IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


බජාජ් රෝද තුන හතරක් වෙයි

ශ්‍රී ලංකාවේ මෙන්ම තුන්වන ලෝකයේ රටවල් කිහිපයකම දුප්පතාගේ  ගමනා ගමනය සඳහා භාවිතා කිරීමෙන් තුලින් ජනාදරයට පත්ව ඇති රෝදතුනේ වහනයක් වන "බජාජ් ත්‍රීරෝද " රථය නව මුහුණුවරකින් නිෂ්පාදනය කිරීමට ඉන්දියා මෝටර් රථ නිෂ්පාදන සමාගම සැරැසෙයි.

ශ්‍රී ලංකාවේ භාවිතා වන්නේ බජාජ් රථයේ එක මෝස්තරයෙන් පමණක් වුවද රෝද තුනේ වෙනත් මොස්තරයන්ගේ රථ වාහන කිහිපයක්ම වෙළඳ පොළේ ඇත.

බජාජ් සමාගම රෝද තුනේ රථය වෙනුවට අලුතෙන් නිෂ්පාදනය කරනුයේ රෝද හතරක වාහනයකි. කෙසේනමුත් එහි එන්ජිමෙහි වෙනසක් සිදුකර නොමැත.

මෙනිසා ඔවුන් කියන්නේ මෙය මෝටර් රථයක් නොවන බවයි. බජාජ් සමාගමේ ප්‍රධාන නිෂ්පාදනය වන්නේ මෝටර් බයිසිකල් ය. 

රෝද හතරේ වාහනය සඳහා ද යොදා ගැනෙනුයේ මෝටර් බයිසිකල් එන්ජීමකි.

අලුතෙන් නිෂ්පාදනය කරන රෝද හතරේ රථය දිගින් මිලි මීටර් 2752 ක්ද පළලින් මිලි මීටර් 1312 ක්ද උසින් මිලි මීටර් 1650ක්ද වෙයි. පසුපස සවිකර ඇති එන්ජිමේ බලවේගය අශ්වබල 200කි.

රථයේ උපරිම වේගය පැයට කිලෝ මීටර් 70ක් වෙයි.

නව රෝද හතරේ වාහනයේ එන්ජිම නිර්මාණය කිරීමේදී ඉන්දන භාවිතය සහ අහිතකර වායුව පිටකිරීම සම්බන්ධයෙන් විශාල වෙනසක් සිදුකර ඇතිනිසා එය පරිසර හිතකාමී වාහනයක් බවද රෝද තුනේ වාහනයට වඩා මගී ආරක්ෂාව සහ අරපරෙස්සම සහිත වාහනයක් බවද බජාජ් සමාගම පවසයි.

අත්හදා බැලීම සඳහා මෙම වාහනය දැනටමත් බජාජ් සමාගමේ ශ්‍රී ලංකා වෙළඳ නියෝජිතයින් වෙත සපයා ඇත. බජාජ් සමාගම ඇස්තමේන්තු කර ඇත්තේ මෙම රථය බද්දට පෙර රුපියල් 2,75,000 සිට 3,00000 දක්වා මිලකට අලෙවිකළ හැකි බවයි.

ලෝකය වටා විවිධ රටවලින් බජාජ් රෝද තුනේ වාහනය සඳහා ඇති ඉල්ලුම පහත වැටී ඇති නිසා රෝද හතරේ වාහනය හඳුන්වා දීමට අදහස් කල බව බජාජ් සමාගම කියයි.

 

 



අදහස් (0)

බජාජ් රෝද තුන හතරක් වෙයි

බන්දුල Monday, 03 March 2014 12:03 AM

හොද වැඩක් පාරිබෝගිකයට සාදාරන මිළනට දෙනවා නම් අපි ගොඩක් සතුටු වෙනවා.(නදී)

:       0       0

රජින්ද Monday, 03 March 2014 12:06 AM

මීට ටික දවසකට කලින් එක්තරා ඉරිදා පුවත් පතක පළ කරලා තිබුණා ලංකාවේ පංචිකාවත්තේ අපේ කාර්මික මහත්මයෙක්ගේ නිර්මාණයක්. බොහෝ දුරට මීට සමානයි. හැබැයි විදුලි බලයෙන් ක්‍රියාත්මක වෙන්නේ විනාඩි 15ත් 20ත් අතර කාලයකින් චාජ් වෙන බැටරියෙන් කි.මී.160ක් පමණ ධාවනය කරන්න හැකි කියල ඒ මහතා කියා තිබුණා. තව, මේ වෙනකොට එවැනි වාහන 100කට වඩා හදන්න ඇනවුම් තියෙන බවත් කිව්වා. ඇයි එවැනි දේශීය නිෂ්පදකයින්ව රැක නොගන්නේ? මේ කසි-කබල් ගෙන්වනවට වඩා.(නදී)

:       0       0

ප්‍රියන්ත Monday, 03 March 2014 12:08 AM

දැන් ඉතින් ත්‍රී ව්ල් අයියල මේකත් අදිවේගී මාර්ගයට දාල ඒකේ නිදහසේ යන්නත් බැරිවෙනවා.(නදී)

:       0       0

නලින්ද Tuesday, 04 March 2014 05:54 PM

ඉක්මනට ගෙන්වන්න.(නදී)

:       0       0

ජගත් Thursday, 10 April 2014 05:15 PM

හොඳද කියලා අවුරුද්දක් විතර බලලා තමයි කියන්න වෙන්නේ (නි)

:       0       0

තරිඳු Monday, 03 March 2014 03:46 PM

චන්න, මේ වාහනය අපේ රටේ නිෂ්පාදනයක්. තව දියුණු කරන්න උදව් ලැබුනොත් ගොඩක් වටිනවා. (නදී)

