ලෝක ටෙස්ට් ක‍්‍රිකට් පිටියේ වැඩිම කඩුලූ ලාභියා වන ශ්‍රී ලංකා පිලේ හිටපු පිට දඟ පන්දු යවන ක‍්‍රීඩක මුත්තයියා මුරලිදරන් ඕස්ටේ‍්‍රලියානු ‘බිග් බෑෂ්’ විස්සයි-20 ක‍්‍රිකට් තරගාවලියේදී මෙල්බන් රෙනෙගේඞ්ස් පිල නියෝජනය කිරීමට ගිවිසුමකට අත්සන් කර තිබේ.
කණ්ඩායම් අටක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය ලබන දෙසැම්බර් මස 7 වැනිදා සිට ජනවාරි මස 19 වැනිදා දක්වා පැවැත්වේ.
ඕස්ටේ‍්‍රලියානු පිලේ හිටපු සුපිරි පා දඟ පන්දු යවන ක‍්‍රීඩක ෂේන් වෝන් මෙම තරගාවලියේදී මෙල්බන් ස්ටාර් පිලට ක‍්‍රීඩා කිරීමට නියමිතය.
මෙල්බන් රෙනෙගේඞ්ස් පිල සමග මෙම එක තරගාවලියක් ක‍්‍රීඩා කිරීමට තමන්ට අවශ්‍ය බව මේ පිළිබඳව අදහස් දක්වමින් මුරලිදරන් පැවසීය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුරලි ගැන ආඩම්බරයි. මුරලිට රිදවපු ඕස්ට්‍රේලියාවට දුන්නා හොඳ උත්තරයක්.
මුරලිටත් පිස්සු .ලජ්ජා නැත ඕව උන් එක්කම සෙල්ලන් කරන්න යනවා
පරිස්සමෙන් අයෙත් 'නෝ බෝල්' කිව්වොත් පරන රෙකොර්ඩ් ඔක්කොම කැලේ! දැන් ක්‍රිකට් බෝඩ් එක එන්නෙත් නෑ උදව්වට.
මුරලි ඔබ හරි , වැඩ වලින් ,වැඩ පෙනන්න , ඔබ ගැන සදා කල් අපිට ආඩම්බරයි !!!!
සල්ලි වලට ඕනෙම දෙයක් කරයි .
ඒහෙදි පන්දුව දග කැවෙයිද දන්නෙනෑ.උතුරට සෙල්ලම් කරන්න ඒන්න.
නොගිය නම් හොඳයි. මොකද ඕස්ට්‍රේලියන් ප්‍රේක්ෂකයෝ මුරලිට නෝ බෝල් කියල දරණු ලෙස අපහාස කරා.
ලාල් නම් නියම සිංහලයෙක්. හරි ඉක්මණට අතීතය අමතක වෙනවා වගේ
මුරලි මුළු ලෝකයේම ක්‍රීඩා ලෝලින්ගේ ජනාදරයට පත් වූ දක්ෂ ක්‍රීඩකයෙක්.අපි මුරලිට සුභ පතමු!