(අංජුල මහික වීරරත්න)
අනුර දිසානායක ජනාධිපතිවරයා අනුගමනය කරන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්රතිපත්තියද? පුළුවන් ශ්‍රී ලංකා ප්රතිපත්තියදැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ නීතිඥ හමුවකදී ප්‍රශ්න කළේය.
මාලිමා ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එකඟ වී තිබෙන්නේ පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නට බව කී රනිල් වික්‍රමසිංහ මහතා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය දැන් පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්තිය පිළිගෙන තිබේදැයි රටට පැහැදිලි කළ යුතුව තිබෙන බව කීය.
ෙකොළඹ මල් පාරේ පිහිටි නව ප්රජාතන්ත්රවාදී පෙරමුණු කාර්යාලයේ පැවති මෙම නීතිඥ හමුවේදී රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය
වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි හිටපු මන්ත්‍රීවරුන් තවත් හතක් ඊයේ නිවාස භාරදී පිටව ගොස් ඇතැයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළ
කුලියාපිටිය හෙට්ටිපොල පාරේ ගමන් ගත් සැප රියක් කඹුරාපොල බුත්ගමු ඔයට පෙරලීමෙන් ව්‍යාපාරික අයියා මලෝ දෙදෙනකු මියගොස් ඇතැයි කුලියාපිටිය පොලිසිය කියයි.
මාත්රීවරුන්ට මෙතෙක් හිමිවූ යම් යම් වරප්‍රසාද අඩු කෙරුණු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
ගම්පහ ප්‍රදේශයේ නාඩු අලෙවිය සඳහා පවතින මුත් පාලන මිලට ලබා ගැනීමේ හැකියාවක් නොමැති බව පාරිභෝගික ජනතාව පෙන්වා දෙති.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’’පුළුවන් ශ්‍රී ලංකා’’ගෙනයන්න මාලිමාව අයි.එම්.එෆ් එකට එකඟ වෙලා
kulitha Thursday, 07 November 2024 09:12 AM
අහන කිසිම ප්‍රශ්නයකට කෙලින් උත්තර නොදී බයිලාවක් ගහලා කොක් හඬලා සිනාසෙන සීයා... අනේ බොලත් කඩේ ගියාද? ඇති යාන්තන් ගෙදර පිටත් කරා.. ගොඩක් රටවල පිටින් පිස්සු කෙලියාට බහුතර ජනයා සුබවාදීව යථාර්ථවාදීව හිතන එක ගැන සතුටුයි...
Sriyal Thursday, 07 November 2024 09:12 AM
දැන් ඉතින් රනිල් හා පක්ෂය කිසිම වැඩකට නෑ මාලිමාවටම දෙන්න...
Bunny Preena Thursday, 07 November 2024 09:17 AM
ලංකාවේ හුඟ දෙනෙක් අයිඑම්එෆ් ලෝක බැංකුව සහ ණය දෙන අනෙකුත් ආයතන සමඟ රජයෙන් කටයුතු කරන්නේ කොහොමද කියලා හොඳට දන්නවා... ණය ගන්න එක ලංකාවට අලුත් දෙයක් නෙමෙයි නේ හැම රජයක්ම එහෙම කළා...
රටවැසියා Thursday, 07 November 2024 09:17 AM
මෙච්චරම ජෝක එකක් බවට මෙතුමා පත් වේ ගෙන යන්නේ සිහිය විකල් වෙලාවත්ද? බලය අහිමි වීමෙන් මරු විකල වෙලා වගේ. අපරාදෙ, මෙහෙම දොඩවන්න දොඩවන්න තවතවත් කුජීත වෙලා යනවා.
සා ගල Thursday, 07 November 2024 09:35 AM
සීයා කට වහන්නේම නැහැ, පැරදුණා නම් ගෙදරට වෙලා ඉතුරු කජු ටික කකා ඉන්නේ නැතිව කියවනවා..!
Perera Thursday, 07 November 2024 09:37 AM
ඔය දෙකෙන් මොකක් වුණත් තමුන්ට මොකක්ද තියෙන රුදාව... පැරදුණු විදිහට කට පියාගෙන පැත්තකට වෙලා ඉන්න වාත වෙන්නේ නැතිව...
Indhika Thursday, 07 November 2024 09:44 AM
ලංකාවට ඕනේ කරන්නේ රනිල්ට කොහොමත් බැහැ ප්‍රතිපත්තිය විතරයි.
Priyantha Dissanayake Thursday, 07 November 2024 09:56 AM
රනිල් මහත්තයා පිළිබඳව පම්පෝරි කථා කිව්වා නේද ජනාධිපති තුමා, අගමැතිණිය සහ විජිත හේරත් ඇමැතිතුමා. දැන් මොනවාද කියන්න තියෙන්නේ. එයත් අර උගණ්ඩා කථාවගේ ජනතාව රවටා ඡන්දය උදුරාගන්න කීව කථා පමණයි. ඒ අනුව අනෙක් අය වගේම තමා බලය ලබාගන්න බොරු පොරොන්දු දීලා තිබෙන්නේ. system change කෙසේවෙතත් බොරුවල හැඩයේ වෙනසක් පමණයි. එ නිසා ජනතාව මේ මොහොතේ ඉතාමත් ප්‍රවේශමෙන්, බුද්ධිමත්ව ඡන්දය පාවිච්චි කළයුතුමයි. නැතිනම් මහා විනාශයක් වන්නේ...
යෝගා Thursday, 07 November 2024 10:06 AM
පුළුවන් ශ්‍රී ලංකා ගෙනියන්න එකඟ වුණාට කරගන්නේ කොහොමද කියලයි දේශපාලන මණ්ඩලය මේ දවස්වල කල්පනා කරන්නේ...!
මැක්ස් Thursday, 07 November 2024 10:10 AM
ජනතා විමුක්ති පෙරමුණ යනු එහි නායකයාගේ පටන් පහළ ස්ථරයේ සමාජ මාධ්‍ය කොමෙන්ට් බාස්ලා දක්වා කයිවාරු කාරයින්ගෙන් සුසැදි ගොනුවකි. එසේම ලැජ්ජාව ද රහිත කණ්ඩායමකි. ජනපතිවරණයට කලින් කළ කී ප්‍රලාප සහ පෙන්වූ රැඟුම් දැන් නැත්තේ ඒ නිසායි. උගන්ඩා ඩොලර් කතාවේ සිට, කාන්චනගේ ඉන්ධන කප්පම් දක්වාත්, වසන්තගේ බිත්තරයේ සිට විජිත හේරත්ගේ පාස්පෝට් එක දක්වාත් හොඳ හැටි පෙන්වා දෙන්නේ එයයි. එසේම, ඡන්දයට පෙර IMF ගැන කියූ සුරංගනා කතා සහ දැන් අනුගමනය කරන ක්‍රියාමාර්ග රටට සපයන්නේ විහිලුම පමණි. කෙසේ වුවත්, නායකතුමාගේ කෙබරවලට අන්ධ වී සිටින එහෙයි රෑන ඉදිරි ඡන්දයෙන්ද සැලකිය යුතු බලයක් බොරුකාරයින්ට ලබා දෙනු ඇත. මාලිමා සාපයට වඩා "76 සාපය" සුවදායක බව එවිට කාට කාටත් වැටහෙනු ඇත...
සෙනෙවිරත්න Thursday, 07 November 2024 10:23 AM
මොකටද ඔයාට කියන්නේ, ඔයා අයි.එම්.එෆ්.. එකේ අප්පොච්චිද? විශාල කරදරයක් වුණානේ මේක. පරාදවෙලා තුනට ඇවිල්ලත් කරදරේ කරච්චලේ ඉවරයක් නැහැ...!
සෙනෙවිරත්න Thursday, 07 November 2024 10:25 AM
එකක් කියන්නකෝ, පාරක් කියනවා මගේ පාරේ යනවා කියලා, පාරක් කියනවා ඒකෙන් පිට පැනලා ලබන අවුරුද්දේ අප්‍රේල් වෙනකොට රට ඉවරයි කියලා, මේකෙන් කෝකද හරි? "පුළුවන් " එකද වැරැදි...
පිටරටවැසියා Thursday, 07 November 2024 10:31 AM
පරපුරක් නැති කෙනෙක්, පරපුරකට කරන්නේ කොහොමද කියල ඉන්න මහලේකම්තුමා මීඩියා වොයිස්කට් දුන්න ටික කාලෙකට ඉස්සෙල්ලා. ඒකට මොකද කියන්නේ ?
චතුර Thursday, 07 November 2024 10:51 AM
කෝ මේ නිර්ධන ප්‍රතිපත්ති...? අත්සන් කරලා හැමින්ටන් උසාවියට දුන්නේ මොකටද? රනිල්ගේ ප්‍රතිපත්ති කරනවා කියලා... හයියෝ ගම කනවා අප්පා....
