රාවතාවත්ත ,කොහුවල හා මාලබේ බැංකු තුනක් කඩා රුපියල් ලක්ෂ තිස්පහක් කොල්ල කෑ බව කියන දෙදෙනකු තවත් කොල්ල කෑම් 20 කට පමණ සම්බන්ධ යැයි කොහුවල පොලීසිය කියයි.
මොවුන් හෙරොයින් මත් කුඩු ගැසීමට ඇබිබැහි වු දෙනකු බවත් ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කරන බවත් පොලීසිය කියයි.
කොල්ල කෑ මුදලින් රුපියල් ලක්ෂයක් හා රුපියල් තුන් ලක්ෂ පනස් දහසක් වැය කරමින් මිලදී ගත් නවීන යතුරුපැදියක් ද සොයා ගැනීමට හැකි වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
කොළඹ සුපිරිවෙළඳ සල් , ඉන්ධන පිරවුම් හල් කොල්ල කෑම් රැසකටද මොවුන් සම්බන්ධ බව තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාටද ආඩම්බර? (නි)
කට්ටියක් නම් කිරුළපනේදී තව පොඩ්ඩෙන් මැරුම්කනවා (නි)
මේ පිටුපස වෙනත් සංවිධානයකුත් ඉන්නවා කියලා අාරංචියි. අැත්තද? (නි)
මොවුන් නම් රටට මහම විපතක්. ආයුධ හංගපු තැන් පෙන්නන්න කැලෑවකට අරං යන්න වේනවා. (නදී)
මෙවට හේතු සොයා පිළියම් කළ යුතුයි (නි)
මේවට හේතුව හොයන්ට දෙයක් නැහැ. පිළියම පමණයි අවශ්‍ය. එනම්, මොවුන් සතු ආයුධ සොයා බලන්නට කැඳවා යාමය. (ස)