හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ ජාතික සංවර්ධන බැංකු ගිණුම් දෙකක් පිරික්සීමට ඇයට හා ඇයගේ පරිගණක විශේෂඥයන් පිරිසකට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අවසර දුන්නේය.
වත්කම් හෙළි නොකළැයි ඇයට විරුද්ධව අල්ලස් කොමිසමෙන් පවරා ඇති නඩුව විභාගයට ගත් අවස්ථාවේ මහේස්ත්‍රාත් නියෝග කළේ ඔවුනට ඇතැම් ලියැවිලි වල පිටපත් ගැනීමේ අවසර නැති බවයි.
ඇගේ නීතීඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා ද ඊට එකඟ විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ගම්වල ජනතාවට මේවා ගැන සැළකිල්ලකුත් අවබෝධයකුත් නැහැ. කෙසේ හෝ මෙවැනි නඩු මුල් කාලයේදී නගරය තුළ ආන්දෝලනාත්මක බවකින් යුතු වුණත් දැන් එය ගමට වගේම නගරයටත් අවධානය යොමුකළ යුතු තත්ත්වයට පත්ව ඇත. රට තුළ බෙදීම් කැළඹිලි ඇති නොවී මේවා විසඳිම සාමය පතන කාගේත් පැතුමය. (නි)
විනිසුරු පදවිය වගේම අගවිනිසුරු පදවියත් ජනතාවට සංවේදී තනතුරු නෙමෙයි.මේ චරිත දිහා මොන සිදුවීමකදිවත් සානුකම්පිතව බලන්න සාමාන්‍ය මිනිස්සුන්ට පුරුදුත් නැහැ ඔවුන්ට අවශ්‍යත් නැහැ. (නි)
ගම්වල මිනිස්සුත් මේවා ගැන නොදන්නවාම නෙමෙයි, දන්නවා. මිනිස්සු මේවා ගැන කතා කළා කියලා මොනවා කරන්නද? (නි)
හුඟක් .ගම්වල සමහර මිනිස්සු මේවා පත්තරවලින් කියෙවුවාට මෙලෝ දෙයක් දන්නේ නැහැ. ඒ මිනිස්සු මේවා ගැන හිතන්නෙත් නැහැ. මම මේ කිවුවේ අත්දැකීමෙන්. (ස)
මොන මද ගැහුවත් හෙට අනිද්දට මහජන මතයට කන් දෙන්න සිද්ද වෙනවමයි ...සත්‍ය..නම්.. සත්‍යමයි. (ස)
මේ මහ පොළොවේ පයගහලා ජීවත් නොවුණු සමහර චරිත මහ පොළොවට බැස්සහම තමයි කට්ටියට මේ රටේ සාමාන්‍ය මිනිස්සු කියලා කොටසක් ඉන්න බව මතක් වෙන්නේ. (නි)
අපේ රටේ බුද්ධිමත් මහජන මතයක් ඇති කරන්න කාටවත් උවමනාවක් නැහැ.(දිල්)
මහජනයාට මේවා වැදගත් තොරතුරු නොවෙයි. මේකට ඒ තරම් අදහස් පලනොවිමෙන්ම ඒ බව පෙනෙනවා. (ස)