:       0       0

ප්‍රියන්ත Thursday, 14 August 2014 07:17 PM

ඉතා හොඳයි (නි)

:       0       0

චින්තක Monday, 03 March 2014 04:20 PM

වෑඩේ හරි. තව ජරාවක් ගේන්න හදන්නේ.(නදී)

:       0       0

රම්සි Wednesday, 05 March 2014 08:07 PM

මම නම් කියන්නේ ඔකේ පළල ඩබල් කරන්න ඕන, වෙට්ටු දල යන්න බැරි වෙන්න. (නදී)

:       0       0

සමන්ත Monday, 03 March 2014 04:44 PM

කොහොම වේව්ද දන්නේ නැහැ. දුප්පත් අපට ගන්න හැකි මිලක් ලැබේවා.(නදී)

:       0       0

අචිගා Monday, 03 March 2014 04:55 PM

නියමයි ඒක තමයි නියම වාහනය.(නදී)

:       0       0

අසෝක සිරිදේව Monday, 03 March 2014 04:10 AM

දැන් සල්ලි නැති නිසා ලොකු බද්දක් ගහයි.(නදී)

:       0       0

වර්න කරූ Monday, 03 March 2014 04:56 PM

ඇයි දුප්පත් මිනිස්සුන්ට යන්න පුංචි කාර් එකක් හදන්නේ නැත්තේ? (නදී)

:       0       0

තුෂාර Tuesday, 04 March 2014 09:46 PM

පොඩි මිනිහට ගන්න පුළුවන් ගානකට දෙනවනම් වටිනවා.(නදී)

:       0       0

බමුණු Monday, 03 March 2014 04:23 AM

අලි මදිවට හරක් කීවලු. ලංකාවට ඉන්දියාවෙන් දීපු ත්‍රස්ත වාදයට තවත් එකක්.(නදී)

:       0       0

සුජිත් මිලානෝ Monday, 03 March 2014 04:51 AM

තව තවත් ඉන්දියන් කාසි කබල් වාහන ගෙනවිත් පුරවනවා වෙනුවට ලංකාව නිර්මාණය කල විදුලි මෝටර් රථය දියුණු කරලා මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරලා වෙළද ලොව මෙන්ම පරිසරයත් ජය ගන්න උත්සහ කලොත් නරකද. මෙය ජනපති, බැසිල් හා ගෝටාභය මහත්වරුන් වෙත කෙරෙන ඉල්ලිමකි. (නදී)

:       0       0

දොන් පලිහේන Monday, 03 March 2014 04:56 AM

මෙම ඉන්දිඅන් කසිකබල් වාහන ගැනීමෙන් වලකින්න. ඔබගේ ආරක්ෂාව ගැන හිතන්න මුදලට වඩා.(නදී)

:       0       0

මිලින්ද Thursday, 01 May 2014 03:58 PM

ලංකාවේ හදන්න පුලුවන්නම් හොඳයි.(ස)

:       0       0

සමන්ති Monday, 03 March 2014 06:13 AM

200 යනු පිස්ටන් වල ධාරිතාව ගණ සෙන්ටිමීටර් 200 බවයි . අපේ 3 වීල් කට්ටිය වර්ජන කරයිද දන්නේ නැත .ඔවුන් වරක් දුවිපහර වාහන නිෂ්පාදනය ඉන්දියාවේ නවත්වනකොට , නැනෝ වාහන ගෙනෙනකොට , ඔවුන්ට ඇමතියෙක් නැහැ කියල වර්ජන කළා නේද ? දැන් රෝද තුන හතර කරනකොට ? (නදී)

:       0       0

ආරියසේන Monday, 03 March 2014 06:27 AM

ඉන්දියාවේ කුණුගොඩවල් ඔක්කොම ලංකාවට තමා එන්නේ වෙනත් රටවල් වලින් ඒවාට ඉල්ලුමක් නැත. (නදී)

:       0       0

සනත් Wednesday, 05 March 2014 09:03 PM

දුප්පතාගේ හිතවතා බලමු අපේ පොකැට්ටුවට සරිලන ගානකට හම්බවෙයිද කියලා.(නදී)

:       0       0

ගැමුණු Monday, 03 March 2014 06:11 PM

නැනෝ කියන්නෙත් ලංකාවේ වාහන නොවේ. . පිට රටින් කෑලි ගෙනල්ලා මෙහිදී එකතු කරනවා පමණයි. අපිට තවම බයිසිකල් එකක්වත් හදාගන්න බැහැ. නමුත් කයිය නම්.(නදී)

:       0       0

ලක්ෂමන් Monday, 03 March 2014 06:48 AM

අපි වගේ මධ්‍යම පන්තියේ අයට මේක ලොකු ඒත් අපේ සමාගමකට මෙවැනි දෙයක් හදන්න බැරි හැටි.(නදී)

:       0       0

තාරුක Monday, 03 March 2014 06:33 PM

හොයාහන්කො තව රෝදෙකට සල්ලි.(නදී)

:       0       0

පියන්ත Tuesday, 04 March 2014 11:40 PM

ලංකාවට නියමෙටම සෙට් වෙනවා. වීල් එකේ ගානට වගේ දුන්නොත් ලංකාවම මේක ගන්නවා ෂුවර්. (නදී)

:       0       0

ජනක Monday, 03 March 2014 07:12 AM

තවත් ඉන්දීය කුණු ගොඩක්.(නදී)

:       0       0

සුමිත් Thursday, 06 March 2014 12:12 AM

හොද වැඩක් දුපත් අපිට මොකද වෙන්නේ(දිල්)

:       0       0

ලුම්බිණි Monday, 03 March 2014 07:30 AM

මෙවැනි වාහන ලංකාවට නොගෙන්විය යුතුයි. (නදී)

