(අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා කටයුතු වලට අදාලව සිදුවන නීති විරෝධී ක්‍රියා මැඩ පැවැත්වීම සඳහා වන සම්මුතිය (බීජිං සම්මුතිය, 2010) මෙරට බලාත්මක කිරීම පිණිස නීති පැනවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මරණයක්, බරපතල ශාරීරික තුවාල කිරීමක් හෝ බරපතල හානියක් සිදු කිරීම සඳහා සිවිල් ගුවන් යානාවක් භාවිත කිරීම, යම් කිසි ජෛව විද්‍යාත්මක, රසායනික භෝ න්‍යෂ්ටික අවියක් හෝ ද්‍රව්‍යයක් මුදා හැරීම සඳහා සිවිල් ගුවන් යානාවක් භාවිත කිරීම, යම් කිසි ජෛව විද්‍යාත්මක, රසායනික හෝ න්‍යෂ්ටික අවියක් හෝ එවැනි සමාන ද්‍රව්‍යයක් ගුවන් යානාවක් තුළ හෝ සිවිල් ගුවන් යානාවකට එරෙහිව භාවිත කිරීම වැනි ක්‍රියාවන් අපරාධ වශයෙන් නම් කරමින් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා කටයුතු වලට අදාළව සිදුවන නීති විරෝධී ක්‍රියා මැඩ පැවැත්වීම සඳහා වන සම්මුතිය ( බිජිං සම්මුතිය, 2010) 2010-09- 10 දින බීජිංහි පැවති ගුවන් නීතිය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේදී සම්මත කර ගනු ලැබ ඇත.
එවැනි අපරාධ දැනට මෙරට බලාත්මක 1996 අංක 31 දරන ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා කටයුතු වල නිරුපද්‍රිත භාවයට එරෙහි නීති විරෝධී ක්‍රියා මැඩ පැවැත්වීමේ පනතේ විධි විධාන වලින් ආවරණය නොවන බැවින්, බීජිං සම්මුතිය බලාත්මක කිරීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා 2022-05-02 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.
එකී පනත් කෙටුම්පත සකස් කිරීමේ කටයුතු කඩිනමින් අවසන් කිරීමට හැකි වන පරිදි වත්මන් අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද උදෑසන , ඉතාලිය බලා පිටත්ව ගියහ.
පවතින අධික වැස්සෙන් හලාවත ආනන්ද ජාතික පාසල සම්පුර්ණයෙන් ජලයෙන් යටවීමෙන් අද (23) පාසල තාවකාලිකව වසා දැමූ බව විදුහල්පති අරුණ ගුණසිරි මහතා පැවසීය.
බොරැල්ල කනත්ත වටරවුමේ මීට සුළු මොහොතකට පෙර ගසක් කඩා වැටීමෙන් වාහන හතකට බරපතළ අලාභ සිදුවී ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.
එක් එක් අමාත්‍යාංශ සඳහා අයවැයෙන් වෙන් කර තිබෙන මුදල් සැලසුම් සහගතව ජනතාව වෙනුවෙන් වියදම් කර පෙන්වන ලෙස ජනාධිපතිවරයා සියලු අමාත්‍යවරුන්ට අභියෝගයක් ල
වෙලගෙදර හැටන්පොළ අං හන්දිය තැපැල් කාර්යාලය අසලදී සිසුවෙකුට අතින් පයින් සහ ආරක්ෂක හිස් වැසුම් වලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් තරුණයන් 11 ක් අත්අඩ
මාතර බන්ධනාගාරයේ කළහකාරී ලෙස හැසිරෙමින් ගැවසුණු රැඳවියන් 250 දෙනකු මේ වන විට සිය කැමැත්තෙන්ම බාර වී ඇතිබව බන්ධනාගාර පාලනාධිකාරිය පවසයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බීජිං සම්මුතියට කැබිනට් අනුමැතිය