
ලතින් අප්රිකාවට අයත් එක්වදෝරයේ වෙරළාසන්නයේ පිහිටි ගුවායාකිල් නගරයේ දේවස්ථානයක සජීවීව දිව්ය පූජාව මෙහෙයවමින් සිටි රෝමානු කතෝලික පූජකවරයකු මතට පිටුපස සවි කර තිබුණු කුරුසිය කඩා වැටුණි. පැට්රිසියෝ සංචේස් නමැති පූජකවරයා තුවාල ලබා ජීවිතක්ෂයට පත්විය.
ඉකුත් සෙනසුරාදා රාත්රියේ පැවැති පූජාවේ සජීවී වීඩියෝ දසුන් මේ වනවිට සමාජ මාධ්ය ඔස්සේ ද ප්රසිද්ධියට පත් වී ඇත. පූජකවරයා මතට වැටෙන්නේ, ඔහුට පිටුපසින් පූජාසනයට ඉහළින් බිත්තියට බර කර තබන ලද කුරුසියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd