IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


බෝට්ටුවෙන් රට පනින්න ගිහින් වරෙන්තු වූ 25 ක් අල්ලයි

(දිල්රුක්ෂි ග්‍රේරු)

නීති විරෝධි අයුරින්  මුහුදු මාර්ගයෙන් විදෙස් රටවලට සංක්‍රමණය වීමට උත්සාහ කර වරෙන්තු ලබා සිටි  පුද්ගලයින් 25 දෙනකු අත්අඩංගුවට ගැනීමට සමත් වු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනනත් වෙළදාම ජාවාරම් විමර්ශන, සමුද්‍රීය  අපරාධ විමර්ශන කොට්ඨාසය කියයි.

අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින් වන අතර දීර්ඝ කාලක් තිස්සේ අධිකරණය මගහරිමින් සිටියදී ,ඒ් වෙනුවෙන්  කළ විශේෂ තෙදින මෙහෙයුමකින් මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

මානිප්පායි,යාපනය,කිලිනොච්චිය,මුලතිව්,පරන්තන්,පේදුරුතුඩුව,මීගමුව සහ හලාවත යන ප්‍රදේශවලින් මෙම වරෙන්තුකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පිරිස  වැඩි වශයෙන් ප්‍රංශය හා ඔිස්ට්‍රේලියාව යන රටවලට පැන යාම සඳහා සුදානම්ව සිට ඇතැයිද ප්‍රශ්න කිරීම්වලදී හෙලිවූ බව සමුද්‍රීය  අපරාධ විමර්ශන කොට්ඨාසයේ උසස් නිලධාරියෙක් පැවසීය.

දීර්ඝ කාලයක් තිස්සේ මෙම පුද්ගලයින් පිළිබඳව අවධානයෙන් හිද  මෙලෙස මෙහෙයුමක් සිදු කළ බවද  මෙවැනි ජාවාරම් පිළිබදව අවධානයෙන් පසුවී මෙය මර්දනය සඳහා මෙහෙයුම් සිදු කරන බවද ඔහු කීවේය.

අත්අඩංගුවට ගත් අය අතර  මෙම ජාවාරම සිදු කරන පුද්ගලයින් සහ  ඔවුන්ගෙන් සේවය ලබා ගෙන නිතිවිරෝධි ලෙස වෙනත් රටවලට යාමට උත්සාහකළ පුද්ගලයින්  වන බව ද ඔහු  පැවසීය.

මෙම මිනිස් ජාවාරම් සඳහා  වර්තමානයේ ශ්‍රී ලංකාව කෙන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇති බවත් ජනතාව මෙවැනි වංචාවලට හසු නොවන අයුරින් ඔවුන් දැනුවත් කිරීම සඳහාත් දිගින් දිගටම දීප ව්‍යාප්තව මෙමවැටලීම් සිදු කරන බවද ඔහු සඳහන් කළේය.

 මේ අයුරින් මුහුදුමාර්ගයෙන් අනවසරයෙන්  ඔිස්ට්‍රෙිලියාව වැනි රටකට ඇතුළු වු යම් අයෙක් එරටදී නිතීයේ රැහැනට හසුවුහොත් නැවත ඔහුගේ රටට පිටත් කර යැවීම සඳහා කටයුතු කිරීමද සිදු වන බැවින්  සිය ජීවිතය ගැන වුවද විශාල අවදානමක් ගෙන මෙවැනි ක්‍රියා සඳහා යොමුවීම තැරැව්කරුවන්ට හසුවීම පළක් නොමැති බවද ඔහු කීවේය.

අත්අඩංගුවට ගත් පිරිස ඒ් ඒ් අදාල ප්‍රදේශවල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනනත් වෙළදාම ජාවාරම් විමර්ශනය සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ටසයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමරකෝන් බණ්ඩා මහතාගේ මෙහෙයවීමෙන් එහි නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදු කළහ.

 



අදහස් (3)

බෝට්ටුවෙන් රට පනින්න ගිහින් වරෙන්තු වූ 25 ක් අල්ලයි

Pradeep Wednesday, 04 August 2021 01:47 PM

මූලිකවම අපි හොයලා බලන්න ඕනෑ ඇයි මේ අය මේ තරමටම ජීවිත අවධානමක් අරගෙන තමන් උපන් රටින් පැනලා යන්න හදන්නේ කියලා. මොනවා හරි අපරාධයක් කරලා නැත්නම්, නීති විරෝධී ක්‍රියාවකට සම්බන්ධ වෙලා නැත්නම් මේ අය හරි පව්... තමන්ගේ උපන් රටේ කෙනෙකුට ඉන්න හිතෙන්නේ නෑ කියන්නේ මොන තරම් අවාසනාවක්ද? ඉන්න හිතෙන රටක් වෙනුවට අපේ පාලකයින් කලේ යන්න හිතෙන රටක් නිර්මාණය කරපු එක විතරයි. අඩුම තරමින් ඔවුන්ට වෙනත් රටකට ගිහින් හෝ ඔවුන්ගේ ජීවිත ගත කිරීමට අවස්ථාවක් සලසලා දෙන්න. මොකද ඉන්න හිතෙන රටක් හදන එක හීනයක් නිසා...

:       0       112

de silva Wednesday, 04 August 2021 03:35 PM

ප්‍රදීප් ඔබ හරි...!!!

:       0       3

thilak Wednesday, 04 August 2021 03:53 PM

අනේ මෙහෙන් යන කෙනෙකුට යන තැනකට යන්න දෙන්න. මෙහෙ ඉඳලා හිඟා කන්නද?

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රනිල් ට්‍රම්ප්ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 200 0

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස


ගාල්තැන්න කපුවාගේ වාහන අංගනයෙන් තව සැක වාහනයක් හමුවේ
2024 නොවැම්බර් මස 06 414 0

වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි


ඉතිහාසයේ ලොකුම අල්ලසට දඬුවම් ලැබෙයි
2024 නොවැම්බර් මස 06 796 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට


“පුංචි ඡන්දෙටත් ලෑස්ති වෙන්න”
2024 නොවැම්බර් මස 06 249 0

මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික


කොකේන් සමඟ විදේශිකයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 06 259 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස


ලක්ෂ 80 ක රටබීම සමඟ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 06 310 0

රුපියල් ලක්ෂ 80 කට ආසන්න වටිනාකමකින් යුත් රටබීම බෝතල් 210 ක් සහ සිගරැට් 50,000 ක් ලොරි රථයකට පටවමින් සිටි සැකකරුවකු 3 වැනි හරස්වීදිය ප්‍ර දේශයේදී අද (6) අත්අඩංග


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 36 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 433 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1361 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site