ශ්රී ලංකාවේ මෙන්ම තුන්වන ලෝකයේ රටවල් කිහිපයකම දුප්පතාගේ ගමනා ගමනය සඳහා භාවිතා කිරීමෙන් තුලින් ජනාදරයට පත්ව ඇති රෝදතුනේ වහනයක් වන "බජාජ් ත්‍රීරෝද " රථය නව මුහුණුවරකින් නිෂ්පාදනය කිරීමට ඉන්දියා මෝටර් රථ නිෂ්පාදන සමාගම සැරැසෙයි.
ශ්‍රී ලංකාවේ භාවිතා වන්නේ බජාජ් රථයේ එක මෝස්තරයෙන් පමණක් වුවද රෝද තුනේ වෙනත් මොස්තරයන්ගේ රථ වාහන කිහිපයක්ම වෙළඳ පොළේ ඇත.
බජාජ් සමාගම රෝද තුනේ රථය වෙනුවට අලුතෙන් නිෂ්පාදනය කරනුයේ රෝද හතරක වාහනයකි. කෙසේනමුත් එහි එන්ජිමෙහි වෙනසක් සිදුකර නොමැත.
මෙනිසා ඔවුන් කියන්නේ මෙය මෝටර් රථයක් නොවන බවයි. බජාජ් සමාගමේ ප්‍රධාන නිෂ්පාදනය වන්නේ මෝටර් බයිසිකල් ය.
රෝද හතරේ වාහනය සඳහා ද යොදා ගැනෙනුයේ මෝටර් බයිසිකල් එන්ජීමකි.
අලුතෙන් නිෂ්පාදනය කරන රෝද හතරේ රථය දිගින් මිලි මීටර් 2752 ක්ද පළලින් මිලි මීටර් 1312 ක්ද උසින් මිලි මීටර් 1650ක්ද වෙයි. පසුපස සවිකර ඇති එන්ජිමේ බලවේගය අශ්වබල 200කි.
රථයේ උපරිම වේගය පැයට කිලෝ මීටර් 70ක් වෙයි.
නව රෝද හතරේ වාහනයේ එන්ජිම නිර්මාණය කිරීමේදී ඉන්දන භාවිතය සහ අහිතකර වායුව පිටකිරීම සම්බන්ධයෙන් විශාල වෙනසක් සිදුකර ඇතිනිසා එය පරිසර හිතකාමී වාහනයක් බවද රෝද තුනේ වාහනයට වඩා මගී ආරක්ෂාව සහ අරපරෙස්සම සහිත වාහනයක් බවද බජාජ් සමාගම පවසයි.
අත්හදා බැලීම සඳහා මෙම වාහනය දැනටමත් බජාජ් සමාගමේ ශ්‍රී ලංකා වෙළඳ නියෝජිතයින් වෙත සපයා ඇත. බජාජ් සමාගම ඇස්තමේන්තු කර ඇත්තේ මෙම රථය බද්දට පෙර රුපියල් 2,75,000 සිට 3,00000 දක්වා මිලකට අලෙවිකළ හැකි බවයි.
ලෝකය වටා විවිධ රටවලින් බජාජ් රෝද තුනේ වාහනය සඳහා ඇති ඉල්ලුම පහත වැටී ඇති නිසා රෝද හතරේ වාහනය හඳුන්වා දීමට අදහස් කල බව බජාජ් සමාගම කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බජාජ් රෝද හතර ඉන්දියාවට සල්ලි මවන යන්තරයක් වේද? (නදී)
රෝද තුනෙන් දාන සෙල්ලම් හතරෙන් බැරි වේ.(නදී)
කොච්චර හොඳ නිර්මාණ ආවත්, දුප්පත් අයට ගන්න වෙන්නේ නැහැ, රජයේ බදු එනකොට ලක්ෂ හය පැනලා.(නදී)
ඇත්තටම හොදයි. දුප්පත් ජනතාවට ගන්න පුළුවන් මිලකට වෙළද පොලට ආවොත් ගොඩක් වටිනවා. (නදී)
එහෙනම් ඒකත් අදිවේගයේ යයි නේද? (නදී)
ආකර්ශනීයයි. ත්‍රී රෝද රථයට වඩා මගීන්ට හොඳ ආරක්ෂාවක් තියෙනවා. මිළත් සාදාරණයි. ඉක්මනින් ආනයනය කරන්න.(නදී)
වැඩේ නම් හොදයි. ඒත් බද්ද ගහලා හතර වටේ කැරකිලා දුප්පතා අතට එනකොට ලක්ෂ 6 පනී. හැමදේම තියන ඇත්තාට විතරනේ අපේ රටේ.(නදී)
ලංකාවේ කරන්න පුළුවන් නම් නියම වැඩක්.. හරියට වටිනවා. (නදී)
මෙය ඉතා හොඳයි. නමුත් ඒ.සී අවශ්‍යයි.(නදී)
ලංකාවට ගැලපෙන නිර්මානයක්.ආරක්ෂාවටත් හොඳයිනේ.(නදී)
අෂ්ව බල 200 ද 200 සී.සී ද? මේක බදු එක්ක ලක්ෂ 7ක් විතර උනත් කාර් එකක් විදියට හදුන්වල දීලා ලක්ෂ 12 කට විතර මිල කරයි.(නදී)
වැඩේ නම් හොදයි. ලංකාවේ කරනවා නම් තවත් හොදා.........යි. නමුත් දැන් දැන් බලනකොට ලංකාවට ඉන්දියාව සලකන ,ගරුකරන අයුරු ගැනත් හිතන්න වෙනවා.(නදී)
අපි හැම දෙනාටම මිලදී ගන්න පුලුවන් විදිහට බදු අයකරනවා නම් හොදයිනේ.(නදී)
මේ වගේ එකක් ලංකාවෙ මයික්‍රො සමාගම හරහා මෙරටම නිෂ්පාදනය කරගත්තා නම් කොච්චර හොඳයිද. (නදී)
ගොඩක් හොඳයි සෑම කෙනෙකුට ගන්න පුලුවන් සාදාරන මිළකුත් ඔනෑ. (නදී)
රෝද හතර නෙවෙයි දහයක් එක්ක ආවත් ඉන්දියන් බඩු ජරාව. අවුරුදු 2-3 න් ඉවරයි.(නදී)
සේනක එක්ක මමත් ඉන්නවා.(නදී)
මොනවා මොනවා හරි කරලා ඉන්දියාවට අපේ මුදල් යවන එකේ ඉවරයක් නැහැ. ඇයි අපිට, රටට,දුප්පතාට හරියන වාහනයක් අපේ රටේම නිපදවන්න බැරි? (නදී)
අයි අපිටත් බැරි ඔහොම දෙයක් නිර්මාණය කරන්න, අපි ඉන්දියාවේ ආර්ථිකයේ කොටස් කරුවෙක් වෙලා, මේවා පාරේ දුවනකොට අපිත් හිතනවා අපි හරි දියුණුයි කියල, අනේ අවාසනාවක්.(නදී)
ලංකාවෙත් මෙවැනි හා මීටත් වඩා හොද නව නිර්මාණ කියක් හැදුවද. ඒත් එකක් වත් වැඩි දියුණු කරන්න බලදාරින් අත දුන්නේ නැහැ, උපන්ගෙයිම මියැදෙන්න ඇරියා බලදාරීන්. අද අපි ඉන්දියාවේ විස්කම් බල බල ඉන්නවා.(නදී)
ප්‍රකාශ කරලා තියන අදහස් කියවල බැලුවහම ඉන්දියාවේ හොරිත් හොදය කියන අය තමා වැඩිපුර ඉන්නේ. සේනක මේ වගේ එකක් තමා ලංකාවේ සමාගමෙන් මුල් වරට නිෂ්පාදනය කලේ.(නදී)
කෝ අපේ මෛක්‍රෝ සමාගම. ලංකාවේ ඉඳලත් අපේ වෙළඳපොල අල්ලන්න බැරිවීම දුකයි.(නදී)
කොහොම හරි ඉන්දියාවේ තියන සේරම දේවල් ලංකාවට තමා විකුනන්නේ. අපේ රටේ ඉදිකට්ටක් වත් හදන්නේ නැති නිසා හොදයි.(නදී)
අනේ ලංකාවේ ඉතුරු සල්ලි ටිකත් ඉන්දියාවටම යවමු. ඉන්දියාවේ කසිකබල් වාහන ලංකාවට හොදයි කියල උන් දන්නවා.(නදී)
වැලි ලොරියක හැපුනොත් කුඩු පට්ටම්. (නදී)
මේ අපි වැසිකිලි පෝච්චි ටිකක් හදල ඉන්දියාවට විකුනමුද ? (නදී)
ලංකාවේ මිනිස්සු මරුටියක් ගන්න සල්ලි වලින් ඉන්දියාවේ මිනිස්සු බස් එකක් ගන්න පුළුවන්. මේකෙත් ඒ වගේ තමයි. ලැම්බෝගිනියක් ගත්තත් මේ වගේ පොඩි මිනිහට හදපු එකක් නම් ගන්න වෙන එකක් නැහැ. අපි ගමු ලැම්බෝගිනි.(නදී)
හොද වැඩක් පාරිබෝගිකයට සාදාරන මිළනට දෙනවා නම් අපි ගොඩක් සතුටු වෙනවා.(නදී)
මීට ටික දවසකට කලින් එක්තරා ඉරිදා පුවත් පතක පළ කරලා තිබුණා ලංකාවේ පංචිකාවත්තේ අපේ කාර්මික මහත්මයෙක්ගේ නිර්මාණයක්. බොහෝ දුරට මීට සමානයි. හැබැයි විදුලි බලයෙන් ක්‍රියාත්මක වෙන්නේ විනාඩි 15ත් 20ත් අතර කාලයකින් චාජ් වෙන බැටරියෙන් කි.මී.160ක් පමණ ධාවනය කරන්න හැකි කියල ඒ මහතා කියා තිබුණා. තව, මේ වෙනකොට එවැනි වාහන 100කට වඩා හදන්න ඇනවුම් තියෙන බවත් කිව්වා. ඇයි එවැනි දේශීය නිෂ්පදකයින්ව රැක නොගන්නේ? මේ කසි-කබල් ගෙන්වනවට වඩා.(නදී)
දැන් ඉතින් ත්‍රී ව්ල් අයියල මේකත් අදිවේගී මාර්ගයට දාල ඒකේ නිදහසේ යන්නත් බැරිවෙනවා.(නදී)
දැන් සල්ලි නැති නිසා ලොකු බද්දක් ගහයි.(නදී)
අලි මදිවට හරක් කීවලු. ලංකාවට ඉන්දියාවෙන් දීපු ත්‍රස්ත වාදයට තවත් එකක්.(නදී)
තව තවත් ඉන්දියන් කාසි කබල් වාහන ගෙනවිත් පුරවනවා වෙනුවට ලංකාව නිර්මාණය කල විදුලි මෝටර් රථය දියුණු කරලා මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරලා වෙළද ලොව මෙන්ම පරිසරයත් ජය ගන්න උත්සහ කලොත් නරකද. මෙය ජනපති, බැසිල් හා ගෝටාභය මහත්වරුන් වෙත කෙරෙන ඉල්ලිමකි. (නදී)
මෙම ඉන්දිඅන් කසිකබල් වාහන ගැනීමෙන් වලකින්න. ඔබගේ ආරක්ෂාව ගැන හිතන්න මුදලට වඩා.(නදී)
200 යනු පිස්ටන් වල ධාරිතාව ගණ සෙන්ටිමීටර් 200 බවයි . අපේ 3 වීල් කට්ටිය වර්ජන කරයිද දන්නේ නැත .ඔවුන් වරක් දුවිපහර වාහන නිෂ්පාදනය ඉන්දියාවේ නවත්වනකොට , නැනෝ වාහන ගෙනෙනකොට , ඔවුන්ට ඇමතියෙක් නැහැ කියල වර්ජන කළා නේද ? දැන් රෝද තුන හතර කරනකොට ? (නදී)
ඉන්දියාවේ කුණුගොඩවල් ඔක්කොම ලංකාවට තමා එන්නේ වෙනත් රටවල් වලින් ඒවාට ඉල්ලුමක් නැත. (නදී)
අපි වගේ මධ්‍යම පන්තියේ අයට මේක ලොකු ඒත් අපේ සමාගමකට මෙවැනි දෙයක් හදන්න බැරි හැටි.(නදී)
තවත් ඉන්දීය කුණු ගොඩක්.(නදී)
මෙවැනි වාහන ලංකාවට නොගෙන්විය යුතුයි. (නදී)
ලංකාවෙන් වැසිකිලි හදලා ඉන්දියාවට යැව්වොත් හොද ඉල්ලුමක් තියේවි. මොකද ඉන්දියාවේ සියයට හැට හතරකට ටෙයිලට් නැහැ.(නදී)
කාලෙන් කාලෙට මතුවෙන බොරු "ජාතිකාභිමානය " පැත්තක දාල ,බොරු උපවාස පැත්තක දාල සැබෑ "දේශාභිමානයෙන්" මේ ශ්‍රීලාංකිකයෝ හැමෝටම මේවගේ නිර්මාණයන් කරන්ට හිතක් පහල වෙන්නේ නැත්තේ නම් සැබෑ කරුමේකටම තමයි.(නදී)
නැනෝ ආවෙත් ඔය කතාව දුප්පත් අපිට කියා ගෙන. හැබැයි දැන් දුප්පත් කෙසේ වෙතත් මධ්‍යම පන්තියේ මිනිහෙක්ටවත් ගන්න බැරි වෙන්න බදු ගහල. ඉන්දියාව ඒ රටේ මිනිස්සුන්ගේ ආර්ථික තත්වයට හරි යන්න ඒවා දෙනවා. අපේ අය මඩිය ලොකු කරගන්න අපිව හුරගෙන කනවා. (නදී)
ලංකාවේ මේ වගේ වැඩ කරන්න පුළුවන් හැකියාවක් තියෙන තරුණ ජවය, තාක්ෂනය ඕනෑවටත් වඩා ප්‍රමාණවත්. නමුත් ප්‍රශ්නය ඇත්තේ ජාතික මට්ටමින් මෙවැනි දෙයක් කිරීමට සැලසුම් සහගත බවක් නොමැති කමයි.(නදී)
දම්,අපේ සමාගමට වෙළඳ පොළ අල්ලගන්න බැරි වීම ගැන නෙවේ දුක් වෙන්න ඕනේ. අල්ලගන්න දෙන්නේ නැතිවීම ගැනයි දුක් වෙන්න ඕනේ. ඉන්දියාවේ කුණු ගොඩවල් ගෙනෙන්නේ නැතිව,ලංකාවේ නිෂ්පාදන වල බදු අඩුකලානම් අපේ සමාගමට තැනක් එනවා.(නදී)
අපේ රටේ ඕනෑ තරම් දක්ෂ තරුණයෝ ඉන්නවා. ඒත් කිසිම අගයක් නැහැ. (නදී) .
පිකප් ස්පීඩ් එක අඩු වාහන පාරට දමපුවහම තවතවත් ට්‍රැෆික් වැඩිවෙනවා. කොළඹ දිස්ත්‍රික්කයෙන් පිටට නම් හොඳයි.(නදී)
වැඩේ හොඳයි. ඒත් ඩ්‍රයිවින් ලයිෂන් දෙනකොට හැබිචෝල්කාරයින්ට නොදී ඉන්න.(නදී)
අශ්ව බල 200 නම් කෝච්චියක් උනත් අදින්න පුළුවන්නේ.(නදී)
ගරු ජනාදිපති තුමනි, දුප්පත් අය වෙනුවෙන්, මේ රථයේ බදු අඩුකරන්න පියවර ගන්න. ඒකයි සමාජීය දියුණුව කියන්නේ. (නදී)
අතිගරු ජනාධිපති තුමනි, දුප්පත් අය වෙනුවෙන් මෙම රථයේ බදු අඩු කරන්න පියවර ගන්න. ඒකයි සමාජීය දියුණුව කියන්නේ. එවිට ජනතාව සැමදා ඔබ තුමා සමගයි. (නදී)
මෙහෙමයි මෙිකේ දෙපැත්තක් තියනවා .මෙික හොදයි ත්‍රිවිල් එකට වැඩිය ආරක්ෂාව අතින් ඉන්ධන වියදම අතිනුත් රටට ගැලපෙනවා. දැන් අපේ රටෙි හදන්නේ ලාභය මුලික කරගෙන හදන එකක් මිසක් පොඩි මිනිසුන් ගැන හිතල වැඩ කරන්නේ නැහැ. දැන් මයික්‍රෝ මුලින් ආවෙි මෙහෙම දැන් යන්නේ ඇයි මිලයන 2 න් එහා. හේතුව ලාභය ලංකාවෙි මිනිස්සුන්ට අපේ කියන හැගිම අඩුයි මමත්වය වැඩියි. අනික තමයි පොඩි ගානකට වාහන ආවොත් ගොඩක් අය ගන්නවා එතකොට ලොකුවාහන තියන අයට පාරේ වෙිගෙන් යන්න කරදර වෙනවා. පාරේ වාහන වැඩි වෙනකොට ඒකයි පොඩි වාහන වලට බදු වැඩි වෙන්නේ මෙිවා ගොඩක් හිතලා ගන්න තිරන අපිට තේරුනේ නැති උනාට ඉහල ඉන්න අය මෙි ගැන හිතනවා. බලන්නකො දැන් ත්‍රිවිල් කරදරයක් වෙලානේ එහෙන් දානවා මෙහෙන් දානවා කියලා අපිත් බැනලා ඇති. ඒ වාගේ තමයි මෙිකත් අඩු ගානට දුන්නොත් ඔක්කොම අරගෙන එහෙන් මෙහෙන් දාගන යයි. මටත් ආසයි මෙි වාගේ පොඩි වාහනයකට ඒත් ඉතින් ගන්න එක හිනයක්.(නදී)
මේ පපඩම් ගෙන්වන්න රටෙන් එලියට ඇදෙන මහා ධනස්කන්දය නවත්වන්න ලංකාවේ මයික්‍රො කාර් කම්පැනියටවත් හැකියාවක් නැද්දෝ.(නදී)
ලංකාවේ මයික්‍රෝ සමාගම කාර් හදන්න පටන් ගත්ත කාලේ අඩු මුදලට කාර් ගන්න පුළුවන් කිව්වා හින්ද අපිත් බලා හිටිය කාර් එකක් ගන්න. ඒකටත් බදු ගහල ගණන වැඩි කලා. අපි මොකටද ඉන්දියාවට සල්ලි යවන්නේ අපේ රටේ හදන කාර්වල බද්ද අඩුකරලා අපිටත් කාර් එකක් ගන්න මග පාදලා දෙන්නකෝ. "සියරට දේ - සිරි සැපදේ" කියලා.(නදී)
වචනයේ පරිසමාප්ත අර්තෙන්ම කාර් එකක් යනු කාර් එකක් මිසක මොකක් හෝ රෝද හතරාකාර වහලයක් ගහල එවන කරත්තයක් නොවිය යුතුයි. කන්දක් දකිද්දී ඒසී වහන්ටත් වලක වැටුනම කොන්දේ බෙහෙත් බඳින්ට වෙන්නෙත් අතපය අකුලාගන ගිහින් හන්දිපත් රුදාව හැදෙන්නෙත් මේ වගේ හිඟන වාහන කොම්පැනි කාරයෝ නිසා.(නදී)
පිට රටකින් දෙයක් ආවොත් හරි ලොකුවට ඒ ගැන කතා කරයි. අපේ අහිංසකයෙක් සුපිරි වැඩක් කලත් ඒ ගැන කතා කරන්න කවුරුත්ම නෑ. අනේ අපේ රටේ අපේ අහිංසකයින්ට අතදෙන්න ඒක ගොඩක් වටිනවා.(නදී)
හිඟන කාර් කියන්නේ මේවට. 200 සිසි එන්ජිමක් කියන්නේ බයිසිකලයක් තරම. ලංකාව වගේ රටවල මිනිස්සු අන්දන්ට ලේසි නිසා මොකක් හෝ හදල ඇගේ ගහනවා.(නදී)
කොපමණ කාලයකින් අපට මිලදී ගන්න හැකි වේවිද? (නදී)
මාත් එක්ක ඉන්දියන් කොල්ලෝ ගොඩක් වැඩ කරලා තියනවා .. උන් හිනා වෙනවා අපිට , නැනෝ කාර් ගන්නේ ඉන්දියාවේ ත්‍රී වීල් එකක් වත් ගන්න බැරි දුප්පත් උන්ලු .. ඒ උනාට අපේ රටේ නැනෝ එකේ ගණන් වලට උන් හිනා වෙනවා .(නදී)
මොනවා උනත් ඉන්දියන් වාහන කසිකබල්. අවුරුදු 2-3 යනකොට වාහනේ ගන්න දෙයක් නෑ. ලංකාවේ මයික්‍රෝ සමාගම තියැද්දී ඇයි ඉන්දියාවේ වාහන ගෙන්වන්නේ? ඉන්දියාවේ වාහන වලට වඩා මයික්‍රෝ සමාගමේ වාහන ඉතා හොදයි. ඒවගේ ආරක්ෂාවත් ඉහළයි. ලක්ෂ 14ට 16ට තියෙන වාහන වල පවා එයා බෑග්ස් තියෙනවා. ඒ ගානට තියෙන ඉන්දියන් වාහනවල ඒවා නෑ.(නදී)