:       0       0

දාරා Monday, 03 March 2014 07:56 PM

මම නම් කියන්නේ ලංකාවේ දේවල් ඉදිරියට ගන්න ඕන කියල අනිත් එක තමා දේශීය දේවල් වල ට බදු සහන දෙනව නම් දේශීය දේ විකිනේවි (අ)

:       0       0

නිමල් පතිරඛ Monday, 03 March 2014 07:40 AM

ලංකාවෙන් වැසිකිලි හදලා ඉන්දියාවට යැව්වොත් හොද ඉල්ලුමක් තියේවි. මොකද ඉන්දියාවේ සියයට හැට හතරකට ටෙයිලට් නැහැ.(නදී)

:       0       0

හේලි Monday, 03 March 2014 07:43 AM

කාලෙන් කාලෙට මතුවෙන බොරු "ජාතිකාභිමානය " පැත්තක දාල ,බොරු උපවාස පැත්තක දාල සැබෑ "දේශාභිමානයෙන්" මේ ශ්‍රීලාංකිකයෝ හැමෝටම මේවගේ නිර්මාණයන් කරන්ට හිතක් පහල වෙන්නේ නැත්තේ නම් සැබෑ කරුමේකටම තමයි.(නදී)

:       0       0

සත්‍යයා Monday, 03 March 2014 08:19 AM

නැනෝ ආවෙත් ඔය කතාව දුප්පත් අපිට කියා ගෙන. හැබැයි දැන් දුප්පත් කෙසේ වෙතත් මධ්‍යම පන්තියේ මිනිහෙක්ටවත් ගන්න බැරි වෙන්න බදු ගහල. ඉන්දියාව ඒ රටේ මිනිස්සුන්ගේ ආර්ථික තත්වයට හරි යන්න ඒවා දෙනවා. අපේ අය මඩිය ලොකු කරගන්න අපිව හුරගෙන කනවා. (නදී)

:       0       0

සුබේ Monday, 03 March 2014 08:45 AM

ලංකාවේ මේ වගේ වැඩ කරන්න පුළුවන් හැකියාවක් තියෙන තරුණ ජවය, තාක්ෂනය ඕනෑවටත් වඩා ප්‍රමාණවත්. නමුත් ප්‍රශ්නය ඇත්තේ ජාතික මට්ටමින් මෙවැනි දෙයක් කිරීමට සැලසුම් සහගත බවක් නොමැති කමයි.(නදී)

:       0       0

සරංග Monday, 03 March 2014 09:09 PM

හපෝ තව හූනියමක් !!. තව ට්‍රැෆික් වැඩිවෙනවා මේවා ඇවිත්. මේ වාහන නිසා අනිත් වේගයෙන් යන වාහන වලට ඉඩ මදි වෙනවා. කොට කොට තමයි අනිත් වාහන වලට යන්න වෙන්නේ. (අ)

:       0       0

සමීර ඉන්දික Monday, 03 March 2014 09:17 PM

බදු අඩු උනොත් හෙට ගන්නවා (අ)

:       0       0

සමන් Monday, 03 March 2014 09:12 AM

දම්,අපේ සමාගමට වෙළඳ පොළ අල්ලගන්න බැරි වීම ගැන නෙවේ දුක් වෙන්න ඕනේ. අල්ලගන්න දෙන්නේ නැතිවීම ගැනයි දුක් වෙන්න ඕනේ. ඉන්දියාවේ කුණු ගොඩවල් ගෙනෙන්නේ නැතිව,ලංකාවේ නිෂ්පාදන වල බදු අඩුකලානම් අපේ සමාගමට තැනක් එනවා.(නදී)

:       0       0

කුමාරි Monday, 03 March 2014 09:30 AM

අපේ රටේ ඕනෑ තරම් දක්ෂ තරුණයෝ ඉන්නවා. ඒත් කිසිම අගයක් නැහැ. (නදී) .

:       0       0

සුජීව පද්මකුමාර Monday, 03 March 2014 09:40 AM

පිකප් ස්පීඩ් එක අඩු වාහන පාරට දමපුවහම තවතවත් ට්‍රැෆික් වැඩිවෙනවා. කොළඹ දිස්ත්‍රික්කයෙන් පිටට නම් හොඳයි.(නදී)

:       0       0

රවී Monday, 03 March 2014 09:57 PM

ලංකාවේ වාහන හදන්න දිරි ගැන්නුවම ටැක්ස් ගහන්නේ කොහොමද?  ඒක නිසා අපි ඉන්දියාවෙන්ම ගේමු. (නදී)

:       0       0

අනුර Monday, 03 March 2014 09:56 AM

වැඩේ හොඳයි. ඒත් ඩ්‍රයිවින් ලයිෂන් දෙනකොට හැබිචෝල්කාරයින්ට නොදී ඉන්න.(නදී)

:       0       0

ඉන්දික Monday, 03 March 2014 10:00 AM

අශ්ව බල 200 නම් කෝච්චියක් උනත් අදින්න පුළුවන්නේ.(නදී)

:       0       0

ඇන්ජලෝ Monday, 03 March 2014 10:07 AM

ගරු ජනාදිපති තුමනි, දුප්පත් අය වෙනුවෙන්, මේ රථයේ බදු අඩුකරන්න පියවර ගන්න. ඒකයි සමාජීය දියුණුව කියන්නේ. (නදී)

:       0       0

අංජන Monday, 03 March 2014 10:11 AM

අතිගරු ජනාධිපති තුමනි, දුප්පත් අය වෙනුවෙන් මෙම රථයේ බදු අඩු කරන්න පියවර ගන්න. ඒකයි සමාජීය දියුණුව කියන්නේ. එවිට ජනතාව සැමදා ඔබ තුමා සමගයි. (නදී)

