IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


බුං මැඩියේ නාද රටා : ගොවියන් එකමුතු කෙරුවා

ගොවිතැන් භාණ්ඩ ආරක්ෂා කරමින් ගොයම් කපන්නට වර්තමානයේ පණිවිඩ හුවමාරු ක්‍රම ඇති වුවත් අතිතයේදි බුම් මැඩිය යොදා එය නාද කිරිමෙන් ගොයම් කැපුමට ගොවි මහතුන් එක්කර ගන්නා සැටි යටිනුවර දන්තුරේ පදිංචි එච්.එම් ප්‍රේමවර්ධන (මාරහෙල වෙද මහතා)පවසයි.

මෙරටට ආවේනික දේශිය පැරණි වි වර්ග පනහක් හැටක් පමනද මෙරටට ආවේනික දේශිය අල වර්ග කෑමට සුදුසු අල වර්ග 64ක් ද කෑමට නුසුදුසු ඖෂධීය අල වගර්ග රැසක් ද දැනට ඔහුගේ බීජ බැංකුවේ ඇත. මා වී, කළු හීනටි, සුදු හීනටි, වැනි දුර්ලබ ගනයේ පැරණි වී වර්ග  50කට අධික ප්‍රමාණයක් සංරක්ෂණය කර ඇත. එම වගාවන් සදහා එළු බෙටි, ගොම, ජපන් ජබර සහ පිදුරු උපයෝගී කරගනිමින්  ඔහු විසින් ම සාදා ගන්නා කාබනික පොහොර යොදා ගන්නා බව ඔහු පවසයි. දේශිය පැරණි වි වර්ග 1483 ක නාම ලේඛනයක්ද වසර දෙසියකට වඩා පැරණි ගොවි උපකරණද මාර හෙල වෙද මහත්තයා සතුව ඇති බව ඔහු පවසයි. ‘ඒ සංරක්ෂණය කරපු බුං මැඩිය ගහල තමා රතුපලස දිගේ වත්මන් ජනාධිපතිතුමා කෘෂිකර්ම ඇමති වෙලා ඉද්දි හිටපු ජනපති තුමාව අපි වවමු රට නගමු වැඩ සටහනේ මුල්ම උත්සවයෙදි මේ බුං මැඩිය ගහල තමා එක්කගෙන ආවෙ ‘ යැයිද පැවසිය.

 



අදහස් (0)

බුං මැඩියේ නාද රටා : ගොවියන් එකමුතු කෙරුවා

විදූෂ Sunday, 05 April 2015 10:02 PM

හරිම සුන්දර අතීත අත්දැකීම්.... (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Sunday, 05 April 2015 10:02 PM

1972 දී මාවනැල්ලේ කහවන්දල බුං මැඩි වාදනය කරමින් ගොයම් කැපීමක් මම දුටුවෙමි (නි)

:       0       0

ලයනල් රාජපක්ෂ - ඔස්ට්‍රේලියාව Sunday, 05 April 2015 10:52 PM

චමිල්, බොහොම ස්තුතියි මේ ප්‍රවෘත්තියට. වී වර්ග 50 සංරක්ෂණය කරන හැටිත් අපිට දැනගන්න පුලුවන්ද? (නි)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 05 April 2015 11:53 PM

ලංකාදීපයට ඇත්තටම ස්තුතියි. මේ ඉන්නේ අපේ නියම ගොවි රජවරු. කණගාටුවට කරුණ අපේ පැරණි ක්‍රම අපෙන් ඈත්වීම සහ අප තුළ තිබුන එම මනුස්සකම් අපෙන් තුරන්වීමයි (නි)

:       0       0

විදුර Monday, 06 April 2015 02:57 AM

මෙවන් දෙයක් දැකගන්නට සැළැස්වූවාට ලංකාදීපයට ස්තූතියි! (නි)

:       0       0

විපුල Monday, 06 April 2015 02:57 AM

වසරකට වරක්වත් ලංකාවේ පැරණි ආකාරයට රාජ්‍ය අනුග්‍රහය ඇතුව කරනවා නම් හොදයි. (නි)

:       0       0

දුමින්ද Monday, 06 April 2015 04:03 AM

අපේ කෘෂි විද්‍යාව ඇති තැන-මෙතන (නදී)

:       0       0

කුමාර Monday, 06 April 2015 04:46 AM

මෙවෙනි අපි නොදන්නා දේවල් ලෝකයටම දැනගන්න සැලසුවට ලංකාදීපයට ඔබට බොහොම පින් (නදී)

:       0       0

ධම්ම Monday, 06 April 2015 05:11 AM

පැපොලේ වෙලේ, වැව්කන්දේ, වටදෙනියේ බුම්මැන්ඩිය වාදනය කරමින් අප ගොයම් කැපූ ඒ සුන්දර අතීතය සිහිපත් වෙනවා. තලගොයි හමක් බැඳී, පිටුපස කුඩා සිදුරක් සහිත මැටි කළයක් වන් මෙයට අප කිව්වේ බුං මැඩිය නොව බුම්මැන්ඩිය කියාය. මෙම වාදන භාණ්ඩය ගොයම් කැපීමේදී හැර වෙන කිසියම් තැනක වාදනය කරනවා මා දැක නැත. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රයිස්,කොත්තු මිල 40කින් අඩුවෙයි
2024 සැප්තැම්බර් මස 29 7 0

බිත්තර මිල පහල යාම හේතුවෙන් ආහාර වර්ග රැසක මිළ පහළ දැමු බව සමස්ථ ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ හිමියන්ගේ සංගමය පවසයි.


යාපනය බන්ධනාගාර රැඳවියෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 19 0

හදිසි අසනීප තත්ත්වයක් මත ප්‍රතිකාර සදහා යාපනය රෝහලට ඇතුළත් කළ යාපනය බන්ධනාගාරයේ රදවා සිටි රැදවියකු මියගොස් ඇති බව යාපනය පොලිසිය පවසයි.


බ්‍රිතාන්‍ය රණකාමියාගේ අළු ත්‍රි’මලේ මුහුදේ පා කරයි
2024 සැප්තැම්බර් මස 29 294 0

1956/1958 වකවානුවේදී එවකට ලොව දෙවන විශාලතම නාවික හමුදා කඳවුර ලෙස සැලකුණු ත්‍රීකුණාමලයේ ස්ථාපිත HMS Highflyer නමැති නාවික හමුදා කඳවුරේ වරාය සංඥා නිලධාරී ලෙස කටයුතු


උඩරට මැණිකේට අසූචී ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 596 0

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දෙවන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නි


මාලඹෙි වෙල්යායක හිස නැති සිරුරක්
2024 සැප්තැම්බර් මස 29 436 0

මාලබේ තුන්අදහේන නිර්පලාහේන ප්‍රදේශයේ වෙල්යායක තිබී හිස නැති මිනිස් ශරීරයක් අද (29) දින උදෑසන හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


මිනුවන්ගොඩ සැලොන් හිමිකාරිය අත්අඩංගුවට ගන්න යළි නියෝග
2024 සැප්තැම්බර් මස 29 332 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසුව කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටින මිනුවන්ගොඩ රූපලාවණ්‍යාග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38015 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25035 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 782 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 282 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site