හොඳයි අපේ රටේ වාහනයක් හදාගන්න තිබ්බා නම් ඔය වගේම ගොඩක් වටිනවා.(නදී)
හොද නිර්මාණයක් අපී රටට ගැලපෙනවා. නමුත් දුප්පත් මිනිහට ගන්න වෙන්නෙ නැහැ. මේ වගේ හතර ගුණයක් බදු ගෙවන්න ඕනේ නිසා.(නදී)
මහත්තයෝ,ඉන්දියාවේ ඡන්ද කාලෙට වැසිකිලි පෝච්චි තහඩු එහෙම බෙදන්නේ නැතුව ඇති නේද? (නදී)
හොද වැඩක් ලංකාවේ අපිට ලක්ෂ 5 කටත් අඩුවෙන් දෙන්න පුලුවන්නම් කොච්චර අගේද ? (නදී)
මෙම රථයේ එන්ජින් ධාරිතාව ප්‍රමාණවත් මදි කියල තමයි මට හිතෙන්නේ. ත්‍රි රෝද රථයට වඩා බරින් වැඩියි කියල හිතෙනවා. ඒත් සමඟම ත්‍රී රෝද රථයට වඩා තරමක් ආරක්ෂාකාරී වේ. ත්‍රී රෝද රථ රියදුරන්ගේ අවධානම් සහගත යූ ටර්න් ගැහිල්ලයි එකපාරටම හැරවිල්ලයි මේකන් වත් අඩුවෙනවා නම්.(නදී)
ඩේවිඩ් පීරිස් එකට බැරිද 600cc වාහනයක් හෝ බැටරියෙන් දුවන වාහනයක් ලංකාවේ හදන්න. හැමදාම අනුන් හදන එකක් විකුණනවට වඩා.ලජ්ජා වෙන්න ඕන මේගොල්ලෝ මේ රටේ සල්ලි ඇදල පිටරටට යවනවා.(නදී)
හොඳ අදහස.(නදී)
හොදයි දුප්පත් අපිට ටැක්ස් එක කෙසේ සලකයිද? (නදී)
ඉන්දියාවට කැත වාහන මිසක් ලස්සන වාහන හදන්න බැහැ.(නදී)
මෙතන අපේ අය මොනව කිව්වත් මාර්කට් එකට දාපුවහම බලන්නකො පාර පුරාම සූ ගාල ඔය වාහනේ තියෙයි. ලංකාවෙ පිටකොටුවෙ වීඩියෝ එකක් ටීවී එකේ පෙන්නුවොත් 70%කට වැඩිය තියෙන්නෙ ඉන්දියන් වාහන. පිට රට ඉන්න අපිට ලැජ්ජයි ලංකාවෙ ප්‍රධාන නගරෙ ඉන්දියන් වාහන පොකුරු පිටින් පෙන්නනකොට. ඇයි අපේ රටේ දක්ෂයන්ට අත දෙන්නෙ නැත්තෙ? (නදී)
තුෂාර ඔබ හරි මේ දේශපාලනය තමයි මේකට හේතුවත්.(නදී)
අශ්වබල 200ක් නම් ලැම්බෝගිනි එකක්වත් වෙන්න ඕනේ.(නදී)
රෝද හතර හොදයි බදු නැත්නම්. කොහෙද ඉතින් දුප්පත් මිනිස්සුන්ට බදු සහනයක් නැහැනේ.(නදී)
මොනවා උනත් ඉන්දියන් වාහන කසිකබල්. අවුරුදු 2-3 යනකොට වාහනේ ගන්න දෙයක් නෑ. ලංකාවේ මයික්‍රෝ සමාගම තියැද්දී ඇයි ඉන්දියාවේ වාහන ගෙන්වන්නේ? ඉන්දියාවේ වාහන වලට වඩා මයික්‍රෝ සමාගමේ වාහන ඉතා හොදයි. ඒවගේ ආරක්ෂාවත් ඉහළයි. ලක්ෂ 14ට 16ට තියෙන වාහන වල පවා එයා බෑග්ස් තියෙනවා. ඒ ගානට තියෙන ඉන්දියන් වාහනවල ඒවා නෑ.(නදී)
අර වැසිකිලි පෝච්චි කතාව නම් මාරු හොදේ. අපෙන් ඉන්දියාවට දෙන්න වටිනාම දේ.(නදී)
ඉතාම ඉක්මනින්ම මෙහි ලංකා විකුණුම් මිල දැනගන්ට පුළුවන්නම් දැම්මම හිත හදාගෙන දැනට තියෙන ත්‍රීවීල් 1ක් ගන්ට තිබුණා .(නදී)
නියමයි හොඳ උත්සාහයක්.(නධී)
දැක්කම නම් ආසා හිතෙනවා.(නදී)
ඇත්තටම ලංකාවේ අපිට මේ වගේ එකක්වත් හදන්න බැරිද? (නදී)
මේ ජරාවල් ගේන්නේ නැතුව හොද වහනයක් දුප්පතුන්ට ගන්න බදු අඩු කරන්න (අ)
මරු.(නදී)
හොඳ අදහසක්. ඒත් ඒකත් දුප්පතාට හීනයක් ම විතරක් වේවි.(නදී)
මේවා අහලා දැකලවත් අපිට එකක් හදා ගන්න බැරිද. ජනපතිතුමණි බදු අඩු කරලා දුප්පතාට ගන්න අවස්ථාව සලසා දෙන්න.(නදී)
චන්න, මේ වාහනය අපේ රටේ නිෂ්පාදනයක්. තව දියුණු කරන්න උදව් ලැබුනොත් ගොඩක් වටිනවා. (නදී)
වෑඩේ හරි. තව ජරාවක් ගේන්න හදන්නේ.(නදී)
කොහොම වේව්ද දන්නේ නැහැ. දුප්පත් අපට ගන්න හැකි මිලක් ලැබේවා.(නදී)
නියමයි ඒක තමයි නියම වාහනය.(නදී)
ඇයි දුප්පත් මිනිස්සුන්ට යන්න පුංචි කාර් එකක් හදන්නේ නැත්තේ? (නදී)
නැනෝ කියන්නෙත් ලංකාවේ වාහන නොවේ. . පිට රටින් කෑලි ගෙනල්ලා මෙහිදී එකතු කරනවා පමණයි. අපිට තවම බයිසිකල් එකක්වත් හදාගන්න බැහැ. නමුත් කයිය නම්.(නදී)
හොයාහන්කො තව රෝදෙකට සල්ලි.(නදී)
මම නම් කියන්නේ ලංකාවේ දේවල් ඉදිරියට ගන්න ඕන කියල අනිත් එක තමා දේශීය දේවල් වල ට බදු සහන දෙනව නම් දේශීය දේ විකිනේවි (අ)
හපෝ තව හූනියමක් !!. තව ට්‍රැෆික් වැඩිවෙනවා මේවා ඇවිත්. මේ වාහන නිසා අනිත් වේගයෙන් යන වාහන වලට ඉඩ මදි වෙනවා. කොට කොට තමයි අනිත් වාහන වලට යන්න වෙන්නේ. (අ)
බදු අඩු උනොත් හෙට ගන්නවා (අ)
ලංකාවේ වාහන හදන්න දිරි ගැන්නුවම ටැක්ස් ගහන්නේ කොහොමද? ඒක නිසා අපි ඉන්දියාවෙන්ම ගේමු. (නදී)
දුප්පත් අපිට මිලදී ගැනීමට හැකි වන මුදලකට ආවොත් හොදයි. නැත්නම් මේ පොටෝ වලට හූල්ලන්න තමයි වෙන්නේ. අතේ මිලට රු. 300000.00 කට ආවොත් අනිවාර්‍යෙයන්ම ගන්නවා මයි. ඒ මිලට ආවෙ නැත්නම් සොරි කොම්.(නදී)
දුප්පත් අපිට මිලදී ගැනීමට හැකි වන මුදලකට ආවොත් හොදයි. නැත්නම් මේ පොටෝ වලට හූල්ලන්න තමයි වෙන්නේ. අනේ මිලට රු. 300000.00 තට ආවොත් අනියාර්යෙන්ම ගන්නවා මයි. ඒ මිලට ආවෙ නැත්නම් සොරි.කොමේ (අ)
අනේ ඔය කුණු ගොඩවල් ගෙන්න එපා, (අ)
ලංකාවේ දෙයක් ඇරෙන්න කොහොමත් මේ ජරාව ගැන විස්වාස තියන්න එපා. (අ)
