
දිනෙන් දින ප්රචණ්ඩකාරී ස්වරූපයක් ගන්නා ආණ්ඩු විරෝධී විරෝධතා පාලනය කිරීමේ අරමුණින් සහ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් ප්රංශයේ පැරිස් අගනුවරටත්, ලිල් සහ නීස් යන නගරවලටත් ඇඳිරි නීතිය පැනැවූ බව ප්රංශ බලධාරීහු පැවැසූහ.
ප්රංශයේ ආණ්ඩු විරෝධී විරෝධතා සහ සති අන්තයේ සිදුවුණු දේපළ කොල්ලකෑම් සහ ප්රචණ්ඩකාරී ක්රියා හේතුවෙන් ප්රංශ රජයට දිගින් දිගටම එල්ල වුණු පීඩනය හමුවේ, ප්රංශ රජය මෙසේ ඇඳිරි නීතිය පැනැවීමට තීරණය කළ බව ද වාර්තා වේ.
විරෝධතා පාලනය කිරීමේ අරමුණින් සහ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් ප්රංශය පුරා ඇඳිරි නීතිය පැනවීමට බලධාරීන් යෝජනා කළ ද ප්රංශ අග්රාමාත්ය සෙබැස්ටියන් ලෙසෝර්නු ඊට විරෝධය පළ කළ බව පැවැසෙයි. එබැවින්, ඇඳිරි නීතිය ක්රියාත්මක වන්නේ පැරිසිය, ලිල් සහ නීස් යන නගරවල පමණි.
පැරිසියේ රාත්රී 11 සිට උදෑසන 6 දක්වා ඇඳිරි නීතිය ක්රියාත්මක වෙයි. ලිල් සහ නීස් නගරවලඇඳිරි නීතිය ක්රියාත්මක වන්නේ රාත්රී 8 සිට උදෑසන 6 දක්වාය.
ප්රංශයේ විරෝධතාවලට හේතු කීපයක් මුල්වී ඇත. ප්රධාන හේතුව වී ඇත්තේ ජීවන වියදම ඉහළ යෑමය. ප්රංශ අග්රාමාත්යවරයා චෝදනා නගන්නේ, විරෝධතාකරුවන් උසි ගන්වමින්, රට අස්ථාවර කිරීමට උත්සාහ ගන්නේ වාමාංශික දේශපාලන කණ්ඩායම බවය.
ඉකුත් සති අන්තයේ කඩ සාප්පු 3,000 කට වැඩි ගණනක් කොල්ලකෑමට ලක්වුණු බව ද පැවැසෙයි. කලහකාරීව හැසිරෙමින්, ප්රචණ්ඩ ක්රියා කරමින්, දේපොළ හානි සිදු කළ තරුණ විරෝධතාකරුවන් 2,500 කට වැඩි පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්වුණු බව ද වාර්තා වේ. පොලිසිය සමග ගැටුණු විරෝධතාකරුවන් 1,000 කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල්ගත කළ බව ද පැවැසෙයි.
මේ අතර, විරෝධතා සැලකිල්ලට ගනිමින්, ප්රංශ අභ්යන්තර කටයුතු අමාත්යවරයා ඉල්ලා අස්වීමට සූදානම් වූ නමුත්, ප්රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඊට අවස්ථාව ලබා නොදුන් බව ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd