IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


බෝට්ටු සරණාගතයෝ කඳවුරුවලට ගිනි තබති

ඕස්ට්‍රේලියාවට බෝට්ටු මගින් පැමිණෙන සියලුම සරණාගතයින්   වහාම දකුණු ශාන්තිකර සාගරයේ පැපුවා නිව් ගිනියාවට ගුවන් මගින් පිටත්කර යැවීමට ඕස්ට්‍රේලියාවේ අගමැති කෙවින් රඩ් තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් ගිවිසුමක්ද පැපුවා නිව් ගිනියා  අගමැති පීටර් ඕ‘නෙයිල් සමග අත්සන් කැරිණි.

මිනිස් ජාවාරම්කරුවන්ගේ ක්‍රියා කලාපයන් වහාම නතරකර දැමීමට කාළය එළඹ    ඇතැයි ද අගමැතිවරයා මාධ්‍ය හමුවේ පැවසීය.

ඕස්ට්‍රේලියා කම්කරු පක‍ෂයේ නායක හා රටේ අගමැතිගේ මෙම තීරණය  සමගම දැනට නාවුරු දිවයිනේ සරණාගත කඳවුරුවල සිටින රැඳවියන් විශාල    පිරිසක් ඉන් ළියට අවුත් කළහකාරීව හැසිරුණහ. කඳවුරු කිහිපයකට ගිනි තැබූහ. ශ්‍රි ලාංකික බෝට්ටු සරණාගතයෝ ද මෙම කඳවුරුවල සිටිති. 

කළහකාරී  ලෙස හැසිරුණු 50ක් පමණ නාවුරු  පොලීසිය අත්අඩංගුවට ගත්හ.

ගැටුමේ කඳවුරු නිලධාරීන් කිහිප දෙනෙක් හා පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් ද තුවාල ළදහ.

ඕස්ට්‍රේලියා අගමැතිගේ මෙම තීරණය ඉදිරි මැතිවරණයට හානිදායක බව    දේශපාලන ආරංචි මාර්ග කියයි.

මෙම තීරණය අගමැතිවරයා තම රටගැන සිතා ඝෘජුව ගත් තීරණයක් බව මධ්‍යස්ථ මතධාරීහු පෙන්වා දෙති.         



අදහස් (0)

බෝට්ටු සරණාගතයෝ කඳවුරුවලට ගිනි තබති

නාලක Saturday, 20 July 2013 10:04 AM

පැපුවා නිව් ගිනියා කියන රටේ තවම ඉන්නවාලු නේද මිනීමස් කන ගෝත්‍රිකයෝ? (නි)

:       0       0

ශෙහාර් Saturday, 20 July 2013 10:06 AM

තමන්ගේ රට බේරාගන්න ගත් අභීත ක්‍රියාමාර්ගයක් (නි)

:       0       0

රණා Saturday, 20 July 2013 10:17 AM

මෙන්න හොද රටක්.. (නි)

:       0       0

රූපවති Monday, 22 July 2013 12:34 AM

මේකේ .අදහස් දමල තියන අය හිතුවද? නිකමටවත් ...? සද්ද කරන්න එපා? ගියපු සේරම කොටි, උන්ට දැන් තියෙන්නේ එහෙන් කැල්ලක් ඉල්ලලා යුද්ද කරගන්න දීල අපේ පාඩුවේ ඉමු. අපේ රටේ ප්‍රශ්නෙත් ඉවරයිනි එතකොට...?තේරෙන් නැද්ද (අ)?

:       0       0

සේනක Saturday, 20 July 2013 11:02 AM

මේක හොද දෙයක් මොකද ලංකාවේ ඉදල විතරක් නොවෙයි ලෝකේ හැම රටකින්ම වගේ එනවා මේ අය නිසා වැගත් විදියට අපු අයාට කරදරයක් (අ)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 20 July 2013 07:53 PM

මම පාපුවා වල රැකියාවක් කලා..එක නගරෙකින් තවත් නගරෙකට යන්න පුළුවන් බොහෝ දුරට ගුවනින් පමනයි .ලස්සන රටක්..නගර බද දියුනුයි ..නමුත් ගම්බද ගොඩක් දුෂ්කරයි ..හොදට සල්ලි හම්බ කරන්න පුළුවන් රටක්..අපේ අය ගොඩක් ඉන්නවා හොද රැකියාවල් වල..ඔස්ට්‍රේලිය යන්න අවශ්‍ය සුදුසු කම්ම ඕන විසා ගන්න..කොහොම උනත් මෙයාලව දන්නේ කදවුරකට..එළියේ ජීවත්වෙන්න හම්බ වෙන්නේ නැහැ..බොහෝ දුරට දුපතකට වෙන්න පුළුවන්..ආයෙ පැනිලිනම් බොරු. (දී)

:       0       0

ටෙනිසන් Sunday, 21 July 2013 10:50 AM

කණිෂ්ක පුතේ කනගටුයි .මම ඔස්ට්‍රලියාවට ගියේ සමහර විට ඔයා උපදින්නත් කලින්. 70දස්කයෙ අගබාගෙ.දැන් වගේ යන්න කරදර වුනෙත් නැහැ බාගෙට උගත් අය ගෙනිච්චේත් නැහැ.ඉහලම රැකියාවක් කලේ. මම හිතන්නේ ගිය එකම තනිකඩය මම.විසේට ගිය මිසක් රැකියාවක් නැති කමවත් ,තව කෙකුට ඉරිසියාවට වත් රට දල ගියේ නැහැ.තනි මම 48% බදු ගෙව්වා පවුල් පිටින් ගිය අය නම් සදා බැංකුවට නයයි .කාල ඇදල කාටවත් අප නොපා ජීවත් වෙතහැකි.එත් නීරස ජීවිතයක්. අපේ රටේ පොල්සම්බෝලය් බතුයි කාල හිටියත් සැපයි .හැබයි ඊටපසු අද වන තුරු රට. කොහෙවත් ඉස්තිර පජින්ති ගත්තේනැහැ එක රටක උපරිම සිව් වසරයි .විසල විදෙස විනිමයක් රටට ගෙනත් තිබෙනවා මම මගේ රටට නය නැහැ .දැන් වයස 66 තවම රට.නරකද (දී)

:       0       0

රන්ජනී Sunday, 21 July 2013 10:56 AM

කණිෂ්ක සහ ජගත් පැපුවා නිව්ගිනියාවේ සිට දැක්වූ අදහස් වලට ස්තුතියි. මේ ලඟදි තමයි බෝට්ටු වලින් යන එකට පියවර ගත්තේ. ඊට කලින් තොග ගණන් ගිහිපු අය ඔස්ට්‍රේලියාවේ පුරවල ඉන්නවා, ඔයාලට හිතට අමාරු ඇති. ඔස්ට්‍රේලියාව හොඳ රටක් තමයි. එත් ඉන්න ලංකාවේ මිනිස්සු 10% ඇති උගත් වැදගත්. අනිත අය සෝබනේට ඉන්නවා ඔයාල දෙන්නත් ඇතුළුව. ලිඳට වැටුන එකා ලින් කටෙන් ගොඩ එන්න එපයි. අපි දන්නවා ඇත්ත. ඔය බෝට්ටු වලින් අපු කට්ටියට එකතු වෙන්න නොගියට ලංකාවේ තමන්ගේ ගෞරවය තියාගෙන ඉන්න පුළුවන් රටක්. ඔයාල කොච්චර පෙන්නන හැදුවත් ඔයරටේ සලකන්නේ සංක්‍රමිනිකයෝ විදියට. හමේ පාට නැති වෙන්නේ නෑ. බොරු එපා. අපි නොදන්නා ඔස්ට්‍රේලියාව. (දී)

:       0       0

කුමාර Saturday, 20 July 2013 11:56 AM

පිටබැද්දර ජයා, දැන් එහෙ ඉන්න සුද්දෝ බහුතරයක් එන්ගලන්තයේ අයගෙන් පැවතෙන අය. (නි)

:       0       0

ටෙනිසන් Saturday, 20 July 2013 11:58 AM

එළිවෙන ජාමෙට හොද හොද සෙල්ලම් කිව්වලු . උගත් අය විතරලුද එහාට ගන්නේ.දැන් කොහේ කාගේ සල්ලි වලින්ද මෙයාලා ඉගන ගත්තේ? මහත්වරුනේ, තමන්ගේ කට බොරු කිව්වත් දිව නම් බොරු කියන්නේ නැහැ නේද? උඩ පැනගෙන සිහින මාලිගා ඔලුවේ තියගෙන ගිය අයට තවමත් ඒවා සිහින බව මම මීට කලිනුත් කිවුවා. 70 වේ 80 වේ දශකයේ ගිය අය නම් අද ඕස්ට්‍රේලියන් ජාතිකයෝ වගේ ජීවත් වෙනවා. ඒත් හුග දෙනෙක් අප අතර නැහැ. ටික දෙනෙකුගේ දරුවො නම් තවම අප හා දොඩමලු වෙනවා. (නි)

:       0       0

කණිෂ්ක Sunday, 21 July 2013 11:46 AM

රංජනීගේ ලොකු හීන මානයක් තියෙන්නේ. මේක සංක්‍රමනිකයන්ගෙන් හැදුනු රටක්. 50%ක් විතර ශ්‍රම බලකායෙන් ඉන්නේ ආසියානුවෝ. ඔය කියන විදියේ වර්න බේද වාදයක් මෙහෙ නැහැ. ඔය බෝට්ටු කාරයෝ හින්දා තමයි වැදගත් මිනිස්සුන්ටත් ලැජ්ජා වෙන්නේ. දන්නවනේ,ලංකාවේ සමහර අයියාලට පොටක් පෑදුනොත් ඉහගෙන කන්න හදනවා කියලා. අපි නම් ඔය සෝබන කතාවක් දන්නේ නැහැ. නමුත් ලංකාවේ කරපු රැකියාවම කරගෙන ඉන්නවා. අපේ සුදුසුකම් මෙහාට හරියන නිසා. සමහර විට ඔයාට ඒ වගේ ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙලා ඇති. ඔයාල වගේ අයගෙන් මෙහෙට වැඩක් නැති නිසා.(නදී)

:       0       0

අශාන් Saturday, 20 July 2013 12:19 PM

හොද තීරණයක්. මෙහෙ ඉගෙන ගන්න ළමයි කොච්චර වියදම් කරනවද මෙහෙ නවතින්න. සරණාගතයෝ නිසා දැන් මෙහෙ රැකියාවල් අඩුයි. මෙහෙම එන අයගේ හැසිරීමත් හොද නැහැ.(නදී)

:       0       0

ටෙනිසන් Saturday, 20 July 2013 12:20 PM

කොල්ලොයි බල්ලොයි එන එක නවතියිලු. දැන් කලින් ගියේ කෙල්ලොයි බැල්ලියොයිද එහෙනම්.(නදී)

:       0       0

ප්‍රියන්ත Saturday, 20 July 2013 12:42 AM

ගොවි තැනක් බතක් කරගෙන තමන්ගේ රටේ ඉන්නේ නැතිව සැප ගන්න යනවට හොඳ වැඩේ.(නදී)

:       0       0

ශිරෝමි Saturday, 20 July 2013 01:15 PM

යුරෝපේ අයට තව ඉස්සරහට තේරෙයි ඕකේ රඟේ. අපේ රටට කරපු දේවල් ඉතින් එයාලටත් ලැබෙන්න එපැයි (දී)

:       0       0

චතුල වෙරෝනා Saturday, 20 July 2013 02:07 AM

ඔස්ට්‍රේලියාවේ යන ගමන දෑන්වත් අතහෑරපල්ල මිනිසුනේ.(නදී)

:       0       0

ජගත් Monday, 22 July 2013 03:08 PM

රන්ජනී හා අසාදි ෂුවර් එකටම ඕස්ට්‍රේලියා යන්න උත්සාහ කරලා කරලා යන්න බැරුව කෑගහන අයද කොහෙද? මම කලින් කිව්ව විදියට ශ්‍රී ලංකික උගත් වෘත්තිකයින් මෙහෙ හොද අභිමානයෙන් ඉන්නවා. ලංකාවට හදවතින්ම උදව් කරනවා. ඔයාල පිට ඉදගෙන අනුන් කියන දේවල් අහලා මේකේ අදහස් දාන්න එපා. (නි)

:       0       0

සම්පත් Saturday, 20 July 2013 03:00 AM

හොඳ වැඩක්. කොටින්ව ලෝකයෙන් තුරන් කරමු. (නදී)

:       0       0

නාමල් Saturday, 20 July 2013 01:49 PM

ඔස්ට්‍රලියාවේ ඉන්න කොල්ලගෙන් අහන්න කොහොම ආවත් විදින්නේ දුකම දුක ජිවිතයක් ලංකාවට එනකොටනම් එන්නේ ඉර හද අරන් එනවා වගේ අපි නොදන්න ඔස්ට්‍රලියාව දන්නෝ නනිති සුද්දන්ට ගොට්ට අල්ල අල්ල ඉදපල්ලා (දී)

:       0       0

උපාලි Saturday, 20 July 2013 03:08 AM

ඔහොම යං. ඉල්ලගෙන පරිප්පු කන අය මෙහෙත් ඉන්නවා. ඔයගොල්ලත් කැවම මොකද? (නදී)

:       0       0

ගිම්හානි Saturday, 20 July 2013 01:51 PM

මොනවා උනත් බෝට්ටුවලින් එන මේ ගමන නවත්තන්න ඕන .අනිත් එක ඔස්ට්‍රේලියාව පලි නැහැ අපේ රටේ දුප්පත්කමට .මේ අය ගිහිල්ලත් වද දෙනවා .හරියට ඔස්ට්‍රේලිව පලි වගේ (දී)

:       0       0

ෂෙරිෆ් Saturday, 20 July 2013 01:55 PM

ඕස්ට්‍රේලියාව, එංගලන්තය , ඇමරිකාව, මේ රටවල් ඇරෙන්න වෙන රටවල් නැද්ද? මැදපෙර දිග යන්න... බලන්න අපේ ජනාධිපති තුමා සංචාරය සඳහා යන්නෙත් ස්වාසිලන්තය, උගන්ඩාව, ටැන්සානියාව නිකරගුවාව වැනි රටවල් වලටනේ. (දී)

:       0       0

අසාදි Sunday, 21 July 2013 01:40 PM

කණිෂ්කට ලොකු කැක්කුමක් තියෙනවා වගේ ඕස්ට්‍රේලියාව ගැන. ඔයා විතරක් එහෙ ඉන්නව වගේ කතාව. හංගන්න දෙයක් නැහැ. ඔය රටේ හිටපු සහ දැනට ඉන්න අය දන්නවා මොන වගේ ශ්‍රී ලංකාවේ අයද වැඩියෙන් ඉන්නේ කියලා. වැඩියෙන් ඉන්නේ නීති විරෝධී විදියට පැනපු අය. වැදගත් උගත් මිනිස්සු දැන් ඕස්ට්‍රේලියාවට යන්නේ නැහැ. මොකද දැන් එහෙ තියෙන ශ්‍රී ලංකාවේ සමාජයේ හැටි දන්න නිසා. (දී)

:       0       0

සම්පත් Saturday, 20 July 2013 02:13 PM

මෙහෙ ඇවිල්ල දුක් විඳින අයත් ඇති. සමහරු උගත් උනත් මෙහෙ රස්සාවක් කරන්න ආවම මෙහෙ තියන අවශ්‍යතාවලට ඒගොල්ලන්ගේ සුදුසුකම් හා පළපුරුද්ද ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මෙහාට පැමිණි බොහෝ වෘත්තිකයන් හොද පිලිගැනීමක් තියෙන රැකියාවල තමයි ඉන්නේ. ඒ අය දිහා ඊර්ෂ්‍යාවෙන් බලන්න එපා. හැමෝම කැමතියි වැඩිපුර මුදල් උපයාගෙන හොඳ ජීවිතයක් ගෙවන්න. නමුත් ඒ සඳහා නීත්‍යානුකූල ක්‍රමවේදයක් තියෙනවා. මෙහෙ ආණ්ඩුවේ මනුස්ස කමින් වැරදි විදියට ප්‍රයෝජන ගන්න හදපු කපටින්ට හොඳ කනේ පාරක් දීල තියෙන්නේ. දැන්වත් අපිට ලංකාවේ කියලා ලැජ්ජා නැතුව නෙතුව පාරේ බැහැලා යන්න පුළුවන්. ඇත්ත,මෙහාට පැමිණිය යුත්තේ මෙහෙ ආර්ථිකයට අගයක් එකතු කල හැකි බුද්ධිමතුන් මිසක් රටට බරක් වෙන වංචාකර සරණාගතයෝ නෙමෙයි.(නදී)

:       0       0

පවන් Saturday, 20 July 2013 02:14 PM

ඉගෙන ගන්න ගිය කෙල්ලෝ,කොල්ලෝ සුද්දගේ කීයක් හරි හොයාගන්න දහදුක් විදිනවා. බෝට්ටු වලින් ගිය අය සුර සැප විදිනවා. ඕස්ට්‍රේලියාවේ ඇත්තම තත්වේ මේ තමා. ලංකාවට වෙලා නම්බුකාර විදියට කුලී වැඩක් කර මැරුණත් කමක් නැහැ. නම්බුකාර විදියට ඕස්ට්‍රේලියාවේ ඉන්න නංගීලා,මල්ලිලාට රිදෙයි මෙය දැක්කම බුදු පුතලා සමා වෙයල්ලා මේක තමා ඇත්ත.(නදී)

:       0       0

මහි Saturday, 20 July 2013 03:55 AM

ඔන්න නියම නායකයෝ. ඔබට අපගේ ප්‍රණාමය. නියත වශයෙන්ම ඡන්දය දිනනවා.(නදී)

:       0       0

ශනි Saturday, 20 July 2013 04:18 AM

ඉතාම හොද තීරණයක්. වැඩ කරන මිනිස්සු ටැක්ස් ගෙවනවා. මෙයාල ඇවිත් හොදට ආණ්ඩුවේ පිහිටෙන් ජීවත් වෙනවා.(නදී)

:       0       0

දසුන් Saturday, 20 July 2013 04:58 AM

මහි ඉන්නේ මෙල්බෝර්න් නේද? දැන් ඔයාලට සතුටුයි නේද?(නදී)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 20 July 2013 05:14 AM

මම දන්නා තරමින් ඕෂ්ට්‍රෙලියාවට යන්න අපේ රටේ පොලිස් වාර්ථාව පවා ඉල්ලනවා. හැබැයි මේ බෝට්ටු වලින් යන අයගේ පැටිකිරිය කවුරුත් දන්නේ නැහැ. හොරුද මිනිමරුවොද, මංකොල්ල කාරයෝද කියලා, දැන් පේනවනේ ඉතාලියේ වෙලා තියෙන දේ , අපේ රටේ ගෞරවය උනත් රැකෙනවා නිවරදි විදියට ගියොත්. මොනවා උනත් තමන්ගේ රටට ආදරේ කරන නායකයෙක්.(නදී)

:       0       0

නික් Saturday, 20 July 2013 05:27 AM

ඉදිරි මැතිවරණයට හානි දායක වෙයි කියන්නේ ඕස්ට්‍රේලියාවේ දේශපාලනය ගැන මෙලෝ දෙයක් දන්නේ නැති කෙනෙක්. මෙහෙ ප්‍රධාන පක්ෂ දෙකේම ප්‍රධාන සටන් පාඨයක් තමය බෝට්ටු නැවත්වීම. ගොඩක් හොඳ ගිවිසුමක්. දැන්වත් ලංකාවෙන් කොල්ලයි බල්ලයි හැම කෙනාම මෙහෙ එන එක නවතියි.(නදී)

:       0       0

ජගත් Sunday, 21 July 2013 12:25 AM

ඔස්ට්‍රේලියාවේ ඉන්න ගොඩක් ලාංකිකයෝ හොද උගත් පිරිසක්. බොහොම අභිමානයෙන් ඉන්නවා. ඕනෑම ලොකු කොම්පැනියක ලංකාවේ අය ලොකු තැන්වල ඉන්නවා. රජයේ ආයතනවලත් එහෙමයි. විශේෂයෙන් ඔස්ට්‍රලියාවේ විශ්ව විද්‍යාලවල ගොඩක් ලංකාවේ මහාචාර්යවරු, පීඨාදිපතිවරු ඉන්නවා. විශේෂයෙන් තරුණ කථිකාචාර්යවරු ඉන්නවා. ඕස්ට්‍රේලියානු වැසියෝ දන්නවා හරි විදියට ඉන්න ලංකාවේ අයගේ වටිනාකම. ඒ හැමෝම බොහොම හොද ජීවිත ගතකරනවා. ලංකාවටත් උදවු කරනවා. මෙහෙ එන්න උත්සහ කරලා කරලා බැරිවුණ අය තමයි මේ වැරදි ප්‍රතිචාර දාලා තියෙන්නේ. (නදී)

:       0       0

චානක. Saturday, 20 July 2013 05:33 AM

සමහරවිට මෙහෙම සංක්‍රමණිකයන් නොදියුණු පැපුවා නිව්ගිනියාවට සේන්දු වෙලා ඉදිරියේදී ඇමරිකාව වගේ දියුනුවට පත් වෙන්නත් පුළුවන්.(නදී)

:       0       0

ලුම්බිණි Saturday, 20 July 2013 06:32 AM

ඕස්ට්‍රේලියාවෙම ඉන්න බලවතුන් තමයි මේ ප්‍රශ්නේ මෙච්චර දුරට වැඩි කළේ දැන් මොනවා කළත්. (නි)

:       0       0

නිපුණ Saturday, 20 July 2013 07:06 AM

කෙවින් රඩ් මැතිතුමාට මගේ ප්‍රණාමය! මේ වගේ පියවර ගත්තාම තමයි ඔය විදියට බෝට්ටු වලින් ඕස්ට්‍රේලියාවට පනින අය නවත්වන්නේ. (නි)

:       0       0

සමන්ත Saturday, 20 July 2013 07:19 AM

අපිට අපේ රට සම්පතක්, පිටරට වලට ගිහිල්ලා අනුන්ට බැලමෙහෙවරකම් කරනවට වැඩිය. (නි)

:       0       0

සේනක Saturday, 20 July 2013 07:28 AM

දැන් ඉතින් ලංකාවේ ගැන බොරු කිය කියා තමන්ගේ වාසියට ඉපදුනු රට පවා දීලා එන්න හදන හා හදපු අයට පැපුවා නිව්ගිනියා පුරවැසිභාවය ගන්න පුළුවන්.ජීවිතේ ආරක්ෂා කරගන්නනේ එන්නේ.නේද? මේකෙන් මෙහෙ වර්තමාන අගමැති ගැන හොඳ පිළිගැනීමක් ඇතිවුණා. මොකද විපක්ෂය චෝදනා කර කර හිටියේ ආණ්ඩුවට බෝට්ටු නවත්තන්න හරි ප්‍රතිපත්තියක් නැහැ කියලා.මෙහෙ මිනිස්සු අදායමෙන් තුනෙන් පංගුවක් ආදායම් බදු ගෙවනවා,ඒ සල්ලි වලින් මේ වගේ අයව පෝෂණය කරන්න එපා කියලා මෙහෙ මිනිස්සු හරි තරහෙන් හිටියේ. (නි)

:       0       0

ධනංජය Saturday, 20 July 2013 07:36 AM

මෛ තීරණයෙන් ඕස්ට්‍රේලියා රජයට වෙන්නේ වාසියක් නේද? බෝට්ටු ආපසු හරවලා යවනවා නම් මීටත් වැඩිය හොඳ තීරණයක් කියලයි මට නම් හිතෙන්නේ.මම මේ ගැන ගොඩක් සතුටුයි. ඕස්ට්‍රේලියාවට එන්න ඕනෑ ඉගෙන ගත්තු දැනඋගත් අය පමණයි. (නි)

:       0       0

චුලනි Saturday, 20 July 2013 07:41 AM

ඕස්ට්‍රේලියාවේ, එංගලන්තේ, ඇමරිකාවේ වෙන සුළු සිද්ධියක් වුණත් අපිට හරිම වටිනවා (නි)

:       0       0

සදරුවන් Saturday, 20 July 2013 08:00 AM

ශ්‍රී ලංකාවේ යාපනය අවට ඇතැම් දුපත් වල ජනගහනයක් නොමැති තරම්. අපි එම රටින් ඉල්ලීමක් කරලා එම පිරිස ලංකාවට ගෙනල්ලා එම දුපත් වල පදිංචි කරවලා රතු ලුණු සහ පරිප්පු වැනි වගාවකට යොමු කලොත් එම ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමට යන මුදල් ඉතිරි කර ගැනීමට හැකිවනවා නොවේද? එම ආහාර ද්‍රව්‍ය මිල අඩු කරන්නත් හැකිවේවි (නි)

:       0       0

රාජේශ් Saturday, 20 July 2013 08:08 AM

කාට එන්න දුන්නත් ඔය ජාතිවාදී හැගීම් අවුස්සන අයට නම් එන්න දෙන්න එපා. කෙලින්ම කියන්න පුළුවන්.අද ඒ වගේ අය ලෝකෙන්ම ඈත්වෙලා (නි)

:       0       0

ටෙනිසන් Saturday, 20 July 2013 04:47 PM

පවන්,වැඩිය මුකුත් කියන්න එපා. එයාලා මෙහෙ ඉන්න අයට පෙන්නන්නේ එයාලා ස්වර්ගයේ ඉන්නවා වගේ තමා. අපි ඕස්ට්‍රේලියාව ගැන නොදන්නවායැ? (නි)

:       0       0

නිමල් ලලිත Saturday, 20 July 2013 08:24 AM

සරණාගතයන් වසයෙන් ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා ඒ රටෙත් කලබල කරනවා. ඒ රටේ අගමැතිවරයා හරියටම හරි. ලංකාවටත් නොයෙක් මුහුනුවරින් ඇවිල්ලා සමහරු ලංකාවට කරපු දේ මතකනේ. දැන් කරන්න හදන දේ පෙනෙනවානේ. මානව හිමිකම් කියලා නිශෟශබ්දව හිටියොත් ඕස්ට්‍රේලියාවට වන්නේත් ලංකාවට සිදුවූ දෙයම තමා.නියපොත්තෙන් කැඩිය හැකි දෙය පොරොවෙන් කැපීමට සිදුවන තුරු බලා නොසිටිය යුතුයි. ලංකාවටත් දැන් අවශ්‍ය ඔය වගේ තීරණ ගන්න අයයි. සඳරුවන්, නරකද ඔයාගේ ඉඩම,කොපමණ කුඩා වුනත් නැති බැරි පවුල් කිහිපයක් පදිංචි කරවා ගත්තහම. මම නම් ඉතින් සිංහල ජාතිවාදිම තමයි.මොකද සිංහල අපි ගැන සිතන වෙනත් රටක් නැති නිසා. (නි)

:       0       0

ශානි Saturday, 20 July 2013 08:26 AM

චූලනී, මෙය සුළු සිද්ධියක් නොවේ (නි)

:       0       0

රන්ජනී Saturday, 20 July 2013 04:51 PM

පවන්ගේ කතාව සම්පූර්ණ ඇත්ත. පේනවට වඩා ඇත්ත තත්වේ තිත්තයි. නීතියට අනුව එහෙ ගිහින් ඉන්න අය ඉන්නේ ටිකයි. වැදගත් උගත් අය බොහොම අඩුයි. ලජ්ජාවට ඉතින් ඇත්ත කිවුවේ නැති වුනාට ඉන්න අය දන්නවා මොනවගේ පිරිසක්ද ඉන්නේ කියලා. ඕස්ට්‍රේලියාව, එංගලන්තය රටවල් දෙකේම තත්වේ ඕක තමයි. ඇත්ත වහගෙන ඕස්ට්‍රේලියාව, එංගලන්තය ගරුත්වය තියාගෙන ඉන්නවා (නි)

:       0       0

අමිල කටුනායක Saturday, 20 July 2013 08:30 AM

බලන්න. අපේ රටේ ගිනි අවුලන්න හේතුවුන අයත් ඔතන සමහරවිට ඉන්න පුළුවන් (නි)

:       0       0

මිනිපෙ Monday, 22 July 2013 11:16 PM

මේ මෙතන ඔක්කොමලා කතකොරන්නේ පිටරටක ජිවිත ගැන.මේ හැම එකකටම මුල මුදල්ය.උගත් අය,මෙහෙට වැඩිය ලොකු පඩියක් බලාගෙන ඒ රටවලට යනවා.මේක වැරදි කියලා මම කියන්නේ නැහැ.මෙයින් ඔප්පු වෙන එකම කරණය නම්,මේ අය ලංකාවේ ජිවත් වුනොත් මුදල් වලින් අපහසු තත්වයකින් පසුවෙන බවය.කිසිම රටක" බිලියනර්"කෙනෙක් තම රට දාලා තව රටක සේවයට යන්නේ නැත.වෙළද කටයුතු සදහා යාමට ඉඩ ඇත.සල්ලි ඇත්නම් ඒ රටවල් දැක බලා විනෝද වීමට තමන්ට කැමති ඕනෑම වෙලාවකට යන්න පුලුවන්ය.මැදපෙරදිග රටක ගෘහසේවයට හා බටහිර රටක දොස්තර, ඉංජිනේරු සේවයට යන මේ දෙකොට්ඨාශයේම ඇත්තේ එකම අරමුණකි.ඒ නම් වැඩියෙන් කීයක් හෝ සොයා ගැනීමය.මා මේ ක්‍රමය හෙළාදකින්නෙක් නොවේ.විමර්ශනය කරනවා පමණි . (නි)