:       0       0

අයිරංගනී සුබසිංහ Sunday, 09 March 2014 04:14 PM

අපිටත් ගන්න හැකි වෙයිද? (නදී)

:       0       0

නිහාල් Saturday, 08 March 2014 12:36 PM

අන්න වාහන! (අ)

:       0       0

සිල් Monday, 03 March 2014 10:24 AM

මෙහෙමයි මෙිකේ දෙපැත්තක් තියනවා .මෙික හොදයි ත්‍රිවිල් එකට වැඩිය ආරක්ෂාව අතින් ඉන්ධන වියදම අතිනුත් රටට ගැලපෙනවා. දැන් අපේ රටෙි හදන්නේ ලාභය මුලික කරගෙන හදන එකක් මිසක් පොඩි මිනිසුන් ගැන හිතල වැඩ කරන්නේ නැහැ. දැන් මයික්‍රෝ මුලින් ආවෙි මෙහෙම දැන් යන්නේ ඇයි මිලයන 2 න් එහා. හේතුව ලාභය ලංකාවෙි මිනිස්සුන්ට අපේ කියන හැගිම අඩුයි මමත්වය වැඩියි. අනික තමයි පොඩි ගානකට වාහන ආවොත් ගොඩක් අය ගන්නවා එතකොට ලොකුවාහන තියන අයට පාරේ වෙිගෙන් යන්න කරදර වෙනවා. පාරේ වාහන වැඩි වෙනකොට ඒකයි පොඩි වාහන වලට බදු වැඩි වෙන්නේ මෙිවා ගොඩක් හිතලා ගන්න තිරන අපිට තේරුනේ නැති උනාට ඉහල ඉන්න අය මෙි ගැන හිතනවා. බලන්නකො දැන් ත්‍රිවිල් කරදරයක් වෙලානේ එහෙන් දානවා මෙහෙන් දානවා කියලා අපිත් බැනලා ඇති. ඒ වාගේ තමයි මෙිකත් අඩු ගානට දුන්නොත් ඔක්කොම අරගෙන එහෙන් මෙහෙන් දාගන යයි. මටත් ආසයි මෙි වාගේ පොඩි වාහනයකට ඒත් ඉතින් ගන්න එක හිනයක්.(නදී)

:       0       0

රවිනාත් වජේසේකර Monday, 03 March 2014 10:32 AM

මේ පපඩම් ගෙන්වන්න රටෙන් එලියට ඇදෙන මහා ධනස්කන්දය නවත්වන්න ලංකාවේ මයික්‍රො කාර් කම්පැනියටවත් හැකියාවක් නැද්දෝ.(නදී)

:       0       0

විශ්ව ශ්‍රී චතුරංග Monday, 03 March 2014 10:59 PM

දුප්පත් අපිට මිලදී ගැනීමට හැකි වන මුදලකට ආවොත් හොදයි. නැත්නම් මේ පොටෝ වලට හූල්ලන්න තමයි වෙන්නේ. අතේ මිලට රු. 300000.00 කට ආවොත් අනිවාර්‍යෙයන්ම ගන්නවා මයි. ඒ මිලට ආවෙ නැත්නම් සොරි කොම්.(නදී)

:       0       0

විශ්ව ශ්‍රී චතුරංග Monday, 03 March 2014 10:59 PM

දුප්පත් අපිට මිලදී ගැනීමට හැකි වන මුදලකට ආවොත් හොදයි. නැත්නම් මේ පොටෝ වලට හූල්ලන්න තමයි වෙන්නේ. අනේ මිලට රු. 300000.00 තට ආවොත් අනියාර්යෙන්ම ගන්නවා මයි. ඒ මිලට ආවෙ නැත්නම් සොරි.කොමේ (අ)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 03 March 2014 10:49 AM

ලංකාවේ මයික්‍රෝ සමාගම කාර් හදන්න පටන් ගත්ත කාලේ අඩු මුදලට කාර් ගන්න පුළුවන් කිව්වා හින්ද අපිත් බලා හිටිය කාර් එකක් ගන්න. ඒකටත් බදු ගහල ගණන වැඩි කලා. අපි මොකටද ඉන්දියාවට සල්ලි යවන්නේ අපේ රටේ හදන කාර්වල බද්ද අඩුකරලා අපිටත් කාර් එකක් ගන්න මග පාදලා දෙන්නකෝ. "සියරට දේ - සිරි සැපදේ" කියලා.(නදී)

:       0       0

තිසර Wednesday, 20 August 2014 03:23 PM

ලංකාවේ කොල්ලො ටික ත්‍රී වීල් පාර්ක් වලටම හිරකරන්නද යන්නේ ඔයිට වැඩිය දෙයක් අපේ කොල්ලන්ට බැරිද ? (අ)

:       0       0

නීලා Monday, 03 March 2014 11:00 AM

වචනයේ පරිසමාප්ත අර්තෙන්ම කාර් එකක් යනු කාර් එකක් මිසක මොකක් හෝ රෝද හතරාකාර වහලයක් ගහල එවන කරත්තයක් නොවිය යුතුයි. කන්දක් දකිද්දී ඒසී වහන්ටත් වලක වැටුනම කොන්දේ බෙහෙත් බඳින්ට වෙන්නෙත් අතපය අකුලාගන ගිහින් හන්දිපත් රුදාව හැදෙන්නෙත් මේ වගේ හිඟන වාහන කොම්පැනි කාරයෝ නිසා.(නදී)

:       0       0

අමිල Tuesday, 04 March 2014 01:00 AM

අනේ ඔය කුණු ගොඩවල් ගෙන්න එපා, (අ)

