දෙවැනි වාර විභාගය සඳහා පිළියන්දල කලාප අධ්‍යාපන කාර්යාලය මගින් අද (18) එම කලාපයේ පාසල්වල පැවැත්වූ 10 ශ්‍රේණිය බුද්ධ ධර්මය ප්‍රශ්න පත්‍රයේ තිබූ මුද්‍රණ දෝෂ රැසක් නිසා සිසුහු දැඩි අපහසුතාවටපත් වූ බව ලංකා ගුරු සංගමය කියයි.
බුද්ධ ධර්මය පළමු ප්‍රශ්නපත්‍රයේ බහුවර්ණ ප්‍රශ්න 40ක් තිබූ අතර එයින් ප්‍රශ්න 21ක් මුද්‍රණ දෝෂ සහිත විය.
දෙවැනි ප්‍රශ්නයේ ‘කර්ම විභාගය‘ යන්න වෙනුවට ‘කර්ම කවිභාගය‘ ලෙසත්, තුන් වැනි ප්‍රශ්නයේ ‘සිත සංවර කර ගැනීම‘ වෙනුවට ‘සිත කකසංවර කර ගැනීම ලෙසත්, නව වැනි ප්‍රශ්නයේ ‘දේවානම් පියතිස්ස‘ යන්න වෙනුවට දේවානම් කපියතිස්ස‘ ලෙසත් මුද්‍රණය වී ඇත.
ඊට අමතරව බහුවරණ ප්‍රශ්න පත්‍රයේ අංක 12,13, 14, 15, 16, 19, 20, 21, 23, 24, 25, 26, 28, 30, 31,38 සහ 39 ප්‍රශ්නවල මුද්‍රණ දෝෂ රැසක් තිබිණි.
බුද්ධ ධර්මය දෙවැනි කොටසේ පළමු හා දෙවන ප්‍රශ්න වලද ගැටළු තිබූ බව සිසුහු පැවසූහ.
විභාගයට පෙර දින කලාපයේ පාසල්වලට එම වැරදි නිවැරදි කර සංශෝධිත පත්‍රිකාවක් වෙනම යවා ඇති අති අතර ඇතැම් පාසල් වල එහි පිටපත් මුද්‍රණය කර සිසුන් අතට ලබා දී තිබිණි. තවත් පාසල් රැසක් එම සංශෝධන කියවා ඇති අතර ඒවා සටහන් කර ගෙන පිළිතුරු ලියද්දී කාලය ප්‍රමාණවත් වී නැත.
පිළියන්දල කලාපයේ බුද්ධ ධර්මය විෂය සඳහා ස්ථිර විෂය අධ්‍යක්ෂවරයෙක් නැතැයි එහි උසස් නිලධාරියෙක් පැවසීය.
පිළියන්ද කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ජී ඒ රංජිත් මහතා පැවසුවේ සුළු අඩුපාඩු කිහිපයක් තිබූ බවයි. එය නැවැරදි කර සංශෝධිත පත්‍රිකාවක් ද යැවූ බවත්, ඉදිරියේ ඇති විෂයනවල ප්‍රශ්නපත්‍රයන්හි අඩුපාඩු ඇත්දැයි නැවත බලන ලෙස තමා දැනුම් දුන් බවත් ඒ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න වරුණ ඔයගොල්ලා වගේ කට්ටිය ලොකු තැන් වලට ගියහම වෙන දේ. ඉස්සෙල්ලා ඉස්කෝලේ ගිහින් ඉන්න ඕනෑ (නි)
රටේ අධ්‍යාපනය වළපල්ලට ගිහිල්ලා. ප්‍රශ්න පත්තර වරදින එක අහන්නත් දෙයක්ද (නි)
අපි ඕවට සම්බන්ද නෑ ජගත් දැත් ශක්තිමත් කරන්න ගිය කට්ටිය ඕවට වග කියපුදෙන් ?ඕව අද ඊයේ උන දේවල් නෙවේනේ? පාසල් වාර විභාගයක් හරියට තියාගන්න බැරිනම් කවර කතාද අනෙක් ඕලෙවල්, ඒ ලෙවල් නීති ,ශිෂ්‍යත්ව විභාග ලියන ළමුන්ට දෙවි පිහිටයි (අ)
ප්‍රශ්න පත්තරයක් හදාගන්න බැරි නිලධාරින් එක්ක කොහොමද වැඩ කරන්නේ? හොද දඩුවමක් දෙන්න ඕනෑ වැරදි කරපු නිලධාරීන්ට, මට හිතෙනවා මේවා වුවමනාවෙන් කරන වැරදිද කියලා. (නි)
. ප්‍රශ්න පත්‍රය සමග උත්තර පත්‍රයත් ලැබෙනවා. ප්‍රශ්න වැරදිලා හදපු මහත්තරු වැරදි ප්‍රශ්න හදාගන්න වෙනම ප්‍රශ්න පත්‍රයක් දීලා. පාසල් දරුවන් කැඳහැලියක් කරලා ඉවරයි. (අ)
ඇයි අපේ මහත්තයෙක් කිව්වේ කේම්බ්‍රිජ් යුනිවර්සිටි එකෙත් ප්‍රශ්න පත්‍ර වල වැරදි වෙනවා කියලා (නි)
මතක ඇති කාලෙක ඉදලා කිසිම දවසක හෝඩිය පන්තියේ වාර විභාගයක්වත් ඇනගන්නේ නැතුව තියන්න බැරිවුනා. ඇමතිවරු දෙන්නෙක් මොකද කරන්නේ? අන්තිමට මේවාට වගකිව යුත්තේ කව්ද? (නි)
අද අපේ රටේ බත් කන මිනිස්සු ඉන්නේ 35% පමණි ,ඒක නිසා වෙන්න ඇති (නි)
අධ්‍යාපනයට බර සෑම විදුහලක්ම වහනවා. දක්ෂ සිසුන් මෝඩයන් කරනවා. ලංකාවේ අධ්‍යාපනයක් ඉතුරු කරන්නෙම නැහැ (නි)