ්පල කරණ අධි අධ්‍යාත්මවාදී නිර්වාණගාමී ආගමික දර්ශන ආර්ය සමාජයේ මුල්බැසගෙන තිබෙනවා. පැණි හැලියේ වැටුණු ඇඹලයන්මෙන් රෝගාබාධ ඇතිකරවන අලංකාර අයිසින් එකටම වහ වැටී විනාශයට පත්නොවී, අභ්‍යන්තරයේ සැඟවී ඇති වටිනාකම් යලි ඉස්මතු කරගැනීමෙන් රටේ උද්ගතවී තිබෙන බොහෝ රෝගාබාධ ඉක්මනින් සුවකරගත හැකිවනු ඇත. (දී)

:       0       0

සෝමා Friday, 19 July 2013 11:39 PM

බළධාරීන් ගෙදර යා යුතුයි (අ)

:       0       0

ජූඩ් වීරසිංහ Saturday, 20 July 2013 12:00 AM

9 පන්තිය දක්වා පමණක් අද්‍යාපනය ලද මිනිස්සු ඉන්න රටක මේවා අමුතු දේවල් නෙවෙයි . මේ අය සෙල්ලම් කරන්නේ රටක අනගට පරපුර සමගයි (දී)

:       0       0

බණ්ඩාර Saturday, 20 July 2013 12:22 PM

අධ්‍යාපන කාර්යාල වල 90% ඉන්නේ දේසපලනයට අපු නිලදාරීන් ගුරුවරු රාජකාරිවලට ඔව්න් ළගට ගිහාම සත්තුන්ට වගේ කතාකරන්නේ ඔව්න් ඉගනගත්තේ කාගෙන්ද කියලාවත් නොදැන ඔලුව ඉදිමුවාගෙන ඉන්නේ ඔව්න්ගෙ රාජකාරිය කරන ආකාරය මේවගේ වැඩවලින් ඔප්පුවෙනවා මේ පලවෙනි අවස්ථාව හෝ අවසාන අවස්ථාවත් නොවෙයි මේවා ඉතාම බරපතල වැරදි අනාගත පරපුර ගොන්නු කරන්න දෙසපාලකයෝ කරන වැඩවල ප්‍රතිපල තව ඉදිරියට බලාගන්න පුළුවනි. (දී)

:       0       0

වසා Friday, 19 July 2013 06:24 PM

මේ තරම් තාක්ෂණය දියුණු කාලයක වචන ටිකක් දෝශ නැතිව මුද්‍රණය කරන්න බැරි අයට දෙන්න ඕනෑ දඬුවම මට නම් හිතාගන්නවත් බැහැ.මග තොටේ යනකොට පාර දෙපස තියන හුඟාක් දැන්වීම්වල දෝශ බලාගන්න පුළුවන් ඒවා වෘත්තීය මට්ටමේ අයගේ වැඩ නොවන නිසා.ඒත් මේ..රටේ අධ්‍යාපනයට වගකියන තැන්? (නි)

:       0       0

අධිකාරිගේ Friday, 19 July 2013 06:50 PM

බලධාරීනි , මොනවාද? මේ විහිළු , කොහොම ද මෙහෙම කරන්නේ ? (අ)

:       0       0

අතලේ සුමන හිමි Friday, 19 July 2013 06:51 PM

නොසැලකිල්ල. වගකීමක් නැති කම. වගකිව යුත්තන්ට දඩුවම් නොලැබීම. ලබන වසරෙත් මේ විදිහම තමයි. අනාගතය අදුරුයි. (අ)

:       0       0

වින්සට් Friday, 19 July 2013 06:53 PM

මේ වැරදි කරන අය‍ට දඩුවම් දෙන්නේ නැති නිසා හැමදාම මේ වැරදි කරනවා.(අ)

:       0       0

රූපවතී Friday, 19 July 2013 06:52 PM

ප්‍රශ්න පත්තරේ මුද්‍රණය කලාට පසුව කියවන්න ඉන්න කෙනා, ඇයි හරියට කියවන්න දන්නෙ නැද්ද ? දැන් දෙමල මුස්ලිම් මිනිස්සුත් හොදට අකුරු කියනවා ,ලියනවා සිංහල අයට වඩා හොදට. දැන් අවරුදු කීයක ඉදලද මේ ප්‍රශ්ණ පත්‍ර දෝසෙ තියෙන්නේ? (නි)

:       0       0

ශිරෝමි පිළියන්දල Saturday, 20 July 2013 01:23 PM

අනේ මෙව්වට හිනා වෙන්නද හඬන්නද කියලා හිතා ගන්න බෑ (දී)

:       0       0

සුසන්ත - ඉතාලිය Friday, 19 July 2013 07:05 PM

මේ පාරත් ඉවරයි නේද? සුබ ආනාගතයක් ! (නි)

:       0       0

තිසා Friday, 19 July 2013 07:04 PM

දැන් අවුරුදු කියක් ඉඳන් ප්‍රශ්න පත්තර වැරදියට දුන්නද? මෙය මෙසේ නම් වෙනත් වැඩ ගැන කුමන කතාද. දැන් ඉතින් හැමදේම වැරදිලා ඉවරයි බොහෝදුරට (නි)