:       0       0

කොබෙයිගනේ ධනුෂ්ක Monday, 03 March 2014 11:02 AM

පිට රටකින් දෙයක් ආවොත් හරි ලොකුවට ඒ ගැන කතා කරයි. අපේ අහිංසකයෙක් සුපිරි වැඩක් කලත් ඒ ගැන කතා කරන්න කවුරුත්ම නෑ. අනේ අපේ රටේ අපේ අහිංසකයින්ට අතදෙන්න ඒක ගොඩක් වටිනවා.(නදී)

:       0       0

ලක්මාල් ප්‍රසාද් Tuesday, 04 March 2014 01:07 AM

ලංකාවේ දෙයක් ඇරෙන්න කොහොමත් මේ ජරාව ගැන විස්වාස තියන්න එපා. (අ)

:       0       0

නිරංජන් Wednesday, 05 March 2014 08:02 AM

අපෝ ඉන්දියාවේ වාහන නම් කසි කබල්. ඒක සහතික ඇත්ත.(නදී) .

:       0       0

සුකිරි Monday, 03 March 2014 11:03 AM

හිඟන කාර් කියන්නේ මේවට. 200 සිසි එන්ජිමක් කියන්නේ බයිසිකලයක් තරම. ලංකාව වගේ රටවල මිනිස්සු අන්දන්ට ලේසි නිසා මොකක් හෝ හදල ඇගේ ගහනවා.(නදී)

:       0       0

සෙවරත් බංඩාර Monday, 03 March 2014 11:35 AM

කොපමණ කාලයකින් අපට මිලදී ගන්න හැකි වේවිද? (නදී)

:       0       0

තුෂාර Monday, 03 March 2014 11:37 AM

මාත් එක්ක ඉන්දියන් කොල්ලෝ ගොඩක් වැඩ කරලා තියනවා .. උන් හිනා වෙනවා අපිට , නැනෝ කාර් ගන්නේ ඉන්දියාවේ ත්‍රී වීල් එකක් වත් ගන්න බැරි දුප්පත් උන්ලු .. ඒ උනාට අපේ රටේ නැනෝ එකේ ගණන් වලට උන් හිනා වෙනවා .(නදී)

:       0       0

සමන්ති Tuesday, 04 March 2014 06:20 AM

80දශකයට පෙර අපි ගමන් ගියේ වැදගත් විදියට නොතෙමී කාර්වලින් . රෝද තුනේ වාහනයක් තිබුන ප්‍රන්සයෙන් ආපු බඩු අදින්න. නොයක් රටවලින් රෝදතුනේ වාහන මගී ප්‍රවාහනයට ආවේ 80 දශකයේදී. ඒවා වැඩිකල් පාවිච්චි වුනේ නැත .බැංකොක් වලින් ආව චුක් චුක් කියල එකක් . ඒකාලේ 3 වීල් ගෙන්වන කොම්පැනියක් අසල ආරාමයක පුජකවරයෙක් රටේ ප්‍රධාන පුරවැසියකු ලවා රජයේ ආයතන වලට ගන්නයි නියෝග කළා මතකයි. එට පසුවයි 3 වීල් පාවිච්චිය වැඩිවුණේ . (දී)

:       0       0

දුලිත ජයවීර Monday, 03 March 2014 11:38 AM

මොනවා උනත් ඉන්දියන් වාහන කසිකබල්. අවුරුදු 2-3 යනකොට වාහනේ ගන්න දෙයක් නෑ. ලංකාවේ මයික්‍රෝ සමාගම තියැද්දී ඇයි ඉන්දියාවේ වාහන ගෙන්වන්නේ? ඉන්දියාවේ වාහන වලට වඩා මයික්‍රෝ සමාගමේ වාහන ඉතා හොදයි. ඒවගේ ආරක්ෂාවත් ඉහළයි. ලක්ෂ 14ට 16ට තියෙන වාහන වල පවා එයා බෑග්ස් තියෙනවා. ඒ ගානට තියෙන ඉන්දියන් වාහනවල ඒවා නෑ.(නදී)

:       0       0

වසන්ත ලංකා chandra Wednesday, 05 March 2014 08:39 AM

හොදයි ඒත් ඉතින් පැවැත්ම අඩුයි. අනික ඉන්දියාව අපේ රටට කුඩම්මාගේ සැලකිලි දෙනකොට අපි මොකටද ඒ බඩු ගන්නේ. (නදී)

:       0       0

ඡන්න Monday, 03 March 2014 11:47 AM

හොඳයි අපේ රටේ වාහනයක් හදාගන්න තිබ්බා නම් ඔය වගේම ගොඩක් වටිනවා.(නදී)

:       0       0

නිමල් කුවෙට් Monday, 03 March 2014 11:48 AM

හොද නිර්මාණයක් අපී රටට ගැලපෙනවා. නමුත් දුප්පත් මිනිහට ගන්න වෙන්නෙ නැහැ. මේ වගේ හතර ගුණයක් බදු ගෙවන්න ඕනේ නිසා.(නදී)

:       0       0

නිරෝෂණ් Tuesday, 04 March 2014 08:19 AM

මේක ලංකාවට සුදුසුයි.මේ වහනය පොඩි මිනිහට ගැන පුළුවන් විදිහට දෙන්න කටුටු අරන්න.(අ)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 03 March 2014 11:54 AM

මහත්තයෝ,ඉන්දියාවේ ඡන්ද කාලෙට වැසිකිලි පෝච්චි තහඩු එහෙම බෙදන්නේ නැතුව ඇති නේද? (නදී)

:       0       0

ලන්සක්කාර Tuesday, 04 March 2014 08:29 AM

අපිටත් ගන්න අසය් එත් රජයේ බදු මුදල් එකතු වෙනකොට ඔය මුදල දෙගුණයක් වෙනවා අපි වගේ දුප්පතුන්ට ඕව ගන්න අඑක හීනයක් වනවා. (අ)

