මුහුදු මගින් නීතී විරෝධි ලෙස ඕස්ට්‍රේලියාවට ශ්‍රී ලාංකිකයන් යැවීමට ත්‍රිකුණාමලයේ කින්නියාවේ ධනවත් මාළු වෙළෙන්දකු හා නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරයකු ඇතුළු විසිහත් දෙනා කොතරම් මුදලක් වංචා කැර ඇත්තැයි සෙවීමට බැංකු ගිණුම් 243 ක් පිරික්සීමට උසාවි අවසර පැතිමට නියමිත බව මාතර කොට්ඨාස අපරාධ අංශය කියයි.
මෙම මිනිස් ජාවාරමේ ප්‍රධානියා බව කියන ලොරෙන්සුහේවා සරත් හෙවත් කින්නියා සරත් නම් මාළු ව්‍යාපාරිකයා 2010 සිට බෝට්ටු මගින් ඕස්ට්‍රේලියාවට මිනිසුන් යවා ඇතැයි කියති.
ඕස්ට්‍රේලියාවට යන අයගෙන් අඩු ගණනේ රුපියල් ලක්ෂ හයේ සිට දොළහ දක්වා මුදල් අය කරන්නට ඇතැයි පොලීසිය අනුමාන කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සරත් මාවත් යවන්නකෝ
දුෂණය වලක් වන්න කල වැඩක්ද කෝ බන්දුල (දී)
අපි දන්නා දේ නම් ලොකු ලොකු අය සම්බන්ධයි. රටට විදේශ විනිමය ගෙන ප්‍රධාන අදායම් මර්ගයනේ.(නදී)
දුප්පත් කමට රට යනවා සල්ලි අරගෙන හරි ඕස්ට්‍රේලියා යවනවා නම් හොදයි.(නදී)
රැකි රක්ෂා ප්‍රශ්නය විසදන්න ගිය සරත්ට වෙච්ච දේ? (නි)
නාවික හමුදා කොමදොරුගේ විතරක් නොවෙඉ , ලොකු පොලිස් නිලධාරීන්ගේ , රෙගු , ආධායම් බදු නිලදාරීන්ගේ භාර්යාවන්ගේ , දරුවන්ගේ සහෝදර සහෝදරියන්ගේ ගිණුම් පරික්ෂ කර , වත්කම් උපයා ගත් ආකාරය හෙළිකරන්න බැරි මුදල් වලට දාලා ගැහුවනම් , ලැබෙන මුදලින් ලංකාව විදේශ වලට තිබෙන නය 40% විතර පියව ගන්න තිබුන , (දී)