:       0       0

බන්දුල - කටාර් Saturday, 20 July 2013 01:47 PM

රටට උගතුන් බිහිකරන අධ්‍යාපන ක්‍රමයත් දැන් විහිළුවක් බවට පත්වෙලා, අධ්‍යාපන ඇමැතිත් මේවගේ වගකීමෙන් පැනල යනවනම් මේවට වගකිවයුත්තෝ කවුද. මෙයාලට පඩි ගෙවන්නේ රටේ මහජනයාගේ මුදල් වලින්, ඒ නිසා නුසුදුසු පුද්ගලයින් ඉහල පුටුවලින් ඉවත්කරලා සුදුසු අයව පත්කරන්න. මේ සේරටම මුල සුදුස්සන්ට සුදුසු තැන නොදී දේශපාලන හෙන්චයියලට පත්වීම් ලබාදීම. (දී)

:       0       0

පුරන Friday, 19 July 2013 07:18 PM

මෙයින් ගම්‍යවන්නේ බලධාරීන්ගේ නූගත්කමයි දෙශපාලුවන්ගේ නූගත්කම ගැන කවරකතාද (අ)

:       0       0

බමුණු Saturday, 20 July 2013 03:17 AM

"නුසුදුස්සන් රට පුරා තනතුරු වලට පත්වෙලා රටට ලොකු හානි ඉදිරි කාලේ සිදුවෙනවා."එක තමයි කියන්නේ රට අර සතුන්ට ගිහිල්ලා කියලා. (නදී)

:       0       0

සජීව Sunday, 21 July 2013 01:44 PM

මම දන්නවා මේ ප්‍රශ්න පත්‍ර ප්‍රින්ට් කරන තැන කීපයක්ම. ඒ ගැන වැඩි විස්තරත් මම හොදින් දන්නවා (දී)

:       0       0

විදානගේ Friday, 19 July 2013 07:45 PM

නුසුදුස්සන් ලොකු තැන්වලට ගියාම ඔහොම තමා (නි)

:       0       0

කාලිංග Saturday, 20 July 2013 02:14 PM

මේක බෞද්ධ රටක්

:       0       0

චින්තක Friday, 19 July 2013 07:46 PM

විභාගයට ප්‍රශ්න පත්තර නිවැරදිව හදලා ළමයින්ට දෙන්නවත් බැරි නම් මේ අය මොනවද තවත් මේ කරන්නේ? (නි)

:       0       0

රෙමා Friday, 19 July 2013 07:57 PM

මේවා හදාගන්න බැරි අධ්‍යක්ෂකවරුද ඉන්නේ මේ පළාත් වල? අනේ අම්මපා වගකිවයුත්තන්ට ඇයි දඬුවම් දෙන්න බැරි? (නි)

:       0       0

රන්දිවු Monday, 22 July 2013 09:42 PM

නීල් රණවක තෙරුවන් සරණින් බැහැරවුනු බටහිර විධ්යව නම් හුදු කෙප්ප වියුක්ත චින්තනෙන් හිස නරක කරගත් කෙනෙක් බව පැහැදිලියි. (අ)

:       0       0

රංග Saturday, 20 July 2013 07:50 AM

මිනිසුන්ට රටේ අධ්‍යාපනය ගැන තියෙන විශ්වාසය නැති වුනොත් පුද්ගලික අධ්‍යාපන අංශයට හොද ඉල්ලුමක් ඇතිවෙන්න පුළුවන් (නි)

:       0       0

නිල් රනා Friday, 19 July 2013 08:50 PM

ඇෆ්ඝන් කයිබර් දුර්ගය හරහා ඉන්දියාවටත් එතැන්සිට දකුණු ඉන්දියානු තමිල්නාඩු දුර්ගය මගහරිමින් ලංකාවටත් සිදුවූ ආර්යාගමනය නම් කේක් එක පසුකලෙක සිදුවූ මහින්දාගමනයේ අයිසින් වලින් වසා ඇතිනිසා, ඉන්දියාවේ සිට බුදුදහම ලක්දිවට ගෙනාවේ ඍද්ධියෙන් අහසින් ගමන්කොට බැවින් ඊට බොහෝ කලකට පෙර ආර්යයන් ආවේ ඊට වඩා නොදියුණු ප්‍රවාහන මාධ්‍යක්වූ දුම්රියෙන් කිව්වත් පුදුමයක් නෙමෙයි. (දී)

:       0       0

කමල් Saturday, 20 July 2013 08:44 AM

ඒකනේ දණගැස්සුවේ, දෙන්න නාමයෝජනා එතුමටත්. පත්කරමු අධ්‍යාපනයේ ලොකු බලධාරියෙක් ලෙස (නි)

:       0       0

අකිල දුලාජ් Friday, 19 July 2013 08:57 PM

සම්පුරණයෙන් ඇත්ත .මමත් දැක්ක ඕක.පස්සේ අපිට තමයි කියන්න වූනේ.වාණිජ 2 පත්‍රයත් සමග 1 කොටස මුද්‍රණය වෙලා තිබ්බේ. (දී)

:       0       0

අනුර Friday, 19 July 2013 09:04 PM

මේ සෙල්ලම් කරන්නේ රටේ අනාගත දරුවන්ගේ ජිවිත සමග නේද? (දී) අනුරුද්ධ. සෞදි අරාබිය.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2329 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1527 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2314 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 556 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3212 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37179 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24489 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 627 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site