:       0       0

කනිෂ්ක චරිත් Monday, 31 March 2014 10:18 PM

හොද කාර් (දී)

:       0       0

අරමන්ගේ Monday, 03 March 2014 11:59 AM

හොද වැඩක් ලංකාවේ අපිට ලක්ෂ 5 කටත් අඩුවෙන් දෙන්න පුලුවන්නම් කොච්චර අගේද ? (නදී)

:       0       0

නේ.ලි.නි.දේවප්‍රිය Sunday, 17 August 2014 07:07 AM

හොඳ නිපැයුමක් අපිට වටිනවා (දී)

:       0       0

නිපුන Monday, 03 March 2014 12:02 PM

මෙම රථයේ එන්ජින් ධාරිතාව ප්‍රමාණවත් මදි කියල තමයි මට හිතෙන්නේ. ත්‍රි රෝද රථයට වඩා බරින් වැඩියි කියල හිතෙනවා. ඒත් සමඟම ත්‍රී රෝද රථයට වඩා තරමක් ආරක්ෂාකාරී වේ. ත්‍රී රෝද රථ රියදුරන්ගේ අවධානම් සහගත යූ ටර්න් ගැහිල්ලයි එකපාරටම හැරවිල්ලයි මේකන් වත් අඩුවෙනවා නම්.(නදී)

:       0       0

නිරෝෂන Thursday, 06 March 2014 06:51 PM

නියමයි! (නදී)

:       0       0

රත්න Sunday, 02 March 2014 05:08 PM

බජාජ් රෝද හතර ඉන්දියාවට සල්ලි මවන යන්තරයක් වේද? (නදී)

:       0       0

අංජන අතාවුද Monday, 03 March 2014 12:15 PM

ඩේවිඩ් පීරිස් එකට බැරිද 600cc වාහනයක් හෝ බැටරියෙන් දුවන වාහනයක් ලංකාවේ හදන්න. හැමදාම අනුන් හදන එකක් විකුණනවට වඩා.ලජ්ජා වෙන්න ඕන මේගොල්ලෝ මේ රටේ සල්ලි ඇදල පිටරටට යවනවා.(නදී)

:       0       0

මහේන්ද්‍ර Monday, 03 March 2014 12:18 PM

හොඳ අදහස.(නදී)

:       0       0

සජීව Sunday, 02 March 2014 05:15 PM

රෝද තුනෙන් දාන සෙල්ලම් හතරෙන් බැරි වේ.(නදී)

:       0       0

නුවන් සුරේන් Monday, 03 March 2014 12:20 PM

හොදයි දුප්පත් අපිට ටැක්ස් එක කෙසේ සලකයිද? (නදී)

:       0       0

සමන් පෙරේරා Sunday, 02 March 2014 05:42 PM

කොච්චර හොඳ නිර්මාණ ආවත්, දුප්පත් අයට ගන්න වෙන්නේ නැහැ, රජයේ බදු එනකොට ලක්ෂ හය පැනලා.(නදී)

:       0       0

ශේශාන් Sunday, 09 March 2014 07:03 PM

ඇත්තටම හොදයි හදමු මම ගන්නවා (දී)

:       0       0

ප්‍රියන්ත Sunday, 02 March 2014 05:55 PM

ඇත්තටම හොදයි. දුප්පත් ජනතාවට ගන්න පුළුවන් මිලකට වෙළද පොලට ආවොත් ගොඩක් වටිනවා. (නදී)

:       0       0

අසාද් Monday, 03 March 2014 12:26 PM

ඉන්දියාවට කැත වාහන මිසක් ලස්සන වාහන හදන්න බැහැ.(නදී)

:       0       0

අමිල කටුනායක Sunday, 02 March 2014 05:57 PM

එහෙනම් ඒකත් අදිවේගයේ යයි නේද? (නදී)

:       0       0

අනුෂිකා Monday, 03 March 2014 12:27 PM

මෙතන අපේ අය මොනව කිව්වත් මාර්කට් එකට දාපුවහම බලන්නකො පාර පුරාම සූ ගාල ඔය වාහනේ තියෙයි. ලංකාවෙ පිටකොටුවෙ වීඩියෝ එකක් ටීවී එකේ පෙන්නුවොත් 70%කට වැඩිය තියෙන්නෙ ඉන්දියන් වාහන. පිට රට ඉන්න අපිට ලැජ්ජයි ලංකාවෙ ප්‍රධාන නගරෙ ඉන්දියන් වාහන පොකුරු පිටින් පෙන්නනකොට. ඇයි අපේ රටේ දක්ෂයන්ට අත දෙන්නෙ නැත්තෙ? (නදී)

:       0       0

දයා අලහාකෝන් Sunday, 02 March 2014 06:08 PM

ආකර්ශනීයයි. ත්‍රී රෝද රථයට වඩා මගීන්ට හොඳ ආරක්ෂාවක් තියෙනවා. මිළත් සාදාරණයි. ඉක්මනින් ආනයනය කරන්න.(නදී)

:       0       0

අසාද් Monday, 03 March 2014 12:30 PM

තුෂාර ඔබ හරි මේ දේශපාලනය තමයි මේකට හේතුවත්.(නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Sunday, 02 March 2014 06:15 PM

වැඩේ නම් හොදයි. ඒත් බද්ද ගහලා හතර වටේ කැරකිලා දුප්පතා අතට එනකොට ලක්ෂ 6 පනී. හැමදේම තියන ඇත්තාට විතරනේ අපේ රටේ.(නදී)

:       0       0

ජයන් Tuesday, 04 March 2014 11:12 AM

අපොයි..... අපොයි.... .එතකොට මේක පදවන්න අවසරය තියෙන්නේ මොන රියදුරු බලපතරය තියන අයටද................? (අ)

:       0       0

චතුරංග පෙරේරා Monday, 03 March 2014 12:46 PM

අශ්වබල 200ක් නම් ලැම්බෝගිනි එකක්වත් වෙන්න ඕනේ.(නදී)

:       0       0

සනත් Sunday, 02 March 2014 06:51 PM

ලංකාවේ කරන්න පුළුවන් නම් නියම වැඩක්.. හරියට වටිනවා. (නදී)

:       0       0

ගිහාන් Monday, 03 March 2014 12:48 PM

රෝද හතර හොදයි බදු නැත්නම්. කොහෙද ඉතින් දුප්පත් මිනිස්සුන්ට බදු සහනයක් නැහැනේ.(නදී)

:       0       0

අසංක Monday, 03 March 2014 12:51 PM

මොනවා උනත් ඉන්දියන් වාහන කසිකබල්. අවුරුදු 2-3 යනකොට වාහනේ ගන්න දෙයක් නෑ. ලංකාවේ මයික්‍රෝ සමාගම තියැද්දී ඇයි ඉන්දියාවේ වාහන ගෙන්වන්නේ? ඉන්දියාවේ වාහන වලට වඩා මයික්‍රෝ සමාගමේ වාහන ඉතා හොදයි. ඒවගේ ආරක්ෂාවත් ඉහළයි. ලක්ෂ 14ට 16ට තියෙන වාහන වල පවා එයා බෑග්ස් තියෙනවා. ඒ ගානට තියෙන ඉන්දියන් වාහනවල ඒවා නෑ.(නදී)

:       0       0

සිසිර Sunday, 02 March 2014 06:56 PM

මෙය ඉතා හොඳයි. නමුත් ඒ.සී අවශ්‍යයි.(නදී)

:       0       0

බිමල් වරුණ Sunday, 02 March 2014 07:04 PM

ලංකාවට ගැලපෙන නිර්මානයක්.ආරක්ෂාවටත් හොඳයිනේ.(නදී)

:       0       0

චන්දි Monday, 03 March 2014 12:57 PM

අර වැසිකිලි පෝච්චි කතාව නම් මාරු හොදේ. අපෙන් ඉන්දියාවට දෙන්න වටිනාම දේ.(නදී)

:       0       0

ගයාන් Sunday, 02 March 2014 07:16 PM

අෂ්ව බල 200 ද 200 සී.සී ද? මේක බදු එක්ක ලක්ෂ 7ක් විතර උනත් කාර් එකක් විදියට හදුන්වල දීලා ලක්ෂ 12 කට විතර මිල කරයි.(නදී)

:       0       0

එස්.බංඩාර Monday, 03 March 2014 01:05 PM

ඉතාම ඉක්මනින්ම මෙහි ලංකා විකුණුම් මිල දැනගන්ට පුළුවන්නම් දැම්මම හිත හදාගෙන දැනට තියෙන ත්‍රීවීල් 1ක් ගන්ට තිබුණා .(නදී)

:       0       0

දිනු Monday, 03 March 2014 01:10 PM

නියමයි හොඳ උත්සාහයක්.(නධී)

:       0       0

රන්ජන් Tuesday, 04 March 2014 12:34 PM

ෂෝක් වාහනේ මේක නම් මම අරගන්නවා (දිල්)

:       0       0

කුමාර පැරිස් Sunday, 02 March 2014 07:53 PM

වැඩේ නම් හොදයි. ලංකාවේ කරනවා නම් තවත් හොදා.........යි. නමුත් දැන් දැන් බලනකොට ලංකාවට ඉන්දියාව සලකන ,ගරුකරන අයුරු ගැනත් හිතන්න වෙනවා.(නදී)

:       0       0

තරිඳු ඉඳුනිල් කුරේ Sunday, 02 March 2014 08:01 PM

අපි හැම දෙනාටම මිලදී ගන්න පුලුවන් විදිහට බදු අයකරනවා නම් හොදයිනේ.(නදී)

:       0       0

නයනී නිසංසලා Monday, 03 March 2014 01:25 PM

දැක්කම නම් ආසා හිතෙනවා.(නදී)

:       0       0

සේනක Sunday, 02 March 2014 08:16 PM

මේ වගේ එකක් ලංකාවෙ මයික්‍රො සමාගම හරහා මෙරටම නිෂ්පාදනය කරගත්තා නම් කොච්චර හොඳයිද. (නදී)

:       0       0

රොචින් දි සොයිසා Sunday, 02 March 2014 08:29 PM

ගොඩක් හොඳයි සෑම කෙනෙකුට ගන්න පුලුවන් සාදාරන මිළකුත් ඔනෑ. (නදී)

:       0       0

මාලි Monday, 03 March 2014 01:30 PM

ඇත්තටම ලංකාවේ අපිට මේ වගේ එකක්වත් හදන්න බැරිද? (නදී)

:       0       0

ප්‍රේම් Tuesday, 04 March 2014 01:40 PM

මයික්‍රො සමගම මීට කාලෙකට ඉස්සෙල්ල මේ වගේ නිෂ්පාදන කලා කෝ ඒවාට මොකද උනේ....?(දිල්)

:       0       0

සුනිල් Wednesday, 05 March 2014 01:29 PM

පොඩි මිනිහට සාදාරණ මිලකට නම් ගන්න පුළුවන් වේවි (දිල්)

:       0       0

චින්තක Sunday, 02 March 2014 09:03 PM

රෝද හතර නෙවෙයි දහයක් එක්ක ආවත් ඉන්දියන් බඩු ජරාව. අවුරුදු 2-3 න් ඉවරයි.(නදී)

:       0       0

ජයනෙත්ති Sunday, 02 March 2014 09:07 PM

සේනක එක්ක මමත් ඉන්නවා.(නදී)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Sunday, 02 March 2014 09:15 PM

මොනවා මොනවා හරි කරලා ඉන්දියාවට අපේ මුදල් යවන එකේ ඉවරයක් නැහැ. ඇයි අපිට, රටට,දුප්පතාට හරියන වාහනයක් අපේ රටේම නිපදවන්න බැරි? (නදී)

:       0       0

විරාජ් කාලිංග Sunday, 02 March 2014 09:18 PM

අයි අපිටත් බැරි ඔහොම දෙයක් නිර්මාණය කරන්න, අපි ඉන්දියාවේ ආර්ථිකයේ කොටස් කරුවෙක් වෙලා, මේවා පාරේ දුවනකොට අපිත් හිතනවා අපි හරි දියුණුයි කියල, අනේ අවාසනාවක්.(නදී)

:       0       0

පියල් Monday, 03 March 2014 01:58 PM

මේ ජරාවල් ගේන්නේ නැතුව හොද වහනයක් දුප්පතුන්ට ගන්න බදු අඩු කරන්න (අ)

:       0       0

විරාජ් කාලිංග Sunday, 02 March 2014 09:21 PM

ලංකාවෙත් මෙවැනි හා මීටත් වඩා හොද නව නිර්මාණ කියක් හැදුවද. ඒත් එකක් වත් වැඩි දියුණු කරන්න බලදාරින් අත දුන්නේ නැහැ, උපන්ගෙයිම මියැදෙන්න ඇරියා බලදාරීන්. අද අපි ඉන්දියාවේ විස්කම් බල බල ඉන්නවා.(නදී)

:       0       0

සමන් Sunday, 02 March 2014 09:44 PM

ප්‍රකාශ කරලා තියන අදහස් කියවල බැලුවහම ඉන්දියාවේ හොරිත් හොදය කියන අය තමා වැඩිපුර ඉන්නේ. සේනක මේ වගේ එකක් තමා ලංකාවේ සමාගමෙන් මුල් වරට නිෂ්පාදනය කලේ.(නදී)

:       0       0

තාරක Monday, 03 March 2014 02:32 PM

මරු.(නදී)

:       0       0

දම් Sunday, 02 March 2014 09:51 PM

කෝ අපේ මෛක්‍රෝ සමාගම. ලංකාවේ ඉඳලත් අපේ වෙළඳපොල අල්ලන්න බැරිවීම දුකයි.(නදී)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Sunday, 02 March 2014 09:59 PM

කොහොම හරි ඉන්දියාවේ තියන සේරම දේවල් ලංකාවට තමා විකුනන්නේ. අපේ රටේ ඉදිකට්ටක් වත් හදන්නේ නැති නිසා හොදයි.(නදී)

:       0       0

චතුරංග Tuesday, 04 March 2014 04:23 PM

නියමයි ඒත් වැඩක් නැහැ.(නදී)

:       0       0

සංජිව Sunday, 02 March 2014 10:29 PM

අනේ ලංකාවේ ඉතුරු සල්ලි ටිකත් ඉන්දියාවටම යවමු. ඉන්දියාවේ කසිකබල් වාහන ලංකාවට හොදයි කියල උන් දන්නවා.(නදී)

:       0       0

ඇලෙක්සිස්.පෙරේරා. Monday, 03 March 2014 02:51 PM

හොඳ අදහසක්. ඒත් ඒකත් දුප්පතාට හීනයක් ම විතරක් වේවි.(නදී)

:       0       0

චන්දිම Sunday, 02 March 2014 10:39 PM

වැලි ලොරියක හැපුනොත් කුඩු පට්ටම්. (නදී)

:       0       0

බිනර Sunday, 17 August 2014 10:44 AM

තාක්ෂනය දියුණු වෙන්න වෙන්න වෙන දේවල් (දී)

:       0       0

වික්‍රමසිරි ජයවික්‍රම Monday, 03 March 2014 02:55 PM

මේවා අහලා දැකලවත් අපිට එකක් හදා ගන්න බැරිද. ජනපතිතුමණි බදු අඩු කරලා දුප්පතාට ගන්න අවස්ථාව සලසා දෙන්න.(නදී)

:       0       0

පහන් Sunday, 02 March 2014 10:55 PM

මේ අපි වැසිකිලි පෝච්චි ටිකක් හදල ඉන්දියාවට විකුනමුද ? (නදී)

:       0       0

බංඩා Sunday, 02 March 2014 11:40 PM

ලංකාවේ මිනිස්සු මරුටියක් ගන්න සල්ලි වලින් ඉන්දියාවේ මිනිස්සු බස් එකක් ගන්න පුළුවන්. මේකෙත් ඒ වගේ තමයි. ලැම්බෝගිනියක් ගත්තත් මේ වගේ පොඩි මිනිහට හදපු එකක් නම් ගන්න වෙන එකක් නැහැ. අපි ගමු ලැම්බෝගිනි.(නදී)

:       0       0

ආසිරි Tuesday, 04 March 2014 05:30 PM

දැන් බලන්න මිනිස්සු ලක්ශ 4 කට එහා දීලා කිලෝ 250 ක් වත් බර නැති රෝද තුනක් ගන්නවා. මේකෙත් හැටි බලන්ඩකෝ. ඕක මෙහෙට එනකොට ලක්ෂ 6ත් පන්නයි. ඇයි බන් 6 ක් දීල ඔය බිත්තරයක් ගන්නේ? මම ට්‍රැඩ් සනියක් ගන්නව ඒ ගාන දීලා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 832 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1808 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2289 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5689 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1701 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6248 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18149 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 278 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site