:       0       0

සදුනි Saturday, 20 July 2013 08:32 AM

දැන්නම් ඕස්ට්‍රේලියාවට තේරිලා ඇති බෝට්ටු සරණාගතයෝ කියන්නේ මොනවගේ පිරිසක්ද කියලා. (නි)

:       0       0

කමල් Saturday, 20 July 2013 08:37 AM

යුරෝපයට පැන්න අය අතර නම් ත්‍රස්තවාදීනුත් සිටිනවා නේද? මෙහෙට පනින අය අතරත් ත්‍රස්තවාදීන් ඇති නේද? ඉදිරියේදී මොවුන් කුලියට අනෙක් ත්‍රස්ත කණ්ඩායම් වලට එකතු නොවෙයි කියා සිතිය හැකිද? (නි)

:       0       0

කණිෂ්ක Sunday, 21 July 2013 06:07 AM

නාමල්,පවන්,ටෙනිසොන්,රංජනී, නරියත් මිදී තිත්තයි කිව්වලු නේද?  ඔහොම හරි හිත හදාගන්න. ඔයාලා ගැන පව් කියලා හිතෙනවා. ස්ථිර පදිංචියට මෙහෙ ආවට මෙහෙට අවශ්‍ය රැකියා සඳහා උගත් පළපුරුද්ද තියෙන,ඉංග්‍රීසි හොදට පුලවන් අයට ඔය කතා අදාල වෙන්නේ නැහැ. ඉගෙන ගන්න ආව අය ගැන නෙමෙයි මම කියන්නේ. ඒ ගොල්ලෝ තමා මෙහෙ ස්ථිර පදිංචිය ගන්න උත්සහ කරන කට්ටිය. ඕස්ට්‍රේලියාවට ආව උගත් අය කියන කොටසට ඒගොල්ලෝ අයිති නැති බව මතක තියාගන්න.(නදී)

:       0       0

අමන්ත Saturday, 20 July 2013 08:45 AM

මොනවා වුනත් ලංකාවේ ජීවත් වෙන්න බැරි නිසයි පොඩි ළමයින් වුනත් අරගෙන මේ වගේ භයානක ගමනකින් ඕස්ට්‍රේලියාවට යන්නේ. දුප්පත් කෙනාටමනේ හැමදේම වෙන්නේ. (නි)

:       0       0

සමන් Saturday, 20 July 2013 08:52 AM

මේ වගේ අපේ රටට සුද්දන්ගේ කාලේ අපු දමිළ අය නිසා තමයි අපිට අද ප්‍රශ්ණ ගොඩකට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. (නි)

:       0       0

වසන්ත Saturday, 20 July 2013 09:23 AM

මේගොල්ලොන්ව ආපු රටටම සතියක් ඇතුලත නැවත යැවුවා නම් හරි. ඕස්ට්‍රේලියා අගමැතිගේ හොඳ තීරණයක්. (නි)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 20 July 2013 05:55 PM

නමේ හැටියට පැපුවා නිව්ගිනියාවේ වැඩිපුර තියෙන්නේ පැපොල්ද දන්නෙ නැහැ. හැබැයි ඒගොල්ලෝ රගර් වලටත් දක්ෂලු. (නි)

:       0       0

ජගත් Tuesday, 23 July 2013 04:52 PM

මිනිපෙගේ අදහස් හොදයි, එත් බොහොම පටු අදහස් තියෙන්නේ. මැද පෙරදිග යන අය නම් සල්ලි හොයන්න තමයි යන්නේ. ඒත් ඔස්ට්‍රලියාවේ එන්නේ නම් සල්ලි හොයන්න නෙවෙයි. මෙහෙ සල්ලි හොයල ඉතිරි කරලා ලංකාවට යවන්න බැහැ. මෙහෙ තියෙන එකම දේ නිදහස්, නිවහල් ජීවිතය විතරයි. බණක් බාවනාවක් කරගෙන කාටවත් කරදරයක් නැතිව ඉන්න පුළුවන්. ලංකාවේ හොදට සල්ලි තියෙන අය, හොද දොස්තර ඉංජිනේරු අය ඒවා සේරම දාල මෙහෙ ඇවිත් අඩු පඩියට වැඩ කරනවා. ඒත් ජීවිතය ලංකාවට වඩා හොදයි කියල තමයි එයාලත් කියන්නේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2336 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1529 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2317 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 556 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3213 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37179 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24489 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 627 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site