80දශකයට පෙර අපි ගමන් ගියේ වැදගත් විදියට නොතෙමී කාර්වලින් . රෝද තුනේ වාහනයක් තිබුන ප්‍රන්සයෙන් ආපු බඩු අදින්න. නොයක් රටවලින් රෝදතුනේ වාහන මගී ප්‍රවාහනයට ආවේ 80 දශකයේදී. ඒවා වැඩිකල් පාවිච්චි වුනේ නැත .බැංකොක් වලින් ආව චුක් චුක් කියල එකක් . ඒකාලේ 3 වීල් ගෙන්වන කොම්පැනියක් අසල ආරාමයක පුජකවරයෙක් රටේ ප්‍රධාන පුරවැසියකු ලවා රජයේ ආයතන වලට ගන්නයි නියෝග කළා මතකයි. එට පසුවයි 3 වීල් පාවිච්චිය වැඩිවුණේ . (දී)
මේක ලංකාවට සුදුසුයි.මේ වහනය පොඩි මිනිහට ගැන පුළුවන් විදිහට දෙන්න කටුටු අරන්න.(අ)
අපිටත් ගන්න අසය් එත් රජයේ බදු මුදල් එකතු වෙනකොට ඔය මුදල දෙගුණයක් වෙනවා අපි වගේ දුප්පතුන්ට ඕව ගන්න අඑක හීනයක් වනවා. (අ)
අපොයි..... අපොයි.... .එතකොට මේක පදවන්න අවසරය තියෙන්නේ මොන රියදුරු බලපතරය තියන අයටද................? (අ)
ෂෝක් වාහනේ මේක නම් මම අරගන්නවා (දිල්)
මයික්‍රො සමගම මීට කාලෙකට ඉස්සෙල්ල මේ වගේ නිෂ්පාදන කලා කෝ ඒවාට මොකද උනේ....?(දිල්)
නියමයි ඒත් වැඩක් නැහැ.(නදී)
දැන් බලන්න මිනිස්සු ලක්ශ 4 කට එහා දීලා කිලෝ 250 ක් වත් බර නැති රෝද තුනක් ගන්නවා. මේකෙත් හැටි බලන්ඩකෝ. ඕක මෙහෙට එනකොට ලක්ෂ 6ත් පන්නයි. ඇයි බන් 6 ක් දීල ඔය බිත්තරයක් ගන්නේ? මම ට්‍රැඩ් සනියක් ගන්නව ඒ ගාන දීලා.(නදී)
ඉක්මනට ගෙන්වන්න.(නදී)
පොඩි මිනිහට ගන්න පුළුවන් ගානකට දෙනවනම් වටිනවා.(නදී)
ලංකාවට නියමෙටම සෙට් වෙනවා. වීල් එකේ ගානට වගේ දුන්නොත් ලංකාවම මේක ගන්නවා ෂුවර්. (නදී)
අපෝ ඉන්දියාවේ වාහන නම් කසි කබල්. ඒක සහතික ඇත්ත.(නදී) .
හොදයි ඒත් ඉතින් පැවැත්ම අඩුයි. අනික ඉන්දියාව අපේ රටට කුඩම්මාගේ සැලකිලි දෙනකොට අපි මොකටද ඒ බඩු ගන්නේ. (නදී)
පොඩි මිනිහට සාදාරණ මිලකට නම් ගන්න පුළුවන් වේවි (දිල්)
මම නම් කියන්නේ ඔකේ පළල ඩබල් කරන්න ඕන, වෙට්ටු දල යන්න බැරි වෙන්න. (නදී)
දුප්පතාගේ හිතවතා බලමු අපේ පොකැට්ටුවට සරිලන ගානකට හම්බවෙයිද කියලා.(නදී)
හොද වැඩක් දුපත් අපිට මොකද වෙන්නේ(දිල්)
නියමයි! (නදී)
අන්න වාහන! (අ)
අපිටත් ගන්න හැකි වෙයිද? (නදී)
ඇත්තටම හොදයි හදමු මම ගන්නවා (දී)
හොද කාර් (දී)
හොඳද කියලා අවුරුද්දක් විතර බලලා තමයි කියන්න වෙන්නේ (නි)
ලංකාවේ හදන්න පුලුවන්නම් හොඳයි.(ස)
ඉතා හොඳයි (නි)
හොඳ නිපැයුමක් අපිට වටිනවා (දී)
තාක්ෂනය දියුණු වෙන්න වෙන්න වෙන දේවල් (දී)
ලංකාවේ කොල්ලො ටික ත්‍රී වීල් පාර්ක් වලටම හිරකරන්නද යන්නේ ඔයිට වැඩිය දෙයක් අපේ කොල්ලන්ට බැරිද ? (අ)