IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


බෝගල පතලේ පතුලට ගිය 'වාසුලියෙ' පවිත‍්‍රා

2016-08-05-ent-11

පවිත‍්‍රා මධුභානි අමරසිංහ වුවද, ක්ෂේත‍්‍රයේ බොහෝ දෙනා ඇය හඳුන්වන්නේ ‘‘වාසුලියෙ නංගි’’ ලෙසය. ජාතික රූපවාහිනිය ගෙන එන ‘‘රවි අබේවික‍්‍රමගේ’’ නිෂ්පාදනයක් වන ‘‘වාසුලිය නිවේදනයෙන් හැඩ කරන පවිත‍්‍රා, නිවේදනයට පමණක් දක්ෂ වූ ශිල්පිණියක නොවේ. ඇය රංගන ශිල්පිණියකද වන්නීය. ඒ වගේම නිරූපණ ශිල්පිණියක ලෙසද පෙනී සිටින්නීය. කලා ක්ෂ්ත‍්‍රයේ රැුඳී කටයුතු කළද, පවිත‍්‍රා මේ ගමන්කරන්නේ, නීතිඥවරියක වීමේ ගමනාන්තය වෙනුවෙනි. එලෙසින් හමුවන ඇය සමග කතාබහකට එක්වෙමු.

 

පවිත‍්‍රා කලා ක්ෂේත‍්‍රයට ආ ගමන ගැන විස්තර කිව්වොත්?

2016-08-05-ent-12ප‍්‍රසිද්ධ කලා මාධ්‍යයට මුලින්ම මම අවතීර්ණ වුණේ 2011 දී විතර, නිරූපිකාවක ලෙසයි. එසේ කටයුතු කරමින් සිටිය දී, 2013 ජාතික රූපවාහිනිය මෙහෙය වූ අවුරුදු කුමරිය තරගයේ දී අවුරුදු කුමරිය ලෙස තේරුණා. ඒ වසරේදී නෙත් ත්‍ඵ අවුරුදු කුමරිය ලෙසත් තේරුණා. ‘‘වාසුලියට’’ සම්බන්ධවීමේ අවකාශය ලැබුණේ ඉන් පසුවයි. පසුගිය රයිගම් ටෙලි සම්මාන උළෙලේ දී වසරේ හොඳම සඟරාමය වැඩ සටහනට හිමි සම්මානය වාසුලියට හිමි වුණා. මේ විදියට ජාතික රූපවාහිනියෙන් නිවේදිකාවක ලෙස ඒමට ලැබීම ඇත්තටම හීනයක් සැබෑවීමක්.

 

ඒ කියන්නේ නිවේදිකාවක වීමේ හීනයක්ද ඔබට තිබුණේ?

කොහෙත්ම නැහැ. නමුත් ජාතික රූපවාහිනියෙන් එය ඉටුවීම නිසා ඒ ගැන හදාරන්න, සෙවුම් - බැලූම් කරන්න වගේම කලාව ගැන බොහෝ දේ හිතන්න පෙළැඹුණා. 2014 දී ‘‘රිදම් හිට්’’ වැඩසටහන් නිවේදනයටත් එක්වෙන්න ලැබුණා. මේ සියල්ලට පෙර ක්ෂේත‍්‍රයට ආවේ නම් නිරූපණ ශිල්පිණියක ලෙසයි. ඒ අතරේ දී ටෙලිනාට්‍ය රඟපෑමටත් අවස්ථා ලැබුණා.

 

ඒ ගැන කිව්වොත්?

රුවන්මාළිගා, සිහින පියාපත්, තූර්යා, ටෙලිනාට්‍යවල රඟපෑවා. නමුත් පළමු වරට මට ප‍්‍රධාන චරිතයකට දායක වෙන්න අවකාශය ලැබුණෙ තුෂාරි අබේසේකර අක්කගෙ ‘‘ශ්වේත ගංතීර’’ නාට්‍යයෙන්. එය විකාශය වීමට නියමිතයි.

 

මේ සියල්ල අතරේ ඔබ නීතිය හදාරමින් සිටින සිසුවියක් නේද?

නීති විද්‍යාලයේ දෙවැනි වසරේ අධ්‍යාපනය ලබමින් සිටිනවා. ඇත්තටම මගේ ඒ නීතිඥ වෘත්තිය කරා යන ගමනට නිවේදන කටයුතුවලට දායක වීම ලොකු පන්නරයක් ගෙන දුන්නෙ.

 

මේ නීතිඥවරියක වීමට අපේක්ෂා කරන දියනිය කලා ක්ෂේත‍්‍රයට ඒම ගැන, අම්මා තාත්තා මොනවද කිව්වේ?

මුලදී නම් ඇත්තටම ගෙදරින් අකමැති වුණා. තාත්තගෙ එකම හීනය වුණේ මම නීතිඥවරියක වීමයි. නීති විද්‍යාලයට තේරුනාට පස්සෙ මම තාත්තාට කිව්වෙ ඔන්න මම තාත්තාගෙ හීනය සැබෑ කළා. දැන් මගේ හීනය සැබෑ කරගන්න ඉඩ දෙන්න කියලයි. මගේ සිහිනයට යන ගමනේදී, මගෙ අම්මා සහ මල්ලිගෙ සහයෝගය ඉහළින්ම ලැබුණා. ‘‘වාසුලිය’’ මගේ ජීවිතයට දිය සුලියක් වුණේ නැහැ. මගේම අනන්‍යතාවය යටතේ යන අලූත් ගමනකට මාව අවතීර්ණ කළා.

 

ඒ කියන්නෙ වැඩිදෙනෙක් ඔබ හඳුනන්නෙ ‘වාසුලිය’ නිසාද?

සහතිකෙන්ම ඔව්. පොඩි ළමයි මාව අමතන්නෙ වාසුලියෙ අක්කා කියලයි. ඒක එක දිනකින් ලැබුණු දෙයක් නොවෙයි. කාලයත් එක්ක, වැඩසටහනෙන් සටහනට හෙමි - හෙමිහිට මට හැදෙන්න අවකාශය සළසා දුන්නා. රවී අබේවික‍්‍රම මහතා ඇතුළු වාසුලියෙ නිෂ්පාදක කණ්ඩායමට මගේ ගෞරවය ඒ වෙනුවෙන් පුදන්නට ඕනෑ.

 

කොහොම වුණත් ඇයි ‘‘පවිත‍්‍රා’’ එක් අංශයක් විතරක් තෝරා නොගන්නේ?

නිවේදනය, නිරූපණය, රඟපෑම, නීතිය මෙයින් එක් දෙයක් තෝරා ගන්න බැරිද? කවදාහරි මම කටයුතු කරන්නෙ නීතිඥවරියක ලෙසයි. මගේ ගමනාන්තය එයයි. නමුත් කුඩා කාලයේ දී මට පංතිය ඉදිරියේ කතාවක්වත් කරගන්න බැරිවුණා. එතරම්ම ලැජ්ජාශීලී වුණා. නමුත් පසු කලෙක ඒ සැඟවුණු ශක්තිය මතුවුණේ වාසුලියෙන්. ජාතික රූපවාහිනිය මට ලබාදුන් ඒ වටිනා අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගෙන දක්ෂතම නිවේදිකාවක වීම මගේ අරමුණයි. ජාතික රූපවාහිනිය මා කෙරෙහි තැබූ විශ්වාසය මම අර්ථාන්විත කළ යුතුයි. විටෙක මට මගේ දෙවැනි තාත්තා වෙමින්, වාසුලිය නිෂ්පාදක රවී අබේවික‍්‍රම මහතා මට බොහෝ දේ ගැන කියා දුන්නා. එතුමා තැබූ විශ්වාසයත්, ‘‘සැළලිහිණියාගේ’’ එනම් ජාතික රූපවාහිනියේ හෙවණ ලැබීම මා ලැබූ ලොකු ගෞරවයක්.

 

‘‘වාසුලිය’’ නිසා ලද මතකයන් මොනවද?

එක් වතාවක ‘‘බෝගල පතලේ’’ පතුළට ගියා. ඒ වාගේ තැනකට ගිය ලංකාවේ පළමු කාන්තාව සමහර විට මා වෙන්න ඇති. පතලට යාමට පෙර මට තිබුණේ ලොකු බියක්. ඒත් ඒ පතුලේ තවත් මිනිසුන් දිනපතා සේවය කිරීම කරනවා නම්, මම මොකටද බය වෙන්න කියලා හිතුවා. පතුල ඇතුළට යද්දී මට හුස්ම ගන්නත් බැහැ වගේ, කණේ අගුල් වැටිලා. ඒක ඇත්තටම ලොකුම - ලොකු අත්දැකීමක් වුණා. තවත් අවස්ථාවක වික්ටෝරියා වැඩිහිටි නිවාසයට ගිහින්, රූගත කිරීමකට එක්වුණා. ඒක ඇත්තටම අතිශය හැඟුම්බර අවස්ථාවක් වුණා.

 

සටහන/ඡායාරූප - සඳුන් ගමගේ

 

2016-08-05-ent-15
2016-08-05-ent-14
2016-08-05-ent-13
2016-08-05-ent-10



අදහස් (0)

බෝගල පතලේ පතුලට ගිය 'වාසුලියෙ' පවිත‍්‍රා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරනවා
2024 ඔක්තෝබර් මස 06 21 0

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


ජනපති කටුවාපිටියට යයි
2024 ඔක්තෝබර් මස 06 18 0

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


පාකිස්තානු සිරකරුවන් 56 ක් පිටත් කර යවයි
2024 ඔක්තෝබර් මස 06 116 0

මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක


පරණ බැටරියක් සොරාගත් සැරයන් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 06 61 0

නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි


ජොන්ස්ටන්ට අවි 8ක් දීලා
2024 ඔක්තෝබර් මස 06 57 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පසුගිය රජයෙන් ගිනි අවි 8ක් ලබාගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග පව


මහාචාර්ය සෝමසුන්දර නමින් නයිජීරියා සරසවියේ දේශන ශාලාවක්
2024 ඔක්තෝබර් මස 06 371 0

සබරගමුව විශ්ව විද්‍යාලයේ ප්‍රථම උප කුලපති ලෙස කටයුතු කළ මහාචාර්ය ජේ.ඩබ්ලිව්. ඩී.සෝමසුන්දර මහතා නමින් නයිජීරියාව ගෝමිබේ රාජ්‍ය විශ්ව විද්‍යාලයේ දේශන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39153 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25591 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 325 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1090 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 380 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site