බණ්ඩා Thursday, 07 November 2024 11:09 AM
ඔන්න දැන් පුළුවන් නම් උත්තර දීපල්ලා පොර ටෝක් පැත්තක තියලා. අපහාස උපහාස දැන් පාරා වළල්ලක් විදිහට ආපහු ජ.වි.පෙ අය හොයාගෙන එන අපූරුව අම්මපා...
ජයනාත් Thursday, 07 November 2024 11:11 AM
හොරා කන්න පුළුවන් ශ්‍රී ලංකා කියන ඒවා නැහැනේ දැන්. තමුන්නැහැලා ගෝලයින්ට හොරකම් කරන්න පුළුවන් කියලා දැන් අන්න තොග පිටින් අහුවෙනවා...!
සෞදි-සිංහ Thursday, 07 November 2024 11:28 AM
අංකල් IMF ගැන ආණ්ඩුව බලාගනීවි, අර වී අලෙවි මණ්ඩලේ මිලියන 28000 ට කරපු දේ කියනවාද?
Nihal Dharmatileke Thursday, 07 November 2024 11:43 AM
ඕක නේද ඔහේටත් ඕනෑ වුණේ.., දැන් මොකද ඒක ගැන විවේචනය කරන්නේ...
manjula Thursday, 07 November 2024 11:49 AM
හොඳ දෙයක් නම් කාගේ වුණත් ප්‍රශ්නයක් නෑ. මාලිමාව දිගටම ඒක කරගෙන යනවා. පගා ගහන, හොරකම් කරන, අල්ලස්, කොමිස් ගන්න වගේ නරක දේවල් මාලිමාව අයින් කරනවා. ඉතින් ඔයාට සතුටු වෙන්න පුළුවන් නේද?
pakeer Thursday, 07 November 2024 01:49 PM
කරුණා කරලා පැරදුණා නම් පැරදුණ විදිහට ඉන්න. ඔයාව රටේ මිනිස්සු ප්‍රතික්ෂේප කළාම ලැජ්ජ නැද්ද පැත්තකට වෙලා බුරන්න.
C madawalaFriday, 08 November 2024 01:06 PM
අනුර කුමාර ඡන්දෙට කලින් බිරුව විදිහ නෙවෙයි දැන් රනිල් කරපු දේ කරගෙන යනවා. කෙඳිරිය විතරයි දැන් මොඩයෝ රවට්ටන්ට වෙදිකාවල බිරුවාට රටක් කරනකොට එහෙම බෑ...!
අරවින්ද මොනරවිල Thursday, 07 November 2024 03:03 PM
ලොක්කගේ පිස්සුව තදවෙලා වගේ.
පුරවැසියා Thursday, 07 November 2024 03:58 PM
සුද්දන්ට දාව උපන් සමහර කලු සුද්දෝ හිතන් ඉන්නවා ඔවුන් හෙන පැලැන්ති කාරයෝ කියලා. ඔවුන් හිතන් ඉන්නවා රටේ ජනතාව උන් අතින් පාලනය විය යුතුයි කියලා. ඒක උන්ගේ මන්ද මානසිකත්වය. ඒක නිසා මහ ජනතාව අතට ගත් පාලනය ආයෙත් කිසිම දිනක ඒ වගේ පිස්සන් අතට පත් නොවීමට රටේ ජනතාව වග බලා ගත යුතුමයි...
සමන් Thursday, 07 November 2024 04:31 PM
අරවින්ද මොනරවිල සජිත් හොරකම් කලා කිව්වා නේද? දැන් පුළුවන් නේද නඩු දාන්න...
අරවින්ද මොනරවිල Thursday, 07 November 2024 11:10 PM
දැන් මෝස්තරය ඕක තමයි හොරුන් අහනවා අපිට නඩු දාන්නේ නැද්ද? කියලා, සමහර විට එලියේ ඉන්න බය ඇති ජනතාව ගහයි කියලා...
Shantha Thursday, 07 November 2024 04:35 PM
පුළුවන් ශ්‍රී ලංකා නෙවෙයි ඔයාලා දීලා ගියේ නිරුවතින්... ඔය මල් පාරට වෙලා මලක් කඩාගෙන ඉන්න වෙයි. පැරදිලත් අඳෝනා දෙන්නේ නැතිව...
Perera Friday, 08 November 2024 12:14 AM
හාමුලාට ගමේ කොල්ලා ජනාධිපතිවෙලා රටේ ආණ්ඩු බලයට ගන්න එක දිරවාගන්න බැරිව දඟලනවා.